Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Bread Teaser Top Banner -temporary
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Coffee post sidebar 1-1959 only

අඩු වියදමින් දීප්තිමත් කෙස් කළඹක් ලබාගන්න පහසු ක්‍රම 6ක්

ගෙදරදොරේ එදිනෙදා හොයාගන්න පුළුවන්…

Posted by

කොණ්ඩෙට ෂැම්පු කන්ඩිෂනර් අනංමනං දාල කොයි තරම් වියදම් අධික සත්කාර කළත් පලක් නෑ වගේ ද? 

එහෙනං මේ ක්‍රම කීපය අත්හදා බලන්න. ගෙදරදොරේ එදිනෙදා හොයාගන්න පුළුවන් දේවල් පාවිච්චි කරලා සකස් කරගන්න පුළුවන් ස්වාභාවික ක්‍රම කීපයක් තමයි මේ. හිසකෙස් නිරෝගිමත් කරන්න වගේ ම දීප්තිමත් කරන්නත් මේ ප්‍රතිකර්මවලින් පුළුවන්.

අලිගැටපේර මාස්ක්

ඉදුණු අලිගැටපේර ගෙඩියක මදයට, ඔලිව් ඔයිල් තේ හැන්දක්, මීපැණි තේ හැන්දක් සහ බිත්තරයක් එකතු කරලා හොඳින් කලවම් කරලා මේ මාස්ක් එක හදාගන්න පුළුවන්. ඉන්පස්සේ මිශ්‍රණය හිස්කබලේ ඉඳන් කොණ්ඩේ අගට ම යන තෙක් හොඳින් ආලේප කරන්න. විනාඩි විස්සක් තියලා මඳ උණු වතුරෙන් සෝදා හරින්න.

කෝමාරිකා මාස්ක්

කෝමාරිකා කියන්නේ හුඟක් දේවල්වලට ඖෂධයක් විදිහට පාවිච්චි කරන දෙයක් නේ. ඉතින් එක කෝමාරිකා ඉත්තක ජෙල් එක හූරල අරන්, ඒකට ආමන්ඩ් ඔයිල් තේ හැන්දක් මිශ්‍ර කරන්න. හොඳින් කලවම් කරලා හිසකෙස්වල ආලේප කරන්න. ඉන්පස්සේ පොලිතින් එකකින් හිසකෙස් ආවරණය කරගෙන විනාඩි විස්සක් ඉන්න. මඳ උණු වතුරෙන් සෝදා හරින්න.

කෙසෙල් මාස්ක්

හිස්හොරිවලින් මිදෙන්න හොඳ විසඳුමක් තමයි කෙසෙල්වලින් හදාගන්න මේ මාස්ක් එක. ප්‍රමාණයෙන් ලොකු අලුත් කෙසෙල් ගෙඩියක් පොතු ඇරලා හොඳට පොඩි කරලා, ඒකට මීපැණි තේ හැන්දක් එකතු කරන්න. මිශ්‍රණය කෙස්වල ගලවලා විනාඩි විස්සක් තියන්න. කලින් වගේ ම මඳ උණු වතුරෙන් සෝදා හරින්න.

පොල්තෙල් මාස්ක්

හිසකෙස්වල පොල්තෙල් ගාන එක අපේ සංස්කෘතිය ඇතුළේ අමුතු දෙයක් නෙවෙයි. ඒත් නිකම් ම පොල්තෙල් ගාන එක වෙනුවට දැන් මේ ක්‍රමය අත්හදා බලන්න ඔබට පුළුවන්. කැනෝලා ඔයිල් මේස හැඳි හතරක් සහ පොල්තෙල් අවශ්‍ය පමණට භාජනයකට දාලා, ඒකට බිත්තර දෙකක් දාලා හොඳින් මිශ්‍ර කරන්න. කොණ්ඩේ ආලේප කරන්න. මඳ වෙලාවක් තියලා සෝදා හරින්න. සතියකට වරක් පමණ කරන්න පුළුවන් නම් වඩාත් ප්‍රතිඵලදායකයි. 

බේකිං සෝඩා ෂැම්පු

මේක පිරිමි පාර්ශ්වයට විශේෂයෙන් වැදගත්. කොණ්ඩේ යනවා නම්, වැවීම වේගවත් කරගන්න මේක හොඳ ප්‍රතිකර්මයක්. වතුර මේස හැඳි නවයකට බේකිං සෝඩා මේස හැඳි තුනක් දාලා ෂැම්පු එක හදාගන්න. හිස්කබලේ ඉඳන් කොණ්ඩේ අගට යනකන් හොඳින් ආලේප කරන්න. විනාඩි 1-3 තියලා හොඳින් සෝදා හරින්න. දිනපතා කළොත් මුල් ම ප්‍රතිඵල සතියකිනුත්, හොඳ ප්‍රතිඵල මාසෙකිනුත් ලබන්න පුළුවනි.

ඇස්ප්‍රින්

මේක ටිකක් අමුතුයි වගේ පෙනෙයි. ඒත් ඇත්තට ම ඇස්ප්‍රින් පෙතිවලින් කොණ්ඩෙට ලොකු වෙනසක් කරන්න පුළුවන්. පෙති බීලා නෙවෙයි, පෙති ෂැම්පුවලට මිශ්‍ර කරලා කොණ්ඩේ ගාලා! මුලින් ම කරන්න තියෙන්නේ ඇස්ප්‍රින් පෙති දෙකක් ඔබ සාමාන්‍යයෙන් පාවිච්චි කරන ෂැම්පුවල දිය කරලා කොණ්ඩේ ආලේප කරන එක. හිස්කබලෙත් හොඳින් ආලේප කරන්න අමතක කරන්න එපා. විනාඩි කීපයක් තියලා මඳ උණු වතුරෙන් සෝදා හරින්න. ඉන්පස්සේ තව පෙති දෙකක් අරං නිකම් ම උණු වතුර එක්ක මිශ්‍ර කරලා දිය කරලා, හිසකෙස්වල ආලේප කරන්න. විනාඩි දහයක් තියලා මඳ උණු වතුරෙන් නැවත සෝදා හරින්න.

Leave a comment