Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

මේ මාසේ අපිට හම්බුණ හොඳම ක්ලවුඩ් කිචන් 5! (2021 ජුනි)

රිවීව් කරපු ක්ලවුඩ් කිචන් අතරින් අපි කැමතිම…

Posted by

ගිය අවුරුද්දේ ඉඳන් කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් එක්ක ෆුඩ් ඩිලිවරිවලට ලොකු ඉඩක් විවර වුණා. ඒ එක්ක ම ක්ලවුඩ් කිචන් ගොඩක් ඕපන් වෙනවා දකින්න ලැබුණා. ඩයින් ඉන් රෙස්ටොරන්ට් එකකින් තොරව, ඩිලිවරි මඟින් විතරක් ආහාරපාන සපයන තැන්වලට නෙ ඔය ක්ලවුඩ් කිචන් කියන්නෙ. ඉතින් ඔහොම දිගින් දිගට ම විවෘත වෙන ක්ලවුඩ් කිචන්වලින් කීපයක් ම රිවීව් කරන්න අපිට පුළුවන් වුණා. මේ තියෙන්නේ අපි රිවීව් කරපු ක්ලවුඩ් කිචන් අතරින් මේ මාසේ (ජුනි) අපි කැමති ම තැන් 5.

Pulse & Beet

පල්ස් ඇන්ඩ් බීට් එකේ බ්ලැක් පෝක් කරිය, ෆුඩ් බෝල්ස්, රැප්ස්.. මේ ඔක්කොම අපේ හිත දිනාගත්තා. ඒගොල්ලන් ළඟ තියන ආහාර අපේ ශරීරයේ සෞඛ්‍ය සම්පන්න භාවය ගැන සැලකිල්ලෙන් සකසපු ජාති. ඉතින් ව්‍යායාම කිරීමෙන් පස්සෙ ආහාරයට ගන්න එහෙම පල්ස් ඇන්ඩ් බීට් එකේ කෑම ජාති ගැළපෙනවා. මේගොල්ලන්ගේ බ්ලැක් පෝක් කරිය අපිට කොළඹින් හම්බුණ හොඳම බ්ලැක් පෝක් කරියක් කියන්න පුළුවන්. අපි ගත්ත Furikake සැමන් බෝල් එක සුමුදුවට හැපෙන බත්, හොඳ කොලිටියේ සැමන් සහ Furikake සෝස්වල දැවටුණ රස එළවළු ගොඩකින් පිරිල තිබුණා.

ඕඩර් කරන්න: පික්මී ෆුඩ් මඟින් හෝ 0779074686 අංකයෙන්.

Crab Tales

හොඳට මස් තියන කකුළු කරියක් කනව නං, පරම්පරාවෙන් එන රස ම රස පවුලේ කෑම වට්ටෝරුවකට අනුව කකුළුවො හදන ක්‍රැබ් ටේල්ස් එකෙන් ඕඩර් කරන්න. ඒගොල්ලො ගෙදරට ම ගෙනත් දෙනවා. කලපුවලින් ගන්න මඩ් ක්‍රැබ් වලින් තමයි මේගොල්ලො මේ කරි හදන්නේ. ඒවට පදමට කුළුබඩු එක්කහු කරලා නිසා රස දෙගුණ වෙලා. ග්‍රේවි ටිකත් මාර උකුයි. ඒවා ඒගොල්ලො එවන ෆ්‍රෙෂ් රෝස්ට් පාන් කෑල්ලක ගාගත්තම මල් හතයි.

ඕඩර් කරන්න: ඉන්ස්ටග්‍රෑම් මඟින් හෝ 0740809722 වට්ස්ඇප් අංකයෙන්.

Ceylon Curry Club

සිට්‍රස් එකෙන් කරන රයිස් ඇන්ඩ් කරි ඩිලිවරි සේවාව තමයි සිලෝන් කරි ක්ලබ්. මේගොල්ලන්ගෙ කෑමත් පංකාදුයි. හැම බත් එකකට ම චිකන්/ පෝක්/ මට්න්/ දැල්ලො/ ඉස්සො/ බිත්තර කියන ඒවයින් අපි කැමති ජාතියක් ඕඩර් කරන්න පුළුවන්. ඒ වගේ ම පුහුල්/ තක්කාලි/ අන්නාසි චට්නිවලින් එකක් තෝරගන්නත් පුළුවන්. ඊට අමතරව බැදපු මෝර මිරිස් කරල් එක්ක පෙති කපපු එළවළු තමයි මේකට එන්නේ. මස් මාළු මොන ජාතිය වුණත් හැම බත් කටකට ම හැපෙන්න ඇති තරමට බෙදලා තියනවා.

ඕඩර් කරන්න: පික්මී ෆුඩ් මඟින් හෝ 0773393391 අංකයෙන්.

Social Colombo

උණවටුන පැත්තෙ ප්‍රසිද්ධ නමක් සෝෂල් උණවටුන. මේ එයාලගේ කොළඹ බ්‍රාන්ච් එක. Bao, Char siu, සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස්, බර්ගර්ස් ඇතුළු ඒෂියන්, ඉටැලියන් සහ වෙස්ටන් කෑම ජාති රැසක් මේ අයගේ මෙනු එකේ තියනවා. 

ඕඩර් කරන්න: පික්මී ෆුඩ් මඟින් හෝ 0705941989 අංකයෙන්.

Artisan Diletto

මේගොල්ලො ළඟ තියෙන්නේ චොක්ලට් බිස්කට් පුඩිං. දැනට මෙතනින් ක්ලැසික්, මොකා, මින්ට් චොක්ලට් සහ මයිලෝ කියන ජාති හතරෙන් චොක්ලට් බිස්කට් පුඩිං ගන්න පුළුවන්. මේ ඔක්කොම චොක්ලට් පාටින් දිලිසෙන, ක්‍රීමි ටෙක්ස්චර් එකක් තියන, ඩාක් චොක්ලට් රස වෑහෙන, කජු එක්ක චොක්ලට් චිප්ස් හැපෙන, රස ම රස චොක්ලට් බිස්කට් පුඩිං. මොකා පුඩිං එකේ චොක්ලට් රහට මික්ස් වුණ හොඳ කෝපි රහකුත් තියනවා. ඒ වගේ ම මින්ට් චොක්ලට් පුඩිං එකේ චොක්ලට් රහට මින්ට් රහ මික්ස් වෙලා හොඳ රිෆ්‍රෙෂිං ගතියක් ඇවිත්.

ඕඩර් කරන්න: පික්මී ෆුඩ් මඟින්.

Leave a comment