Artwork for KAMU TOP BANNER
Artwork for KARAMU TOP BANNER

හිතේ හැටියට කඩචෝරු , මස් මාළු ඕන රසකට!; රු. 300ට ස්ට්‍රීට් ෆුඩ් රස බලන්න කියාපු කඩ 6ක්

නිකමට හිතුණෙ කාලෙකට පස්සෙ කඩචෝරු ටිකක් රස බලන්න…

Posted by

නිකමට හිතුණෙ කාලෙකට පස්සෙ කඩචෝරු ටිකක් රස බලන්න යන්න ඕනය කියල. ඒත් කඩචෝරු කන්න තියෙන ප්ලේස් ටික ඒ හැටි මතක නෑනෙ. ඉතින් අපේ සයිට් එකේ රවුමක් දාලා බැලුව හොඳ තැන් ටිකක්. විශේෂයෙන්ම ඔය බාබකියු, මස් රෝස්ට්, බැදුම් වර්ග, කටට සැරට හදපු කරි එක්ක උණු උණු රොටි කන්න වගේ…

පස්සෙ තමයි මට හිතුණෙ ඒ අතරින් හොඳ කඩ ටිකක් තෝරල ඔයාලටත් කියන්න ඕන කියල. මොකද මම දන්නවනෙ කට්ටිය ආසයි කියල බඩ පැලෙන්න කඩචෝරු කන්න!

1. KGN Burgers on Wheel

වීදි රහට හොඳ හැටි හුරු එවෙලෙ හදල දෙන උණු උණු බර්ගර් කන්න. යන්න හවස් ජාමෙ අල්ලල දෙහිවල හිල් ස්ට්‍රීට් පැත්තට. මේ ප්ලේස් එක ඇවිල්ල ඩිමෝ බට්ටෙක් ඇතුළෙ හදපු සුපිරි කුස්සියක්. ඒකෙ හදන චීස් බේරෙන, මස් පුරවපු සුපිරි බර්ගර් එකක් රු. 300ක් වගේ වෙන්නෙ. චිකන්, බීෆ්, සොසේජස් වගේ අයිටම් තොගයකින් දාන වැඩ කිඩ ගොඩක් මෙයාලා ළඟ තියෙනව. අනික ඒව හරි යන්නෙ නෑ වගේ නම් ඔයාට කැමති විදිය කියලත් බර්ගර්, සබ්මැරීන් හදා ගන්න පුළුවන්නෙ.

2. Cafe On The 5th

කොළඹ පැත්තතෙ තියන ශ්‍රී ලංකන් චයිනීස් කඩ අතරෙ පොකට් එකට වාසි ගාණකට බඩ පැලෙන්න කොත්තු, ෆ්‍රයිඩ් රයිස් කන්න පුළුවන් කඩයක්. කටට රහට ආප්ප, බිත්තර ආප්ප කන්නත් මෙතනදි පුළුවන්. මෙයාලගෙ ලුණු මිරිසත් එක්ක හොඳ කිරි රහට හැදෙන උණු උණු ආප්ප එහෙම ලෙසටම නැගල යනව. ඒ හැරුණාම මෙයාලගෙ පැස්ටා වගේ කෑමත් පංකාදු පහයි. කොහොම වුණත් රු. 200, 300කින් ෂේප් වෙන්න පුළුවන් නිසා අවුලක් නම් ඇත්තෙම නෑ.

3. Hulftsdorp Street Food

පරාටා, ගෝදම්බ රොටි, පොල් රොටි, නාන්, බිත්තර රොටි, ආයෙ තව මොනවද ඉතින්. ඕනම රොටි ජාතියක් විනාඩි දෙකෙන් තුනෙන් හොයා ගන්න පුළුවන් තැනක් තමයි අළුත් කඩේ, නයිට් කඩ සෙට් එක. රු. 300ක් තිබ්බ නම් බඩ පැලෙන්න රොටි කන්න පුළුවන්. මොනවත් එක්කද දන්නවද? හායි හූයි ගෑවෙන තරමට සැර, තුනපහ අඩුම කුඩුම ටිකත් පදමට දාලා හදපු චිකන් කරියක් එක්ක. එහෙම කැමති නැත්නම් බීෆ් කරි වුණත් ගන්න පුළුවන්. එතකොට... වෙනසකටත් එක්ක මස් ඩෙවිල් එකක් එක්ක රොටි කන්න එහෙමත්…!

4. Nana's

ගෝල් ෆේස් නානාස් එකේ නාන් රොටි තමයි සුපිරිම. ඒකට හරියන රස මස් හොද්දකුත් එයාල ළඟ තියෙනව. ඒ වුණාට මෙයාලගෙ චිකන්, මාළු, ඩෙවිල් වර්ගත් ටොප්! හැබැයි සැරයි. ඒත් ඒ සැරත් එක්ක පිටි රසයි දිව උඩ හරි හරියට නටද්දි දැනෙන රස ඩබල් ත්‍රිබල් කර ගන්න ඕන නම් පොඩි කෝක් එකක්, ඊජීබී එකක් ළඟට ගන්නත් පුළුවන්. අනික අවුලකුත් නෑනෙ. ගාණ රු. 300කට වඩා පොඩ්ඩක් වැඩි වුණත් හිතට දුක නෑනෙ.

5. Copper Chimney

මේ කඩේ ප්‍රසිද්ධ වුණේ  'හැටේ කඩේ' කියල. මොකද දන්නවද මීට අවුරුදු පහ හයකට කලින්, ඒ කියන්නෙ ශ්‍රී ලංකන් ෆ්‍රයිඩ් රයිස් බිහිවෙන්න පටන්ගත්තු කාලෙ මෙයාලා සුපිරිම චිකන් ප්‍රයිඩ් රයිස් එකක් දුන්නා රු. 60ට. ඒ දවස්වල හැටේ කඩෙන් චිකන් ප්‍රයිඩ් රයිස් කාපු කෙනෙක්ට ඒ රස අමතක නොවෙන තරමට ඒ ප්‍රයිඩ් රයිස් එක රසයි. දැනුත් වෙනසක් නෑ; එකම අවුල දැන් මෙයාලගෙ ප්‍රයිඩ් රයිස් එක රු. 150ක් 200ක් විතර වෙන එක.

6. Big Bite

ගල් අඟුරු මැෂිමෙ දාලා එළිපිටම හදන රසම රස බාබකියු කන්න ගල්කිස්සෙ, රාජගිරියෙ බිග් බයිට් එකත් මරු තැන. කෑල්ලක් රු. 300කට විතර ගන්න පුළුවන්. හොඳ පදමට බාබකියු සෝස් දාලා මතුපිට ගානට පිච්චෙන්නයි ඇතුළෙ මස් ටික පදමට තැම්බෙන්නයි හදන බිග් බයිට් බාබකියු චිකන් පළුව සයිස් එකෙනුත් තරමක් ලොකුයි. රසත් හොඳ නිසා පාටියකට එහෙම වුණත් නියමයි.

මේ හැරුණාම ඉතින් ඔය තව තව හැංගිච්ච කඩ, එතකොට අපි හාංකවිසියක්වත් නොදන්න කඩ හිටං තියෙන්න පුළුවන්. අන්න ඒව, පහළින් කමෙන්ට් කරන එක ඔයාලගෙ යුතුකම හරිය!

Leave a comment
Last 7 Days

Trending Today