Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

පරිස්සම් වෙන්න: ගංවතුර නිසා වැළඳෙන්න පුළුවන් ලෙඩ රෝග 6ක්

මේ පිරිසිදු කිරීම් කටයුතු වල යෙදිල ඉන්න හැමෝම…

Posted by

කොළඹ අවට ප්‍රදේශවල ගංවතුර තත්වය ටිකෙන් ටික අඩු වුනත් තවමත් ජන ජීවිතය නම් යථා තත්වයට පත්වෙලා නෑ. ගොඩක් දෙනා දණක් වතුරෙ බැහැගෙන තමන්ගෙ ගෙවල් දොරවල් පිරිසිදු කරනව. ඒ අතරෙ මේ කර්තව්‍යයන් වලට උදව්වෙන්නත් ගොඩ දෙනෙක් සැදී පැහැදී ඉන්නව. කොහොම වුනත් ගං වතුර කියන්නෙ මුළුමනින්ම විෂබීජවලින් පිරුණු දෙයක්. ඉතින් මේ පිරිසිදු කිරීම් කටයුතු වල යෙදිල ඉන්න හැමෝම දැන ගන්න ඕන කාරණාවක් තමයි ගංවතුරෙන් පස්සෙ හිස ඔසවන ලෙඩ රෝග ගැන. ඒ නිසා YAMU අපි හිතුවා ප්‍රධාන වශයෙන්ම ගංවතුර නිසා බෝවෙන ලෙඩ රෝග ටිකක් ගැන ඔයාලව දැනුවත් කරන්න.

1. උණ සන්නිපාතය

බෝවෙන්නෙ; ආසාදිත රෝගියෙක්ගෙ මළ ද්‍රව්‍ය වලින් අපවිත්‍ර වුනු දේවල් පරිභෝජනය වීමෙන්. සමහර විට මළ ද්‍රව්‍ය මත ඉඳපු මැස්සෙක්ගෙන් ව්‍යාප්ත වෙන්නත් පුළුවන්.අමුතුවෙන් කියන්න ඕන නෑනෙ, ගංවතුර නිසා වැසිකිළි වළවල් උතුරල ගිහින් හැම විශබීජයක්ම ගංවතුරට එකතු වෙලා තියෙන්නෙ. ඒ නිසා සුද්ද පවිත්‍ර කිරීම් කටයුතු වලින් පස්සෙ හොඳට නාලා පිරිසිදු වෙන එක ගොඩක්ම වැදගත්. සන්නිපාත රෝගියෙක්ට ආවේණිකයි කියන්න තරම් රෝග ලක්ෂණයක් නැති නිසා පොඩි උණ ගතියක් දැනුනත් හැකි ඉක්මනට වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න.

by Amantha

2. කොලරාව

බෝවෙන්නේ; අපවිත්‍ර පානීය ජලය, ආහාර ද්‍රව්‍යය පරිභෝජනයෙන්. ඉක්මනට ප්‍රතිකාර ලැබුණෙ නැත්නම් රෝග ලක්ෂණ ඇතිවෙලා පැයක් දෙකක් යද්දි අඩු රුධිර පීඩනය ඇතිවෙන්නත් තවත් පැය තුන හතරකින් මරණය සිදුවෙන්නත් පුළුවන්. කොලරාවෙ රෝග ලක්ෂණ විදියට ඇතිවෙන පාචනය ක්ෂණිකව ඇතිවෙන දරුණු විජලන තත්වයක්. මේ විජලන තත්වය වළක්වා ගන්න රෝගියාට පුළුවන් තරම් දියර ලබාදෙන්න ඕන වගේම එසැණින්ම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කරන්නත් ඕන.

by Amantha

3. මී උණ

ගංවතුර නිසා මිය ගිය සත්තු වගේම ගොඩක් සත්තුන්ගෙ මළපහත් මේ වතුරට එකතු වෙලයි තියෙන්නෙ. ගොවිපළ සත්තු, බල්ලො , පූසො, මීයො, මුගටි වගේ කැලෑබද ක්‍ෂිරපායී සත්තුන්ගෙ මුත‍්‍රා වලින් දූෂණය වුනු මේ වතුර වගේම පස් වුනත් ශරීරගත වෙලා මී උණ හැදෙන්න පුළුවන්. ඒ හැරුණාම හමේ පිපිරීම් තුවාල, නහයෙ, කටේ, ඇහේ 'ශ්ලේෂමල' පටලවලින් වුනත් රෝග කාරක ඇතුල් වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ විදියට එන්නෙ මද උණ, සීතල, ඇස් රතුවීම, ඔළුව කැක්කුම, කොන්ද හා කෙන්ද ආශ‍්‍රිත මස් පිඬු වේදනාවල් වගේ දේවල්. ඒ නිසා මේ වගේ රෝග ලකෂණ ඇති වීම ගැනත් සැලකිලිමත් වෙන්න. කොහොම වුනත් පිරිසිදු කිරීම් කටයුතු වලට යන අයට වෛද්‍ය උපදෙස් වලට අනුව දෙන මී උණ පෙත්ත බීලා ගියා නම් තමයි වැඩිය හොඳ.

by Public Health Image Library

4. මැලේරියාව

මැලේරියාව බෝවෙන්නෙ මදුරුවෙක්ගෙන්. මැලේරියා පරපෝෂිතයින් මිනිස් රුධිරයේ රක්තානුවලට එකතු වුනාම රක්ත හීනතාවයේ රෝග ලක්ෂණ, ඔළුව සැහැල්ලු වීම, හුස්ම ගන්න අමාරු වීම, හෘද ස්පන්ධනය වැඩි වීම වගේම උණ, ඇඟ සීතල වීම, ඔක්කාරය වගේ රෝග ලක්ෂණත් ඇති වෙන්නව. නිදා ගන්න කොට මදුරුදැල් පාවිච්චි කිරීමෙන් වගේම සුද්ධ පවිත්‍ර කිරිම් කරන කොට කෘමි විකර්ශක (සිද්ධාලේප, ඇක්ස් ඔයිල්, පැඟිරි තෙල්) වගේ දේවල් ආලේප කර ගැනීමෙන්ද මදුරුවො දෂ්ට කරන එක අවම කර ගන්න පුළුවන්.

5. ඩෙංගු

බෝවෙන්නෙත් මදුරුවන්ගෙන්. හැබැයි ගංවතුර වගේ අපිරිසිදු වතුරෙ හැදෙන මදුරුවන්ගෙන් නම් නෙවෙයි. ගංවතුරට ගහගෙන ආපු ටින්, බෝතල්, පොල් කෝම්බ වගේ වතුර රැඳෙන දේවල් වලට එකතු වෙන පිරිසිදු වැහි වතුරෙ හැදෙන මදුරුවන්ගෙන්. අවාසනාවට ඩෙංගු උණෙත් මුලදි පෙන්නුම් කරන්නෙ සාමාන්‍ය වෛරස් උණක රෝග ලක්ෂණමයි. ඒත් දවස් තුනත් හතක් කාලයක් යද්දි හන්දිපත් රුදාව එක්ක කලවා හා පපු ප්‍රදේශ වල ඇතිවෙන තද රතු පාට පොඩි ලප දැක ගන්න පුළුවන්. මේ ලප ඇඟ පුරාම ව්‍යාප්ත වෙන කාලය අතරතුර බඩේ කැක්කුම, ඔක්කාරය හා මලපහ බුරුලෙන් යාම වගේ රෝග ලක්ෂණත් ඇති වෙනව. තද උණ, හිසරදය, ඇස් යට වේදනාව, පේෂි සහ සන්ධි රිදීම්, වමනය, ආහාර අරුචිය කියන්නෙ ඩෙංගු උණේ දරුණු තත්වයක්.

6. ඩෙංගු රක්තපාත

මේ උණ රෝගයේ රෝග ලක්ෂණ පේන්න පටන් ගන්නෙ වෛරසය ඇඟට ඇතුල් වෙලා දවස් දෙකත් හතත් අතර කාලයක් ගියාම. තද උණ, හම යට පොඩි රතු පැල්ලම්,වීදුරු මස් වලින් ලේ ගැලීම, නහයෙන් ලේ ගැලීම, කළු - දුඹුරු පාටට වමනය හෝ මළ පහ පිටවීම, මුත්‍රා එක්ක ලේ පිටවීම, තද බඩේ අමාරුව ඩෙංගු රක්තපාත උණේ රෝග ලක්ෂණ. හැබැයි ඇඟ සුදු මැලි වීම, අත, පය සීතල වීම, වේගයෙන් නාඩි වැටීම, අඩු රුධිර පිඩනය වගේ රෝග ලක්ෂණ ඇති වුනා කියන්නෙ ඒ රෝගියාට ගොඩක්ම අසාධ්‍යයි කියන එක.

by Cramunhao

මේ හැරුණාම ගංවතුරෙ තියෙන විෂබීජ නිසා හමේ ආසාත්මිකතා වගේ රෝගත් ගොඩ දෙනෙක්ට හැදෙන්න පුළුවන්. කොහොම වුනත් පිරිසිදු කිරීම් කටයුතු කරන ඔයාලත් ඒවට දායක වෙන යාළුවොත් පුළුවන් තරම් ගං වතුර ස්පර්ෂ නොකර වැඩ කටයුතු කරනව නම් හොඳයි. නැතත්, වතුර කාන්දු වෙන්නෙ නැති සපත්තු, කලිසම් ඇඟලාගෙන මේ වැඩේ කරන්න පුළුවන් නම් තවත් හොඳයි. අනිත් කාරණය කෑම කද්දි උපරිමයෙන් අත් හෝද ගෙන වේලගෙන කෑම එක අතට ගන්න. නැත්නම් පිරිසිදු හැන්දක් පාවිච්චි කරන්න. පොඩි සීරීම් තුවාලයක් තිබුණත් ඒක ගංවතුරට ස්පර්ශ වෙන්න දෙන්න එපා. බෙහෙත් දාලා ප්ලාස්ටර් ගැහුවට පස්සෙ පිරිසිදු පොලිතින් එකකින් ඒ තුවාලය මුළුමනින්ම (වතුර කාන්දු නොවෙන්න) බැඳ ගන්න. හැබැයි මතක තියාගන්න, මේ මොන වැඩේ කලත් අවසානයේ හොඳට සබන් ගාලා නාලා පිරිසිදු වෙන එක නම් අනිවාර්යයෙන්ම කල යුතු දෙයක් බව.

Leave a comment