Artwork for Kingsbury

පීඩකයාට එරෙහිව පීඩිතයා වෙනුවෙන් නැගුන ගිනිසිල වසරකට පෙර සදහටම නිවීගියේය

http://www.news.lk/

1942 මැයි 23වන දාට යෙදී තිබුනු වෙසක් පොහෝ දින පාදුක්කේ මාදුළුවාව ග්‍රාමයේ පතිරගේ දොන් රත්නසේකර නමින් දරුවෙකු උපත ලැබුවේය. මදුළුවාව මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යපානය හදාරණ ඔහු මාදුළුවාවේ සෝභිත ලෙස පැවිදි දිවියට ඇතුළුවන්නේ ඔහුගේ වයස වසර 11ක් වන විටදීය.1962 වසරේදී උපසම්පදාව ලබාගන්නා ඔහු විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් වලින් මූලික උපාධිය හිමිකරගන්නා අතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමිකරගනනා ලදී.

1967 දී සිය ගුරු දේවයන් වූ කෝට්ටේ නාග විහරාධිපති හිමියන්ගෙ ඇවෑමත් සමග කෝට්ටේ නාගවිහාරයේ විහාරාධිපති ධූරයට පත්වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 25කි.

සාමන්‍ය භික්ෂුවකගේ ක්‍රියාකරීත්වයෙන් ඔබ්බට ගොස් පාලකයන්ගේ ක්‍රියාකලාපයන් නිසා පීඩනයට පත් ජනතාව වෙනුවෙන් හඬ නැගූ හිමි නමක් වශයෙන් ප්‍රසිද්ධියක් අත්පත්කර ගැනීමට සමත්වන උන් වහන්සේ සිය දේශපාලන සංධර්භය තුළ කතාබහට ලක්වන චරිතයක් බවට පත්වන්නේ 1977 ව්‍යවස්තාව තුලින් විධායක බලය ජනාධිපති ධූරය වෙත කේන්ද්‍රගත කිරීමට එරෙහිව ගෙන ගිය ව්‍යාපාරය හේතුවෙනි. ඒජනාධිපති ධූරය තුලට විධායක බලය කේන්ද්‍රගත කිරීම හේතුවෙන් භාෂනයේ හා ප්‍රකාෂනයේ නිදහසට, සිවිල් අයිතිවාසිකම් වලට, සහ නීතියේ පාලනයට එල්ල වියහැකි අහිතකර බලපෑම සම්බන්දයෙන් ප්‍රභල හඬක් නැගීමට උන්වහන්සේ සමත් විය. විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව ජාති, ආගම්, පක්ෂ බේධයකින් තොරව ජනතාව පෙළ ගැස්වීමට උන්වහන්සේට හැකි විය.  එමෙන්ම 1980 දශකයේ දී උතුරු නැගෙනහිර පැතිරෙමින් පැවති ජාතික ගැටළුවට ඉන්දියාව සිදුකළ මැදිහත්වීමට හා උතුරේ සාමන්‍ය ජනතාව වෙත ඉන්දියානු හමුදා මුදාහල භීෂනයට එරෙහිව එරෙහිව කැපී පෙනෙන නායකත්වයක් ලබාදීමට උන්වහන්සේ කටයුතු කරන ලදී.

එමෙන්ම 88-89 භීෂන සමය තුල එවකට පැවති රජය ගෙනගිය භීෂනකාරී මානව හිමිකම් කඩවීම් සහ දේශපාලන ඝාතන වලට එරෙහිව ප්‍රභල හඬක් නැංවූ උන්වහන්සේ 1994 වසරේ දී එයට වගකිවයුතු එක්සත් ජාතික පක්ෂ රජය පෙරලා දමා නව රජයක් බලයට ගෙන ඒම වෙනුවෙන් පුරෝගාමීව ක්‍රියා කළේය. නමුත් එම රජය සිය පොරොනදු ඉටු කිරීම පැහැර හරින බව පෙනීයන විට එය විවේචනය කිරීමටත් ඊට එරෙහිව නැගීසිටීමටත් පසුබට නොවීය.

එමෙන්ම පසුගිය රජය විසින් සිදුකල මානව හිමිකම් සහ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සහ දූෂණ වංචා වලට එරෙහි වෙමින් එම රජය පෙරළා දමා වර්තමාන රජය පත්කිරීම සඳහා පුරෝගාමීත්වය ගත් පිරිස එකමුතු කිරීමේදී ද මාදුළුවාවේ සෝභිත හිමියන් මහඟු කාර්යය භාරයක් ඉටු කලේය.

ඒ උන්වහන්සේ අවසන් වශයෙන් නායකත්වය ලබදුන් ජනතා ව්‍යාපාරයයි. වසර 73ක් පුරාවට පීඩිත ජනතාව වෙනුවෙන් නැගුණු ඒ ගිනි සිළුව 2015 අගෝස්තු මස 8වන දින සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ දී සදහටම නිවී ගියේය.

 

Leave A Comment