වැස්ස කාලෙ ඇවිල්ල තියෙන්නෙ. මේ කාලෙට තමයි වැඩි හරියක් ම අපේ කට්ටිය හවස් ජාමෙට බාර් එකට රිංගගන්නෙ. සීතලයි කියාගෙන පොඩි බීර වීදුරුවක් හරි අරක්කු ෂොට් එකක් හරි උගුරට දෙකට කටට හලාගත්තට පස්සෙ ඉතින් හොඳ කටගැස්මකුත් එපැයි. සමහර විට කට්ටිය පාවිච්චියට නොගන්න බයිටුත් මෙතන ඇති. බලන්නකො කොහොමද කියල. ඒක නෙවෙයි, මෙතන නැති ඔයාල දන්න බයිට් ජාති එහෙම තියෙනවනම් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
by Vegan
ඕන ජාතියකට නියමෙට ගැලපෙන බයිට් එකක්. පොඩියට කපපු මිරිස් කෑලි, පරිප්පුත් එක්ක කලවම් වෙලා හැදෙන පරිප්පු වඩේ වලට බැදපු මිරිස් කරලකුත් එකතු වුනාම නියම බයිට් එක. රු. 2, 3, 5, 10 වගේ ගණන් වලට ගන්න පුළුවන් නිසා පරිප්පු වඩේ කියන්නෙ සෑහෙන්න ප්‍රසිද්ධ බයිට් එකක්. හැබැයි සමහර වෙලාවට කලින් දවසෙ ඉතුරු වුන පරිප්පු වඩේ ආයෙත් සැරයක් බැදල විකුණන සවුත්තු වෙළෙන්දොත් නැතුවම නෙවෙයි.
ඔය පරිප්පු වඩේ එකම පොඩ්ඩක් ලොකුවට, රවුමට හදල පොඩි ඉස්සො දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි උඩින් තියල ගැඹුරු තෙලේ බැදල ගන්නවා. එහෙම හැදෙන ඉස්සො වඩේ එකක් රු. 10, 15 විතර වෙන්නෙ. හැබැයි බයවෙන්න දෙයක් නෑ, මේව නම් කලින් දවසෙ ඉතුරු වෙලා ආයෙත් බැදල ගත්ත ඒව වෙන්නෙ නෑ. මොකද දෙපාරක් බැද්දොත් ඉස්සව කර වෙනවනෙ.
ඇත්තටම උළුඳු වඩේ කිව්වට ගොඩක් බයිට් කඩවල මේවට උළුඳු දාන්නෙ නෑ. පාන් පිටි වලින් තමයි හදන්නෙ. පිටි මෝලියට ලුණු, මිරිස් පදමට දාලා හදන මේ වඩේ සයිවර් කඩවල උළුඳු වඩේ වලට වඩා පොඩියට හදන්නෙ රු. 10, රු. 15 වගේ ගණන් වලට දෙන්න පුළුවන් නිසා. සමහර පෙට්ටි කඩවල් වල උළුඳු වඩේ එක්ක බැදපු මිරිස් දුන්නට ගොඩක් වෙලාවට දෙන්නෙ කොච්චියි පොලුයි දාලා හදන සම්බෝලයක් හරි ලුණු මිරිස් හරි තමයි.
by Ramesh
වැව්වල ඉන්නෙ බට්ටො කියල මාළු ජාතියක්. උපරිම වුනොත් අඩි බාගයක් දිග ඇති. මාළුවගෙ බඩ අයින් කරල බැදල ගත්තාම පොඩි ගතියක් තියෙනව තමයි. හැබැයි කටු ගොන්නයි. බැදපු බට්ටෙක් සාමාන්‍යයෙන් රු. 20න් 30න් උඩ ගණන් වලට තමයි තියෙන්නෙ. ඒකත් උගෙ ප්‍රමාණයේ හැටියට. මේ හැරුණාම බැදපු සාලයො, හැඳැල්ලො එහෙමත් ඉන්නව. පාන් කුඩු වල දවටල බැදපු එයින් එකෙක් රු. 20ක් වගේ වෙන්නෙ. හැබැයි බට්ටන්ට වැඩිය නම් හැඳැල්ලොයි සාලයොයි දෙකම හොඳයි.
තෙල් කකා ෂොට් එක දාන අයට පොඩ්ඩක් හරි ඇඟට හොඳ දේකට කියල තියෙන්නෙ මේක වුනාට කවුරුත් වැඩිය කන්නෙ නෑ. සුදු ළූණුවල නියම ගතිය එන්නෙ අඟුරු අස්සෙ දාලා පුච්චල ගත්තාම. ඒත් බයිට් කඩ වල්වල තියෙන්නෙ නම් තෙලේ බැදපු සුදු ළූණු තමයි. හැබැයි ඉතින් සුදු ළූණු පදමට බැදෙන්න ඕන වගේම තමයි රස පදම එන්න මිරිස් කුඩුයි ලුණු කුඩුයිත් දාන්න ඕන. මේකත් රු. 20ක් වගේ අඩු ගාණකට ගන්න පුළුවන් නියම බයිට් එකක්.
by Harsha
බැදපු රට කජු, මික්ස්චර්, බෝල බයිට්, අල පෙත, මුරුක්කු වගේ ඒව තමයි මේ කාණ්ඩයට අයිතිවෙන්නෙ. අදාල ජාති ගැඹුරු තෙලේ බැදල ලුණු කුඩු, මිරිස් කුඩු ටිකක් උඩින් දාලා පැකට් කරල විකුණන්න තියෙන මේ බයිට් රු. 10 ඉඳන්ම ගන්න තියෙන නිසා ගොඩක් දෙනා හදිස්සියට ගන්නෙ මේව තමයි.
by Shehal
ටික දෙනෙක් විතරක් දන්න නියම බයිට් එකක්. හැබැයි නිකන් පොල් රොටි කාලා හරියන්නෑ. එක පොල් රොටියක් උඩට හොඳ ලුණු මිරිස් තලියක් දාලා, අතුරලා අනික් පොල් රොටිය ඒක උඩින් තියාගත්තාම හයියට, සැරට හැපෙන හොඳ බයිට් එකක්. ගාණත් උපරිම වුනොත් රු. 20ක් 30ක් වෙයි.
by Alpha
ගෝදම්බ රොටි නෙවෙයි. ඔය පෙට්ටි කඩවල් වල තියෙන්නෙ පොල් රොටි විදියට පොල් නොදා ඊට වඩා ලොකුවට හදන රොටි. මේව ලුණු මිරිස් එක්ක කන්නත් පුළුවන්. ඒත් නියම බයිට් එකක් විදියට හැදෙන්නෙ රොටිය පොඩි කෑලි වලට කපල කලවම් හොදි (පරිප්පුයි මිරිස් හොදියි) ටිකක් එක්ක ලුණු මිරිස් ටිකකුත් දාලා ගත්තාම. මමත් ඕක දැන ගත්තෙ කඩුවෙල පැත්තෙදි කාලක් ගහන්න සෙට් වුන අංකල් කෙනෙක්ගෙන්. ඇත්තටම නියමම බයිට් එකක් තමයි. රු. 30ක් 40ක් වගේ වෙන්නෙ.
by Indi
හැම අච්චාරුවම හරියන්නෙ නෑ. අඹ අච්චාරු හරි ඇඹරැල්ල අච්චාරු හරි තමයි වැඩේට හරියන්නෙ. අනික මතක තියාගන්න රු. 20ට 30ට ගන්න පුළුවන් වුනාට මේ බයිට් එක බියර් වලට නම් එච්චරටම ගැලපෙන්නෙ නෑ.
හැමෝටම වගේම හැම ජාතියකටම ගැලපෙන්නෙත් නැති වුනාට රු. 40කට 50කට ගන්න පුළුවන්.
ක්‍රිස්කෝ, ස්නැක්ස්, චීස් බටන්ස්, අනියන්, සේවරි නට්ස් වගේ රු. 20, 30 පොඩි පැකට් වලට එන බිස්කටුත් හදිස්සි වෙලාවට සෑහෙන්න නැගල යන බයිට් එකක්.
by Eatingeast
රෝල්ස්, එළවළු රොටි වගේ ජාතිත් පෙට්ටි කඩවල තිබුණට බයිට් විදියට වැඩියෙන්ම යන්නෙ කට්ලට් කියල තමයි හොයල බැලුවාම මට දැන ගන්න ලැබුණෙ. ඇයි කියන්න නම් හරියටම දන්නෙ නෑ. සමහර විට රු. 20ට 30ට ගන්න පුළුවන් නිසා වෙන්නත් ඇති.
by Gabriel
මේ විදියෙ පොඩි පොඩි බයිට් තියෙන්නෙ ටවුන් වල වුනාට ගමේ ගොඩේ රා කට්ටක් බොන අය පාවිච්චි කරන්නෙ බැදපු කරවල කෑල්ලක්, ලුණු කැටයක්, රතු ළූණු ගෙඩියක් වගේ වෙනස්ම බයිට් ජාති ටිකක්. ඒ කොහොම වුනත්, ගමේ ගොඩේ, සිදාදියේ කොච්චර අඩු ගණන් වලට බයිට් තිබුණත් බයිට්, සැන්ඩි මුකුත්ම නැතුව අමුවෙන්ම ෂොට් එක දාන කට්ටියත් ඔය අතරෙ ඕන තරම් ඉන්නව.
Countries that let you in without a fuss with your Lankan passport
A list of 15 places for your next day outing.
Your handy guide to selecting a place of study for higher education in Colombo.
Traffic is one of the few major drawbacks to everyday life in Colombo. We look at how to reduce it short term, long term, and in our pipe dreams.
Delete Comment
miumax
රු. 10, 15 කට ඉස්සො වඩේ එකක් ගන්න තියෙන්නේ කොහෙද?