වයස් බේද නැතුව ඉගෙන ගන්න; ලෝකෙ හොඳම සටන් ක්‍රම ක්‍රම 6ක්.

‘මාර්ෂල් ආර්ට්’, සිංහලෙන් කියන්නෙ ආත්මාරක්ෂක සටන් ක්‍රම කියල. වචනෙ තේරුම ඒ හැටි ගැලපෙන්නෙ නැති වුනාට මේ ආර්ට් එකෙන් නම් අපේ ජීවිත වලට ගලප ගන්න ඕන තරම් දේවල් තියෙනව. හික්මීම, විනය වගේම ආරක්ෂාව කියන්නෙත් ඒ අතරෙ උඩින්ම තියෙන දේවල්. එතනින් එහාට ගියාම හිතේ ඒකාග්‍රතාවය රැක ගන්නත්, ඒ තුලින් වියවුල් මනස සරිකර ගන්නත් හරිම ලේසියි.

ඔය වගේ කාරණා නිසාම තමයි වර්තමානය වෙද්දි ගොඩ දෙනෙක් මේ ආශ්‍රිත ක්‍රියාකාරකම් වලට පෙළඹිලා තියෙන්නෙ. උදාහරණයක් විදියට ගත්තොත් ‘යෝග භාවනා’ ට්‍රෙන්ඩ් එක හඳුන්වන්න පුලුවන්. හැබැයි වැඩේ තියෙන්නෙ අපේ රටවල්වල තියෙන අවිධිමත් සංස්කෘතිය නිසා ‘යෝග’ නෙවෙයි ‘ආනාපානසතිය’ වැඩුවත් සමාජයට ගියාම මනස වියවුල් වෙන ගතිය සෑහෙන්න වැඩියි. ඇයි ඉතින් අසාධාරණය ඉහටත් උඩින්නෙ.

අන්න ඒ නිසයි අපි කල්පනා කලේ අසාධාරණයට එරෙහිව නැගිටින්න උවමනා අයට එහෙමයි, හැම දේම ඉවසා වදාරන්න ඕන අයට එහෙමයි, ගන්න පුලුවන් ක්‍රම වේදයක් කියන්න. නිකම් නෙවෙයි, ඒ ක්‍රමවේද වෘත්තීය වශයෙන් පවා හදාරන්න තියෙන තැනුත් එක්කම.

එහෙනම් ඉතින් හොඳ එකක් අල්ලල පටන් ගමුකො බලන්න කට්ටියත් එක්ක. ආයෙ ගලේ කෙටුව වගේ කිව්වහැකි, ජීවිතේට පාඩුවක් නම් වෙන වැඩක් නෙවෙයි මේක.

1. Krav Maga

මෑත ඉතිහාසයේ බිහිවුනු අති බිහිසුණුම සටන් ක්‍රමයක්. ඊශ්‍රායලයෙ, ඉම්රිච් ලිචෙන්ෆෙල්ඩ් කියන පුද්ගලය අතින් තමයි මේකෙ උත්පත්තිය සිද්ධ වෙන්නෙ. මේ සටන් ක්‍රමයෙ බිහිසුණු බව කොච්චරද කියනව නම් මේක ‘ආර්ට්’ එකක් විදියටවත් ‘ස්පෝර්ට්’ එකක් විදියටවත් හඳුන්වන්නෙ නැති තරම්. මොකද මේකෙදි පුරුදු පුහුණු කරන්නෙ කෙටි වේලාවක් තුල, පහර දීම් පොඩි ගණනකින් සතුරව අඩ පණ කරන විදිය. ඒ පහර දීම් සතුරගෙ දුර්වලම තැන් ඉලක්ක කරගෙන සිද්ධ වුනාම බාග වෙලාවට සතුරගෙ පණ නැතිම වෙලා වුනත් යන්න පුලුවන්. කොහොම වුනත් කියන්න සන්තෝසයි, ‘මික්ස් මාර්ෂල්’ ඝනයට අයිති මේ සටන් ක්‍රමය ලංකාවෙත් ඉගෙන ගන්න තියෙනව. හැම තැනම නෙවෙයි, Sri Lanka Krav Maga, Kapap Lanka Intitute, IKMF, kravmagasrilanka.com වගේ තැන් වල.

2. Muay Thai

තායිලන්තයෙ බිහිවුනු සුපිරි ගණයේ සටන් කලාවක්. 1800 ගණන් තමයි මේ කලාවෙ ස්වර්ණමය අවධිය වෙන්නෙ. මේක තායිලන්තයෙ ජාතික ක්‍රීඩාව විදියටත් හඳුන්වනව. ‘තායි කික් බොක්සිංග්’ කියන්නෙත් මේකටම තමයි. සටන් ක්‍රමයක තියෙන්න ඕන හැම ගුණාංගයකින්ම හෙබි මුආ තායි, ‘බාහු අටේ විද්‍යාව’ කියන අපූරු වචනෙන් තමයි ලෝකෙට එන්නෙ. ‘පහර දීම්’ වලින්ම නිර්මාණය වුනු මේ සටන් ක්‍රමයෙ තියෙන අමුතු ලස්සන නිසාම පහුගිය කාලෙ ඇතුලත, ලංකාවෙත් මුආ තායි සෑහෙන්න ප්‍රසිද්ධ වුනා. එහෙනම් මතක තියා ගන්නකො ලංකාවෙ මුආ තායි ඉගෙන ගන්න තියෙන තැන් ටික. Muay Thai Sri Lanka, Muay Thai Centre

3. Tae Kwon Do

කකුලෙන් වැඩ දාන තවත් සුපිරි සටන් ක්‍රමයක්. කොරියාවෙන් තමයි මේ සටන් ක්‍රමය ලොවට දායාද වෙන්නෙ. පහර දීම් වගේම වැළැක්වීම් වලිනුත් හොඳ හැටි සමන්විත ටයික්වොන්ඩු, සමබරතාවය ඉහලින්ම අගයන ක්‍රීඩාවක්. ඒ වගේම හරි අපූරු කලාවක්. හැරත් ගොඩ දෙනෙක් මේ තුලින් විනය, හික්මීම වර්ධනය කරගන්නත් පෙළඹෙන නිසා අපේ රටේ ඉස්කෝල වල පවා දැන් දැන් ටයික්වොන්ඩු තියෙනව. ඉතින් ටයික්වොන්ඩු ඉගෙන ගන්න කැමති අය ඉන්නව නම් මේ තැන් වලට සෙට් වෙන්න. Sri Lanka Tae Kwon Do Association, Sri Lanka Tae Kwon Do Federation

4. Kung Fu

චීනයේ නිර්මාණය වුනු සුපිරි නිර්මාණ අතරින් උඩින්ම තියෙන එකක් තමයි කුං ෆු කියන්නෙ. ඒක සටන් කලාවක් වගේම ක්‍රීඩාවක්. එ් වගේම තමයි කුං ෆු ලෝකයේ පැරණිතම සටන් කලා අතරින් එකක්. ක්‍රි. පූ. 2600කට එහා ඉතිහාසයක් කුං ෆු වලට තියෙනව. හැබැයි කවුරුත් දන්න කියන ෂැවොලින් හාමුදුරුවරු කුං ෆු වලට එන්නෙ ඔය කියන අවධියෙ. බිහිසුණු නොවන, ඒත් අතිශය සුන්දර වන ‘මික්ස් මාර්ශල් ආර්ට්’ ගණයට වැටෙන කුං ෆු වල තියෙන විශේෂත්වය තමයි අනිත් බොහෝමයක් සටන් ක්‍රම වලට වඩා, මනස එක්ක ගණුදෙනු කරන එක. ඒ නිසා ගතයි හිතයි දෙකම කැටි කරල සුපිරි වැඩක් ගන්න කැමති අයට මෙන්න, ලංකාවෙ කුං ෆු ඉගෙන ගන්න තියෙන තැන් ටික. Sri Lanka Shaolin Kung Fu School, Sri Lanka Chinese Kung Fu Academy, Sri Lanka Kung Fu School

5. Wing Chun

මේකත් චීන නිර්මාණයක්. වින්ග් චන් වල තියෙන විශේෂත්වය තමයි වේගය. අධික වේගයකින් පහර එල්ල කරන්න වගේම එක පහරක් වලක්වන ගමන් අනිත් පහර එල්ල කරන්න, එතකොට ඒ පහර සතුරාගෙ දුර්වල තැනකට එකවර ඉලක්ක කරන්න, තමන්ගෙ ඇඟේ තියන මුලු බලයට ආසන්න බලයකින් පහර එල්ල කරන්න වගේ වැඩ කිඩ තොගයක් මේ සටන් කලාවෙ තියෙනව. ඒ හැරුනාම, වින්ග් චන් මිටි පුද්ගලයින්ට සෑහෙන්න වටින සටන් කලාවක් විදියටත් හඳුන්වා දීලා තියෙනව. ඉතින් මේ සුපිරි, වේගවත් සටන් කලාව ඉගෙන ගන්න කැමති අයට පුලුවන් Sri Lanka Shaolin Kung Fu School, Sri Lanka Chinese Kung Fu Academy, Sri Lanka Kung Fu School, Wing TSJun, Sri Lanka Wing Chun School වගේ තැන් වලට යන්න.

6. Aikido

ඉගෙන ගන්න ලේසි වගේම වැඩි මහන්සියක් නැතුව, ඒ කියන්නෙ සතුරා එල්ල කරන පහරෙ බලයම ප්‍රයෝජනයට අරගෙන ප්‍රති ප්‍රහාරය එල්ල කරන ආකාරය ඉගැන්වෙන අපූරු සටන් ක්‍රමයක්. වැඩි දැඟලිලි කෙරිලිත් නෑ. අත් දෙක තමයි වැඩි හරියක්ම භාවිතා වෙන්නෙ. අයිකිඩෝ වල ගොඩක්ම තියෙන්නෙ වැළැක්වීම්. හැබැයි එල්ල කරන පහර දෙක හරිම තැනට එකවර එල්ල කරන විදියත් මේ සටන් ක්‍රමයෙ අඩංගුයි. ජපානයෙන් බිහිවුනු මේ වෙනස්ම සටන් ක්‍රමය පුරුදු පුහුණු කරන්න ආස අය මෙන්න මේ තැන් වලට යන්න. Sri Lanka Aikido Association, Aikido Tai Gaku Kan Sri Lanka, Sri Lanka Aikido, Ki Aikido Sri Lanka

මේ හැරුනාම යාළුවනේ නින්ජාට්සු වගේ සුපිරි ගණයේ සටන් ක්‍රමත් තියෙනව, ඒත් අපේ රටේ ඒව ඉගෙන ගන්න හරි හමන් තැනක් තවම නෑ. එතකොට, අපි මෙතනදි නොකිව්වට කාරාටේ, බොක්සිංග් කියන්නෙත් ගොඩක් වටින කියන සටන් ක්‍රම දෙකක්. ආ… ඒක නෙවෙයි, මෙතනට ඔයාලා දන්න අපි නොදන්න සටන් ක්‍රම එහෙම තියෙනව නම් ඒවත් එකතු කරන්න ඕන. අනිත් කාරණය තමයි අපි මේ කියපු කරුණු වල වැරදි තියෙනව නම්, ඒව නිවැරදි කරන්නත් අපිට උදව් කරන්න ඕන හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Caterers for your events 2024

Written by Fathima Rukaiya, When planning an event, finding the perfect catering spot can be

Highlights Kamu

Top Burger Joints of 2024

Written by Fathima Rukaiya, Who doesn't adore a juicy, mouthwatering burger? But finding the ideal

Highlights Kamu

Ramada Colombo: Break Your Fast in Style with a Luxurious Iftar

Written by Shamrina CIt’s that holy month of the year again for all Muslims around

Highlights Kamu

A blissful evening at The Sheraton Colombo

https://www.tiktok.com/@yamusrilanka/video/7350182026114338050 Nestled in the heart of Colombo, the Sheraton Colombo hotel epitomizes luxury and sophistication.

Highlights Kamu

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

A Culinary Journey Through the Middle East: Ramadan Iftar Buffet at Cinnamon Grand Courtyard 

By Shamindri De Sayrah Embark on a culinary adventure through the Middle East this Ramadan

Kamu

Trending.

Hayleys Leisure Training Academy Celebrates Its Second Graduation Ceremony at Amaya Lake, Dambulla

The Hayleys Leisure Training Academy, a pioneering initiative by Hayleys Leisure, held its second graduation

Trending

RTC GOVERNOR’S CUP RACE RESULTS SHEET

RACE 01 : HPSL SUPER CHALLENGE TROPHY  PLACE HORSE  NAMEOWNER JOCKEY TRAINER1st Place ZULU  FANTASYMr. & Mrs.Edwards Akash Agrawal S.D.Mahesh2nd Place STREET CAT Mr.Hasanga Jayaratne

Trending

Introducing the Claw: MSI’s First Handheld Gaming Device Powered by Intel Core™ Ultra Processor

As AI technology continues to make waves globally, MSI, a leading laptop brand, has adeptly

Trending

MSI’s Innovation Unleashed: The New 18-Inch Gaming Laptop Family and Sleek, High-Performance Productivity Laptops

Written by Fathima Rukaiya, MSI, a premier laptop manufacturer, has unveiled its latest 18-inch gaming

Trending

MSI Unveils New Laptops Tailored for Content Creators: The Content Creation Series

MSI has unveiled an updated range of laptops designed specifically for content creation, introducing new

Trending

Unveiling the Latest MSI Gaming Laptops: A Detailed Look at High-Performance and Mainstream Options

MSI, a distinguished name in the world of laptop manufacturing, has recently unveiled its latest

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide