බාර් ඇරිය නම් තමයි. ඒත් කොහේ තියෙන සල්ලිද දැන් අරක්කු ගන්න. ගෙදර ඉඳපු දවස් ටිකේ වියහියදම් දරලම වත මිලිනවෙලා. ඒත් ඉතින් එහෙමයි කියල,. නොබී ඉන්නත් බෑනෙ අප්ප. ඊටත්, මාස ගාණකට පස්සෙ.
ඒ නිසාමයි යාළු අපිත් කල්පනා කලේ, ප්‍රශ්න 2ටම එක විසඳුමක් ගලපන්නෙ කොහොමද කියල.
හැබැයි වැඩේ සාර්ථක වුනා.
කිව්වට විශ්වාස කරන්න.. අතේ සල්ලි නැති නිසා අඩු ගාණකට බෝතලයක් ගන්න පුලුවන්. අරගෙන.. ඒක දවසෙන් කෙලල දානව වෙනුවට, රස වෑහෙන කොක්ටේල් හද හද දවස් ගාණක් බොනව.
ඒකත් නිකම් නෙවෙයි, ගෙදර දොරේ නිතර දෙවේලෙ හොයාගන්න තියෙන අඩුම කුඩුම වලින්ම, හ්ම්..!
මේකට ඔ්න කරන්නෙ රොක්ලන්ඩ් ඔ්ල්ඩ් ඇරැක් සහ ඉදුණු සියඹලා. මුලින්ම දාන්න සරුවත් වීදුරුවකින් බාගෙට ටිකක් අඩුවෙන් තියෙන්න ඔ්ල්ඩ් ඇරැක්. දාලා.. ඒකටම මිරිකන්න හීන් නාරං ගෙඩි 2ක් විතර. ඊට පස්සේ.. හොඳ සියඹල කරල් 4, 5ක මද අරගෙන, ඇට අයින් කරලා අයිස් කැට 2, 3ක් දියවෙන්න දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරල ඉවරවෙලා සියඹල ටික පෙරාගන්නත් ඔ්න. පෙරල ඒකට සීනි දාන්න රස පදම එනකම්. දාලා.. හෙමින් සැරේ වක්කරන්න අර වීදුරුවට දාරෙ දිගේ.. හරියට සෙට් වුනොත් සියඹල ටික යටටම බහින්න ඔ්න. නැතත්.. අන්තිමට ඒකට තව අයිස් කැට ටිකක් කට කපල දාලා ස්ට්‍රෝ එකෙන් කලවම් කරල ගන්නයි තියෙන්නෙ.
එළකිරි සහ ජලය නෙවෙයි එළකිරි සහ අරක්කු. ඇත්තටම මේක හොඳයි කිරි වලට ගොඩක්ම ආස අයට. ගන්න එළකිරි වීදුරු 3/4ක්. අරගෙන ඒකට දාන්න කුරුඳු කුඩු තේ හැඳි කාලයි, එනසාල් සහ කරාබු කුඩු තේ හැඳි අරික්කාලයි, තලපු සූදුරු ටිකකුයි. දාලා හොඳට කලවම් කරන ගමන් එකතු කරන්න සීනි.. හැබැයි ‘අඩු සීනි’ කිරි එකක පදම තියෙන්න. එකතු කරල, ඒකත් දියකරලා.. හොඳට කූල් වෙන්න තියන්න. තියල එළියට අරගෙන අනික් පැත්තටම වගේ වැනිලා තේ හැන්දක් එක්ක දාන්න වයිට් ඩයමන්ඩ් හරි වයිට් ලේබල් හරි වීදුරව පිරෙන්න. දාලා කලවම් කරල, ට්‍රයි කරල බලන්නකෝ..
කිව්වාම එක පාරටම මතක් වෙන.. ගල් අන්නාසි තියෙනවනේ. අර කැළෑවට හැදෙන පොඩි වල් අන්නාසි එක!
එයින් එකක් හොයාගන්න පුලුවන් නම් මරු. එහෙම නැත්නම් නිකම් අන්නාසි ගෙඩියක් වුනත් අවුලක් නෑ. කොහොමහරි එකක් හොයාගෙන ඒකෙ මදේ හූරල අයින් කරගන්න ඔ්න, හැබැයි පොත්තෙ ඉඳන් අඩුම අඟලකවත් ඝනකමක් තියෙන්න. ඊට පස්සෙ ඒකට පුරවන්න ‘ගල් අරක්කු’ බාගගෙට වගේ. පුරවලා.. දාන්න කරපිංච ඉති 4, 5ක් එක්ක කුරුඳු පොතු ටිකක්. ඊට පස්සෙ හොඳ කුරුම්බා වතුර ටිකක් හරි පොල් වතුර ටිකක් හරි ඉතුරු බාගෙ පිරෙන්න දාලා.. සිසිල් වියලි ස්ථානයකින් වහල කරල තියලා.. පැය 24ක් ගිය තැන ඉඳන් භාවිතයට ගන්න පුලුවන්.
තරමක් මෝරපු තැඹිලි ගෙඩියක් අරගෙන ඒකෙ වෑවර සියල්ලම හූරල ඒකටම දාලා, තැඹිලි වතුරත් බාගෙට පිරෙන්න දාලා, ඉතිරියට දාන්න ඔ්ල්ඩ් රිසව්. දාලා.. කොච්චි කරල් 4, 5කුත් පොඩ්ඩක් තලල දාන්න ඔ්න. දාලා කට වහල සිසිල් වියලි ස්ථානයක තියන්න පැය 24කට එහා පැත්තෙ. තියලා.. භාවිතයට ගන්න කලින් රෙද්දකින් පරන්න. ගොඩක් දුරට වෑවර ටික දිය වෙලා වගේ තියෙයි. හැබැයි විසි කරන්න එපා. අර පෙරපු මිශ්‍රණය දාපු වීදුරුවට අයිසුත් ඇති පදමට දාලා ඊට උඩින් අර වෑවට ටික දාන්න ඔ්න කිතුල් හකුරුත් එක්ක කලවම් කරල.
හ්ම්…!
වරකා ජූස් එකක් එක්ක ඔ්නම සුදු අරක්කු ජාතියක් හරියනව යාළු. හැබැයි පදමට ගම්මිරිස් පොඩ්ඩක්, ලුණු පොඩ්ඩක් දාලා, හොඳට අයිස් ටිකක් එක්ක ගහල ගන්න ඔ්න. ඒ අතරට ඉතින් සූදුරු ටිකකුත් තලල දැම්ම නම්..
A list of 15 places for your next day outing.
Post-lockdown high tea seshs in Colombo.
Flavours of Asia delivered to your doorstep.
Countries that let you in without a fuss with your Lankan passport
Day outing packages available in and around Colombo.
Delete Comment