අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඉතින්. මේ දවස්වල.. කෑම පොඩ්ඩක් හරි ඉවත දානව කියන්නෙ ඒක මහාම මහා අපරාධයක්. මොකද සමහර මිනිස්සු ඉන්නව කන්න බොන්න තියා ගෙදර දොරේ හාල්, පොල් ටිකවත් හරි හැටි නැති. ඉතින් අඩුම තරමෙ අපි එයාලා ගැනවත් හිතන්න ඕනනෙ. මොකද අපි කෑම ඉතුරු කලොත් තමයි, පිනට දෙන කාට හරි වුනත් ඒවා අරගෙන නැති බැරි අයට බෙදල දෙන්න හැකියාවක් ලැබෙන්නෙ.
නැත්නම් ඉතින් අපිටත් නෑ, එයාලටත් නෑ, බාග වෙලාවට සතෙක් සීපාවෙක්ටත් නැති වෙන්න පුලුවන්.
ඒත්.. ප්‍රශ්නෙ තියෙන්නෙ අපි කොහොමද එහෙම අපේ කෑම පාළනය කරගන්නෙ
ඒකට බය වෙන්න කාරි නෑ. ඔන්න ඒකට තියෙනව හොඳම විසඳුම් කීපයක්ම.
ඒකත් එසේ මෙසේ නෙවෙයි.. තව තව කෑම ජාති තොගයක් එක්ක..
අතුරුපස ජාති එමටම, හොඳද.
ගොඩ දෙනෙක් දන්නවත් ඇති මේක. හැරත් අම්මල, ආච්චිල එහෙම නම් අනිවා දන්න කෑමක්. කමක් නෑ එත් ආපහු කියන්නම්කො.
ඔයාලා උයන බත් තියෙනව නේ.. ඒවා කාගන්න බැරුව ඉතුරු වෙනව නේ.. සමහර වෙලාවට හීල් බතටවත් කාගන්න බැරුව.. අන්න ඒ බත් ටික.. අරගෙන හොඳට හෝදල කරල, මේ දවස්වල තියෙන මේ ගිණි අව්වෙ කර කුට්ටං වෙන්න වේල ගන්න. දවස් 2, 3ක් හරි කමක් නෑ. ඊට පස්සේ ඒ ටික වංගෙඩියෙ හරි, ග්‍රයින්ඩරේ හරි දාලා හොඳහැටි පිටි වෙන්න කොටා ගන්න. කොටාගෙන ඉතින්.. ගෙදර අයට ඇතිවෙයි කියල හිතෙන ගාණක් භාජනයකට අරගෙන.. පොල්, සීනි, නැත්නම් කිතුල් පැණි එහෙම නම් පංකාදු පහයි, ලුණු වතුරත් පදමටම දාලා ගුලි හදාගන්නයි තියෙන්නෙ. ආයෙ මොනවද ඉතින් තේ වෙලාවට?
හොඳ පෝෂදායී කෑම තමයි ආ..
හිතන්නකෝ.. ඔයා උදේ කෑමට හදපු අල හොද්ද, රෑ වෙද්දි ලාවට සවුත්තු වේගෙන එනව කියල. එහෙම දැණුන ගමන්ම ගන්න ඒකෙ අල කෑලි ටික හෝදල කරල. අරගෙන.. අතින් හොඳට පොඩි කරලා තෙල් ටිකක් ලිපේ තියල ලාවට බැදගන්න. ලාවට බැදගන්න ගමන් ඉතින් ඒකට රම්පෙ කරපිංච, ලූණු සුදුළූණු, කෑලි මිරිස්, ලුණු ටිකක් එහෙමත් දාගන්න. දාලා ඒ ටිකත් බැදීගෙන එනකොට.. අල ප්‍රමාණය බලල බිත්තර එකේ සිට ඉහලට ඕන ගාණක් දාගන්නයි තියෙන්නෙ. කොහොමහරි ඉතින් අන්තිමට මේක දෙවිදියකට බාගන්න පුලුවන්. එකක් තමයි බිත්තරත් කැරලි වෙන්නම හැඳි ගාලා නිකම් ඩෙවිල් එක වගේ බාලා ගන්න එක. අනිත් එක තමයි.. තෙම්පරාදුව බිත්තර එක්ක දීසියකට දාලා හොඳට කලවම් කරලා.. ඔම්ලට් එක වගේම දාලා ගන්න එක.
රස්නෙට.. බොන දෙහි ගෙඩිය, නාරං ගෙඩිය නැත්නම් දොඩං, ලෙමන් ඕන එකක්!
බිව්වට කමක් නෑ ලෙල්ල විසි කරන්න එපා. ගන්න ඒක. අරගෙන.. මැටි ඇතිලියක දාලා සීනි ටිකකුත් දාලා අව්වෙ ටිකක් වේල ගන්න. වේලගෙන පොඩි පොඩියට කෑලි කපලා තියාගන්නකො.
ඊට පස්සෙ කරන්න තියෙන්නෙ කිරි ටොපි ටිකක් හදන්න මික්ෂර් එක ලෑස්ති කරගන්න එක තමයි. ඒ ලෑස්ති කරගනිද්දී.. කිරි ටිකක් අඩුවෙන් වුනත් කමක් නෑ, හොඳහැටි ලයිම් කෑලි එකතු කරගන්න!
කරල හදල, කාලා බලන්නකෝ..
ආයෙ, ඒකත්.. තේ වෙලාවටම වාශ්පයි කියයි..!
හදිස්සියෙවත්.. ගත්ත පාන් ගෙඩිය දවස දෙක පරණ වෙද්දි, කුඩු හැලෙන ගාණට වගේ එන්න ගත්තොත් විසි කරන්න ලෑස්ති වෙන්න එපා. අරගෙන.. පුලුවන් විදියට පෙති කපල තුනීයට තලා ගන්න ලෑල්ලෙ තියල. තලාගෙන ඒකෙ ගාන්න බිත්තරයි, කිරියි, සීනියි මිශ්‍ර කරපු මිශ්‍රණයකින් ටිකක්, හොඳ හැටි පෙඟෙන්න වගේ. ඊට පස්සේ.. පෑන් එකක් රත් වෙන්න ලිපේ තියල, බටර් ටිකක් හරි අඩුම තරමෙ එළවළු තෙල් ටිකක් හරි කමක් නෑ වෙලාවෙ හැටියට, ගාලා දාගන්න අර රොටිය වගේ එක පොඩ්ඩ කර වෙන්න. හැබැයි ඒ සනිකවම, ඒකට.. කලින් හදාගත්ත පැණිපොල් ටිකකුත් මැද්දට තියා ගන්න ඕන. තියල ඉතින් කියන්න ඕන නෑනෙ නේ.. පෑන් හැන්දෙන් හතර මුල්ල මැද්දට නවල, අනිත් පැත්තත් ලාවට අල්ලල බාන්නයි තියෙන්නෙ. ඒ හැරුනාම ඉතින් ඕකට කුරුඳු කුඩු ටිකක් එහෙමත් දාන්න පුලුවන් නම් රස ඩබල් ඈ..
ලබු, පුහුල් වගේම තමයි. හැබැයි ටිකක් හයියයි. හැරත් මේක.. මිරිසට හදාගත්තාම තමයි හොඳටම රස. කරන්න තියෙන්නෙ පැහිච්ච ගස්ලබු ටික ගහේ ඉදෙන්න තියලා.. ගැට ටික කඩා ගන්න එක. කඩාගෙන, හෝදල පොඩි පොඩියට කොටු කපා ගන්න. ඊට පස්සේ.. මිරිස්, තුනපහ, විශේෂයෙන්ම බැදපු තුනපහ, මස්කරි පවුඩර්, රම්පෙ කරපිංච, ගොරක අඩුම කුඩුම සියල්ල දාලා දියකිරෙන් තම්බ ගන්න පුලුවන් නම් හොඳයි. නැතත් අඩුම තරෙම වතුරෙන් හරි. කෙසේ වෙතත් කෑලි ටික තැම්බීගෙන එද්දී මිටිකිරි දාලා තරමක් හින්දල ගන්න ඕන.
මේකත්.. ආයෙ රතු බතකට එහෙම නම්.. ටොප් තමයි හොඳද!
Pranzo has an amazing view and serves pretty good Italian and 'Sritalian' fare.
A cafe down Jawatta Road with good food, soothing vibes and all right coffee.
Popeyes, the American, multinational, fast food chain of fried chicken is now open in Sri Lanka.
5 places to try this weekend.
We tasted every locally brewed and available beer. In the name of science!
Delete Comment