එක්කො පරිප්පු නිකම් කිරට උයල, නැත්නම් පරිප්පු උයල තෙල් දාලා..
ඒ හැරුනාම ඇත්තටම වෙන විදියක් ඇත්තෙම නැද්ද පරිප්පු කන්න?
තියෙනවනෙ කියන්නෙ!
ඔන්න පහළින්..
බලල,
හදල, ෆොටෝ එකක් අපිටත් එවන්න…
එක පාරටම ලොකු වෙනසක් කලොත් අවුල් යන නිසා.. පරිප්පු කරියම හැබැයි පොඩි වෙනසක් එක්ක හදන හැටි කියන්නම් මුලින්ම. මේකට ගන්න ඔන මයිසුර් පරිප්පුයි සෝයායි. අරගෙන හෝදල කරල දාන්න මැටි ඇතිලියකට. දාලා.. ඒකටම දාන්න හීනියට ලියාගත්ත ලූණු, අමු මිරිස්. ඒ හැරුනාම මිරිස් කුඩු, ලුණු, බැදපු තුනපහ, මස්කරි පවුඩර් එක්ක අබ, ගොරක, සුදුලූණූ, ඉඟුරු, බැදපු පොල් ඇඹරුමකුත්. දාලා.. අඩුම කුඩුම මට්ටමටම වතුරත් දාලා තියෙන්න ලිපේ. කොහොමහරි වතුර ටික හිඳීගෙන එනකොට, දියකිරි මුට්ටියෙන් එකක් වගේ දාලා, බාගෙ වෙන්න හින්දල ගත්ත නම්.. ෂැහ්, පෝරණු පාන් ගෙඩියකට වගේ..!
කඩල පරිප්පු හොඳට හෝදල වතුරෙ පෙඟෙන්න අරින්න රැයක් එළිවෙනකම්, හරියට නිකම් කඩල, මුංඇට තම්බද්දි වගේ. ඊට පස්සේ.. හොඳට තම්බගන්න ලාවට බෙරි වෙච්ච පදමක් එනකම්. තම්බලා.. වතුර එහෙම පෙරල කරල ඇට ටිකෙත් වතුර බහින්න හොඳට තුනීකරල තියලා.. හදාගන්න වෙනමම කුකින්චීස් ටිකක් ලාවට මෙලෙක් වෙන්න රත්කරල ඒකටම ගම්මිරිස්, ලුණු, මීපැණි පදමට දාපු මිශ්‍රණයක්. ඒ මිශ්‍රණය රස්නෙන්ම තියෙද්දි අර කඩල පරිප්පු ටිකක් ඇතියි කියල හිතෙන ගාණට දාලා, කලවම් කරල ගත්ත නම්.. ටොප් ඩෙසට් එක ආ..
පරිප්පු.. හෝදන්න කලින් වංගෙඩිය දාලා පොඩ්ඩක් කොටාගන්න. හැබැයි කෑලි ලොකුවට තියෙන්න හොඳඳ. කොටාගෙන.. හෝදල කරල වතුරෙන් තම්බල, වතුර පෙරල අරගෙන, ලූණු, කෑලි මිරිස්, කොච්චි, කරපිංච, අබ, සුදුළූණු එක්ක රස පදමට තෙල් දාගන්න. දාගෙන.. පාන්පිටි, හීනියට ගාගත්ත පොල්, මාගරින් එකට අනල හදාගත්ත රොටි මිශ්‍රණයකටම කවලම් කරල, තුනීයට රොටි හදල, තැටියෙත් මාගරින් ටිකක් ගාලාම පුච්ච ගන්න.
දන්නවද? ඔික කන්න, අර අපි මුලින්ම කියපු සෝයා පරිප්පු හොදදක් හදාගත්ත නම්.. ෂැහ් බලන්න එපැයි වැඩේ නැගල යන හැටි!
මේකට.. මයිසුර් පරිප්පුයි, බිලිං හරි ඇඹුල් කාමරංකා ටිකකුයි හරි තමයි ඔින කරන්නෙ. ඒ ටික හොයාගත්තට පස්සේ.. තව ඔින ලූණු, අමු මිරිස්, වේළපු මිරිස්, කෑලි මිරිස්, සුදුලූනු, කරපිංචා, රම්පෙ, කුරුඳු, අබ, උලු හාල්, සූදුරු, කහ සහ මිටිකිරි.
මුලින්ම කරන්න තියෙන්නෙ බිලිං ටික ලුණු වතුරෙ දාලා ලාවට තම්බගන්න එක. ඒ අතරට පරිප්පුත් හොඳට තම්බගන්න ඔ්න. ඊට පස්සේ.. මැටි ඇතිලියක් ලිපේ තියල ඒකට දාන්න තෙල් ටිකක්. තෙල් ටික රත්වීගෙන එනකොට මුලින්ම අබ දාලා.. පටන් ගන්න අනිත් සියල්ලම, පෝලිමට දාගෙන දාගෙන යන්න. කොහොමහරි තෙල් දැමුම පදමට සෙට් වේගෙන එද්දි, ඒකට බිලිං ටික දාලා මිටිකරි දාන්න ඇතිලියෙන් බාගයකට වැඩියෙන් තියෙන්න. අන්තිමටම.. පරිප්පුත් දාලා හොද්ද ලාවට තියෙන්න හින්දල ගත්ත නම්..
තෝසෙ, ඉඳිආප්ප.. කන්න මරු ආ..
කඩල පරිප්පු හොඳට තම්බලා අතින් පොඩි කරගන්න. පොඩි කරන ගමන් ඒකට එකතු කරන්න සූදුරු, එනසාල්, කරාබු, කුරුඳු කුඩු ටික ටික. ඒ එක්කම සීනි, ලුණු, පුලුවන් නම් බැදපු තල ටිකක් එහෙමත් එකතු කරන්න. අන්තිමටම හීනියට ගාගත්ත පොලුත් එකතු කරලා.. ගුලි හදන්න පුලුවන් පදමටම අනාගන්න. අනාගෙන, ලොකු ගුලි රවුම් කරන ගමන් මහපට ඇඟිල්ලෙන් මැද හිල් හදන්න. හදල ඒවට පුරවන්න මීපැණි. පුරවලා.. ගුලියම ආයෙත් රවුම් කරල සීල් කරලා.. අවන් එකේ දාලා සෙල්සි. 150ට වගේ විනාඩි 15ක් 20ක් බේක් කරගන්න..
රසයි කියල වැඩිය කාගෙන කාගෙන නම් යන්න එපා දෙයියො, එක්කො මත්වෙයි, නැත්නම්…?
Dolce Italia's Skelton Road outlet is a beautiful house-turned-restaurant with a warm ambience and some stellar dessert options. Their pizza is alright,…
A restaurant serving authentic Turkish and German food.
A home baker with great brownies offered at wallet-friendly prices.
Arguably the best grill in CMB.
Dolce Italia's Skelton Road outlet is a beautiful house-turned-restaurant with a warm ambience and some stellar dessert options. Their pizza is alright,…
Delete Comment