Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

එක එක කෑම ජාති රස කරන සෝස් වර්ග 5ක්.. ගෙදරදිම හදාගන්න විදිහ

හදල බලල රස ගුණ කොහොමද කියන්න

Posted by

කෑම වර්ගවල රස විතරක් නෙවෙයි, ගුණ සහ පෙනුම වැඩි කරන්නත් සෝස්වලට පුළුවන්. කඩෙන් ගන්න බෝතල් කරපු සෝස් ජාතිවල රසකාරක, වර්ණක වගේ ම සීනි එහෙමත් බහුලයි නේ. ඒ නිසා ගෙදර හදන කෑමවල රස වැඩි කරගන්න, සෝස් ජාති කීපයක් ගෙදර ම හදාගන්න විදිහ කියන්නයි අපි ලෑස්ති වෙන්නෙ.

මේ දවස්වල කවුරු කවුරුත් වැඩිපුර ගෙදර නේ. ඉතින් හදල බලලා රස ගුණ කොහොමද කියල අපිටත් කියන්න!

හොට් ගාලික් සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය

තෙල් මේස හැඳි 2

හොඳින් කපාගත් ලූනු කෝප්ප බාගයක්

හොඳින් කපාගත් සුදු ලූනු මේස හැඳි 3

රතු බෙල් පෙපර් ගෙඩි 3

කෝන්ෆ්ලා මේස හැඳි 2

වතුර කෝප්ප බාගයක්

ලුණු තේ හැඳි එකහමාරක්

විනාකිරි කෝප්ප බාගයක්

සෝයා සෝස් තේ හැන්දක්

සීනි මේස හැන්දක්

හදන ක්‍රමය

ලූනු, සුදු ලූනු, බෙල් පෙපර් එකට ග්‍රයින්ඩ් කරන්න. කෝන්ෆ්ලා, වතුර, ලුණු, විනාකිරි, සෝයා සෝස්, සීනි එකට මිශ්‍ර කරලා පැත්තකින් තියන්න. තෙල් රත් කරලා, කලින් හදාගත් ලූනු මිශ්‍රණය ඒකට දාන්න. ලිප වැඩි කරලා මේද කොටස් වෙන් වෙන තුරු හොඳින් ස්ටර් කරගන්න. මේකට කෝන්ෆ්ලා මිශ්‍රණය එකතු කරලා, මඳ ගින්නේ හැඳි ගාන්න. නියම පාට එනකොට ලිපෙන් බාන්න. 

මෙක්සිකන් බාබකිව් සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය

ඔලිව් තෙල් මේස හැන්දක්

හොඳින් කපාගත් මධ්‍යම ප්‍රමාණයේ ලූනු ගෙඩියක්

හීනියට ලියාගත් සුදු ලූනු ගෙඩියක්

ඇට ඉවත් කර පොඩියට කපාගත් රතු මිරිස් කරලක්

ලුණු තේ හැඳි එකහමාරක්

කෑලි කපාගත් ලොකු තක්කාලි ගෙඩි 2

මිරිස් කුඩු මේස හැඳි 2

සීනි මේස හැඳි 2

විනාකිරි කෝප්ප කාලක්

ඔලිව් තෙල් කෝප්ප ⅓

බියර් කෝප්ප කාලක්

හදන ක්‍රමය

සාස්පානක ඔලිව් තෙල් රත් කරන්න. ඊට ලූනු එක් කර යන්තමින් දුඹුරු පැහැ වෙන තුරු බැදගන්න. ඊට සුදු ලූනු, මිරිස්, ලුණු, තක්කාලි එකතු කරන්න. මිශ්‍රණය ඝන වෙන තුරු මඳ ගින්නේ තියන්න. ඉතිරි අමුද්‍රව්‍ය ටිකත් එකතු කරන්න. මිනිත්තු 10ක් ලිපේ තියෙන්න දෙන්න. හොඳින් හැඳි ගාන්න. ලිප නිවලා මිශ්‍රණය නිවෙන්න අරින්න. 

මස්ටර්ඩ් සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය

කහ අබ ඇට මේස හැඳි 2

කළු අබ ඇට මේස හැඳි 2

කෑලි කරගත් කුරුඳු තේ හැඳි කාලක්

මීපැණි මේස හැන්දක්

ලුණු තේ හැන්දක්

විනාකිරි ඇති පමණට

හදන ක්‍රමය

අබ, මීපැණි, කුරුඳු, ලුණු මිශ්‍ර කරලා, වීදුරු හෝ ස්ටේන්ලස් ස්ටීල් බඳුනක දාලා විනාකිරිවලින් පුරවන්න. මිශ්‍රණයට වඩා අඟල් බාගයක් පමණ උසට එන ආකාරයෙන් විනාකිරි පිරවිය යුතුයි. පැය 48ක් එහෙම ම තියෙන්න අරින්න. ඉන්පස්සේ එළියට අරං බ්ලෙන්ඩර් එකක දාලා පේස්ට් එකක් වෙනකන් හොඳින් මිශ්‍ර කරගන්න.

මින්ට් සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය

විනාකිරි කෝප්ප බාගයක්

හොඳින් කපාගත් මිංචි කොළ කෝප්ප බාගයක්

සීනි මේස හැන්දක්

ලුණු තේ හැඳි බාගයක්

හදන ක්‍රමය

විනාකිරි සහ සීනි සාස්පානකට දමා හොඳින් හැඳි ගාමින් අඩු ගින්නේ රත් කරන්න. සීනි දිය වුණු පසුව, ඊට කපාගත් මිංචි කොළ ටික එකතු කර ලිප නිවා ලුණු ද එක් කරන්න. දැන් මිංචි සෝස් මිශ්‍රණය රස බලන්න.

ඇපල් සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය

පොතු ඇරගත්, මැද කොටස ඉවත් කළ, කෑලි කපාගත් ඇපල් කිලෝවක්

වතුර කෝප්පයක්

දෙහි යුෂ මේස හැන්දක්

සීනි කෝප්ප කාලක්

කුඩු කරගත් කුරුඳු තේ හැන්දක්

හදන ක්‍රමය

තරමක උසක් සහිත බඳුනක් ගෙන ඇපල් කෑලි දමා ඊට වතුර එකතු කරන්න. එය ලිපේ තබා පියන වසා මඳ ගින්නේ තියෙන්නට හරින්න. ඇපල් යුෂ බවට පත් වී අඩිය තෙත ගතියක් එන විට පියන අරින්න. යුෂ ගතිය පහ වෙලා යන තුරු ලිපේ ම තියන්න. ඇපල් ටික පිච්චෙන්නෙ නැති වෙන්න මේක කරන්න ඕනේ. මිශ්‍රණය පල්ප් එකක් වෙනකන් හොඳින් පොඩි කරගන්න. ඇපල් ටික ප්‍රෙෂර් කුකර් එකක වුණත් ස්ටු කරගන්න පුළුවන්. දැන් සීනි සහ කුරුඳු කුඩු එකතු කරලා තව ටිකක් ලිපේ තියලා හෙමින් ලිපෙන් බාගන්න.

Leave a comment