ඔයා ගියපු.. ඇඩ්වෙන්චර් ගමන් මතක් වෙන්න, බලන්න ලස්සන ඇඩ්වෙන්චර් ෆිල්ම් 6ක්

ඒ නිසාමයි යාළු.. හිතල හිතල නිකම් හිත…

Posted by

කඳු නගින්න, ගුහා අස්සෙ රිංගන්න, ඩයිව් කරන්න, කැලේ කොලේ සිසාරා ඇවිදින්න.. තියා, ටවුමෙන් පිටටවත් යන්න පුලුවන් වුනාද කියන්නකො දැන් මාස දෙකක් තිස්සෙ, ඈ.. පුදුම වැඩක්නෙ වුනේ මේ කොරෝනාවක් නිසා. ඊටත්.. එහෙමයි කියල මෙහෙම ගෙදරට වෙලා ඉන්න පුලුවන්ද? ඇයි අප්පා.. අර පරණ ගියපු ගමන් බිමන්, කරපු වැඩ කිඩ සියල්ලම මතක් වෙනවනෙ.

ඒත් ඉතින්.. තවමත්.. එළි පෙහෙලියෙ රවුමක් ගහන්නවත් අපිට අවසර නෑ.

ඒ නිසාමයි යාළු.. හිතල හිතල නිකම් හිත සවුත්තු කරගන්නෙ නැතුව.. ඇඩ්වෙන්චර් ලෙඩේ හොඳ කරගන්න කියල, යටගිය ඇඩ්වෙන්චර් මතක් වෙන්නත් එක්ක.. ටොප් ඇඩ්වෙන්චර් ෆිල්ම් ටිකක් ඩවුන්ලෝඩ් කලේ, ගෙදර ඉන්න ගමන් බලන්න.

ඊට පස්සෙනෙ.. දවසට එකක් බැලුව නම්.. හොඳටම ඇති ඈ.. 

සත්තයි මටත් දැන් ටිකක් හොඳයි වගේ, හ්ම්..!

1. Diving To Unknown

කේව් ඩයිවින්ග් කියන්න ලෝකෙ තියෙන ත්‍රාසජනකම ක්‍රියාදාම වලිනුත් උඩින්ම තියෙන එකක්. මේ ෆිල්ම් එකේ ගැබ්වෙලා තියෙන්නෙත් ඒ වගේ අතිශය ත්‍රාසජනක කේව් ඩයිව් එකක කතාවක්. හැබැයි හරිම අවාසනාවන්ත සිද්ධියක් ගැන. ඒ තමයි නෝවේ රාජ්‍යයෙ තියෙන ප්ලුරා ගුහාවෙ, ඩයිව් කරන්න යන යාළුවො 4 දෙනෙක්ට වෙන ඇබැද්දියක්. ඇබැද්දියක් කිව්වට ඇත්තටම එතනින් දෙන්නෙක් මිය යනව. අන්න ඒ මියගිය යාළුවො දෙන්නගෙ මිනි අරගෙන එන්න, අනිත් යාළුවො දෙන්න සහ පොලිසිය එකතු වෙලා කරන ක්‍රියාදාමයේ ඩොකියුමන්ට්‍රි එක...

2. Cave

කියන්න සන්තෝසයි මේ කතාවෙ තියෙන්නෙත් නෝවිජියන් කේවින්ග් ඇඩ්වෙන්ච්ර් එකක් ගැන. හැබැයි මේක ඩොකියුමන්ට්‍රි ෆිල්ම් එකක් නෙවෙයි. ස්ක්‍රිප්ට් කරපු එකක්. චරිත 3යි. සැමියා, බිරිඳ සහ මිත්‍රයා.. එයාලා යනව හරිහැටි හොයා නොගත් ගුහාවක් ගවේෂණය කරන්න. ඒකෙදි.. කේවින්ග් වගේම, රෙපෙලින්ග්, කේව් ඩයිවින්ග් වගේ ඇක්ටිවිටිසුත් කරනව. කොහොමහරි අන්තිමට ගොඩට එන්නෙ නම් වයිෆ් විතරයි.

ඇතුලෙදි මොකද වුනේ කියල බලාගන්න.. ෆිල්ම් එක ඩවුන්ලෝඩ්ම කරන්න.

3. Into The Wild

ඔයාටත් තනියම ඇවිදින පිස්සුව තියෙනවද? එහෙනම් බලන්න කියාපුම ෆිල්ම් එකක්. 

ක්‍රිස්ටෝපර් මැක්කැන්ඩ්ල්ස්.. උපාධියත් ඉවර වෙලා, බලනව මොකද කරන්නෙ කියල. ඇත්තටම එයාට කිසිම ආසවක් නෑ තාත්ත වගේ ලොකු තැනකට ගිහිල්ල සල්ලි ගොඩක් හම්බකරන්න. එයාට ඔ්න ඒ මොහොතෙ ඉඳන්ම ජීවිතේ විඳින්න. ඉතින් ඒකට එයා තෝරගන්නව ඇවිදින එක.

මේ..

මැක් රටවටේ රවුම් ගහද්දි මුහුණ දුන්න සුන්දර අත්දැකීම්..

සහ.. එක සුළු වැරැද්දකින්…?

4. Jungle

අහම්බෙන් මුණගැහෙන මිත්‍රයො 3දෙනෙක්..

එක්.. හරිහැටි තේරුම් ගත නොහැකි මගපෙන්වන්නෙක්..

ඇමසෝන් වනාන්තර මධ්‍යයේ වාසය කරන ආදිවාසීන් සොයායන ගමනක්…

හරි ලස්සන රේන්ෆොරස්ට් එක්ස්පෙඩිෂන් එකක් යාළු. ඔයාලා.. නක්ල්ස් මැද්දෙ එහෙම රවුම් ගහල තියෙනව නම්.. මේ ෆිල්ම් එක මාරම ඉන්ටරස්ටින් වේවි.

කොහොමහරි ඉතින් මේකෙත් අන්තිමට.. ගයිඩ් සහ එක මිත්‍රයෙක් අතුරුදහන්. ඒ විතරක් නෙවෙයි, අනිත් දෙන්නගෙන් එක්කෙනෙක්, කැළේ අතරමං වෙලා.. දවස් ගාණක් තිස්සෙ කන කට්ටක්.

මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි, හ්ම්…

බේරෙන්නෙ යාළු!

5. Meru

ඇල්පයින් ක්ලයිම්බින්ග්, නැත්නම් අයිස් ක්ලයිම්බින්ග්.. ඇඩ්වෙන්චර් ස්පෝර්ට් අතරෙ තවත් උඩින්ම තියෙන ක්‍රියාදාමයක්. 

ඉතින්, ඒ ක්‍රියාදාමයේ.. මේ චිත්‍රපටය රූගත කෙරෙන්නෙ ලෝකෙ ඉන්න ප්‍රසිද්ධම රොක් සහ අයිස් ක්ලයිම්බර්ස්ල 4 දෙනෙක්ගෙ සහභාගීත්වයෙන්. ඒකත් ඒසේ මෙසේ තැනක නෙවෙයි උස අඩි 21850ක් වෙච්ච, හිමාලය කඳුවැටියට අයත් ‘මෙරු’ කඳු පන්තියෙ, ඒ වෙද්දි කවුරුත් තරණය නොකරපු ‘මෝර වරල’ මුදුනට යන ගමනෙ.

කතා ඔ්න නෑ. බලන්නකො!

6. The Down Wall

ඇමරිකාවෙ යොසෙමයිට් ජාතික වනෝද්‍යානෙයෙ එල් කැප්ටන් කඳු පන්තියෙ තියෙන ‘ද ඩවුන් වෝල්’. උස අඩි 3000යි. ලෝක ප්‍රසිද්ධ රොක්කලයිම්බර් කෙනෙක් ගොඩක් කල් ඉඳන් තනියම මේක තරණය කරන්න උත්සාහ කලත්.. තරමක් අපහසු නිසා, තවස් සගයෙක් එක්ක එකතු වෙලා ඒ වැඩේ ඉවරයක් කරනව. 

බලන්න මේක නම් මාරයි..

දවස් 18ක් තිස්සේ.. තනි කෙලින් ගලක් දිගේ..!

Leave a comment