ආ නැද්ද..
මෙහෙම ගියොත් පරටා, මස් කරි විතරක් නෙවෙයි රයිස් කඩයක තියෙන කෑම ජාති මොනවද කියලත් අමතක වෙන සීන් එකක් තියෙන්නෙ.
ඒ නිසා.. ඔන්න අද හෙටම, ගෙදරටම ගෙන්න ගෙන රස බලන්න.. උණු උණු පරටා, නාන් ටිකක් එක්ක රස වෑහෙන මස් කරි..
අතේ තියෙන ගාණට, හිතේ හැටියට
හරිය!
රු. 450ට තියෙනව සුපිරි ඉන්දියන් රසට.. මසාලා, මිරිස් තුනපහ අඩුම කුඩුම එක්ක මදි නොකියන්න ලොකු චිකන් කෑලි ටිකකුත් දාලා හදපු ටොප් කරියක්. අන්න ඒකත් එක්ක ගන්න යාළු පරාටා 4, 5ක්. ආයෙ.. තලු මැරෙයි, රස නහර පිනා යයි කිව්වලු.
හැබැයි එකක් මතක තියාගන්න මෙයාලගෙ පරාටා තියෙන්නෙ හවස 5 ඉඳන් 7 වෙනකම් විතරයි..
ඩිලිවරි ගාස්තු ඇත.
සුපිරිම එකක් කන්න තියෙන්නෙ! රු. 450 රස වෑහෙන තඩි බාබත් කරිය එක්ක උණු උණු බටර් පරාටා.. ගාණ පොඩ්ඩක් රු. 600ට විතර කිට්ටු වෙයි. හැබැයි පාඩු නෑ ආ.. මොකද අර බාබත් එක එහෙම ලෙසටම හදනවනෙ. මැලේ රසත් හොඳ හැටියට, ශ්රී ලංකන් මිරිස් තුනපහ ටිකත් හොඳ හැටියට, හ්ම්..
ඩිලිවරි ගාස්තු ඇත.
වැල්ලවත්ත අවට ඉන්න ඔයාලට විතරයි හැබැයි.
මෙයාලගෙත් පංකාදු බටර් චිකන් එකක් තියෙනවා.. ආයෙ දෙන්නෙක්ට ඇති හොඳ හැටියට. ඉතින් ඒකත් එක්ක පරාටා නැත්නම් චපාති ගත්තත් මොකද? තලු මර මර වැඩේ දුන්න හැකිනෙ. කරන්න තියෙන්නෙ ඔන්න ඔය උඩින් තියෙන නොම්මරේට ඕඩරේ වට්ස්ඇප් කරන එක විතරයි තියෙන්නෙ.
ඩිලිවරි ගාස්තු ඇත.
ලංකාව පුරා තියෙන ඕනම සෙන්සාල් එකකින් ඔයාට පුලුවන් රු. 500ට ෆුල් පැක් එකක්ම ගන්න. මොකද මෙයාලගෙ පරාටා රු. 50යි. චිකන් කරිය රු. 200යි. පරිප්පු එක රු. 100යිනෙ. ම්.. රස නම් ඉතින් සාමාන්යයි. ඒත් මේ වෙලාවෙ හැටියට?
අනිත් කාරණය තමයි ඒවා එහෙම අඩු ගාණට තිබ්බට.. එයින් එකක් ගන්න ඔයාට තව කාවහරි සෙට් කරගන්න වෙනව. මොකද මෙයාලගෙ අඩුම ඕඩරේ රු. 3000නෙ.
ඩිලිවරි ගාස්තු: බත්තරමුල්ල - රු.250/ තලවතුගොඩ, පන්නිපිටිය, කෝට්ටේ, පැපිලියාන, නුගේගොඩ, නාවල, කොහුවල, නාරාහේන්පිට, කිරුලපන, බොරැල්ල, මාලඹේ, මුල්ලේරියාව, අයිඩීඑච් - රු. 500/ කොළඹ 1-7, මරදාන, යුනියන් පෙදෙස, දෙහිවල, මහරගම, කොට්ටාව, කඩුවෙල, කොලොන්නාව - රු. 800
අවාසනාව කියන්නේ.. පංකාදු පහට හැදෙන ටොප් පරටා තිබ්බට මෙයාලා ලඟ, ඒවටම හරියන තරු පන්තියෙ මස් කරිත් තිබ්බට.. ගාණ තමයි!
රු. 1000ක් වත් යනව යාළු අඩුම. හැබැයි වගකීමෙන් කිව්වහැකි දෙන්නෙක්ට බඩ පැළෙන්න කන්න පුලුවන් ආ..
ඒකත් හැබැයී.. හැමෝටම නෙවෙයි, මවුන්ට් ඉඳන් දෙහිවල, කොහුවල සහ කොළඹ 3-6 ඇතුලත ඉන්න අය විතරයි.
ඩිලිවරි ගාස්තු ඇත.
High tea round-up of 2021.
Post-lockdown high tea seshs in Colombo.
The 2021 edition of buffets in Colombo.
නූතන සමාජයට හැඩගැහෙන්න පුළුවන්කම තිබුණත්, ඒ වෙනුවට තමන්ගේ…
Popeyes, the American, multinational, fast food chain of fried chicken is now open in Sri Lanka.
Delete Comment