වැස්ස කාලෙත් එක්ක ගස් කොළන් පීදිලා, සතා සීපාවා එළි බැහැලා වටපිටාව හරි අපූරුවට හැඩ වුණාට පස්සෙත්, ලෝන්ග් වීක්එන්ඩ් එකේ ගෙදර ඉන්නද කල්පනාව?
නිකමටවත් හිතෙන්නෙ නැද්ද යාළුවොත් එක්ක රෝන්දයක් ගහන්න ගියොත් හොඳයි කියල. අඩුම තරමෙ ගෙදර අය එක්කවත්. ලට්ට ලොට්ට ටිකක් බෑග් එකක දාගෙන, බොක්කෙ ෆිට් සෙට් එකත් එක්ක සෙට් වෙලා පොඩි කැලෑ ගමනක් යන්න, බීච් පැත්තකට සෙට් වෙලා වැඩ කිඩ ටිකක් දාන්න, එහෙමත් නැත්නම් නම් මොකක් හරි අවුට්ඩෝර් ෆන් එකක් ගන්න යන්න.
ඒත් අවුල තියෙන්නෙ, අපේ පවුල් වෙලා ඉන්න යාළුවොන්ට එහෙම බෑනෙ. එයාලා පවුලේ සැම එක්කගෙන යන්න ඕන. ඒකත් එසේ මෙසේ බෑ, සුවපහසුව ඉන්න තැනක් බලන්නත් ඕනනෙ.
අන්න ඒ නිසයි අපි කල්පනා කලේ ඔය පවුල් වුණු නොවුණු කොයි කාටත්, යන ටුවර් එක, නිදහසේ සුවපහසුව ඉඳල එන්න කියාපු නවාතැන් ටිකක් කියන්න. කටට රහට කෑම ටිකක් කාලා, සීතල වතුර ටිකක් නාලා, සෆාරියක් එහෙමත් ගිහිල්ලා, හැන්දෑ ජාමෙට ගිණිමැලයක් අටවගෙන පොඩි සිංදුවක් කියල විනෝද වෙන්නත් පුළුවන්නෙ.
ගාල්ල, උණවටුන බීච් එක පහුකරනවත් එක්කම ඊළඟට හමුවෙන දලවැල්ල බීච් එකේ තමයි සුදු සර්ෆින්ග් කොටේජ් එක පිහිටල තියෙන්නෙ. හැබැයි මෙයාලගෙ සර්විස් එකයි, උදේට හැන්දෑවට වටපිටාවෙ මැවෙන අපූර්වත්වය නිසයි ඒ ගාණට නම් පාඩුත් නැති තරම්. වැඩේ තියෙන්නෙ ඉතින් ඔයාලා වතුරත් එක්ක හොඳ හැටි හැප්පෙන අය වුණොත් තමයි මෙතන ෆීලින්ග් එක හොඳටම ගන්න පුලුවන් වෙන්නෙ. මොකද ස්නෝර්ක්ලින්ග්, ඩයිවින්ග්, සර්ෆින්ග් වැඩනෙ මෙයාල ළඟ තියෙන්නෙ. කොහොම වුණත් හැන්දෑවට බීච් එකට බැහැලා ලන්තෑරුම් එළියෙ පොඩි අඩියක් ගහන්න නම් මෙතන කියාපු තැන.
ලංකාවෙ සුන්දරම නගරයක තියෙන සුන්දරම තැනක දවසක් ගත කරන්න ආසද. එහෙනම් යන්න ඇල්ල, පස්සර පාරෙ ටිකක් ඇතුළට වෙන්න පිහිටල තියෙන මවුන්ට් රිලැක්ස් කොටේජ් එකට. මේකත් මුළුමනින්ම ලීවලින් තමයි හදල තියෙන්නෙ. හැබැයි එසේ මෙසේ තැනක නෙවෙයි, කඳු බෑවුමක. බැලූ බැල්මට ටිකක් බය හිතුනට මොකද වටපිටාවෙ තියෙන ලස්සන දැක්කාම නම් ඒ බය කොහෙන් ගියාද නැති ගානයි.
ප්ලේස් එක පංකාදු පහයි. ලීවලින් හදල, පොල් අතු, පිදුරු හෙවිලි කරල හරි අපූරුවට නිම කරල තියෙන්නෙ. මෙතන සර්විස් එකත් හොඳටම තියෙනව කියල තමයි ආරංචිය. හැබැයි ඉතින් මේ රිසෝට් එකත් හරියන්නෙ වතුරත් එක්ක හැප්පෙන අයට තමයි. මොකද ඩයිවින්, සර්ෆින්ග් වගේ වැඩ කිඩ තමයි මෙයාලා ළඟත් තියෙන්නෙ. වතුරට බය...ම අය ඉන්නව නම්, බෝට්ටුවක නැගල ඩොල්ෆින්ල බලන්න යන්න, වෙරළට බැහැලා නාලා කරල විනෝද වෙන්න පුළුවන්. කොහොම වුණත් සෝල්ට් බේ එකේ කෑම බීම ටික සුපිරියටම තියෙනවලු. අනික ඒවයෙ ගණනුත් ෂේප්ලුනෙ.
ගාණ ටිකක් වැඩි වුනාට මොකද ජීවිතේට ගන්න බැරි සුපිරි අත්දැකීමක් තමයි. හිතන්නකො මීදුමෙන් වැහුනු සප්ත කන්යා කඳු මුදුන් ටික දිහා බලාගෙන, කුරුලු කොබෙයියන්ගෙ කීචිබීචිය අහගෙන, ගස් මුදුන්වලටත් වඩා උසින් පිහිටපු කබානා එකක දවසක් ගත කරද්දි. ඒකත් නිකම් නෙවෙයි, ගිණිගත්හේන, හැටන් ප්රධාන පාරෙ කැළේ ඇතුලට වෙන්න. පහළින් ගලාගෙන යන කෙහෙල්ගමු ඔයත් හරි අපූරුවට මෙතනට පේනව. ඊටත්, උදේටයි හැන්දෑවටයි ඉර බැහැගෙන යන ලස්සනම ඇති හිත නිවෙන්න. සර්විස් එකයි, කෑම බීමයි එහෙම ටොප් එකට තියෙන නිසා පාඩු නම් නෑ මට හිතෙන්නෙ.
නමේ හැටියට සාමයෙන් සතුටෙන් සෆාරි පාරක් දාලා, කටට රහට කෑම ටිකක් කාලා හොඳ හැටි විනෝද වෙලා ඉන්න කියාපු තැනක්. තිස්සමහාරම, යෝධ වැවට කිට්ටුව ලීවලින් හදපු මේ කොටේජ්වල ලස්සන හොඳ හැටි පේන්නෙ හැන්දෑවට තමයි. වැව් කණ්ඩියට අල්ලල හදපු අපූරු පූල් එකක් එහෙමත් පීස් කොටේජ්වල තියෙනව. හැන්දෑ ජාමෙට අලියෙක් දෙන්නෙක් පාරට ගොඩ වුණාම තමයි ටුවර් එකේ ගතිය දැනෙන්නෙ. කොහොම වුණත් මේක වයිල්ඩ්ලයිෆ් ෆොටෝග්රැපර්ස්ලට නම් කියාපු තැන!
කැලේ කොලෙත් ඔන්න ආයෙත් බීච් එකට. සීසන් කාලෙට තංගල්ල වෙරළ තීරය හරි ලස්සනයි. ඉතින් ඒ ලස්සන විඳින්න, වෙරළට වෙලා දවසක් ගත කරන්න, හැන්දෑවට පොඩි ගිණිමැළයක් අටවගෙන පොඩි අඩියක් ගහන ගමන් හීනියට සිංදුවක් කියන්න විතරක් නෙවෙයි කටට රහට සීෆුඩ් තොගයක් රස බලන්න, යන්න තංගල්ල, මාදිල්ල පාරෙ මාකොල්ලිය බීච් එකේ පිහිටල තියෙන සිනබාර් රිසෝර්ට් එකට. සර්විස් එක, කෑම බීම, සුව පහසුවත් ටොප් එකට තිබ්බත්, යන්න කලින් පොකට් එක එහෙම බලන්න අමතක කරනව නෙවෙයි.
ඈතින් පේන ඇල්ල රොක්, මීදුමෙන් වැහිල ගියපු ඇල්ල ගැප්, ඊට උඩින් පේන පුංචි ශ්රී පාදය එක්ක සුන්දර නිවාඩුවක් ගත කරන්න. කාමර සුවපහසුව නම් උපරිමයි. අනික ඇල්ල රොක් යන පාරෙ දකුණු පැත්තෙ බෑවුමට වෙන්න පිහිටල තියෙන නිසා විව් එකත් හොඳටම තියෙනවනෙ. බාගෙට බාගයක් වගේම ලීවලින් හදපු මේ කොටේජ් ආදරණීයයන් දෙන්නෙක්ට නම් නියමම තැන කියල තමයි මගේ නම් අදහස.
ඒ කොහොම වුනත්, ගණන් ටිකක් වැඩි තැන් 2, 3ක් කිව්ව කියල අපිත් එක්ක තරහ වෙන්න එපා. එහෙම කලේ, ඔය අතමිට සරු යාළුවන්ටත් යන්න පුළුවන් වෙන්න.
ඉන්නකො ඉන්නකො, ඊලඟ පාර අඩුම ගණන්වලට යන්න පුළුවන්, තවත් ලස්සනම තැන් ටිකක් කියන්න!
If you're thinking joining a gym in Colombo, here are some options.
Post-lockdown high tea seshs in Colombo.
Countries that let you in without a fuss with your Lankan passport
We tasted every locally brewed and available beer. In the name of science!
Where, how, and why to find love in the paradise island.
Delete Comment
Damayanthi
Me wage Honda than Dana eka godak watinawa. Mila gamana adult family ekata a innawa pull want than tikak danna please. Bandarawela badulla nuwaraeliya wage