ම්.. ගිය සතියෙ අපි ඔයාලට කිව්ව මතකනෙ අතේ තියෙන ගාණට හිතේ හැටියට ශ්‍රී ලංකන් ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න මරු කඩ ටිකක්.
ඉතින්.. අද අපි කල්පනා කලා ඒ වගේම, කාලෙකට පස්සෙ කටට රහට තලු මර මර..
කට්ල් ෆිෂ් කරියක්…
එක්ක රොටියක්, බතක් රස බලන්න සුපිරිම ප්ලේස් ටිකක් කියන්න.
හැබැයි එකක්, යන්න කලින් අනිවා කෝල් එකක් නම් දීලා යන්න, හොඳද!
පානදුර මුහුද දිහා බලාගෙන, මුහුදු හුලං වැදි වැදි රස වෑහෙන හොට්බටර් කට්ලෆිෂ් එකක් එක්ක හරි, කට්ල්ෆිෂ් ස්ටු එකක් එක්ක හරි බීර වීදුරුවක් තොලගාන්න.. එහෙම නැත්නම් සුපිරි ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක දස බස ගාලා දෙසල දාන්න මෙන්න නියමම තැන. මෙයාලගෙ ගණන් යන්නෙත් රු. 500-700න් වගේ. ඉතින් පොකට් එකටත් ලොකු අවුලක් නෑ. සේවාවත් ටොප් එකටම තියෙනව. ඔක්කොමත් හරි තැනේ ලස්සන!.. ෂැහ්, ගිහිල්ලම තමයි බලන්න ඔ්න!
වැල්ලවත්ත ලිලි ඇවිනියු එකේ ලස්සන පරණ ගෙදරක තියෙන මේ සුපිරි ඉන්ඩියන් රෙස්ටුරන්ට් එකේ.. කට්ල්ෆිෂ් කන්න යනව නම්, හොඳට මතක තියාගන්න දෙන්නෙක් එක්ක යන්න. මොකද ඒ පෝෂන් ලොකුයි. අනිත් එක කට්ල්ෆිෂ් එකත් එක්ක බිරියානියක් හරි රොටියක් හරි ගන්න. එතකොට තමයි ඒකෙ.. මිරිස් තුනපහ මසාලා පදම එක්ක, කිරි, බටර් මදි නොකියන්නම දාපු රස තිතට ගැලපෙන්නෙ, හ්ම්..
බත්තරමුල්ල වෝටර්ස් එජ් එක ඉස්සරහ..
ආස නැද්ද වැව දිහා බලාගෙන, හුලං ටිකක් වැදි වැදි, රූෆ් ටොප් එකක වගේ.. සෝස්, මිරිස් අඩුම කුඩුම සියල්ලම නූලට දාලා හදපු පංකාදු චයිනිස් කට්ල්ෆිෂ් එකකුයි, උණු උණු ෆ්‍රයිඩ් රයිස් එකකුයි රස බලන්න..
ම්.. මදිපාඩු වගේ නම් ඉතින් බීර වීදුරුවක් එහෙමත් ලංකරගන්න පුලුවන්. කොහොමවුනත් මතක තියාගන්න ගණන් යන්නෙ රු. 600-800න් වගේ හොඳද.
කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, මහරගම..
කොහෙන් කෑවත් එකයි. මේසෙට එන්නෙ කෙලින්ම දීසියක් පිරෙන්න.. මිරිස් තුනපහ, කිරි මදි නොකියන්න දාලා හදපු නොම්මර එකේ ජැෆ්නා ස්ටයිල් කට්ල්ෆිෂ් කරියක්. ඇත්තම කියනව නම් මේකට හරියන්නෙම.. උණු උණු පෝරණු පාන්ගෙඩියක් තමයි. ඒත් ඉතින් මොනව කරන්නද, මෙයාලා ලඟ ඒවා නෑනෙ. ඒ නිසා ගන්න බිරියානියක් හරි ප්ලේන් බතක් හරි..
හම්මෝ.. රු. 400-600ට ඉස්මුරුත්තාව වගේ කියයි!
කිසි කතාවක් නැතුව ඔ්ඩර් කරන්න යාළු කට්ල්ෆිෂ් රයිස් ඇන්ඩ් කරි එකක්. රු. 300-400 වගේ යන්නෙ. ආයෙ.. ලොකු බඩගින්නක් නෙවේ නම් බාග වෙලාවට දෙන්නෙක්ටත් ඇති. එළවළු ජාති 4ක් එක්ක, උණු උණු සුදු බතයි.. තුනපහ, කිරි පදම නූලට ගලපපු සැර ටිකක් වැඩි වෙන්න අපිට හරියන්නම තියාපු නොම්මර එකේ ජැෆ්නා කට්ල්‌ෆිෂ් කරියයි..
බඩ පැළෙයි, රස නහර පිනායයි කිව්වලු.
කොල්ලුපිටි, බම්බ, ගල්කිස්ස.. තව ගොඩක් තියෙනව. හැබැයි කට්ල්ෆිෂ් කරිය හොඳට හැදෙන්නෙ. කොල්ලුපිටියෙයි, ගල්කිස්සෙයි තමයි. ම්.. හේතුව මොකක් වුනත් අපිට වැඩක් නෑ. වැඩේ තියෙන්නේ.. කරියත් එක්ක ගන්න ජාති ටික තෝරන එක. ඇත්තම කියනව නම් ගොඩක් සැර නැති, කිරි රසට ටිකක් බර මෙයාලගෙ කට්ල්ෆිෂ් එක.. මම නම් හිතන්නෙ බත් එක්ක තමයි හොඳටම යන්නෙ. නැත්නම් ඉතින් ඉඳි ආප්ප වගේ දෙයකුත් නරකම නෑ. ඒත් ඉතින් එයාල ලඟ ඒවා නෑනෙ.
ආහ්.. එලයිට් කට්ල්ෆිෂ් එකේ ගාණ.. රු. 500ක් වගේ මතක හැටියට, හ්ම්..
Countries that let you in without a fuss with your Lankan passport
A cafe down Jawatta Road with good food, soothing vibes and all right coffee.
Cafes with good work environments.
Popeyes, the American, multinational, fast food chain of fried chicken is now open in Sri Lanka.
Post-lockdown high tea seshs in Colombo.
Delete Comment