ඔයාලට මතක ඇතිනෙ. පහුගිය දවසක අපි කිව්වා..
පරණ ලට්ට ලොට්ට වලින් හදන්න පුලුවන්, හැබැයි ගෙදර දොර ප්‍රයෝජනයට ගන්න දේවල් ටිකක්.
ඉතින්.. අපි අද කල්පනා කලා ඒ විදියටම, ඔයාගෙ කාමරේට ඕන කරන, නැත්නම් කාමරේ ලස්සන කරන්න ඕන කරන දේවල් ටිකක් ගෙදරදිම හදාගන්න විදිය ඔයාලට කියන්න.
එහෙනම්.. ඉස්සෙල්ලම මේ ටික බලලා..
ඊට පස්සෙ අවශ්‍ය කරන අඩුම කුඩුම ටිකත් ගලපගෙන වැඩේට බහින්නකෝ..
ඇත්තම කියනව නම් මේක ගොඩ දෙනෙක් දැනටමත් කරන දෙයක්. හැබැයි ඒ කරන්නෙ කොට, ලොකු බෝතල් වලට වතුර පුරවල මාළු දාන එකනෙ. ඒත් එහෙම නෙවෙයි, ඒක කලාත්මකව කරනව නම්.. ඔයාට සිද්ධ වෙනව ඉස්සෙල්ලම පරණ, සුදු, ලොකු වයින් බෝතලයක් හොයාගන්න. ඊට පස්සෙ ඒකෙ කරට පහළින් රවුමට ඉරක් ඇඳලා.. කියත් පටියෙන් හැකි විදියට කපාගන්න. ඇත්තටම ඒක ගොඩක් වෙලා යන වැඩක් වගේම පරිස්සමට කරන්නත් ඕන වැඩක්. කොහොමහරි එහෙම කපාගත්තට පස්සේ තියුණු දාරෙ වැලි කඩදාසියෙන් මැදල සිලිකන් ගම් වලින් සීල් කරගන්න ඕන. ඊටත් පස්සෙ.. ලස්සන ලස්සන ගල් ටිකක්, වැලි ටිකක්, ලීකොට, පෙඳ පාසි හොයල, ඒවා හොඳට හෝදල බෝතලේ පතුල ලස්සනට හැඩ කරගන්න. අන්තිමට ඉතින් බැරියැ වතුර ටිකක් පුරවල ෆයිටර් කෙනෙක් වගේ දාලා අපූරුවට මේසෙ උඩින් තියන්න.
පරණ පත්තර මිටි බැඳල.. දීලා දාන්න බෝතල් පත්තර එකතු කරන එක්කෙනා එනකම් ඉන්නවද?
අපරාදෙනේ.. ඒවයින් ලස්සන ස්ටූල් හදන්න පුලුවන්නේ..
කරන්න තියෙන්නෙත් මෙච්චරයිනෙ. ඒ පත්තර ටික වෙන වෙනම අරගෙන ඉස්සෙල්ලම, එකින් එක බලල නැමිච්ච මුලු දිග ඇරල උඩ යට මාරුවෙන් මාරුවට තියෙන්න, උස අතට තියාගන්න. එතකොට ඒකෙ බැලන්ස් එක හරියට සෙට් වෙනව. ඊට පස්සේ.. ඒ ගොඩවල් රෙදි පටි වලින්, නැමි නැතිවෙන්නම බැඳලා.. ගාන්න ට්‍රාන්ස්පේරන්ට් මොනවහරි තීන්න ටිකක් හොඳ ඝනකමට තියෙන්න. තට්ටු 2, 3ක් ගෑවත් කමක් නෑ. කොහොමහරි වේලල අරගත්තට පස්සේ, වාඩි වෙන පැත්තට පරණ ඝනකම රෙදි කෑල්ලකින්ම කවරයක් හදල දැම්ම නම්.. වැඩේ ගොඩ.
කියන්න ඕන නෑ ඉතින් තේරෙනවනෙ වැඩේ. ලොකු නයිලොන් වගේ ආර්ටිෆිෂල් රෙද්දක් අරගෙන ඒකෙන් තඩි බෑග් එකක් මහ ගන්න පුටුවක වගේ හැඩයක් තියෙන. ඊට පස්සෙ ඒකට පරණ රෙදි පොඩි පොඩියට කපල පුරවන්නයි තියෙන්නෙ. හැබැයි එතනදි එකක් මතක තියාගන්න රෙදි කෑලි කෑලි කපද්දි සියළුම වාටි සහ ඝනකම් කොටස් අයින් කරන්න ඕන. මොකද නැත්නම් ඕක බොරළු පොළවක වාඩිවුනා වගේ වෙනව.
පේර තමයි මම හිතන්නෙ ඔයාට හොයාගන්න ලේසිම ඒවයින් මේ වැඩේට හරියනම එක.
ඒ නිසා යන්න පේරගහ ලඟට මන්නෙත් අරගෙන. ගිහිල්ලා.. සාමාන්‍යයෙන් කකුලෙ මහපට ඇඟිල්ලෙ විතර සයිස් එකේ ඉඳන් අතේ මහපට ඇඟිල්ලෙ සයිස් එක වෙනකම්, උපරිමයෙන්ම අතු රිකිලි විහිදුණ කොටසක් කපාගන්න. කපාගෙන.. ඒකෙ කැපිච්ච තැන්වල කඩතොලු හෙමින් සැරේ පොඩි පිහියකින් ගාලා.. මුලු අත්තම වැලි කඩදාසියෙන් අල්ලන්න දිස්න දෙනකම්. ඊට පස්සෙ ඒකෙ ඔය වෙදර් සීල් වගේ ටිකක් ගාන්න පුලුවන් ඕන නම්. කොහොමහරි අන්තිමට බිත්තියට මවුන්ට් කරන්නයිත තියෙන්නෙ ගැලපෙන තැනක් බලල. ආයෙ මොකටද ඇඳුම් රැක් වලට ඉඩ නාස්ති කරන්නෙ?
හොඳ තත්වයේ තියෙන කාඩ්බෝඩ් පෙට්ටි, එක එක සයිස් වලින් වුනාට කමක් නෑ..
අරගෙන ඒවයෙ පියන් හතර, නැත්නම් විවෘත කරන පැත්ත.. හරියට බලල, පියන් හතරෙන් දෙකක් (ප්‍රතිවිරුද්ධව තියෙන) හරියටම දාරෙ දිගේ කපල අයින් කරගන්න. කරලා.. ඒ පෙට්ටි එකිනෙකට හා වෙන්න තියල බලන්න කොහොමද, කොයි කොයි ඒවද, ඒ ඒ තැන්වලට ගැලපෙන්නෙ කියල. අනිත් එක තමයි එහෙම තියද්දි, ඒවයෙ විවෘත කරන පැති එකම මට්ටමක තියෙන්නත් ඕන, හරිය.
කොහොමහරි එහෙම ගලපලා.. හොඳ ගම් ටිකක් ගාලා පෙට්ටි ටික තිතටම අලව ගන්න. ඊටත් පස්සෙ, ගම් වේලුණාම.. අර පියන් වලට හැඬල් හයිකරන්න එපැයි. ඒකට.. තැන හරියටම බලල ටින්ටස් ඇණවලින් කිරල ඇබ ටිකක් සෙට් කරන්නයි තියෙන්නෙ.
සෙට්කරගත්තට පස්සේ.. ගාන්න යාලු වෙදර් සීල් වගේ හයිවෙන, විනිවිද පේන තීන්ත එකක් තට්ටු 2, 3ක් හරි.
එපමණයි, කාලයක් තියෙයි ආ..
හැරත් පුංචි පුංචි බඩු විතරක්යැ? බාග වෙලාවට ඇඳුම් එහෙමත් දාන්න බැරිවෙන එකක් නෑ.
A list of 15 places for your next day outing.
Post-lockdown high tea seshs in Colombo.
Flavours of Asia delivered to your doorstep.
Countries that let you in without a fuss with your Lankan passport
Day outing packages available in and around Colombo.
Delete Comment