හැම උත්සාහයකට ම පස්සෙත් වචන උනන්නෙ නැති මොහොතක්.. රයිටර්ස් බ්ලොක්!.

ඒක නිකං යකෙක් කන්න බඩගිනි වෙලා බත් පිඟාන අතට ගත්තට පස්සෙ කාගන්න බෑ වගේ හැඟීමක්. 

නැත්තං ‘ටෙරා බයිට් ගාණක ඩේටා සේව් කරල තියන හාඩ් ඩ්‍රයිව් එකක් මොන විදියකටවත් ඕපන් කරගන්න බෑ වගේ’ එකක්. මේ උපමාව හොරකං කළේ කාංචනා අමිලානි කියන ලේඛිකාවගෙන්. එයා මේ ගැන ලියවුණ මොකක් හරි ලිපියක එහෙම කියල තිබුණ මතකයි.

මේක ලෙඩක්. හැදෙන්නෙ ලියන මහත්තුරුන්ට සහ නෝනාවරුන්ට. මේකට ඉංග්‍රීසියෙන් කියන්නෙ ‘රයිටර්ස් බ්ලොක්’ කියල. සිංහලෙන් වචනයක් තියනවද මන්දා. ඕන නං ‘අදහස් සිඳී යෑම’ / ‘ලේඛනය හිර වීම’ වගේ අවලස්සන වචන පාවිච්චි කරන්න පුළුවන්. සමහර ඉංග්‍රීසි සංකල්ප සිංහලට පරිවර්තනය කළාම ඒවට ඉංග්‍රීසියෙදි තියන අර්ථ නැති වෙලා ගිහින් ඒ අදහසේ බර අඩු වෙනවා. මේකත් ඒ වගේ.  

චාල්ස් බුකොව්ස්කි කියන්නෙ ඇමරිකාවේ හිටපු ලේඛකයෙක්. පිස්සු චරිතයක්. එයා කියන විදිහට රයිටර්ස් බ්ලොක් එකට අහු වෙලා මුකුත් ම නොලියා ඉන්නවට වඩා හොඳයි අඩු ගාණේ රයිටර්ස් බ්ලොක් එක ගැන වුණත් මොනාහරි ලියන එක. මාත් මේ උත්සාහ කරන්නෙ ඒක අත්හදා බලන්න. කොටින් ම මං මේ වෙලාවෙ රයිටර්ස් බ්ලොක් ගැන මොනාහරි ලියන්න උත්සාහ කරන්නෙම මට හැදිල තියන රයිටර්ස් බ්ලොක් එකට උත්තරයක් විදිහට. 

උදේ ඉඳන් රෑ වෙනකං ලැප් එක ඉස්සරහ වාඩි වෙලා ස්ක්‍රීන් එක දිහා බකන්නිලාගෙන බලන් ඉන්නෙ දැන් සති දෙක තුනක විතර ඉඳන්. ඊටත් වැඩි ද මන්දා. අකුරක්වත් ලියාගන්න බෑ. ඔළුවේ ලියන්න දේවල් පිරිලා. ඒත් එහෙම තියෙද්දිම ඔළුව හිස් වෙලා ගල් ගැහිල වගේ. හරියට නිකං දිව අග තියන වචනයක් කටින් එළියට එන්නෙ නෑ වගේ. ඉතිං හැම දාම ‘අද බෑ පස්සෙ ලියනවා’ කියල ලැප් එක වහල නැගිටිනවා. බාලගිරිදෝසෙ.

සාමාන්‍යයෙන් මෙහෙම වෙලාවක මුලින්ම වෙන්නෙ බය වෙන එක වුණාට මට වුණේ බය වීමක් නෙමේ. මොකද්ද වෙන්නෙ කියල මට මුලින්ම තේරුණේ නෑ. ස්ක්‍රීන් එක දිහා ඔහේ බලාගෙන ඉන්න කාලය වැඩි වෙන්න වැඩි වෙන්න තමයි මට වෙන්නෙ මොකද්ද කියල තේරුං ගියේ. සාමාන්‍යයෙන් අපේ පරම්පරාව ලියන්නෙ ස්ක්‍රීන් එකේ නෙ. මං අන්තිමට කඩදාසිවල ලිව්වෙ කැම්පස් එකේ ඉද්දි. රස්සාවක් කරන්න ගත්ත දා ඉඳන් මොකක් ලිව්වත් දැන් ‘ලියනවා’ කියන්නෙ ‘ටයිප් කරනවා’ කියන එකට. ඒක මහ යාන්ත්‍රිකයි කියල කාටහරි හිතෙන්න පුළුවන්. හැබැයි තාර්කිකව හිතුවොත් ‘ලියවෙන්නෙ’ කඩදාසියකවත් ස්ක්‍රීන් එකකවත් නෙවෙයි, හිතේ. ඒ හින්දා හිතේ ලියවෙන දේ එළියට දාන ක්‍රමය හෝ මාධ්‍යය මොකද්ද කියන එක වැදගත් නෑ. පෑනෙන් කඩදාසියක ලිව්වත් පබ්ලිෂ් වෙන්නෙ ටයිප් වෙලා නෙ. 

කොහොම හරි කොච්චර බලන් හිටියත් ස්ක්‍රීන් එකේ ලියවෙන්නෙ නැති බව දැනුණාම මං ආයෙත් ඉස්සර වගේ කඩදාසිවල ලියන්න උත්සාහ කළා. ඒ වැඩෙන් කඩදාසි ගොඩක් විසුරුවාගෙන පෑනකින් කුරුටු ගගා කඩදාසි ගුලි හද හද විසි කරන එකේ තියන අතීතකාමී සෞන්දර්යය විඳගන්න පුළුවන් වුණා මිසක් හිතට හරි යන කිසි දෙයක් ලියවුණේ නෑ. ඉතින් ඒ හරි ගියෙත් නැති තැන තමයි ලෙඩේ අසාධ්‍යයි කියල මං තහවුරු කරගත්තෙ.

නවකතා, කෙටිකතා, කවි ලියන ලේඛකයෙක් රයිටර්ස් බ්ලොක් එකකට අහු වෙනවට වැඩිය, රස්සාව විදිහට දිනපතා ලියන්නෙක් රයිටර්ස් බ්ලොක් එකකට අහු වෙන එක මාරාන්තිකයි. නිර්මාණකරුවෙකුට ඩෙඩ්ලයින් නැති වුණාට අපිට ඩෙඩ්ලයින් තියනවා. මං හිස් ගූගල් ඩොක් එකක් දිහා ඔහේ බලන් ඉන්න පැය ගාණම, ඩෙඩ්ලයින් එක මං දිහා දත් විළිස්සගෙන බලන් ඉන්නවා.

රයිටර්ස් බ්ලොක් රයිටර්ස් බ්ලොක් කිව්වට මොකද්ද මේක කියල පිළිවෙළකට පැහැදිලි කළේ නෑනෙ. කෙටියෙන් කිව්වොත් මේක ලේඛකයන්ට වැළඳෙන එක්තරා මානසික ස්වභාවයක්. හරියටම විස්තර කරන්න අමාරු තත්ත්වයක්. මේක මනස්ගාතයක් කියල නෝන්ඩි කරන අයත් ඉන්නවා. ඒත් එක පාරක්වත් හැදිල තියන කෙනෙක් නං ලෙඩේ ස්වභාවය දන්නවා. ලියන්න හිත එකඟ කරගන්න බැරි එක, කිසිම අදහසක් එන්නෙ නැතුව ඔළුව වේළිලා යන එක, ඔළුවේ අදහස් පිරිලා තිබුණත් ඒව වචනවලට පෙරළගන්න බැරි එක, ලිවීම කල් දාන එක.. ඕව තමයි රෝග ලක්ෂණ.

අනෙක් අතට හිතල බැලුවොත් නිර්මාණකරුවෙකුට වඩා රස්සාවට ලියන්නෙකුට මේකෙන් ගොඩ එන්න පහසුයි. මොකද නිර්මාණකරුවෙකුට ඩෙඩ්ලයින් නැති නිසාම ඕන තරං කල් දදා කම්මැලි වෙවී, ලියන්න උත්සාහයක්වත් නොදරා ඉන්න පුළුවන්. අපිට එහෙම බෑනෙ. ඩෙඩ්ලයින් එකම තමයි ඉන්ස්පිරේෂන් එක වෙන්නෙ. 

රයිටර්ස් බ්ලොක් එකක් හට ගන්න විවිධ හේතු තියෙන්න පුළුවන්. තමන් ලියන දේ ගැන තියන ආත්ම විශ්වාසය බිඳීම, ලිවීම ඕනවට වඩා පීඩනයක් කරගැනීම, බලහත්කාරයෙන් ලියන්න උත්සාහ කිරීම වගේ ලිවීමට සම්බන්ධ හේතු වගේම, ළඟම කෙනෙකුගේ වියෝව, හිතට තදින් දැනුණ මොකක් හෝ කම්පනයක් නැත්තං පීඩනයක් වගේ ලිවීමට සම්බන්ධයක් නැති හේතු වුණත් මේකට බලපාන්න පුළුවන්. නරකම දේ තමයි ලෙඩේ ගැන මේ ඔක්කොම දේවල් දැන දැනත් රයිටර්ස් බ්ලොක් එකෙන් මිදෙන්න බැරි වීම.

සමහරුන්ට මේක යන-එන තත්ත්වයක්. දවසක් දෙකක් තුනක් හෝ උපරිම සතියක් විතර තිබිල ඊටපස්සෙ හරි යන තත්ත්වයක්. ඒත් බොහොම දරුණු විදිහට රයිටර්ස් බ්ලොක් වැළඳිලා අවුරුදු ගණන් ලියන්න බැරුව හිටපු අය ගැන මං අහල තියනවා. ලේඛකයෙකුට ලියන්නෙ නැතුව ඉන්නවා කියන්නෙ කරන්න අමාරු දෙයක් නෙමෙයි, කරන්න බැරි දෙයක්. හුස්ම නොගෙන ජීවත් වෙන්න හදනවා වගේ. රයිටර්ස් බ්ලොක් එකට බය වුණොත් මුළු ජීවිත කාලෙ කවදාවත් ආයෙත් ලියාගන්න බැරි වෙයි කියල හිතෙන්න ගන්නවා. හිතට වචන උනන්නෙ නැති එක ගැන ඇහැට කඳුළු උනන්න ගන්නෙ එතකොට. ඇත්තටම ඒක සෑහෙන ඩිප්‍රෙසිව් තත්ත්වයක්. ගායකයෙකුට කටහඬ අහිමි වුණොත් මේකම වෙන්න පුළුවන් මං හිතන්නෙ.  

මේකෙන් ගොඩ එන්නෙ කොහොමද? ලියන්න බැරුව යන එක ලෙඩේ නම්, ඒකට බෙහෙත ලියන්න පුළුවන් වෙන එක. ඒත් ලියන්න පුළුවන් වෙන බෙහෙත් මේ ලෝකෙ තියෙන්න පුළුවන් ද? ලිවීම කියන්නෙ ප්‍රැක්ටිස් එකෙන් වැඩි වැඩියෙන් පොලිෂ් කරගන්න පුළුවන් දෙයක්. සිංහලෙන් කියන්නෙ සතතාභ්‍යාසය කියල. සරල කළොත් ‘නිරන්තරයෙන් අභ්‍යාස කිරීම’. රයිටර්ස් බ්ලොක් එකක හිර වුණාම ඒකෙන් මිදෙන්න කියල හිතාගෙන තව තව ලියන්න උත්සාහ කරන එකෙන් වෙන්නෙ තවත් හිර වෙන එක නම්, ඊට වඩා පහසු වෙන උත්තර තියනවද කියල බලන්න මං ගූගල් සර්ච් කළා.

මං වගේ රයිටර්ස් බ්ලොක් හැදිච්ච හෝ නිතර හැදෙන අය ඉන්නව නං ඒ අයට දැනුවත් වෙන්නත් එක්ක කියන්නං. මේකෙන් ගැලවෙන්න ටිප්ස් අනංමනං නං ඉන්ටනෙට් එකේ වැහි වැහැලා. ඇවිදින්න යන්න, මියුසික් අහන්න, වැඩ ඔක්කොම පැත්තක දාල බ්‍රේක් එකක් ගන්න, ඉන්න පරිසරේ, වටපිටාව පොඩ්ඩක් මාරු කරන්න, පොතක් කියවන්න වගේ කෝකටත්තෛලෙ ජාතියෙ සුපුරුදු උත්තර. හැබැයි මේ අතරෙ තියනවා අමුතු ටෙක්නික් එකක්. ඒක ෆ්‍රී රයිටිං නැත්තං වර්ඩ් වොමිට් කියල නම් කරන්න පුළුවන්. 

මේකෙදි කරන්නෙ ලියන්න මාතෘකාවක්, තේමාවක්, අදහසක්, හැඟීමක් තෝරගන්නෙ නැතුව, හිතට එන හැම දේම ඔහේ ලියාගෙන යන එක. මේ වැඩේදි ළඟ තියන ඩිස්ට්‍රැක්ෂන්ස් (ෆෝන් එක, ඉන්ටනෙට්, පොඩි ළමයි, සද්ද බද්ද වගේ) සියල්ල ඈත් කරන්න පුළුවන් නං හොඳයි කියලයි කියන්නෙ. ඕන නං ටයිමර් එකක් සෙට් කරලා එහෙම නිශ්චිත කාල පරාසයක් ලකුණු කරගෙන වැඩේ පටන්ගන්නත් පුළුවන්. මේ විදිහට ලියද්දි ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය, විරාම ලක්ෂණ වගේ අපි සාමාන්‍යයෙන් පිළිවෙළකට ලියද්දි සැලකිලිමත් වෙන කරුණු කාරණා නොසලකා හරින්න ඕනේ. ඒ වගේම මේ ලියන්නේ ෆයිනල් ඩ්‍රාෆ්ට් එක කියල හිතෙන එක ඔළුවෙන් අයින් කරලා මේක නිකං කටුසටහනක් විතරයි කියල හිතට ගන්න ඕනේ. එඩිට් කරන්න, ප්රූෆ් රීඩ් කරන්න තියා හිතන්නවත් එපා. තව දෙයක්. මේ විදිහට ලියද්දි මේක තව කෙනෙක් දැක්කොත් මොනව හිතයි ද කියන සිතිවිල්ල ඔළුවෙන් මකලම දාන්න. මේක ලියන්නෙ තමන්ටම විතරයි කියලයි හිතන්න ඕනෙ. පාඨකයන්ගේ පැත්තෙ හිටගෙන ඒගොල්ලන්ගේ ඇහෙන් ලියවිල්ල දිහා බලන එක නවත්තන්න ඕන. ලිවීමට අන්තිම අවංක වෙන්න ඕන.

අර කියපු ටිප්ස් අතරින් මගේ හිතට ඇල්ලුවෙ මේ ටෙක්නික් එක විතරයි නිසා ඕන එකක් කියල ඒක අත්හදා බලන්න ඕන කියල මං හිතුවා. ඒත් මුලින් මුලින් කරන්න ගියාම ලේසි නෑ. එක වාක්‍යයක් ලියාගන්නත් සෑහෙන ගේමක් දෙන්න ඕන. කොහොම හරි දවස් කීපයක් ටිකක් දුරට කරගෙන යද්දි සෑහෙන ප්‍රගතියක් අත්කරගන්න පුළුවන්. මේ ලිපිය පවා ඒකෙ ප්‍රතිඵලයක්. මේක ලිව්වෙම ඌරගෙ මාළු ඌරගෙ පිටේම තියලා, රයිටර්ස් බ්ලොක් එක ගැනම ලියලා රයිටර්ස් බ්ලොක් එකෙන් ගැලවෙන්න පුළුවන් ද කියල බලන්න ඕනකමට. ආපහු මුල ඉඳන් කියවගෙන එද්දි අර ඔළුවෙ ඉන්න සුපුරුදු පර්ෆෙක්ෂනිස්ට් එළියට ඇවිත් මේක නිකං වැල්වටාරම් ගොඩක් විතරයි කියල කකුලෙන් අදිනවා දැනෙනවා. කෝක වුණත් මෙච්චර දිගට මොකක් හරි දෙයක් ලියවුණෙත් සෑහෙන කාලෙකින්. ඒ හින්ද උන්නු හැටියට මළා මදැයි කියල හිත හදාගන්නෝනි. කන්ටෙන්ට් රයිටිං වගේ දිනපතා ලියන රස්සාවක් කරන කෙනෙක් හිටපු ගමන් එක තැනකදි හිර වුණාට පස්සෙ ඔළුව සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. ඒත් ඇත්තටම ලියන්න බැරි එකට උත්තරේ ලියන එකමයි කියල තේරුං ගන්න එකත් ලිවීමෙම කොටසක්. පීනන්න තැපෑලෙන් ඉගෙනගන්න බෑනෙ. පීනන්න නං වතුරට බහින්නම ඕනි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide