අවුලක් ගන්න එපා යාළු. ඔය පළවෙනි නිවාඩුවනෙ. ඒක සතිය මැද්දෙ වැටුණට ටික මාසයක් යද්දි හරියයි!
හැබැයි මෙහෙමයි. පළවෙනි නිවාඩුව ය, සතිය මැද්දෙ වැටුණා ය කියල එදාට ගෙදරට වෙලා ඉන්න බෑ. ඒකටත් අනිවා කොහේ හරි යන්න ප්ලෑන් කරන්න ඕන. වාහනෙන්, බයිසිකලෙන් බැරි නම් අඩුම තරමෙ බස් එකේවත්. ඒ විතරක් නෙවෙයි, යාළුවො එන්න බෑ කිව්වොත් ගෙදර අය, ආදරණීයයන්, කවුරුත්ම නැත්නම් තනියම හරි යන්න ඕන. මොකද තනි දවසෙ ටුවර් එක නිසා ලොකු අවුලකුත් නෑනෙ. අනික උදෙන් ම ගියා නම් හිතේ හැටියට සන්තෝස වෙලා, නාලා කරල රස කෑම ටිකක් එහෙමත් කාලා, සොබාදහමත් හිතේ හැටියට විඳගෙන එන්න පුළුවන්.
ඒ නිසා අපි කල්පනා කළා ඔයාලගෙ ටුවර් එක ප්ලෑන් කර ගන්න පොඩි සපෝට් එකක් දෙන්න. හැමදාමත් වගේ අපූරු අපූරු තැන් ටිකක් කියන්න. එහෙනම් බලන්නකො. හැබැයි බලන ගමන් පොඩි ප්ලෑනකුත් ගහගත්ත නම් තමයි වැඩේ තවත් ලේසි වෙන්නෙ.
පෝය දවස නිසා බැතිමත් පිරිසට නම් සෑහෙන්න වටීවි. හැබැයි, අනිත් කට්ටිය කියල ඔහේ ගිහින් බෑ. හරි පිළිවෙළකට යන්න ඕන හොඳද?
මෙතනට යන්න තියෙන්නෙ කඩුවෙල, දංගල්ල හරහා මීතිරිගලට ගිහින්. එතනින් ආරණ්‍ය සේනාසනය කොහෙද කියල ඇහුව නම් ඕන කෙනෙක් පෙන්නයි. මොකද එක පාරක් ගිය කෙනෙක්ට වුණත් සදාකල් මතක හිටින තැනක්. නිතර දෙවේලෙ භාවනා වැඩ කටයුතු සිද්ධ වෙන මෙතන, පෝය දවස්වලට විශේෂ ධර්ම සාකච්ඡා පවා තියෙනව. හැබැයි ඉතින් තනිවෙලා ඉඳගෙන ධර්මය මෙනෙහි කරන්න සුදුසු ගල්ලෙන්, විශාල රුක් ආසන වගේ ඒවා නම් මෙතන ටිකක් අඩුයි. ඒත් ඉතින් ඇවිද ඇවිද කුරුල්ලො බලන්න නම් කියාපු තැන.
මේක තියෙන්නෙ කිතුල්ගල, බෙලිලෙන හංදියෙ. නමේ පරිසමාප්ත අර්ථයෙන්ම, අතිශය ඇඩ්වෙන්චර් විදියට වැඩේ කරගෙන යන මෙයාලා ළඟ නැති ඇඩ්වෙන්චර් ස්පෝර්ට් එකකුත් නැති තරම්. වෝටර් රාෆ්ටින්ග්, කැයොනිග්, ඇබ්සෙලින්ග් වගේ සුපිරි ඇඩ්වෙන්චර් ඇක්ටිවිටීස් අතරට පොඩ්ඩන්ට ගැලපෙන එක එක රෝප් ඇක්ටිවිටීසුත් මෙයාලා ළඟ තියෙනව. ඒ හැරුණාම ඉතින් ට්‍රෙකින්ග්, සයික්ලින්ග්, වයිල්ඩ් කෑම්පින්ග් වගේ ඒව කොහොමත් තියෙනවනෙ. වැඩ්ඩො ඉන්නව නම් ක්ලිෆ් ඩයිවින්ග්, ස්ලයිඩින්ග් වුණත් කරන්න පුළුවන්. සිලෝන් ඇඩ්වෙන්චර්ලගෙ විශේෂත්වය තමයි, ඔයාලා සහභාගි වෙන මේ හැම වැඩකදිම එයාලගෙ කෙනෙක්, පරිස්සමට පිටිපස්සෙන් ඉන්න එක. ඒ නිසා ඔයාට බය වෙන්න කාරණාවක් නම් ඇත්තෙ ම නෑ.
කොළඹට ගොඩක් ම කිට්ටු තැනක්. ඉංගිරිය කිව්වාම හුඟ දෙනෙක් දන්නවත් ඇතිනෙ. ඉංගිරියෙන්, බෝධිනාගල හරහා දොඹගස් කන්ද රක්ෂිතයට ගියා නම් බෝධිනාගල ආරණ්‍ය සේනාසනය වැඳපුදා ගන්න එක ඒ හැටි දෙයක් නෙවෙයි. හැබැයි කැලේ මැදින් පැය බාගෙක විතර පා ගමනක් යන්න තියෙනව. කළු ගං මිටියාවතේ තියෙන අපූරු පිහිටීම මේ ආරණ්‍යය අවට පරිසරය නම් හරිම නිස්කලංකයි. කුරුලු කොබෙයියොත් එමටයි. භාවනා කරන්න වගේම නිදහසේ ඇවිදින්න කරන්නත් කියාපු පරිසරය. මොකද ගල් තලා, පුංචි දිය පාරවල් එහෙමත් හොඳ හැටි තියෙනවනෙ.
යාළුවොත් එක්ක සෙට් වෙලා කරන්න සුපිරි වැඩක්. සොබා සෞන්දර්යයෙන් පිරිච්ච පාරක් දිගේ බයිසිකල් සවාරියක්.
මුලුමනින්ම කැලේ මැද්දෙන් වැටුණු පාරක තමයි යන්න තියෙන්නෙ. කිලෝමීටර 80කට එහා පැත්තෙ තියෙනව. පැය 4ක විතර ගමනක්. පටන් ගන්න තියෙන්නෙ රත්නපුරෙන්. අරගෙන වෙවෙල් වත්ත පාර දිගේ යන්න ඕන. ඒ අතරෙදි කටුගස් ඇල්ල එහෙමත් බලා ගන්න පුළුවන්. කළු ගඟ දිගේ සෑහෙන්න දුරක් වෙනකම් වැටිලා තියෙන මේ රයිඩ් එක ඊට පස්සෙ එකතු වෙන්නෙ බඹරකොටුව ගඟට. ඔය විදියට ඉස්සරහට ගියාම කැලේ ඇතුළෙ හැංගිලා ඉන්න දෙහෙන ඇල්ල, මෝහීනී ඇල්ල එහෙමත් මුණ ගැහෙනව. වෙවෙල් වත්ත පහුවෙද්දිම වගේ හමුවෙන බේරුවත්ත ඇල්ලත් හරිම ලස්සනයි. කොහොම වුණත් බඹර ඇල්ල, රාස්ස ගල පැත්තට කිට්ටු කරන්න නම් පාන්දරින්ම පිටත් වෙන්න වේවි.
මීගමු පාරෙන්, ජා ඇල-ගණේමුල්ල පාරට දාලා කිලෝමීටරයක් විතර ගියා නම් ගුරුගේ නේචර් පාර්ක් එකට යන්න පුළුවන්. ඇත්තටම ෆැමිලි ට්‍රිප් එකක් යන්න කියාපු තැන. බෝට්ටු පදින්න, සත්තු බලන්න, හිතේ හැටියට සොබා සෞන්දර්යය විඳින්නත් පුළුවන්. ඇතුල් වෙන්න රු. 500ක වගේ ටිකට් එකක් ගත්තට පාඩු නෑ. මොකද කෑම බීම, අඩු පාඩුත් ඇතුලෙන් ම ගන්න පුළුවන්නෙ.
මීගමුව කලපුව අවට පරිසරයත් හැන්දෑවට හරිම ලස්සනයි. රතු පාට ඉර බැහැගෙන යද්දි, රුවල් ඔරු විමානෙක බෝට්ටු සවාරියක් යනව කියන්නෙ? පිස්සු හැදෙනව ඉතින්. අනික ඒ පැත්තෙ රෑ වෙන්න, රෑ වෙන්න කොහොමත් පාර්ට් සීන් එකක් තියෙන්නෙ. අපි මේ කියන්නෙ රෑට පාර්ටි දාන්න කියලම නෙවෙයි ඊට කලින් දවල් වරුවෙ මෝටර් බෝට්ටුවක් අල්ලගෙන සවාරියක් යන්න කියල. කලපු කුරුල්ලො බලල, කඩොලාන හෙවණට වෙලා රෙස්ට් එකේ ඉඳල එහෙම. අනික බ්‍රවුන් බීච් පැත්තෙ බැහැලා පොඩියට මොනව හරි කරන්නත් බැරියැ නේ…
හැබැයි ඉතින් එකක් මතක තියාගන්න ඕන. කට්ටිය එක්ක ගියත් තනියම ගියත් හොඳ සිහි කල්පනාවෙන් විශේෂයෙන්ම තමන්ගෙ ආරක්ෂාව බලා කියාගෙන පරිස්සමට ආපහු ගෙදර එන්න. මොකද ඇවිදින්න කරන්න තව නිවාඩු ඉස්සරහටත් තියෙනවනෙ!
A list of 15 places for your next day outing.
Post-lockdown high tea seshs in Colombo.
Where, how, and why to find love in the paradise island.
Day outing packages available in and around Colombo.
Countries that let you in without a fuss with your Lankan passport
Delete Comment
Mihiran Kulathunga
Superb article Brother 🙏☝️🌳
Nalaka
The waterfall photo posted under trip #4 is from Nallathanniya road (road to Sri Paadaya). This fall is also called Mohini Ella. Looks like you have googled for that name and found the photo; in fact the same photo is published in this URL http://hotelwhiteelephant.com/gal.html
So, please replace it with a genuine one from route #4. Thanks.
Sajith
1. Mithirigala, Nissarana Forest Reserve
Open time - 12pm to 1.30pm only. Visitors should know about this. Otherwise you can't visit there without special purpose.