ඔක්තෝබර් 16, බඩගින්න ගැන කතා කරන දවසක්...

අද, ඔක්තෝබර් 16 ලෝක ආහාර දිනය. මේ වසරේ ලෝක ආහාර දිනයේ නිල තේමාව ‘Grow, Nourish, Sustain. Together. Our Actions are our Future.’ යන්නයි.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (Food and Agriculture Organization of the United Nations) පිහිටවූ 1945 ඔක්තෝබර් 16 සිහි කරමින්, හැම අවුරුද්දක ම ඔක්තෝබර් 16 වෙනිදා ලෝක ආහාර දිනය සැමරෙනවා. ලෝක ආහාර වැඩසටහන (World Food Programme), කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් වන ජාත්‍යන්තර අරමුදල (International Fund for Agricultural Development) වැනි ලොව පුරා ඇති ආහාර සහ කෘෂිකර්මය මුල් කරගත් සංවිධාන විසින්, ඔක්තෝබර් 16 දා ලෝක ආහාර දින සැමරුම් සහ වැඩසටහන් පැවැත්වෙනවා. මේ වසරේ නම් ලොව පුරා පැතිරුණු කොරෝනා වසංගත තත්ත්වය නිසා එවැනි සැමරුම් සීමා වී ඇති බවත් අසන්නට ලැබෙනවා.

කොහොම වුණත් ජාත්‍යන්තර වශයෙන් ආහාර දිනයක් නම් කර තිබෙන්නේ ඇයි, ඉන් ලෝකවාසීන්ට ඉටු වන සේවාව කුමක්ද, ආදී කරුණු කීපයක් ගැන දැනගැනීම ඔබේ දැනුමට වැදගත් වනු ඇති.

ආහාර දිනයක් මොකටද?

ලෝකයේ සියලු දෙනාගේ ම කුස් පුරවන්නට හැකි තරමේ ආහාර ප්‍රමාණයක් දෛනිකව නිෂ්පාදනය කරන්නට ලෝකවාසී අපට හැකියාව ලැබී ඇතත්, මිලියන 821ක ලෝකවාසී ජනතාවක් කන්නට දෙයක් නැතිකමින් දෛනිකව කුසගින්නෙන් පීඩා විඳිනවා. එයින් 60%ක් කාන්තාවන්. 

මෙහෙම වෙන්නේ කොහොමද? අර නිෂ්පාදනය වෙන ආහාරවලට සිදු වෙන්නේ මොකද්ද?

මේ තත්ත්වයට මූලික හේතුව ආහාර නිෂ්පාදනය සහ ඒවා බෙදී යෑම අතර ඇති අසමබරභාවය. ඇති හැකි රටවලට උතුරා පිටාර ගලන තරමට පරිභෝජනය සඳහා ආහාර තිබෙනවා. ඒත් නැති බැරි රටවලට එදිනෙදා කුසගිනි නිවාගන්නවත් කිසිවක් නෑ. ඇති හැකි පිරිස් පරිභෝජනය කළ පසු ඉතිරි වෙන අතිරික්ත ආහාර නැති බැරි පිරිස් වෙත යන්නේ නෑ. ඒ අතිරික්තය අපතේ යනවා. මෙන්න මේ විෂම බෙදී යෑම නිසා ලෝකය පුරා සුවිශාල දිළිඳු ජනතාවක් කුසගින්නේ මිය යනවා. මෙසේ ලොව පුරා කුසගින්නෙන් සිදු වන මරණ සංඛ්‍යාව, වාර්ෂිකව මැලේරියාව, ක්ෂය රෝගය සහ ඒඩ්ස් රෝගයෙන් සිදු වන මරණ සංඛ්‍යාවටත් වඩා වැඩියි.

ලෝකයේ සිදු වන බිළිඳු මරණවලින් 45%ක් පමණ සිදු වෙන්නේ මන්දපෝෂණයෙන්. ඒත් ලෝකයේ පුද්ගලයින් මිලියන 3.4ක් සිරුරේ අධික බර (Overweight) තත්ත්වයෙන් මරණයට පත් වෙනවා. වැඩිහිටි තරබාරුභාවය අද ලෝකයේ බරපතල ම සෞඛ්‍ය ගැටලුවක්. මේ අන්ත දෙක අතර ඇති ගැටුම පහසුවෙන් විසඳිය හැක්කක් නෙවෙයි. දැනට අනාවරණය වී ඇති ආකාරයට ලෝකයේ නිපදවෙන ආහාරවලින් හරියට ම තුනෙන් එකක් අපතේ යනවා.

ලෝක ආහාර දිනයක් නම් කරලා තියෙන්නේ ආහාර නාස්තිය වළක්වලා, ලොව පුරා කුසගින්නෙන් පීඩා විඳින ජනතාවට විසඳුම් ලබා දීම වෙනුවෙන් නිසි පියවර ගැනීම පිළිබඳව දැනුවත් කිරීමට. ඉතින් ඇත්තට ම ලෝක ආහාර දිනය කියන්නෙ ආහාර ගැන කතා කරන දවසක් නෙවෙයි, බඩගින්න ගැන කතා කරන දවසක්.

75 වන සැමරුම

කලින් කිව්වා වගේ ලෝක ආහාර දිනය සැමරෙන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පිහිටුවීම සිහි කරමින්. මේ අවුරුද්දේ පැවැත්වෙන්නේ ලෝක ආහාර දිනයේ 75 වන සැමරුම. අන් කවරදාටත් වඩා මෙවර සැමරුම විශේෂත්වයක් උසුලන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරනවා. ඒ, මේ මොහොතේ සියලු දෙනා ම ලෝක ව්‍යාප්ත වසංගතයක් සමග සටන් කරමින් ඉන්න නිසා.

සේයාරුව: www.weforum.org

ඔවුන් පවසන විදිහට 2020 කියන්නේ ඉතිහාසයේ පටන් ආහාරවල වටිනාකම වැඩියෙන් ම දැනුණු වසරක්. කොරෝනා වසංගතය නිසා දෛනික කටයුතු අඩාල වීම ඔස්සේ වැඩිපුර ම බලපෑම් එල්ල වෙන්නේ දිළිඳු ආර්ථික තත්ත්වයන් සහිත රටවලට. ඒ නිසා ම නාස්තිය අවම කරගනිමින් ආහාර සුරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීමට හැමෝටම වගකීමක් තියනවා.

ලංකාවෙත් පසුගිය ලොක්ඩවුන් කාලයේදි ඇතැම් දුෂ්කර පළාත්වල ජනතාවට ආහාරපාන සපයාගැනීමේ දුෂ්කරතා මතු වෙලා කුසගින්නේ ඉන්න සිදු වුණු කනගාටුදායක පුවත් අහන්නට ලැබුණා. දැන් කොරෝනා දෙවැනි රැල්ලක් පැන නැඟිලා. කුමක් හෝ තත්ත්වයක් යටතේ නැවත රට වහලා දාන්න සිදු වුණොත් නැවතත් පීඩාවට පත් වෙන්නේ එදිනෙදා වේල හම්බ කරගන්නා එවැනි දිළිඳු ජනතාවමයි. මේ අයගෙ ජීවන තත්ත්වය සහ සෞඛ්‍යය නඟා සිටුවන්න අපට කළ හැක්කේ මොනවද කියලා අද දවසේ හිතා බලන්න පුළුවන් නම් වටිනවා.

සේයාරුව: www.fao.org

දුෂ්කර කාලයක ඉඳගෙන වුණත් හැමෝගෙම යහපත වෙනුවෙන් ආහාර වගා කරන ගොවියන් වෙනුවෙන් ප්‍රණාමය පළ කරන්නත් මේ ආහාර දිනයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය උත්සුක වෙලා තියනවා. මේ සංකල්පය ඔවුන් නම් කරලා තියෙන්නේ Food Heroes නමින්. ඒ අනුව කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන ගොවිගෙවිලියන්, ධීවර ජනතාව, ආහාර නිෂ්පාදකයන්, ප්‍රවාහන සහකරුවන් වැනි, ලෝකයට ආහාර සැපයීමේ කාර්යයේ යෙදී ඉන්න විවිධ රටවල පුද්ගලයින් රාශියක් ගැන තොරතුරු ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් කොට තිබෙනවා. මේ අතරට ලංකාවේ යුවළකුත් ඇතුළත්. ඒ සුමිත් බණ්ඩාර සහ නිසංසලා ලක්මාලි. ඔවුන් ගෘහාශ්‍රිතව එළවළු, පලතුරු සහ වෙනත් බෝග වගාවන් සිදු කරන, මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි යුවළක්. මෙන්න මේ ලින්ක් එකෙන් ඔවුන් ගැන වැඩි විස්තර කියවන්න පුළුවනි.

ලෝක ආහාර වැඩසටහනට නොබෙල් තෑග්ග

2020 වසර වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය හිමි වුණේ ලෝක ආහාර වැඩසටහනට. (World Food Programme) ඒ නිර්දේශිතයන් 318ක් අතරින්. මේ බව නිවේදනය කෙරුණේ පසුගිය ඔක්තෝබර් 9 වෙනිදා. ලෝක ආහාර වැඩසටහන කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සම්බන්ධ සහකාරක ශාඛාව. කුසගින්න සහ ආහාර සුරක්ෂාව පිළිබඳ ලෝකයේ විශාලතම සංවිධානය ලෝක ආහාර වැඩසටහනයි.

1961දි ආරම්භ වුණු මේ සංවිධානයේ මූලස්ථානය රෝමයේ පිහිටා තිබෙන අතර, තවත් රටවල් 80ක කාර්යාල පිහිටුවා තිබෙනවා. 2019 වසර වන විට මේ සංවිධානය ලොව පුරා රටවල් 88ක පුද්ගලයින් මිලියන 97කට සේවා සපයන්නට සමත් වුණා. ඉන් තුනෙන් දෙකක් ම ගැටුම් සහිත රටවල් සහ භූමි. ගැටුම් සහිත කලාපවලට ආහාර සැපයීම සහ, යුදගැටුම් සඳහා අවියක් ලෙස කුසගින්න භාවිත කිරීම වැලැක්වීම යන කරුණු දෙක සඳහා දැක්වූ දායකත්වය, ඔවුන්ට නොබෙල් සාම ත්‍යාගය හිමි වීමට මූලිකව හේතු වී තිබෙනවා.

බඩගින්නෙන් පීඩා විඳින මිනිසුන් වෙනුවෙන් යමක් කරන්නට අපට හැකි දැයි නැවත වරක් හිතා බලන්නට මේ ආහාර දිනය අවස්ථාවක් කරගමු..

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Caterers for your events 2024

Written by Fathima Rukaiya, When planning an event, finding the perfect catering spot can be

Highlights Kamu

Top Burger Joints of 2024

Written by Fathima Rukaiya, Who doesn't adore a juicy, mouthwatering burger? But finding the ideal

Highlights Kamu

Ramada Colombo: Break Your Fast in Style with a Luxurious Iftar

Written by Shamrina CIt’s that holy month of the year again for all Muslims around

Highlights Kamu

A blissful evening at The Sheraton Colombo

https://www.tiktok.com/@yamusrilanka/video/7350182026114338050 Nestled in the heart of Colombo, the Sheraton Colombo hotel epitomizes luxury and sophistication.

Highlights Kamu

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

A Culinary Journey Through the Middle East: Ramadan Iftar Buffet at Cinnamon Grand Courtyard 

By Shamindri De Sayrah Embark on a culinary adventure through the Middle East this Ramadan

Kamu

Trending.

Layards Wharf by Food Studio opens its doors with exclusive dining experience for guests

Food Studio proudly introduces its third food court at Havelock City Mall, offering a distinctive

Trending

Royal Turf Club Nuwara Eliya Governor’s Cup showcased exciting wins

The hills of Nuwara Eliya came alive to the cheers as jockeys vied for winning

Trending

Hayleys Leisure Training Academy Celebrates Its Second Graduation Ceremony at Amaya Lake, Dambulla

The Hayleys Leisure Training Academy, a pioneering initiative by Hayleys Leisure, held its second graduation

Trending

RTC GOVERNOR’S CUP RACE RESULTS SHEET

RACE 01 : HPSL SUPER CHALLENGE TROPHY  PLACE HORSE  NAMEOWNER JOCKEY TRAINER1st Place ZULU  FANTASYMr. & Mrs.Edwards Akash Agrawal S.D.Mahesh2nd Place STREET CAT Mr.Hasanga Jayaratne

Trending

Introducing the Claw: MSI’s First Handheld Gaming Device Powered by Intel Core™ Ultra Processor

As AI technology continues to make waves globally, MSI, a leading laptop brand, has adeptly

Trending

MSI’s Innovation Unleashed: The New 18-Inch Gaming Laptop Family and Sleek, High-Performance Productivity Laptops

Written by Fathima Rukaiya, MSI, a premier laptop manufacturer, has unveiled its latest 18-inch gaming

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide