සොබාදහමට තුරුළුවෙලා පවුලේ අයත් එක්ක ‘ඇඩ්වෙන්චර් කෑම්පින්ග්’ කරන්න කියාපු තැන් 7ක්.

වැස්ස කාලෙ හීන් සැරේ අත වනද්දි වට පිටාව, ගහ කොළටත් හරි අපූරු ලස්සනක් ඇවිල්ලා. පහුගිය ඉඩෝරෙට වේළිලා ගියපු ගංගා, දිය ඇලි ටිකත්, ඔය ටිකෙන් ටික පණ ගහල එන්නෙ. හ්ම්ම්… මෙදා සැරේ නම් සොබාදහම, සද්ද බද්ද නැතුවම වසන්තයට ලෑස්ති වෙන්න වගේ හදන්නෙ. ගස් වැල්, මලින් බර වෙලා, කජු පුහුලන්, වැළ වරකා හතර වටින් සුවඳ දෙද්දි, තොර තෝංචියක් නැති කුරුළු හඬින් මුලු වට පිටාවම සංගීතවත් වේවි. සතා සීපාවත් රංචු පිටින් ඇවිත් වතුර පාරවල් ලඟට කිට්ටු කරන්නෙ නැතෑ. පෙණ බුබුළු දාගෙන කැළණි ගඟේ, කළු ගඟේ වතුර පාරවල් පහළට බහිද්දි, මග දිගට හමුවන දිය ඇලි හැඩ වෙන අපූරුව!

ඉතින්, මේ වසන්ත කාලයෙ නම් කම්මැලිකමට ගෙදරට වෙලා ඉඳල හරියන එකක් නෑ. යාළුවො ටික හරි පවුලේ උදවිය හරි එක්කාසු කරගෙන මේ සුන්දරත්වය අත්විඳින්න යන්නම වේවි. යන ගමනෙ රස කෑම ටිකක් කාලා, සීතල වතුර ටිකක් නාගෙන සුව පහසුව රැයක් ගත කරනව වගේම, නරකද පොඩි වෙනසකටත් එක්ක ඇඩ්වෙන්චර් පැත්තට බර වුනොත්. පරිස්සමට දිය ඇල්ලක් කාරිය නැගලා, වෝටර් රාෆ්ටින්ග් පාරක් දාලා, මදි පාඩුවට රොක් ක්ලයිම්බින්ග්, ට්‍රෙකින්ග්, සයික්ලින්ග් වගේ දෙයක් වුනත් කරන්න බැරියැ.

“ඒත් කොහොමද? කවුද වගකීමක් ගන්නෙ?”

කට්ටියට ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන්. අන්න ඒ නිසයි අපි කල්පනා කලේ වගකීමෙන් මේ වැඩේ කරන කට්ටිය ගැන ඔයාලට කියන්න.

එහෙනම් අහගන්නකො, මේ ලංකාවෙ සුපිරිම ඇඩ්වෙන්චර් පාර්ක් අතරින් 7ක්.

1. Ceylon Adventure (077 3603723)

ප්ලේස් එක තියෙන්නෙ කිතුල්ගල, බෙලිලෙන හංදියෙ. නමේ පරිසමාප්ත අර්ථයෙන්ම, අතිශය ඇඩ්වෙන්චර් විදියට වැඩේ කරගෙන යන මෙයාලා ලඟ නැති ඇඩ්වෙන්චර් ස්පෝර්ට් එකකුත් නැති තරම්. වෝටර් රාෆ්ටින්ග්, කැයොනිග්, ඇබ්සෙලින්ග් වගේ සුපිරි ඇඩ්වෙන්චර් ඇක්ටිවිටීස් අතරට පොඩ්ඩන්ට ගැලපෙන එක එක රෝප් ඇක්ටිවිටීසුත් මෙයාලා ලඟ තියෙනව. ඒ හැරුනාම ඉතින් ට්‍රෙකින්ග්, සයික්ලින්ග්, වයිල්ඩ් කෑම්පින්ග් වගේ ඒව කොහොමත් තියෙනවනෙ. වැඩ්ඩො ඉන්නව නම් ක්ලිෆ් ඩයිවින්ග්, ස්ලයිඩින්ග් වුනත් කරන්න පුලුවන්. සිලෝන් ඇඩ්වෙන්චර්ලගෙ විශේෂත්වය තමයි, ඔයාලා සහභාගි වෙන මේ හැම වැඩකදිම එයාලගෙ කෙනෙක්, පරිස්සමට පිටිපස්සෙන් ඉන්න එක. ඒ නිසා ඉතින් බය වෙන්න කාරණාවකුත් නෑනෙ.

2. Che Adventure Park (077 7003114)

ටිකක් වෙනස් තැනක් වගේම තමයි තියෙන්නෙත් ටිකක් වෙනස් වැඩ කිඩ ටිකක්. වැඩි හරියක්ම දුනු හරඹ, එයාර් රයිෆල්, පේන්ට් බෝල් වගේ ඇක්ටිවිටීස්. ඒ හැරුනාම ඉතින් ට්‍රෙකින්ග්, සයික්ලින්ග්, වෝටර් රාෆ්ටින්ග්, රොක් ක්ලයිම්බින්ග් වගේ දේවලුත් තියෙනව. හැබැයි ඔය කොයි දේත් පරාදයි ‘චේ’ගෙ බාබකියු පාර්ටි වලට. මොකද පාර්ටි වලත් පොඩි පොඩි ගේම්ස් තියෙනවනෙ. එහෙනම් ඔන්න මතක තියා ගන්න‘චේ ඇඩ්වෙන්චර් පාර්ක්’ එක තියෙන්නෙ හංවැල්ලෙ, සාලාව කපුගොඩ තොටුපලේ, හොඳද.

3. Ella Jungle Resort (077 7352352)

සුපිරි ඇඩ්වෙන්චර් අත්දැකීමක් ගන්න ටිකක් දුරට යන්න කැමති අයට කියාපු හෝටලයක්. පිහිටල තියෙන්නෙ ඇල්ල-වැල්ලවාය පාරෙ 16 කණුවට කිට්ටුව, කිරිඳි ඔය අයිනෙ. රස කෑම වේලක් කාලා, සීතල වතුර ටිකක් නාගෙන, පොඩි ගිණිමැලයකුත් එක්ක රැයක් ගත කරන්න නියමයි. ඇඩ්වෙන්චර් පැත්තට බහිනව නම් මෙයාලා ලඟ තියෙනව ඇබ්සෙලින්ග්, රොක් ක්ලයිම්බින්ග්, සයික්ලින්ග් වගේ වැඩ. හයිකින්ග්, ට්‍රෙකින්ග් කොහොමත් තියෙනවනෙ. කට්ටියට ඕන නම් බාබකියු, කෑම්පින්ග් පාරක් වුනත් ලෑස්ති කර ගන්න පුලුවන්.

4. Kitulgala Adventures

කැළණි ගං මිටියාවතේ, ඝන කැළෑවක් මැද්දෙ කෑම්පින්ග් පාරක් ඕර්ගනයිස් කර ගන්නව නම් මෙන්න තැන. වෝටර් රාෆ්ටින්ග්, ස්ලයිඩින්ග් වගේම ක්ලිෆ් ජම්පින්ග් එහෙමත් කරන්න පුලුවන්. ඒව බැරි කට්ටිය ඉන්නව නම් බෝට්ටු පදින්න, කැළේ ඇවිදින්න, සයික්ලින්ග් කරන්න සෙට් වෙන්න. හැබැයි ඔය මොකක් කලත් පරිස්සමට හොඳද. එයාලගෙ කට්ටිය ලඟ හිටියට ඔයා මීටර් අවුට් එකේ වුනොත් වැඩක් නෑනෙ. කොහොම වුනත්, සුපිරි ඇඩ්වෙන්චර් පාරක් දාලා හවසට පොඩි ගිණි මැළයක් එක්ක බාබකියු කෑම්පින්ග් නයිට් එකක් දැම්ම නම් තමයි මරේ මරු. ආයෙ අමතක නොවෙන අත් දැකීමක් වෙනව, ෂුවර්.

5. Rangiripawwa Adventure Park (077 2003006)

දඹුල්ල, කිඹිස්සෙ තමයි මේ ඇඩ්වෙන්චර් පාර්ක් එක තියෙන්නෙ. දිය ඇලි වලින් ගන්න ඇඩ්වෙන්චර් වැඩ ඒ හැටි මෙයාලා ලඟ නැති වුනාට ගංගා, වැව් වලින් ගන්න වැඩ නම් එමටයි. බල්ටි ගගහ පනින්න, බෝට්ටු පදින්න, පීනන්න විතරක් නෙවෙයි වතුරත් එක්ක කෙරෙන රෝප් ඇක්ටිවිටීස් එහෙමත් රන්ගිරි පව්වෙ තියෙනව. එ් හැරුනාම කැළේ මැද්දෙ හිතේ හැටියට බයිසිකල් පදින්නත් ඔයාට පුලුවන්. කෑම්පින්ග් කොහොමත් කරන එකේ, වෙනසකටත් එක්ක කැරවෑන් නයිට් එකක අත් දැකීමක් ගන්නත් මෙතන නියම තැන. හැබැයි ගණන් හිලව් කතා කර ගන්න නම් වෙන්නෙ කෝල් කරල තමයි.

6. Ruwala Resort (032 3299299)

ගෙඩිය පිටින්ම මුහුදත් එක්ක හැප්පෙන්න තියෙන්නෙ. මේක නම් සෙල්ලම් වැඩක් නෙවෙයි, ලෝකල් ඇඩ්වෙන්චර් වලට එහා ගියපු දෙයක්. කල්පිටිය කලපුවෙ තිහාලිය ගමට කිට්ටුව තමයි පිහිට තියෙන්නෙ. හොඳ පරිස්සමට, පිළිවෙලට වැඩේ කරන මෙයාලා හැමෝගෙම ආරක්ෂාව ගැනත් සෑහෙන්න බලනව. සර්ෆින්ග්, කයිට් සර්ෆින්ග් කරන්න, කයකින්ග් කරන්න වගේම සුපිරි ෆ්ලෝටින්ග් ඇක්ටිවිටීස් වලට සෙට් වෙන්නත් රුවලට යන ඔයාට පුලුවන්. ඔය ලයිසන් තියන කට්ටියට හරි අපූරු ඩයිවින්ග් සෙෂන් එකක් කරන්නත් පුලුවන්නෙ. ඒ ඔක්කොම ඉවර වෙලා හවස් ජාමෙට මුහුදු වෙරළට ඇවිත් පොඩි ගිණි මැලයක් ගහගෙන සිංදු කියද්දි දැනෙන රිලැක්ස් එක, හැබැයි ඊටත් එහා පොඩි බාබකියු පාරක් දාලා හීනි ෂොට් එකක් දැම්ම නම්.

7. Sri Lanka Trekking, Sky Camp (0714997666)

නුවර, හුන්නස් ගිරිය, මීමුරේ පාරෙ කන්දෙගම පිහිටල තියෙන මේ ට්‍රෙකින්ග් සයිට් එක සුපිරි වයිල්ඩ් අත්දැකීමක් ලබන්න කියාපු තැනක්. නකල්ස් කඳු පන්තිය සිසාරා දිවෙන මෙයාලගෙ වැඩ කිඩ අතරෙ උඩින්ම තියෙන්නෙ එක්ස්ට්‍රීම් වයිල්ඩ් හයිකින්ග්, කෑම්පින්ග් වැඩ තමයි. සතා සීපාවා ගහන ඝන කැළේ මැද්දෙ කොහොමද රැයක් ගත කරද්දි. ඒ වගේම මෙයාලගෙ කැනෝයින්ග් සෙෂන් එහෙමත් සුපිරි. පොඩි පොඩි වෝටර් ෆෝල් වැඩ ටිකකුත් තියෙනව. ඒත් නැගලම යන්නෙ ජන්ගල් සයික්ලින්ග් පාර තමයි.

ඒක නෙවෙයි අපි මේ කියපු හැම ප්ලේස් එකකටම යන්න කලින් කෝල් කරල ගණන් හිලව් කතා කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ අතරට ඔයාලා දන්න අපි නොදන්න මේ වගේ තැන් මොනව හරි මතක් වුනොත් ඒව කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

Budget-friendly Iftar spots 2024

Written by Fathima Rukaiya, In our previous article, we highlighted some exquisite and upscale Iftar

Highlights Kamu

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Trending.

Experience the Elegance and Excitement of RTC Tourism Race Day in Nuwara Eliya

RTC Nuwara Eliya will hold its RTC Tourism Race Day on 30th March 2024 at

Trending

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide