ඇත්තනෙ ඉතින්, දැන් මාසයකටත් කිට්ටුයිනෙ.
හප්පේ.. කොත්තුවක් නොකා, කොහොම හිටියද කියල හිතාගන්න බෑ යාළු.
අපි දන්නව ඔයාලටත් එමමම තමයි කියල.
ඒකනෙ මේ තකහනියක් කොළඹ හතර වටේ හොයල හොයල, හැන්දෑවට හැන්දෑවට රස වෑහෙන කොත්තු දාලා ගෙදරටම එවන කඩ ටිකක් හොයාගත්තෙ.
එහෙනම් ඔන්න.. ඒ ටික පහලින් තියෙනව.
බලල කරලා.. අතේ තියෙන ගාණට ඕඩරයක් හෙමිහිට දාන්නකෝ..
මේං කියල අඩුවක් නැති, දෙන්නෙක්ට හොඳ හැටි රස බලන්න පුලුවන් ටොප් කොත්තුවක්.. රෝස්ට් චිකන්, බීෆ් ඕන එකකින් ගන්න, යන්නෙ උපරිම රු. 500යි. ඒකත් කඩේ උදේ 10 ඉඳන් හවස 7 වෙනකම්ම ඇරල නිසා කලබල වෙන්න දෙයකුත් නෑ.
ඩිලිවරි ගාස්තු ඇත.
රස වෑහෙන රයිස් වගේම තමයි මෙතන සුපිරි කොත්තුත් තියෙනව වෙජි එක රු. 350 ඉඳන්. එතකොට.. චිකන් කොත්තුව රු. 500යි. හැබැයි එහෙමයි කියල පාඩුයි කියල හිතන්න එපා. මොකද ඒ කොත්තුවක් දෙන්නෙක්ට හිතේ හැටියට කන්න පුලුවන් සයිස් එකට තියෙනවත් එක්කනෙ. අනික අඩුම කුඩුමත් මදි නොකියන්න. කොහොමහරි මෙයාලගෙ කොත්තු තියෙන්නෙ නම් හවස 5න් පස්සෙ, හොඳද.
ඩිලිවරි ගාස්තු ඇත.
බම්බලපිටිය, කොල්ලුපිටිය, කුරුඳුවත්ත, මරදාන, හැව්ලොක්, කිරුලපන, වැල්ලවත්ත, දෙහිවල.. අවට ඉන්න ඔයාට රස වෑහෙන චීස් චිකන් කොත්තුවක් රු. 500ට ගෙන්න ගන්න කියාපු තැනක් තමයි මෙතන.
ඩිලිවරි ගාස්තු රු. 150-200
රු. 300-400 අතරෙ පංකාදු කොත්තුවක් රස බලන්න මෙන්න තවත් ප්ලේස් එකක්. කෝල් එකක් දීලා ඕඩරේ දාන්න තියෙන්නෙ හැබැයි කොළඹ 1-15 අතර ඉන්න අයට විතරයි..
ඩිලිවරි ගාස්තු ඇත.
නොම්මර එකේ රෝස්ට් චිකන් හරි, බීෆ් හරි කොත්තුවක් රු. 500ට ගෙන්න ගන්න. නිකම් නෙවෙයි ඒකත් හොඳ මැලේ ටයිප් එකට. කතා කරන්න මැලේ රෙස්ටුරන්ට් එකට.
ඩිලිවරි ගාස්තු ඇත.
රු. 500-600 අතරෙ පංකාදු කොත්තුවක්.. රෝස්ට් චිකන් විතරක් නෙවෙයි යාළු පෝර්ක්, සීෆුඩ් ඕන එකකින් ගෙදරටම ගෙන්න ගන්න. හැබැයී.. කඩුවෙල, නවගමුව, වැලිවිට, මාලඹේ, අරන්ගල, කොස්වත්ත, පැළවත්ත, බත්තරමුල්ල අවට ඉන්න අයට විතරයී.. ආහ්, ඒ විතරක් නෙවෙයිනෙ ගණුදෙනුව ඔයාලට කාඩ් වලින් කරන්නත් මෙයාලා ඉඩපහසුකම් සලසල තියෙනවනෙ.
ඩිලිවරි ගාස්තු නැත!
ලංකාව පුරාම තියෙන ඕනම සෙන්සාල් එකකිනුත් ඔයාට පුලුවන් රු. 400 වගේ ගාණකට චිකන් කොත්තුවක් ඕඩර් කරන්න. හැබැයි වැඩේ කියන්නෙ ඒකත් එක්ක ඔයාට තව ගොඩක් දේවල් ඕඩර් කරන්න වෙනව මොකද එයාලගෙ අවම ඕඩරේ යන්නෙ රු. 3000 නිසා.
ඩිලිවරි ගාස්තු:
A cafe down Jawatta Road with good food, soothing vibes and all right coffee.
තේ කෝප්පයක් නැතුව ගෙවන්න බැරි වෙලාවක්!
Countries that let you in without a fuss with your Lankan passport
We tasted every locally brewed and available beer. In the name of science!
Cafes with good work environments.
Delete Comment