Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

‘වෙලාවක් නෑ’ ද? හැමදේම කරන්න වෙලාව හොයාගන්න, ටිප්ස් 5ක්

දවසේ පැය විසි හතර මදි ද?

Posted by

ඇත්තට ම කාර්යබහුල අය වගේ ම කාර්යබහුල නැති අයත් ලේසියට පුරුද්දට කියන වචනයක් තමා ‘වෙලාවක් නෑ’ කියන එක. හැමදේම කරගන්න දවසේ පැය විසි හතර මදි කියල හිතෙන තරමට හුඟක් අය බිසී නේ. මේකට වැඩිපුර හේතු වෙන්නෙ කාලය කළමනාකරණය කරගන්න දන්නෙ නැතිකම. සති ගණන් මාස ගණන් ප්ලෑන් කරන්න නෙවෙයි, දවසේ වැඩ ටික එදිනෙදාට ප්ලෑන් කරගන්න ප්‍රයෝජනවත් වෙන පුංචි ටිප්ස් පහක් ගැන කියන්නයි අපි හදන්නෙ.

ලිස්ට් එකක්

දවසට කරන්න තියන වැඩ ලැයිස්තුව ඔළුවේ තිබුණත් නැතත් ඒක කොළයක හෝ නෝට් බුක් එකක සටහන් කරන්න. අමතක වෙන්නේ නෑ කියල හොඳට ම ෂුවර් වුණත් මේක කරන්න. ගෙදර වැඩ, ඔෆිස් වැඩ, පාරතොටේ යන එන ගමන් කරගන්න තියන වැඩ, යන්න තියන ගමන්බිමන් වගේ ම විවේකය එහෙමත් මේ ලිස්ට් එකට ඇතුළත් කරන්න. කාලය අපතේ නොයන විදිහට ඉබේට ම ටයිම් ටේබල් එකකට හැඩ ගැහෙන්න එතකොට පුළුවන්.

ඩෙඩ් ටයිම්

ඔයාට කරන්න තියන ප්‍රධාන වැඩ දෙකක් අතරේ ගෙවෙන කාලය තමයි ඩෙඩ් ටයිම් කියන්නෙ. ඒ කියන්නෙ තව කෙනෙක් එනකන් බලන් ඉන්න කාලය, බස් එකක වාඩිවෙලා ගමනක් යන කාලය, පෝලිමක හිටගෙන ඉන්න කාලය වගේ. මේ වෙලාව හුඟ දෙනෙක් ගෙවන්නේ ෆෝන් එක දිහා බලාගෙන. ඒ කියන්නෙ ගොඩක් වෙලාවට සෝෂල් මීඩියාවල. ඒ වෙනුවට යන එන ගමන් කරන්න පුළුවන් ඔයා කැමති දෙයක් වෙනුවෙන් ඒ වෙලාව ප්‍රයෝජනයට ගන්න. උදාහරණයක් විදිහට, කියවන්න කැමති කෙනෙක් නං මෙහෙම වෙලාවට පාවිච්චි කරන්න පොතක් බෑග් එකේ දාගෙන ඉන්න පුළුවන්. 

ඇඩ්ස්

ටීවී බලනවා කියල අපි වැඩිපුර කරන්නේ ඇඩ්ස් දිහා බලන් ඉන්න එක නේ. නොදැනුණාට මේකට ගොඩක් කාලය වැය වෙනවා. උදාහරණයක් විදිහට පැය බාගෙක ටෙලිනාට්‍ය එපිසෝඩ් එකක ඇත්තට ම ටෙලිනාට්‍යය තියෙන්නේ විනාඩි 16ක් වගේ කාලයක්. ඉතුරු කාලය පිරෙන්නෙ වෙළෙඳ දැන්වීම්වලින්. පැය දෙකක ෆිල්ම් එකක් බලනවා නං පැය තුනකටත් වඩා ටීවී එක ඉස්සරහ ඉන්න වෙනව නේ. ඉතින් ටීවී එකේ බලන දේවල් බලන්න පුළුවන් තරං ඉන්ටනෙට් එක පාවිච්චි කරන්න. එතකොට අනවශ්‍ය විදිහට ඇඩ්ස්වලට කාලය අපතේ යන්නෙ නෑ.

වැඩ බෙදාගන්න

ගෙදර තියන වැඩ ඔක්කොම තියෙන්නේ ඔයාගේ කර පිට නං ඒවා අනෙක් අයත් එක්ක බෙදාගන්න. විශේෂයෙන් මේ තත්ත්වයට මූණ දෙන්නේ ගෘහණියෝ. උයන පිහන, රෙදි හෝදන මදින, ගේදොර අස්පස් කරන, කුණු දූවිලි පිහදාන වැඩ ඔක්කොම තනියම බදාගන්න එපා. දරුවන් ඇතුළු හැම කෙනෙකුට ම පොඩි පොඩි වැඩ හරි පවරන්න.

පොඩි පොඩි වැඩ

වැඩ ගොඩක් තියනවා කියල හිත හිත කොහෙන් පටන්ගන්න ද කියල තැවි තැවී කාලය නාස්ති කරන්න එපා. සමහර දේවල් ලොකු වැඩ වගේ පෙනුණට වැඩිය කාලය වැය වෙන දේවල් නෙවෙයි. එක වරකට එක දවසක වැඩ ඉවර කරන හැටි ගැන විතරක් කල්පනා කරන්න. විනාඩි පහ දහය වැය වෙන දේවල් මුලින් ඉවර කරන්න. වැඩ ගොඩ ගැහිලා කියන එක මනසට බරක් කරගන්න එපා.

Leave a comment