එහෙම වේවා කියල ප්රාර්ථනා කරනව ඉතින්.
ඒත්.. දවසින් දවස එක්කෙනා දෙන්න හරි හම්බුවෙන එකනෙ වැඩේ. කොහොම වුනත්.. බොහෝදුරට ලබන සතිය ඇතුලත මේ නිවාඩුවට විසඳුමක් දේවි කියල අපිට නිකමට වගේ හිතන්න පුලුවන්, වැඩේ යහපත් වුනත් නොවුනත්.
අන්න ඒ නිසාමයි.. ඔයාලගෙ මේ නිවාඩුවෙ අන්තිම සතියෙ, සතිඅන්තය අල්ලල හරි.. කාලෙකින් රස බලන්න බැරි වෙච්ච තෝසෙ, පරාටා, නාන් ටිකක් එක්ක රස වෑහෙන ඉන්දියන් කරියක්.. ගෙදරටම ගෙන්නගෙන රස බලන්න හොඳම කඩ ටිකක් කියන්න කල්පනා කලේ.
ඒකත්.. එසේ මෙසේ නෙවෙයි, රු. 500, 600න් ෂේප් වෙන්න පුලුවන් ඒවා හොඳද!
වගකීමෙන් කියන්නෙ යාළු මෙයාලගෙ බටර් චිකන් එකත් එක්ක ගන්න මොනවහරි නාන් වර්ගයක්. රු. 600ක් වගේ යයි. හැබැයි පංකාදු පහයි ආ.. හොඳ හැටි චිකන් දාලා මසාලා රස අඩු නැතිව තියෙන්න.. ඊටත් නාන් එහෙමත් හොඳ ලොකුවට හදනවනෙ. ඉතින් දෙන්නෙක්ට වුනත් ඇතිවෙන ගානයි. අනිත් එක තමයි මේ ප්ලේස් එක උදේ 10 ඉඳන් හවස 7 වෙනකම්ම ඇරලත් එක්ක.
ඩිලිවරි ගාස්තු සහිතයි.
මෙයාලගෙ නැගලම යන කෑමක් තමයි පනීර් තෝසෙ එක. ඒ හැරුනාම චීස් පරටා, ලූණු පරාටා එහෙමත් තියෙනව. හැබැයි ඒ කොයි එක ගත්තත් උපරිම රු. 400ක් වගේ තමයි යන්නෙ. වැඩේ තියෙන්නේ.. මෙයාලට ඕඩරේ ටිකක් කලින් කියන්න ඕන. උදේකෑම ඒවා උදේ 5ට කලින් කිව්වාම 9-11 අතර ඩිලිවර් කරනව. දවල් කෑම ඒවා 11ට කලින් කිව්වාම 1-3 අතර ඩිලිවර් කරනව. ඒ වගේම තමයි රෑ කෑම.. හවස 5ට කලින් කිව්වාම රෑ 7-9 අතර ඩිලිවර් කරනව. හැබැයි එකක් මතක තියාගන්න.. ඒ ඩිලිවර් කරන්නෙ පිළියන්දල ඉඳන් කිලෝමීටර 5ක දුර විතරයි හොඳද. ඒකටත් කිලෝමීටරයකට රු. 50ක් ගන්නව වගේම.. ඕඩරේ රු. 1000ට වැඩි වෙන්නත් ඕන.
ලොකු දෙයක් නෑ. මෙයාලගෙත් පංකාදු පහට හැදෙන ඉන්දියන් චිකන් කරියක් වෙන්නෙ රු. 400-600 අතරෙ. ඉතින් එයින් එකක් එක්ක චපාති හරි නාන් හරි ගත්ත නම් ඔයාගෙ කෑම වේල හරි. හැබැයි මතක තියාගන්න මෙයාලත් ඕඩර් ගන්නෙ කොළඹ 3-6 වෙනකම් ප්රදේශවල විතරයි. ඒකත් උදේ 11 ඉඳන් හවස 6 වෙනකනුත් විතරයි. හැබැයි කාඩ් වලින් ගෙවන්න පුලුවන් නිසා ඇත්තටම සල්ලි ටිකක් නම් ඉතුරුයි.
ඩිලිවරි ගාස්තු සහිතයි.
පනීර් මසාලා එකක් රු. 600ක් වගේ වෙනව මෙතන. එතකොට බටර් නාන්, නැත්නම් චපාති වගේ දේවලුත් යන්නෙ රු. 100-200න්. ඉතින්.. කිව්වට වැඩිය ගාණක් නම් යනව වැඩේට. හැබැයි ඒ රසයි, සයිස් එකයි එක්ක බැලුවාම නම් පාඩුමත් නෑ ඉතින්. කොහොමවුනත්.. මෙයාලා ඩිලිවර් කරන්නෙ බම්බ ඉඳන් කිලෝමීටර 6ක දුර විතරයිනෙ. ඒකත් අඩුම ඕඩරේ රු. 800ක් වෙන්නත් ඕන.
ඩිලිවරි ගාස්තු සහිතයි.
කවුරුත් දන්න කියන කොළඹ පැත්තෙ සුපිරි සයිවර් ප්ලේස් එකක්. රු. 500ට කන්න පුලුවන් තෝසෙ පරටා හිතේ හැටියට. හැබැයි ඉතින් වැඩේ තියෙන්නෙ මෙයාලා ඩිලිවර් කරන්නෙ කොළඹ 12-14 අතර විතරයිනෙ. ඒකත් උදේ 8.30 හවස 2.30.
ඩිලිවරි ගාස්තු සහිතයි.
මෙයාලගෙත් කෑමවල රස ගැන අමුතුවෙන් කියන්න ඕන නැති නිසා, වගේම ගණනුත් කොහොමත් රු. 500ට අඩුවෙන් යන නිසා කියන්නම්..
මතක තියාගන්න, නුගේගොඩ එකෙන් කොහුවල, වැල්ලවත්ත, කිරුලපන, නාරාහේන්පිට, බම්බලපිටිය අතර ඩිලිවර් කරනව දවල් 12 ඉඳන් රෑ 9 වෙනකම්.
එතකොට මට්ටක්කුලිය එකෙන් කොටහේන, වත්තලට ඩිලිවර් කරනව උදේ 11 ඉඳන් රෑ 8 වෙනකම්.. හරිද?
ඩිලිවරි ගාස්තු සහිතයි.
The 2021 edition of buffets in Colombo.
A list of 15 places for your next day outing.
Nelum Kole is a rice-and-curry kade in Boralesgamuwa that provides a convenient and cost-effective lunch spread.
Flavours of Asia delivered to your doorstep.
High tea round-up of 2021.
Delete Comment