බර්ගර්ර්... ! කියද්දි කටට කෙල උනනව නේ. ලොකු මස් පෙත්තක් දෙකක් මැදි වුනු චීස් බේරෙන බර්ගර් එකක් ෆ්රෙන්ච් ෆ්රයිස් වලින් වට වුනු පිඟානක මේසෙට එද්දි ? කොහෙද ඉතින් ඔය ලොකු ලොකු තැන්වල, බර්ගර් වල රස හොඳ වුනාට ගාණ සැරයිනෙ. ඉතින් මට හිතුණ අඩු ගාණට රසම රස බර්ගර් එකක් කන්න පුළුවන් තැන් ටිකක් හොයාගෙන යන්න. බලන්නකො මේ තැන් වල බර්ගර් රස ඔයාලත් දන්නවද කියල.
කොම්පඤ්ඤවීදියෙ බර්ගර්ස් කිංග් එකට බර්ගර්ලගෙ රජ්ජුරුවො කියල කිව්වට ලොකු වැරුද්දක් නෑ. බර්ගර්ස් කිංග්ලගෙ බර්ගර් වල රස දෙගුණ තෙගුණ වෙන්නෙ මැද්දට දාන ලොකු මස් පුරවපු පැටි එකෙන්. ඒ විතරක් නම් බැරියැ. බාගෙට මෙලෙක් වුනු චීස් බේරෙන බර්ගර් එකට ෆ්රෙන්ච් ෆ්රයිස් තොගයකුත් එනව. චිකන් කෝඩන් බලියු, චිකන් ගැමොන් ස්ටීක්, බටර් ප්රෝන්ස් වගේ රසවල් තොගයකින් එන බර්ගර්ස් රුපියල් දෙතුන් සීයට නම් හොයා ගන්න වෙන තැනක් නම් නැති තරම්.
2. Burger's Hut
උණු උණුවෙ මේසෙට එන බර්ගර් එකේ මෙලෙක් වුනු චීස් ටික ෆ්රෙන්ච් ෆ්රයිස් උඩට බේරිලා තියෙනව දැක්කාම කාටද කටට කෙල උනන්නෙ නැත්තෙ. රුපියල් තුන් හාර සීයකට රස වෑහෙන බර්ගර් එකක් කන්න කියාපු තැන. ඒ විතරක් නෙවෙයි සබ්මැරීන්, හොට් ඩෝග් වගේ රස කෑමත් දෙහිවල ඇලන් ඇවිනියු එකේ තියෙන මේ බර්ගර්ස් හට් එකේ තියෙනව.
3. Acropol
ගාණ රු. 500ක් වගේ වුනාට පට්ටම බර්ගර් එකක් තමයි මේසෙට එන්නෙ. මෙයාලගෙ බර්ගර් වල මැද්දට දාන මස් කුට්ටිය දැක්කාම හිතෙනව කාලා ඉවර කරන්න බැරිවෙයිද මන්ද කියල. ඒ තරම් ලොකුයි. චීසුත් මදි නොකියන්න දාලා හදන මේ බර්ගර් වල රසත් එක්ක හැප්පෙන්න පුළුවන් සුපිරිම ෂවර්මා එකකුත් කොල්ලුපිටියෙ ඇක්රොපොල් එකේ තියෙනව. ඒ විතරක් නෙවෙයි කුකුල් මස්, හරක් මස් වගේම බැටළු මස් වලිනුත් දාන තව වැඩ කිඩ ගොඩකුත් මෙතනට යන ඔයාලට රස බලන්න පුළුවන්.
4. Royal Burger
ඔන්න තියෙනව තවත් නියම තැනක් හැව්ලොක් ටවුන් වල. මෙයාලගෙ බර්ගර් වලනම් තියෙන්නෙ ටිකක් වෙනස් රසක්. හැබැයි ලංකාවෙ අපිට නම් නියමෙට ගැලපෙනව. හොඳ පදමට ගැඹුරු තෙලේ බදින රෝයල් බර්ගර්ලගෙ බර්ගර් වල මැද්දට එන පැටි එක නම් මාරම රසයි. බේරෙන තරමට චීස් නැති වුනාට ගම්මිරිස් ටිකක්, තක්කාලි පෙත්තක් එහෙම දාලා ලංකාවෙ අපිට හරියන විදියට හදල තියෙනව. ගාණ ගැන නම් ඇත්තටම ගාණක් නෑ. රු. 500ක් තිබුණ නම් දෙන්නෙක්ට ඇති.
5. Burger Queen
දෙහිවල, සරණංකර පාරෙ තියෙන මේ පුංචි බර්ගර් කඩෙත් හොඳ බර්ගර් සෙට් එකක් තියෙනව. ගාණත් සෑහෙන්න අඩුයි. හොඳ රසට හදපු ලොකු ඩබල් බීෆ් බර්ගර් එකක් වෙන්නෙත් රු. 300ක් වගේ. බර්ගර් ක්වීන්ගෙ බර්ගර් වල රස ඩබල් කරන්නෙ පේපර් ප්ලේට් එකට එන මෙයොනීසුයි සෝසුයි වට කරගත්තු ෆ්රෙන්ච් ෆ්රයිස් ටිකෙන් තමයි. ඒව නැති වුනොත් නම් බර්ගර් එක...
ඔය කොහොම වුනත් අඩුම ගාණට රසම බර්ගර් කන්න තව තැන් කොළඹ පැත්තෙ නැතුවමත් නෙවෙයි. ඔයාල දන්න ඒ වගේ තැනුත් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. බර්ගර් කන්න ආස අපේ යාළුවන්ට පොඩි සපෝට් එකක් දෙමු.
Going on a date in Colombo without breaking the bank
Sweet memories of 2020.
Countries that let you in without a fuss with your Lankan passport
Post-lockdown high tea seshs in Colombo.
Superb place to taste some delicious Sri Lankan Chinese food.
Delete Comment
ruchika
Dinemore
iro875
Dinemore n mcdonald-happymeal
Berger mania
https://www.facebook.com/BeAChangemaker/photos/a.238615949603934.62232.237079529757576/387141428084718/?type=3&theater
Tharanga
Jerom's Kitchen Hotdog's and burgers are the best