ආයෙ ආයෙ නොකියා..
දැන් කඩ ගොඩක් ඇරලා,
කියලා ඔයාලට කියන්න හිතුවා,
කාලෙකට පස්සෙ රස බලන්න.. පංකාදු මස් කරි එක්ක රෝස්ට් පාන් මේවා..!
හෝකන්දර සමඟි මාවතේ ටිකක් ඇතුලට වෙන්න තියෙන ප්ලේස් එකක්. කන බොන කටයුතු සියල්ලම එළිමහනෙ තමයි ගලපල තියෙන්නෙ. ඊටත් කෑම උයන්න ගන්නෙත් අපි ඔ්ඩරේ දැම්මට පස්සෙ නිසා.. උණු උණුවෙන්ම කෑම ටික රස බැලුවහැකි. ඒ නිසාමයි කියන්නෙ, මෙතනට ගියොත් ඔයා අනිවා ගන්න රෝස්ට් පාන් එක්ක කකුළු කරිය. රු. 900ක් වගේ වෙන්නෙ. ඒත් ඒ වගේද රස? අනික දෙන්නෙක්ට මදි නොකියන්නම තියෙනවත් එක්ක.
කියල වැඩක් නෑ යාළු.. මතක් වෙද්දිත් කටට කෙල උනන ගානයි ඒක. ටිකක් ලොකු කකුළුවෙක් එහෙම පිටින්ම දාලා මදි නොකියන්න මිරිස් තුනපහත් එක්ක.. හොඳහැටි කිරිත් දාලා හොද්ද තියෙන්න.. ෂැහ්!
කොළඹ 07 තියෙන ටොප්ම කැෆේ එකක්. වැඩේ කියන්න මෙතන තියෙන්නෙ රෝස්ට් පාන් එක්ක මස් කරි කන්න නෙවෙයි, මස් ඇතුලට දාපු රෝස්ට් පාන් කන්න. ඒ නිසා මෙතනට ගියොත් ඔයා අනිවා ගන්න රෝස්ට් පාන්නීනි එකක්. අරගෙන හොඳ කෝපි වීදුරුවක් එක්ක ගලප ගත්ත නම්..
මෙයාලගෙ රෝස්ට් පාන්නීනි ඒකේ මදි නොකියන්න රෝස්ට් චිකන්, චීස්, මෂ්රූම්.. ලූණු, බෙල්පෙපර්, ගම්මිරිස් දාල තියෙන නිසා.. ඇත්තටම, කාලම බලන්න ඔ්න ගැම්ම, හ්ම්..!
රු. 800ක් වගේ වෙන්නෙ. හැබැයි රසත් එක්ක බැලුවාම නම්.. කියල වැඩක් නෑ ඉතින් හොඳේ. හිතන්නකො පංකාදු බ්ලැක් මට්න්, පෝර්ක්, චිකන් කරියක් එක්ක බාගෙට හින්දපු පරිප්පුවකුයි, රස පදමට හදාපු පොල්සම්බෝලයකුයි, ඇති වෙන්න රෝස්ට් පානුයි..
තලවතුගොඩ තියෙන්නෙ හොඳේ මේ ප්ලේස් එක.
ස්ටැෆර්ඩ් ඇවිනියු එකේ තියෙන රෝස්ට් පාන් සැන්ඩ්විච් වලට ප්රසිද්ධම තැනක්. මෙයාලගෙ චිකන් රෝස්ට් පාන් සැන්ඩ්විච් එක තමයි ගන්න ඔ්න. ලොකු දෙයක් නැති වුනාට ඒක ඇතුලේ.. තියෙන පංකාදු චිකන් කරි හින්දුමම ඇති තලු මර මර රස බලන්න මිතුරේ. ඒකත් නිකම් නෙවේක්නෙ දාලා තියෙන්නේ.. හොඳහැටි පාන් පලු දෙකටම බටර් ගාලනෙ රස පදමේ..
ගාණත් රු. 500ක් වගේ නේ!
කොහොමද උණු උණු රෝස්ට් පාන් එකක් මැද්දට නයිමිරිස් පොල්සම්බෝල තට්ටුවකුයි රස වෑහෙන මාලු ඇඹුල් තියල් තට්ටුවකුයි දාලා ගත්තාම. හිතාගන්න පුලුවන් නේ..
අන්න ඒ හිතාගන්න පුලුවන් රසට ටොප් රෝස්ට්පාන් සැන්ඩ්විච් එකක් ගන්න.. රු. 550කට වගේ, යන්න ටොරිංග්ටන් ඇවිනියු එකේ තියෙන මේ ප්ලේස් එකට.
කටට සැරට වගේම තුනපහ රසෙනුත් අඩුවක් නැතුව හැදෙන ටොප් ක්රැබ් කරියක්.. එක්ක උණු උණු රෝස්ට් පාන් හිතේ හැටියට ගිලින්න කියාපුම තැනක්. තියෙන්නෙ තලවතුගොඩ. ගණන් යන්නෙ රු. 650න් වගේ. ඉතින්.. දෙන්නෙක් එක්ක සෙට්වෙලා වගේ ගියා නම්.. හිතේ හැටියට කාලා එන්න තිබ්බා!
16 places for your next coffee date.
Popeyes, the American, multinational, fast food chain of fried chicken is now open in Sri Lanka.
Cafes with good work environments.
තේ කෝප්පයක් නැතුව ගෙවන්න බැරි වෙලාවක්!
Post-lockdown high tea seshs in Colombo.
Delete Comment