සෙසු දිස්ත්‍රික්කයට චාන්ස් එකක් ලැබුනට ඉතින් කොළඹ සහ ගම්පහට තාම නෑනේ. ඒත්.. එහෙමයි කියල බලාපොරොත්තු අත ඇරගන්නත් බෑනෙ.
ඒ නිසාමයි.. ලබන මාසෙ දිහාවටවත් දෙයියනේ කියල ගෙදරින් එළියට බැහැල, කැලේක කොලේක ඇවිදින්න යන්න ලැබෙයි කියල හිතල,
මෙන්න මේ අපූරු වනගත නවාතැන් ටික ඔයාලට කියන්න කල්පනා කලේ..
එතකොට.. ඔය කාට කාටත් බැරියැ සොබාදහම රසවිඳින්න, අපූරු ට්‍රිප් එකක් දැන්ම ඉඳන් ප්ලෑන් කරන්න නේ..!
හබරණ හන්දියට පොඩ්ඩක් මෙපිටින්.. හොයා ගන්න අමාරු වෙන්නෙ නෑ යාලු. මොකද ඒ නම, ඒ පැත්තෙ හරිම ප්‍රසිද්ධයිනෙ. වෙන දේකට නෙවෙයි, සාම්ප්‍රදායික ලාංකීය පරිපූර්ණ අත්දැකීමක් ගන්න.
බාග වෙලාවට නම ඇහුවත් ඉතින් ඔයාලට තේරෙනව ඇතිනෙ. ‘කමත’ ඇත්තටම පුංචි කුඹුරු යායක් මැදි වෙන්න ඉදිකරල තියෙන්නෙ. මුලුමනින්ම වගේ මැටි සහ ලී තමයි වැඩේට යොදාගෙන තියෙන්නෙ. අත්දැකීම් අතින් ගත්තාම.. කන්නෙ අල්ලල කුඹුර කරන්න පටන් ගන්න තැන ඉඳන්, පැල් රැකල, අස්වැන්න නෙලල, වී කොටල, අළුත් හාලෙන් කිරිබත හදන තැන වෙනකම්ම.. ඒ විතරක් නෙවෙයි වට පිටාවෙ පුංචි පුංචි වැව් වල බෝට්ටු සෆාරි, කැළේ කොළේ වෝකින්ග් සෆාරි, අමුණ කරල රෑ ජාමෙට ගිණිමැල බාබකියු එහෙමත්..
ඊටත්.. කොහොමද ඒ සියල්ල රු. 4000ට වගේ ලැබෙද්දි?
ටිකක් ගණන්. සාමාන්‍යයෙන් රු. 15000න් වගේ යන්නෙ. හැබැයි ඉතින් ලැබෙන අත්දැකීම් එක්ක බැලුවාම නම්.. ලොවෙත් පාඩු නෑ යාලු. කිව්වට විශ්වාස කරන්න ඒසී. කරපු කාමර සියල්ලම ලීයෙන් නිමවල තියෙන්නෙ. ඒකත් බිම් මට්ටමේ නෙවෙයි, ගස් මට්ටමට වෙනකම්ම උස්සල. ඒ හැරුනාම අතලඟම පුංචි ගඟ. ඒකෙ බෝට්ටු සෆාරි යන්න පුලුවන්, පාරුවෙ යන්න පුලුවන්.. ඒ හැරුනාම කැලේ කොලේ රස්තියාදුව. ෂැහ්, විල්පත්තු වනෝද්‍යානයෙ සෆාරි යන්න විතරක් නෙවෙයි, එළියෙ වටපිටාවෙ ඇවිදින්න යන්න, කැමති අයට නයිට් සෆාරි වුනත්. නැතත් ඉතින් හැන්දෑවට මෙතන ගිණිමැලයයි බාබකියු එකයිත් වරදින්නෙ නෑනෙ.
කතරගම ටවුමෙම වගේ.. යාලට යන්නත් කිට්ටුයි කටගමුව පිවිසුමෙන්. මේ තැන අපි තෝරගත්තෙ, එකක් මෙතන ගාණ මාරම විදියට අඩුයි මේ දවස්වල. ඇත්තම කිව්වොත් රු. 2000ක් වගේ. අනිත් එක තමයි.. මේකෙ ඉදිකිරීම.
යාළු හරිම ලස්සන ප්ලේස් එකක්. ගොඩක් ඒවා මැටි සහ ලී යොදාගෙන තමයි ඉදිකරල තියෙන්නෙ. නැතත් හැම ඉදිකිරීමකටම වගේ මැටි පෙනුම දීලා තියෙනව මෙයාලා. ඒක නෙවෙයි වැඩේ.. ඒ ඉදිකිරීම්වල හැඩේනෙ!
සාමාන්‍ය ඉඩක් තියෙන බිමේ.. කොහොඹ ගස් හෙවණෙ, හදල තියෙන දේවල්. අපූරු තට්ටු දෙකේ කොටේජ, බිම් පැල් වගේ තවත් කොටේජ, බුදුන් වඳින තැන, පොකුණු සහ උද්‍යාන අලංකරණ, ලාංකීය සංස්කෘතිකාංග.. හප්පේ හැඩවැඩ කෝටියයි. ඔ්වා ඉතින් වැඩිය කියන්නත් නරකයිනෙ. ඒ නිසා ගිහිල්ලම බලන්න!
කළවාන-වැද්දාගල පාරෙ මැදක් යද්දි මුණගැහෙන මේ හෝටලේ.. ලොකූ ලස්සනක් නැති වුනාට, කියන්න ඔ්න මෙකෙ පූල් එකට තියෙන විව් එක ගැන විශේෂයෙන්ම. කෙලින්ම යාළු නාන ගමන් බීර වීදුරුවක් හිස් කර කර, ලංකාවෙ ඔක්සිජන් ටැංකිය එහෙම නැත්නම් සිංහරාජයෙ, මීදුමෙන් පිරිච්ච කඳුවැටි දිහා නිදහසේ බලාගෙන ඉන්න පුලුවන්. ඒ විතරක්මත් නෙවෙයි ඉතින්, කුරුල්ලො බලන්න යන්න නැත්නම් හොඳ ත්‍රාසජනක හයික් එකක් යන්න එහෙමත් පුලුවන් මෙතන නවාතැන් ගන්න අයට. හැරත් කළුගලින් නිමවුනු කාමර වලත් අමුතුම ගතියක් නැත්තෙම නෑනෙ. ම්.. මෙතන ගණන් යන්නේ.. රු. 12000න් වගේ.
මේක නම් මාරම ප්ලේස් එකක්. කොටින්ම කිව්වොත් ටොප් රේන්ෆොරස්ට් එක්ස්පෙඩිෂන් අත්දැකීමක් උපරිමයෙන්ම ගන්න පුලුවන්. රාෆ්ටින්ග්, කයකින්ග් වලින් පටන් ගත්තාම ඇබ්සේලින්ග්, ක්ලිෆ් ජම්පින්ග්, හයිකින්ග්, කෑම්පින්ග්.. ඒ විතරක් නෙවෙයි වෝල්කින්ග් සෆාරි, බර්ඩ්වොචින්ග්.. හැම දෙයක්ම වගේ. වැඩේ කියන්නෙ අත්දැකීම් පැත්තෙන් එහෙමයි, නවාතැන් පහසුකම්.. හප්පේ.. ලීයෙන් හදල තියෙන අට්ටාලවල සුවපහසු ටෙන්ට් ගහලා.. කියල වැඩක් නෑ ආ... ඊටත් ඩයිනින්ග්, යෝගා, පබ්ලික්, රෙස්ටුරන්ට්.. ඒ ඔක්කොගෙම ඉන්ටීරියර් එකත්. ෂැහ්!
අනේ මන්දා ඉතින් රු. 18000ට වගේ.. හිතා ගන්න බැරි තරම්...
හුලුගඟ මායිමේ ලොකු කැළයක් එක්ක තියෙන පොල්වත්තක අපූරුවට ඉදිවුනු ලී කොටේජ ටිකක්. එතකොට.. මටියෙන් නිමවුනු කුස්සියක්, රෙස්ටුරන්ට් එකක්, පබ්ලික් ප්ලේස් එකක්.. හැරුනාම ලීයෙන්ම හදපු, ලස්සන විව් එකක් තියෙන යෝගා ප්ලේස් එකක්. ඔක්කොමත් හරි ලාංකීය කුළුබඩු වගාවත් හොඳහැටි කෙරෙන වත්තෙ, හතර වටේ ඇවිදින්න හදල තියෙන පුංචි පුංචි අඩි පාරවල් ටික..
දන්නවද, මේ පැත්තෙන් නක්ල්ස් ඇවිදින්න යන්න එහෙමත් ටිකක් කිට්ටුයි..
මෙයාලගෙත් ගණන් යන්නෙ රු. 11000න් වගේ.
ඒ නිසා.. පොඩ්ඩක් කල්පනා කරල බලල එහෙනම්..
දැන්ම බුකින්ග් දාන්න...
Pranzo has an amazing view and serves pretty good Italian and 'Sritalian' fare.
A cafe down Jawatta Road with good food, soothing vibes and all right coffee.
Popeyes, the American, multinational, fast food chain of fried chicken is now open in Sri Lanka.
5 places to try this weekend.
We tasted every locally brewed and available beer. In the name of science!
Delete Comment