Artwork for Brew-at-Hatch-Top Banner 2 new landing page
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for Marketplace Sathi-Pola SDBBNR 1 22 Apr 2021 Artwork for Coffee post sidebar 1-1959 new

කලාත්මක වැඩට දක්ෂ ඔබට! ගෙදර ඉඳන් සල්ලි හම්බකරන්න නියම ක්‍රම 5ක්

ව්‍යාපාර කරන්න කැමති අයට නම්.. අද හෙටම…

Posted by

ව්‍යාපාර කරන්න කැමති අයට නම්.. අද හෙටම වුනත් පටන් අරගෙන, ගෙදර ඉඳන්ම සල්ලි හම්බකරන්න ක්‍රම ටිකක් අපි පහුගිය සතියෙ කිව්වනේ. ඒත් කලා වැඩට දක්ෂ ඔයාට?

එහෙනම් අහගන්න යාළු.. අද මේ ලිපිය කලාකාර ඔයාලට ගෙදර ඉඳන්ම පුංචි ගේමක් ගහගන්න හොඳම ක්‍රම ටිකක් ගැන.

1. පේන්ටින්

සමහර විට ඔයා හොඳ ස්කෙච් ආර්ටිස්ට් කෙනෙක් වෙන්න පුලුවන්. එහෙම නැත්නම් පේන්ටිස්ට් කෙනෙක් වෙන්නත් පුලුවන්. එහෙමත් නැත්නම් ග්‍රැෆික් ආර්ටිස්ට් කෙනෙක්.. මං කියන්නෙ කවුරුම හරි හොඳ චිත්‍ර වැඩ්ඩෙක් වෙන්න පුලුවන්නෙ.

ඉතින්.. ඒ මොන වැඩේ දැම්මත්, ඔයා දන්නවද? ඔයා අතින් නිමවෙන ඒ ආර්ට් වලට ලංකාවෙන් එපිටත් ලොකු ඉල්ලුමක් තියෙනව කියල.

කරන්න තියෙන්නෙ මෙච්චරයි. ඔන්න ඔය පහලින් තියෙන වෙබ් සයිට් වලට ගිහිල්ලා.. අකවුන්ට් හදලා, ඔයාලගෙ ආර්ට්ස්, ඔයාලගෙ වටිනාකම දාලා අප්ලෝඩ් කරන්න. ඊට පස්සෙ ඉතින් කාලෙත් එක්ක, සල්ලි හම්බවේවි.. ඒවා කාට කාට හරි ගන්න ඔ්න වුනාම.

2. ලෙරික්ස්

මේකෙදි නම්.. පොඩි ප්‍රශ්නයක් තියෙනව. ඒ තමයි භාෂාව. අපි ඉතින් කොච්චර ලස්සනට සිංහලෙන් ලිව්වත් වැඩක් නෑ ජාත්‍යන්තර භාෂාවකින් ඒ දේ ලෝකෙට දෙන්න බැරි නම්. කොහොම වුනත්.. ඔයා මතක තියාගන්න, ඔයා ලියන සිංදු, කවි, කෙටිකතා.. ඔ්න එකක් ඉංග්‍රීසි හරි වෙන ජාත්‍යන්තර භාෂාවකින් හරි ඔන්න ඔය පහලින් තියෙන සයිට් වලට අප්ලෝඩ් කරල තියන්න පුලුවන් නම්.. බාග වෙලාවකට ලොකු ඔෆර් එහෙමත් එන්න බැරි නෑ..! 

3. මියුසික්

දන්න කියන එකම ඉන්ස්ටෘමන්ට් එකෙන් වුනත්, එහෙම නැත්නම් ගොඩකින් වුනත්.. හැමදාම ඔය අපේ සිංදු ප්‍රැක්ටිස් කර කර ඉන්නෙ නැතුව.. අළුත් විදියට හිතල බලල පොඩි පොඩි මෙලඩි හදන්නකො යාළු. ආයෙ හරියට එකක් පත්තු වුනොත්.. සල්ලි තමයි ඈ…

ඔන්න පහලින් තියෙනව ඒ වගේ මෙලඩි, බ්‍රේක්ස් එහෙම ගාණත් එක්කම දාලා තියන්න හොඳ සයිට් ටිකක්.

4. ග්‍රැෆික් ඩිසයින්ග්

ගොඩක් ග්‍රැෆික් ඩිසයිනස්ර්සල දැනටමත් මේ වැඩේ කරනව. විශේෂයෙන්ම ඔය ලෝගෝ, ටෙම්ප්ලේට්ස් හදනව වගේ ඒවා. ඒත් කමක් නෑ වැඩේට අළුත් නම්, ඔයාට දැනගන්නත් එක්කම..

ඔන්න පහළින් තියෙනව ලෝකෙ වටෙන්ම ඔයාගෙ ග්‍රැෆික් එක විකුණගන්න කියාපු සයිට් ටිකක්. 

5. ෆොටෝග්‍රැෆි/ වීඩියෝ්‍ග්‍රැෆි

සමහරු හිතාගෙන ඉන්නව හොඳ ෆොටෝ ගහන්න DSLR, Mirrorlessම ඔ්න කියල. ඒ අතරට තවත් සමහරු හිතාගෙන ඉන්නව වීඩියෝ කරනව නම් අඩුම තරමෙ දැන් 4Kවත් ගහන්න ඔ්න කියල.

මළ විකාර! ඇත්තටම එහෙම නෑ යාළු. හැබැයී.. ගහන ෆොටෝ එකේ හරි වීඩියෝ එකේ හරි, තියෙන්න මොනවද කියන එක අනුවත් ඒක තීරණය වෙනව. ඒ කියන්නෙ ෆොටෝ කොලිටි එක ලොකුවටම බලපාන්නෙ නැත්තෙ, ෆොටෝ එකේ අන්තර්ගතය ගොඩක්ම ඉන්ටරස්ටින්ග් නම්, හොඳද? 

ඉතින් ඔයාට එහෙම ෆොටෝ ගැනීමේ හැකියාවක් තියෙනව නම්, ඒ ෆොටෝ දාලා කීයක් හරි හම්බකරගන්න.. ඔන්න හොඳම සයිට් ටිකක්. 

Leave a comment