උදේට පිටි ගිලල, බඩ ඇවිල්ලද? හොඳම විසඳුම, කොළ කැඳ වීදුරුවක්!; රු. 100ට ඔසුපැන් බොන්න කියාපු කඩ 5ක්

ගොඩ දෙනෙක් උදේ කෑමට කලින් හොයන ‘කොළ…

Posted by

කට්ටිය උදේටයි හවසටයි දුවනව නම් පේනවා… ඒත් නෑනෙ බඩවල්වල පොඩිවත් අඩුවක්!

ඇත්තටම ඇයි ඒ...?

අමුතුවෙන් කියන්න ඕනත් නැති තරම්. ඇත්තටම පැයක් දුවලා... පාන්පිටි හුණ්ඩු බාගයක්, තෙල් කාලක්, මස් කුට්ටියක් එක්ක චීස් එහෙමත් දාපු කෑම වේලක් කෑවාම, ඒ ඔක්කොම ඉවරයිනෙ ඉතින්.

සුළුපටු අපරාදයක්ද ඈ...

බලන්නකො කීයෙන් කී දෙනාද ඒ කාරණාව හිතට අරගෙන, කට කන්ට්‍රෝල් කරගෙන හරියට වැඩේ කරගෙන යන්නෙ කියල? හැබැයි ඉතින් කී දෙනා වුනත්, අපි කල්පනා කලා එයාලට අපෙන් වෙන්න ඕන යුතුකම ඉෂ්ට කරන්න.

මොකක්ද දන්නවද?

එයාලා ගොඩ දෙනෙක් උදේ කෑමට කලින් හොයන ‘කොළ කැඳ’ වීදුරුව, හොඳ කොලිටියකට ගන්න පුළුවන් තැන් ටිකක් කියන්න. වැඩි හරියක්ම කොළඹ ඇතුලෙන්. මොකද ඔය ජොගින් ට්‍රැක් කිට්ටුව නම් කොහොමත් උදේට කොළ කැඳ තියෙනවනෙ.

1. Dunhinda

බෙල්ලන්විල ඉඳන් අත්තිඩිය පැත්තට එද්දි කවුඩාන හංදියට ටිකක් කලින් තමයි මේ පොඩි කඩේ පිහිටල තියෙන්නෙ. මේකෙ නම ‘දුන්හිඳ කොළ කැඳ ඔසු පැන්’. හැබැයි ඉතින් ඔය ඉඳි ආප්ප, පිට්ටු, රොටි… එතකොට හැලප, වැලිතලප වගේ අපේ සාම්ප්‍රදායික උදේ කෑම සෙට් එකකුත් තියෙනව. විශේෂම කාරණාව තමයි දුන්හිඳ එකේ තියෙන කොළ කැඳ ජාති ටික. මිශ්‍ර කොළ කැඳ වගේම මෙතන කුරක්කන්, කිතුල් පිටි කැඳ එතකොට ඉරමුසු, ගොටුකොළ වගේ වෙනමම කැඳත් තියෙනව. වැඩේ කියන්නෙ හැමදාම නම් නෑ.

කොහොම වුණත් ගාණ රු. 100-150 වගේ නිසා අවුලකුත් නෑ ඉතින්.

2. Spinner

රු. 150ට සුපිරි කොළ කැඳ එකක් බොන්න.

ගොටුකොළ, හාතවාරිය, ඉරමුසු, තෝර වගේ කොළ ජාති 3, 4ක් අනිවා දාලා හදන රසම රස කොළ කැඳ එකක්! හකුරු කෑල්ලකුත් අතට ගත්තාම පංකාදු පහයි. අනික අඩියෙ තියෙන බත් ටිකෙන් බඩත් චුට්ටක් පුරව ගන්න පුළුවන්නෙ. ඒ හැරුණාම ඉතින් උදේට මඤ්ඤොක්කා, පොල් රොටී වගේ දෙයක් කන්න ආස හිතුණොත් ඒවත්, මෙතැන තියෙනව. තැනේ සුවපහසුවත් උපරිමෙන්ම, නිසා කන දෙයක් හිතේ සන්තෝසෙන් කන්නත් පුළුවන්නේ.

3. Hela Kola Kenda

මේ කඩේ හම්බවෙන්නෙ යුනියන් ප්ලේස්, ඉබ්බන්වල හංදිය පහුකරගෙන කෙලින්ම ඉස්සරහට යනකොට. ඔන්න මෙයාල ළඟ නම් කොළ කැඳ ජාති සෑහෙන්න තියෙනව. ඒ විතරක් නෙවෙයි ඔසුපැන් එහෙමත් තියෙනව. විශේෂයෙන්ම ඉරමුසු, රණවරා, බෙලිමල්, හීන් බෝවිටිය වගේ. ඒ හැරුණාම කැඳ ජාති අතරෙ ගොටුකොළ, වැල්පෙනෙල, හාතවාරිය, කරපිංච, පොල්පලා, කිතුල් පිටි, කුරක්කන් වගේ කැඳ ජාති තියෙනව. අවුල තියෙන්නෙ මේවයෙ ගාණ රු. 50-150 අතරෙ වුණාට ඔක්කොම ජාති ටික එක දවසක හොයා ගන්න ලැබෙන්නෙ නැති එක තමයි.

4. Randiya Kola Kenda

දෙහිවල පාළම පැනල පෝඩ්ඩක් ඉස්සරහට යද්දි වම් අත පැත්තෙ හමුවෙන මේ කඩේ, ඇත්තටම ෆෘට් ජූස් කඩයක්. හැබැයි උදේට මෙයාල ළඟ හොඳ කොළ කැඳ එකකුත් තියෙනව. තෝරගෙන බොන්න තරම් ජාති නැති වුණාට මෙයාලගෙ මිශ්‍ර කොළ කැඳ එක වෙලාවෙ හැටියට නම් පංකාදුයි. හැරත් ඉතින් උණුඋණුවෙන් මේසෙට එනවත් එක්කනෙ.

5. Neeroga Kola Kenda

මෙතනට නම් යන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න. මොකද ඒ පැත්තෙ සංවර්ධන කටයුතු නිසා මේ කඩේ කාලයක් බාගෙට වගේ කරගෙන ගියේ. කොහොම හරි කමක් නෑ, මේක තියෙන්නෙ කොළොන්නාව-අංගොඩ පාරෙ පිරිවෙන හංදිය පැනපු ගමන් පොඩ්ඩක් ඉස්සරහ. ඇත්තටම, සුපිරි ප්ලේස් එක. මොකද මෙයාලගෙ කොළ කැඳ ජාති තොගයක් තිබුණා. ගණනුත් රු. 50-150 අතරෙ. හාතවාරිය, වැල්පෙනෙල, පොල්පලා, කරපිංච වගේ කැඳ අතරෙ කිතුල් පිටි, මෙනේරි, කුරක්කන් වගේ කැඳ ජාතිත්…. නීරෝගා එකෙන් ගන්න බැරි කමක් නෑ.

හරි, දැන් තියෙන්නෙ ඔයාලගෙ චාන්ස් එක. අපි දන්න කඩ 5යි වුනාට ඔයාල දන්න කඩ ටිකකුත් එකතු කලාම ලොකු ලැයිස්තුවක් හැදෙනවනෙ. ඒ නිසා ඉක්මනට, ඒ කඩ ටික කමෙන්ට් කරන්න. එතකොට හෙට උදේට ජොගින් කරන්න යන යාළුවන්ට අළුත් තැනකින් වෙනස් කැඳ එකක් බීලා පොඩි ගැම්මක් ගන්නත් පුළුවන්නෙ.

See 2 Comments
Last 7 Days

Trending Today