සුවපහසුව විතරක් ම නෙවෙයිනෙ යාළු...
සමහර වෙලාවට අපිට ඕන හිතේ නිදහසින්... ලස්සන දෙයක් දිහා බලාගෙන රස කෑම බීම රස බලන්න. එහෙම නැත්නම්... අඩියක් පුඩියක් තොලගාන ගමන් රස බයිටක් හපහපා... හුළං පාරක් වැදෙන තැනක, නිදහසේ මනෝ පාරක් ගහන්න...!
ඉතින්... එහෙම දෙයක් ඕන වෙච්ච වෙලාවක, බලන්නකො මේ ලැයිස්තුව. තියෙනව කොළඹ හතරවටේ ලස්සනම විව් තියෙන, ගාණත් ඉතාම සාධාරණ සුපිරි අවන්හල් ටිකක්...
තලපත්පිටිය වැව් තාවුල්ලේ... වෙල් යායට ඔන්න මෙන්න කියල පිහිටල තියෙන ලීවලින් ඉදිවුණු අපූරු අවන්හලක්. මුලු වටපිටාවම ගස්කොළන්වලින් වැහිලා... ඉස්සරහ විතරක් තියෙනව විව් එක... වෙල්යායෙ ඉඳන් වැව් ඉස්මත්තටත් එපිටට ම. ඒ විතරක් නෙවෙයි යාළු, අවන්හල වටවෙලා තියෙන පොකුණ ටික... ෂැහ්, පංකාදුයි ආ... අනික මෙයාලගෙ කෑමත් හරි රහට හැදෙනව. ගණනුත් යන්නෙ රු. 500-1000න් වගේ. ම්... පිටින් ගෙනිහින් ඔය බීර එකක් එහෙම බිව්වත් මෙතන කිසිම අවුලකුත් නෑනෙ!
නාවල වැලිපාර්ක් පිටිපස්සෙ ඇල අයිනෙ... උස බිල්ඩිමක උඩම තට්ටුවක!
හොඳ සුවපහසු මේස පුටු, සෝෆා දාලා හදපු සුපිරි අවන්හලක්. මෙතන හතර වටේටම පේන්නෙ කොළඹ තියෙන උසම ගොඩනැගිලි... හැබැයි හැන්දෑවට? ඒ ගොඩනැගිලි අතරින් ඉර බැහැගෙන යනකොට තියෙන ලස්සන...
අමුතුම ගතියක් තියෙනව යාළු ඒකෙත්. අනික... ඒ අතරට, රු. 600ඉඳන් උඩට, මේසෙට එන මෙයාලගෙ රසම රස බයිට් ඩයට් ටිකත් එක්ක සැර වීදුරුවක් තොල ගාන්න වුණත්... ඒ ලස්සන අහස හොඳටම ඇතිනෙ.
බොරලැස්ගමුවෙ... වෙල් යායක් පේන දුරින් ඉදිකෙරුණු මේ අපූරු අවන්හල, අවන්හල් භූමිය ඉස්සරහ ම හදාපු පුංචි තෙත්බිමකට තමයි මුහුණ ලා තියෙන්නෙ. ඉතින්... ලස්සන විව් එකක් විතරක් නෙවෙයි, මේ උඩතට්ටුවට නැගල අයිනක් අල්ලගත්තාම කුරුලු කොබෙයියො දිහා බලාගෙන වුණත් මනෝ පාරක් ගහන්න පුළුවන්. ඒ අතරට ඉතින් රු. 600න් වගේ උඩ... රස කෑම මොනවහරි, පිටින් ගෙනිච්ච සැර ජාති මොනවහරි වුණත් හෙමි හෙමිහිට ළංකරගන්න බැරියැ...
මේක නම් කෙළින්ම... බොරලැස්ගමුව වැවට මුහුණලා හදල තියෙන්නෙ. ඊටත් උඩතට්ටුව නිසා විව් එක ගැනත් කියන්න වචන නැතිතරම්. හැන්දෑවට ඉර බැහැගෙන යනකොට ආයෙ ඉතින්... පිටින් අරගෙන ගිහින් බීර වීදුරුවක්... බාගයක්, කාලක් ළංකරගත්ත නම්, රු. 500 ඉඳන් උඩට, මේසෙට එන මෙයාලගෙ පංකාදු කෑම බීම ටිකක් එක්ක... හිතේ හැටියට ඉගිල්ලිලා යන්න තියෙන්නෙ යාළු, හ්ම්...!
කිව්වට තරහ ගන්න එපා. ඇත්තටම මේක කොළඹින් ටිකක් එළියෙ, පානදුර බීච් එකේ තියෙන්නෙ. හැබැයි සාමාන්‍ය බීච් රෙස්ටුරන්ට් වගේ නෙවෙයි, වීදුරුවලින් ලස්සනට ඈත මුහුද පේන විදියට තමයි හදල තියෙන්නෙ. ඒ නිසා මුහුදු හුළං කාගෙන ඉන්න ඕනත් නෑ, හැබැයි එහෙමයි කියල ලස්සන දර්ශන තලය අහිමි වෙන්නෙත් නෑ... ම්... මෙයාලගෙ කෑමත් සෑහෙන්න හොඳයි. හැබැයි වැඩි හරියක්ම සීෆුඩ් තමයි. ගණන් යන්නේ... රු. 700න් වගේ. සැර ජාතිත් මෙතනම තියෙන නිසා වැඩේ තවත් ලේසියි ඉතින්...
A cafe down Jawatta Road with good food, soothing vibes and all right coffee.
තේ කෝප්පයක් නැතුව ගෙවන්න බැරි වෙලාවක්!
Countries that let you in without a fuss with your Lankan passport
We tasted every locally brewed and available beer. In the name of science!
Cafes with good work environments.
Delete Comment