Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

පළතුරු ගෙඩිය පිටින්? නෑ.. විනාඩි 10ට හදාගෙන රස බලන්න, පංකාදු පළතුරු කෑම 5ක්

මෙන්න! නිතර දෙවේලෙ ගෙදර දොරේ තියෙන…

Posted by

මොකද හිතන්නෙ ඒ ගැන?

හැමදාම.. ගෙඩිය පිටින් රස බලපු පළතුරට දෙමුද පොඩි වෙනසක්.

එහෙනම් මෙන්න!

නිතර දෙවේලෙ ගෙදර දොරේ තියෙන පළතුරු වලින් ලේසියෙන්ම හදාගන්න පුලුවන් සුපිරි පළතුරු කෑම ජාති 5ක්.

හෙමී..න් සැරේ හිතල බලල, ආසම එකට අතගහන්නයි තියෙන්නෙ.

1. චිකන් ඇපල්

හදාගන්න හරිම ලේසියි වගේම වෙනස්ම කෑමක්.

මේකෙදි ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ ඇපල් ගෙඩි 2, 3ක් අරගෙන ඒවයෙ යට පැත්තෙන් බෝතල් මූඩියක විතර හිලක් ගහල මදේ සුද්ද කරගන්න එක. හැබැයි මතක තියාගන්න එහෙම සුද්ද කරද්දී.. ගෙඩියෙ පොත්තට එනකම්ම හූරන්න එපා. අඩුම තරමෙ ඇඟිලි පුරුක් කාලකවත් ඝනකම තියෙන්න අරින්න. ඊට පස්සේ.. ඒ අයින් කරපු මදේ ඇට නාරටි අයින් කරල කටු නැති චිකන් එක්ක හොඳ හැටි මික්ස් කරල ලුණු, මිරිස්, ගම්මිරිස්, රම්පෙ, කරපිංච, සුදුළූණු අඩුම කුඩුම සියල්ලම එක්ක පදමට පෑන් ෆ්‍රයි කරගන්න. පෑන් ෆ්‍රයි කරල ඒ ටික නිවෙන අතරට හදාගන්න තව සීනි, බටර් සහ පාන්කුඩු මිශ්‍ර දවටනයක්. අන්තිටමටම.. අර පෑන් ෆ්‍රයිඩ් චිකන් ටික මදේ සුද්ද කරපු ඇපල් වලට පුරවලා, දවටනයෙ දවටල හොඳට සීල් වෙන විදියට.. අවන් එකේ සෙල්සියස් 350 විතර පැය භාගයක් බේක් කරගන්න තියෙන්නෙ!

2. සීනි කොස් පපඩම්

කොස් මදුලු ටිකක් අරගෙන මුලින්ම ඒවයෙ ඇට අයින් කරල උතුරන වතුරෙ හොඳට තම්බගන්න. තම්බලා.. නිවීගෙන එන අතරට පාන් පිටි, පදමට ලුණුත් එක්ක මික්ස් කරල අතින් හොඳට පොඩි කරගන්න. ඒ ටික හොඳට පොඩි වීගෙන එනකොට.. ඒකටම දාන්න බිත්තර 2, 3ක්. දාලා දිගටම අතින් පොඩි කරන්න පිටි මෝලියක් වගේ එන ගානට. පොඩි කරලා පුංචි බෝල විදියට කඩල අරගෙන ලෑල්ලක් උඩ තුනීවෙන්න තලල රවුම් කපාගන්නයි තියෙන්නෙ, හැබැයි ගොඩක්ම පොඩියට. කපලා.. ඒවා ගැඹුරු තෙලේ බැදගන්න ඕන. බැදලා, තෙල් බේරෙන්න ඇරලා.. උණුවෙන්ම වගේ දාන්න සීනි උණු කරගත්තු එකකට. දාලා කරකවල අරගෙන හයි වෙන්න අරින්නයි තියෙන්නෙ. ආයෙ තේ එකක් එහෙම බොන වෙලාවට.. ටොප්ම තමයි ඈ!

3. ජම්බු දෝසි

ලොවි, ජම්බු හැදෙන කාලේ.. ඇයි ඒවා නිකම්ම කන්නෙ?

බලන්න, මේ.. ජම්බු දෝසි!

හදන්නත් හරිම ලේසියි.

හොඳට ඉදිච්ච ජම්බු ගෙඩි ටිකක් අරගෙන පලල ඇට අයින් කරල පොඩියට කපාගන්න. ඊට පස්සේ.. ඒකටම සීනි, ලුණු එහෙමත් දාලා පදමටම ලිපේ තියල හැන්දකින් පොඩි කර කර හැඳිගාන්නයි තියෙන්නෙ තලපෙ වගේ වෙනකම්. එහෙම වුනාම.. කෙසෙල් කොළයක් උඩට බාලා, හයිවෙන්න ඇරල කැට කපාගන්න. ආයෙ නිකම් ඉන්න ගමන් හරි කකා හිටිය හැකිනෙ.

4. රටඉඳි චොක්ලට් රෝල් කේක්

හැදුව වගේ නෙවෙයි වැඩිය කන්නෙ එහෙම නෑ රසයි කිය කිය. මේ දවස්වල හොස්පිටල් එහෙමත් බිසී හොඳද.

කොහොමහරි මේකත් හරිම සිම්පල් වැඩක්. කරන්න තියෙන්නෙ මුලින්ම රටඉඳි ටිකක් අරගෙන ඒවයෙ ඇට අයින් කරල හොඳට හෝදගන්න එක. ඊට පස්සේ.. ඒ ටික ලෑල්ලක තියල තලාගන්න ඕන තලපයක් වගේ වෙන්න. තලලා.. ඒක පැත්තකින් තියලා.. ගන්න පාන්පිටි, බේකින් පවුඩර්, බිත්තර, බටර්, සීනි, කුකින් චොක්ලට්. අරගෙන එකට දාලා හොඳහැටි බීට් කරන ගමන් අන්තිම හරියෙදි එකතු කරන්න රටඉඳි ටිකත්. එකතු කරලා.. තව ටිකක් බීට් කරලා.. කේක් තැටියෙ අතුරන්න ඇඟිලි පුරක් බාගෙක විතර ඝනකම තියෙන්න. අතුරල අවන් එකේ සෙල්සියස් 200ට විතර බේක් කරගන්න පදම එනකම්. බේක් කරල බාපු ගමනුත් කන්න හිතෙයි ඉතින්. හැබැයි එහෙම කරන්න එපා. රස්නෙ පිටින්ම කේක් එක උඩ උණු කරගත්තු කුකින් චොක්ලට් තව තට්ටුවක් අතුරන්න. අතුරලා.. එක පැත්තක ඉඳන් හෙමින් සැරේ රෝල් කරගන්නයි තියෙන්නෙ. එහෙම රෝල් කරද්දි ඔයාට ආසම නම්, රස තවත් වැඩි කරගන්න පදමට ඉදුණු කෙසෙල් ගෙඩියක් හීනි පෙති කපල, අතුරලම රෝල් කරන්නත් පුලුවන්.

කොහොමවුනත් අන්තිමටම.. රෝල් එක තද වෙන්න බත් කොලයකින් ඔතලා.. කූල් වෙන්න ෆ්‍රිජ් එකේ තියල තමයි ගන්න ඕන, හොඳද!

5. දෙල් වරකා පුඩිං

තම්බල, උයල කනව වගේද ඉදවල පුඩිම් හදල කද්දි?

හොයාගන්න තියෙන්නෙ ඉදිච්ච දෙල් ගෙඩි ටිකක්. හොයාගෙන.. ඒවා සුද්ද කරල වහලු ඇරල, ඇට අයින් කරල, හුමාලයෙන් තම්බලා.. හොඳට අතින් පොඩි කරගන්න. ඊට පස්සේ.. වෙනමම භාජනයකට කිරි, සීනි, එනසාල්, කරාබුනැටි ටිකක් දාලා උණු කරලා.. කිරි ටික නටාගෙන එද්දි දෙල් ටික දාලා උකු වෙනකම්ම හැඳිගාන්න තියෙන්නෙ. හැබැයි ඒකෙ තලප ගතිය එනකොට බාන්න හොඳද. බාලා ඉතින් උඩට කජු, මුද්දරස්පලම් ටිකක් දාලා හයි වෙන්න තියලා.. කූල් කරල ගත්ත නම්...

Leave a comment