Artwork for pat pat lk temp top banner 1 with blog post
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

ගෙදර ඉන්න දවස් ටිකේ.. පොලොස් වලින්ම හදන්න අපූරු කෑම වර්ග 5ක්!

පළවෙනි පාර ආපු තඩි ලොක්ඩවුන් එකේ.. ගෙදරට වෙලා…

Posted by

පළවෙනි පාර ආපු තඩි ලොක්ඩවුන් එකේ.. ගෙදරට වෙලා කරපු දේවල් තමයි. බලන්න හොඳයි ද කියලා..

1. පොලොස් මෝජු

මුලින්ම ඉඟුරු, සුදු ලූනු, කුරුඳු, කරදමුංගු, අබ.. ගලේ අඹරලා හරි බ්ලෙන්ඩ් කරලා හරි මිශ්‍රණයක් හදාගන්න. ඒ අතරට පොලොස් හෝදලා හීනි තීරුවලට කපා ගන්න. කපලා කහ, ලුණු, මිරිස් ටිකක් දාලා හොඳට අතගාලා.. ගොරකා දාපු වතුරෙ හොඳහැටි තම්බගන්න. ඊටපස්සෙ වතුර පෙරලා.. පොලොස් ටික ලාවට තෙලේ බැදගන්න ඕන. ඒ එක්කම වගේ ලූනු, අමු මිරිස් කරල් කීපයක්, හාල්මැස්සො ටික.. රන් පාට වෙනකම්ම බැදගන්න. බැදලා.. මැටි ඇතිලියකට දාලා, සෝයා සෝස්, තක්කාලි සෝසුත් රස පදම බලලම දාලා.. අර මිශ්‍රණයත් එක්ක හොඳට අතගාන්න. අතගාලා රස පදමට සීනි චුට්ටක් එහෙමත් දාලා ගන්නයි තියෙන්නෙ.

2. පොලොස් කට්ලට්

තෙල් ටිකක් ලිපේ තියලා.. රත් වේගෙන එනකොට ඒකට ඉඟුරු, සුදු ලූනු පේස්ට් ටිකක් එකතු කරන්න. කරලා, ලියා ගත්ත ලූනු, අමුමිරිස්, කරපිංචා, කුරුඳු, එනසාල් ටිකකුත් දාලා බැදෙන්න අරින්න. බැදුණට පස්සේ.. තම්බල පොඩි කරගත්ත පොලොස් අවශ්‍ය ගාණට එකතු කරලා, රස අනුව ලුණු, ගම්මිරිසුත් දාලා, දෙහි ටිකකිනුත් රස පදම උස්සලා නිවුණට පස්සෙ පොඩි බෝල හදන්න. බෝල හැදුවට පස්සෙ ඉතින් කියන්න ඕන නෑනෙ. පාන්පිටිවලට බිත්තර, ලුණු හා වතුර එකතු කරලා හදාගත්ත මිශ්‍රණයක ගිල්වලා, ඊට පස්සෙ බිස්කට් කුඩු තට්ටු දෙකක් හරි අවුලක් නෑ කැමති විදියට දවටලා ගැඹුරු තෙලේ පදමට බැදගන්නයි තියෙන්නෙ.

3. පොලොස් මැල්ලුම

පොලොස් ගෙඩිය හීනියට ලියාගන්න. ලියලා ඒකට ලූනු, ගොරකා එක්ක වතුර දාලා හොඳහැටි තම්බන්න. තම්බන අතරට හදාගන්න තුනපහ, මිරිස් ගලේ අඹරපු මිශ්‍රණයක්. අන්තිමට තැම්බුණ පොලොස් ටික වතුර පෙරලා අරගෙන අර මිශ්‍රණයත් එක්ක අතගාලා, ගා ගත්ත පොල් එක්ක හොඳහැටි කලවම් කරලා මද ගින්නෙ පොඩ්ඩක් තම්බල ගත්ත නම් හරියටම හරි.

4. පොලොස් අච්චාරු

ඉස්සෙල්ලම පොලොස් ගෙඩිය සුද්ද කරලා හීනි තීරු වලට කපාගන්න. කපලා ඒක තම්බගන්න, විනාකිරි, ගම්මිරිස්, කහ සහ ලුණු පදමට දාලා. ඒ අතරට සුදු ලූනු, කුරුඳු, අබ, සීනි, ලුණු ගලේ අඹරලා මිශ්‍රණයක් හදාගෙන ඒකට විනාකිරිත් පදම බලලා දාලා.. වතුර පෙරලා ගත්ත පොලොස්වලට ඒ මිශ්‍රණයයි, තව ලූනු, අමුමිරිස්, මිරිස් කුඩු ටිකකුයි එකතු කරල, කලවම් කරලා.. මැටි වළඳක අසුරල තියන්න දවසක් විතර. ඊට පස්සෙ බලන්නකො කෑමට අරගෙන.

5. පොලොස් රොටි

පොලොස් ගෙඩිය පිටින්.. හැබැයි පොතු රැහැලා, ලුණු හා කහ එකතු කරලා තම්බ ගන්න. තම්බල.. පොලොස් පොඩි කරන්න. පොඩි කරලා ඒකට කෑලි මිරිස්, ගම්මිරිස්, උම්බලකඩ, ලූනු, අමුමිරිස් වගේ කටට රහට ඕන කරන සියල්ල දාලා කලවම් කරලා.. පිටි මෝලිය පොල් තෙලෙන් අනලා, පිපෙන්න වරු බාගයක් විතර තියලා.. තුනී රොටි හදලා පුච්ච ගන්න.. 

6. පොලොස් සොසේජස්

පොලොස් ගෙඩිය සුද්ද කරලා ලුණු දාලා තම්බන්න. ඒ අතරට වෙනමම හදාගන්න තුනපහ, ගම්මිරිස්, ලුණු, කරපිංචා, පාන් කුඩු, කඩල පිටි එකට අඹරපු මිශ්‍රණයක්. හදලා ඒකටම පොලොසුත් පොඩියට කපලා දාලා හීනියටම ආයෙත් අඔරලා.. සොසේජස් හැඩයට අතින් හදලා, මලවපු කෙසෙල් කොළවල ඔතලා, හුමාලයෙන් තම්බ ගන්න. ඒක.. ඕන නම් බැදලා කන්නත් පුළුවන් නැත්නම් උයලා කන්නත් පුළුවන්.

Leave a comment