ඔක්තෝබර් 16, බඩගින්න ගැන කතා කරන දවසක්...

අද, ඔක්තෝබර් 16 ලෝක ආහාර දිනය. මේ වසරේ ලෝක ආහාර දිනයේ නිල තේමාව ‘Grow, Nourish, Sustain. Together. Our Actions are our Future.’ යන්නයි.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (Food and Agriculture Organization of the United Nations) පිහිටවූ 1945 ඔක්තෝබර් 16 සිහි කරමින්, හැම අවුරුද්දක ම ඔක්තෝබර් 16 වෙනිදා ලෝක ආහාර දිනය සැමරෙනවා. ලෝක ආහාර වැඩසටහන (World Food Programme), කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් වන ජාත්‍යන්තර අරමුදල (International Fund for Agricultural Development) වැනි ලොව පුරා ඇති ආහාර සහ කෘෂිකර්මය මුල් කරගත් සංවිධාන විසින්, ඔක්තෝබර් 16 දා ලෝක ආහාර දින සැමරුම් සහ වැඩසටහන් පැවැත්වෙනවා. මේ වසරේ නම් ලොව පුරා පැතිරුණු කොරෝනා වසංගත තත්ත්වය නිසා එවැනි සැමරුම් සීමා වී ඇති බවත් අසන්නට ලැබෙනවා.

කොහොම වුණත් ජාත්‍යන්තර වශයෙන් ආහාර දිනයක් නම් කර තිබෙන්නේ ඇයි, ඉන් ලෝකවාසීන්ට ඉටු වන සේවාව කුමක්ද, ආදී කරුණු කීපයක් ගැන දැනගැනීම ඔබේ දැනුමට වැදගත් වනු ඇති.

ආහාර දිනයක් මොකටද?

ලෝකයේ සියලු දෙනාගේ ම කුස් පුරවන්නට හැකි තරමේ ආහාර ප්‍රමාණයක් දෛනිකව නිෂ්පාදනය කරන්නට ලෝකවාසී අපට හැකියාව ලැබී ඇතත්, මිලියන 821ක ලෝකවාසී ජනතාවක් කන්නට දෙයක් නැතිකමින් දෛනිකව කුසගින්නෙන් පීඩා විඳිනවා. එයින් 60%ක් කාන්තාවන්. 

මෙහෙම වෙන්නේ කොහොමද? අර නිෂ්පාදනය වෙන ආහාරවලට සිදු වෙන්නේ මොකද්ද?

මේ තත්ත්වයට මූලික හේතුව ආහාර නිෂ්පාදනය සහ ඒවා බෙදී යෑම අතර ඇති අසමබරභාවය. ඇති හැකි රටවලට උතුරා පිටාර ගලන තරමට පරිභෝජනය සඳහා ආහාර තිබෙනවා. ඒත් නැති බැරි රටවලට එදිනෙදා කුසගිනි නිවාගන්නවත් කිසිවක් නෑ. ඇති හැකි පිරිස් පරිභෝජනය කළ පසු ඉතිරි වෙන අතිරික්ත ආහාර නැති බැරි පිරිස් වෙත යන්නේ නෑ. ඒ අතිරික්තය අපතේ යනවා. මෙන්න මේ විෂම බෙදී යෑම නිසා ලෝකය පුරා සුවිශාල දිළිඳු ජනතාවක් කුසගින්නේ මිය යනවා. මෙසේ ලොව පුරා කුසගින්නෙන් සිදු වන මරණ සංඛ්‍යාව, වාර්ෂිකව මැලේරියාව, ක්ෂය රෝගය සහ ඒඩ්ස් රෝගයෙන් සිදු වන මරණ සංඛ්‍යාවටත් වඩා වැඩියි.

ලෝකයේ සිදු වන බිළිඳු මරණවලින් 45%ක් පමණ සිදු වෙන්නේ මන්දපෝෂණයෙන්. ඒත් ලෝකයේ පුද්ගලයින් මිලියන 3.4ක් සිරුරේ අධික බර (Overweight) තත්ත්වයෙන් මරණයට පත් වෙනවා. වැඩිහිටි තරබාරුභාවය අද ලෝකයේ බරපතල ම සෞඛ්‍ය ගැටලුවක්. මේ අන්ත දෙක අතර ඇති ගැටුම පහසුවෙන් විසඳිය හැක්කක් නෙවෙයි. දැනට අනාවරණය වී ඇති ආකාරයට ලෝකයේ නිපදවෙන ආහාරවලින් හරියට ම තුනෙන් එකක් අපතේ යනවා.

ලෝක ආහාර දිනයක් නම් කරලා තියෙන්නේ ආහාර නාස්තිය වළක්වලා, ලොව පුරා කුසගින්නෙන් පීඩා විඳින ජනතාවට විසඳුම් ලබා දීම වෙනුවෙන් නිසි පියවර ගැනීම පිළිබඳව දැනුවත් කිරීමට. ඉතින් ඇත්තට ම ලෝක ආහාර දිනය කියන්නෙ ආහාර ගැන කතා කරන දවසක් නෙවෙයි, බඩගින්න ගැන කතා කරන දවසක්.

75 වන සැමරුම

කලින් කිව්වා වගේ ලෝක ආහාර දිනය සැමරෙන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පිහිටුවීම සිහි කරමින්. මේ අවුරුද්දේ පැවැත්වෙන්නේ ලෝක ආහාර දිනයේ 75 වන සැමරුම. අන් කවරදාටත් වඩා මෙවර සැමරුම විශේෂත්වයක් උසුලන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරනවා. ඒ, මේ මොහොතේ සියලු දෙනා ම ලෝක ව්‍යාප්ත වසංගතයක් සමග සටන් කරමින් ඉන්න නිසා.

සේයාරුව: www.weforum.org

ඔවුන් පවසන විදිහට 2020 කියන්නේ ඉතිහාසයේ පටන් ආහාරවල වටිනාකම වැඩියෙන් ම දැනුණු වසරක්. කොරෝනා වසංගතය නිසා දෛනික කටයුතු අඩාල වීම ඔස්සේ වැඩිපුර ම බලපෑම් එල්ල වෙන්නේ දිළිඳු ආර්ථික තත්ත්වයන් සහිත රටවලට. ඒ නිසා ම නාස්තිය අවම කරගනිමින් ආහාර සුරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීමට හැමෝටම වගකීමක් තියනවා.

ලංකාවෙත් පසුගිය ලොක්ඩවුන් කාලයේදි ඇතැම් දුෂ්කර පළාත්වල ජනතාවට ආහාරපාන සපයාගැනීමේ දුෂ්කරතා මතු වෙලා කුසගින්නේ ඉන්න සිදු වුණු කනගාටුදායක පුවත් අහන්නට ලැබුණා. දැන් කොරෝනා දෙවැනි රැල්ලක් පැන නැඟිලා. කුමක් හෝ තත්ත්වයක් යටතේ නැවත රට වහලා දාන්න සිදු වුණොත් නැවතත් පීඩාවට පත් වෙන්නේ එදිනෙදා වේල හම්බ කරගන්නා එවැනි දිළිඳු ජනතාවමයි. මේ අයගෙ ජීවන තත්ත්වය සහ සෞඛ්‍යය නඟා සිටුවන්න අපට කළ හැක්කේ මොනවද කියලා අද දවසේ හිතා බලන්න පුළුවන් නම් වටිනවා.

සේයාරුව: www.fao.org

දුෂ්කර කාලයක ඉඳගෙන වුණත් හැමෝගෙම යහපත වෙනුවෙන් ආහාර වගා කරන ගොවියන් වෙනුවෙන් ප්‍රණාමය පළ කරන්නත් මේ ආහාර දිනයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය උත්සුක වෙලා තියනවා. මේ සංකල්පය ඔවුන් නම් කරලා තියෙන්නේ Food Heroes නමින්. ඒ අනුව කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන ගොවිගෙවිලියන්, ධීවර ජනතාව, ආහාර නිෂ්පාදකයන්, ප්‍රවාහන සහකරුවන් වැනි, ලෝකයට ආහාර සැපයීමේ කාර්යයේ යෙදී ඉන්න විවිධ රටවල පුද්ගලයින් රාශියක් ගැන තොරතුරු ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් කොට තිබෙනවා. මේ අතරට ලංකාවේ යුවළකුත් ඇතුළත්. ඒ සුමිත් බණ්ඩාර සහ නිසංසලා ලක්මාලි. ඔවුන් ගෘහාශ්‍රිතව එළවළු, පලතුරු සහ වෙනත් බෝග වගාවන් සිදු කරන, මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි යුවළක්. මෙන්න මේ ලින්ක් එකෙන් ඔවුන් ගැන වැඩි විස්තර කියවන්න පුළුවනි.

ලෝක ආහාර වැඩසටහනට නොබෙල් තෑග්ග

2020 වසර වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය හිමි වුණේ ලෝක ආහාර වැඩසටහනට. (World Food Programme) ඒ නිර්දේශිතයන් 318ක් අතරින්. මේ බව නිවේදනය කෙරුණේ පසුගිය ඔක්තෝබර් 9 වෙනිදා. ලෝක ආහාර වැඩසටහන කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සම්බන්ධ සහකාරක ශාඛාව. කුසගින්න සහ ආහාර සුරක්ෂාව පිළිබඳ ලෝකයේ විශාලතම සංවිධානය ලෝක ආහාර වැඩසටහනයි.

1961දි ආරම්භ වුණු මේ සංවිධානයේ මූලස්ථානය රෝමයේ පිහිටා තිබෙන අතර, තවත් රටවල් 80ක කාර්යාල පිහිටුවා තිබෙනවා. 2019 වසර වන විට මේ සංවිධානය ලොව පුරා රටවල් 88ක පුද්ගලයින් මිලියන 97කට සේවා සපයන්නට සමත් වුණා. ඉන් තුනෙන් දෙකක් ම ගැටුම් සහිත රටවල් සහ භූමි. ගැටුම් සහිත කලාපවලට ආහාර සැපයීම සහ, යුදගැටුම් සඳහා අවියක් ලෙස කුසගින්න භාවිත කිරීම වැලැක්වීම යන කරුණු දෙක සඳහා දැක්වූ දායකත්වය, ඔවුන්ට නොබෙල් සාම ත්‍යාගය හිමි වීමට මූලිකව හේතු වී තිබෙනවා.

බඩගින්නෙන් පීඩා විඳින මිනිසුන් වෙනුවෙන් යමක් කරන්නට අපට හැකි දැයි නැවත වරක් හිතා බලන්නට මේ ආහාර දිනය අවස්ථාවක් කරගමු..

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide