අනික පහුගිය වැස්සට මහ පොළව සරු වෙලා, දළු දාලා වැඩෙන ගස් කොළන්, මල් පලතුරුවලින් වටපිටාවත් හැඩ වෙලා නිසා, සොබාදහම රස විඳින්නත් කියාපු කාලෙ. ඊටත්, සතා සීපාවා, කුරුලු කොබෙයියො එහෙමත් නිතර දෙවේලෙ එළි පෙහෙළියෙ ගැවසෙනවනෙ.
හොඳම වැඩේ තමයි වන මැද හුදකලා වෙච්ච පුංචි කොටේජ් එකක් අල්ලල නිවාඩුවට යන එක. එතකොට පොඩ්ඩන්ට, වැඩිහිටයන්ට වගේම ආදරණීයයන්ටත් ගොඩක් සතුටු වෙන්න පුළුවන්. සීතල වතුර ටිකක් නාලා, ගමේ රහට කෑම ටිකක් කාලා, කැළේ කොළේ ඇවිදලා, හැන්දැ වෙද්දි පොඩි ගිනිමැල පාර්ටියක් දාන්නත් බැරියැ.
අන්න ඒකට උදව්වක් විදියට තමයි, අපි කල්පනා කළේ, ලස්සන පුංචි වනගත හෝටල් ටිකක් ඔයාලට කියන්න.
හැම පහසුකමක්ම වගේ තියෙන මේ කොටේජ්වල ගණනුත් ඒ හැටි ලොකු නැති නිසා, පුළුවන් ඉක්මනට බුකින්ග් දාන එක තමයි හොඳම වැඩේ.
ත්‍රිකුණාමල කලපුව, දේව නගර් වෙරළ තීරයෙ පිහිටල තියෙන හරි අපූරු නවාතැනක්. මුළුමනින්ම ලීවලින් තමයි හදල තියෙන්නෙ. ඒ වුනාට ඒසී. කාමර එහෙමත් තියෙනව.
ක්ෂිතිජයට මුහුණලා හදල තියෙන මේ කබානාවල ලස්සන දෙගුණ තෙගුණ වෙන්නෙ හැන්දෑවට. ගමේ රහට කෑම ටිකක් කන්න, ඒ හැටි ගැලපුනේ නැති වුණාට මෙතන චයිනීස්, තායි, සී ෆුඩ් වගේ කෑම, බයිට් ටික නම් පංකාදු පහට තියෙනව. ඒ හැරුණාම ඉතින් හැන්දෑවට මුහුදු වෙරළෙ පොඩි ගිණිමැළ පාර්ටියක් දාන්න, අඩියක් ගහන්නත් පුළුවන්.
නුවර එළිය, සීතාඑළිය පාරෙ හක්ගල උද්‍යානය කිට්ටුව තමයි මේ ලස්සන කොටේජ් එක පිහිටල තියෙන්නෙ. මේකෙත් ඇතුළත නිර්මාණකරණය කරල තියෙන්නෙ එහෙම පිටින්ම ලීවලින්. අපූරු උද්‍යානයක් එහෙමත් තියෙනව. හොට් වෝටර් වගේ පහසුකම් එහෙමත් තියෙන නිසා සීතල දේශගුණයට බයවෙන්න ඕනත් නෑ. දවල් තිස්සෙ වට පිටාවෙ ඇවිදල, කටට සැරට, උණු උණුවෙ කෑම ටිකක් කාලා, හවසට පොඩි ෂොට් එකක් දාන්න ලෑස්ති කර ගත්ත නම් සුපිරි ෆන් එකක් ගන්න පුළුවන්.
අලි ගහන කැළේ, ලී, මැටිවලින් හදපු සුවපහසු කොටේජ් එකක රැයක් ගත කරන්න කැමතිද. එහෙනම් මෙන්න තැන, ‘කොටේජ් හබරණ’. අලි බලන්න විතරක් නෙවෙයි, හබරණ කැළේ සෆාරි යන්න, ගමේ රහට කෑම ටිකක් කන්න, හැන්දෑවට ගිනිමැලයක් ගහගෙන පොඩි බෝතල් පාර්ටියක් දාන්නත් නියමයි.
ඒ හැරුණාම ඉතින්, මේක තියෙන තැන දැන ගන්නත්, කෝල් කරන්න වෙනව.
ඩ්‍රීම් කොටේජ් හබරණ කැලේ ඇතුළට වෙන්න තිබ්බට, අලි කරදර නම් නෑ. හැබැයි අලි බලන්නම යන්න ඕන නම් සෆාරියක් දාගෙන යන්න පුළුවන්. මේකෙ රූම්ස්, ගොඩක් ඒවා ලක්ෂරි ටෙන්ට් ටයිප් එකට තමයි හදල තියෙන්නෙ. මැටියෙන් බිත්ති නග්ගල, පොල් අතු හෙවිලි කරපු කබානා කීපයකුත් තියෙනව. කෑම බීමත් පංකාදු පහයි. ගමේ රහට හදපු වැව් මාළු, මස් ජාති එහෙමත් තියෙනවලු.
වතුරත් එක්ක සෙල්ලම් දාන්න, කැළේ කොළේ ඇවිදින්න වගේ ඇඩ්වෙන්චර් වැඩ කෝටියක් තියෙන තැනක්. කෑම්ප් ෆයර් එකක් ගහල සිංදු කියල විනෝද වෙන්නත් පුළුවන්. කට්ටිය කියන හැටියට මෙයාලගෙ කෑම බිම ටිකත් හොඳයිලු.
හැබැයි ඒ ඔක්කොමත් හරි, මැටියෙන් හදල, පොල් අතු හෙවිලි කරපු පැලක දාන සුවපහසු නින්දෙ සැප! උදේ පාන්දර කුරුල්ලන්ගෙ කීචි බීචියත් එක්ක ඇහැරෙද්දි පුදුම ගැම්මක් තියෙන්නෙ.
බුත්තල කිව්වාම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. අලි විමානෙ. මේ අපූරු ඉකෝ ලොජ් එක තියෙන්නෙත් ඒ අලි විමානෙ මැද්දෙ. හැබැයි සෑහෙන්න ආරක්ෂිතයි. කොහොම වුණත් මැටියෙන් හදපු මේ බිම් පැලේ දවසක් ගෙවනව කියන්නෙ හරි අපූරු අත්දැකීමක්. හොඳට මිරිස්, තුනපහ දාලා හදපු රස කෑම වේලක් කන්නත් පුළුවන්. විශේෂයෙන්ම මස් ජාති, වැව් මාළු එහෙම. ඒ හැරුණාම ඉතින්, හැන්දෑ ජාමෙට කෑම්ප් ෆයර් දැම්මහැකි.
ඡායාරූපය: Lanka Holidays
ලස්සන උද්‍යානයක්, ඒක මැදින් ගලා යන පුංචි ඔය පාරක්, කුරුලු කොබෙයියන්ගෙන් පිරිලා ඉතිරිලා ගියපු වටපිටාවක්! ඇත්තටම හරිම අපූරුයි. කොටේජ් එකක් කිව්වට මේක ඇත්තටම බංගලාවක්. උළු හෙවිලි කරපු වහල, ලීයෙන් හැඩවුණු ගේ ඇතුළ හරිම සැප පහසුයි. බුන්දල වනෝද්‍යානයත් අත ළඟ නිසා සෆාරි යන්නත් කියාපු තැන. මෙතන කෑම බීම එහෙමත් පංකාදු පහට තියෙනව කියල තමයි කට්ටිය කියන්නෙ. ඒ හැරුණාම ඉතින් පොඩි අඩියක් ගහල, සිංදුවක් කියල විනෝද වෙන්න අවශ්‍ය කළමනා ටිකත් තියෙනවලු.
ඒ හැරුණාම ඉතින් තව ඔය වගේ ලස්සන, පොඩි පොඩි කොටේජ් ගොඩක් තියෙනව. හැබැයි හැම එකම මේ නිවාඩුවට කියල හරියන්නෙත් නෑනෙ. ඊළඟ නිවාඩුවටත් යන්න තැනක් තියෙන්නෙ එපැයි, නේ...
A home-based venture that makes superb Maqlooba from a recipe older than three decades.
Countries that let you in without a fuss with your Lankan passport
ඇතිලියකට තෙල් ටිකක් ලිපේ තියලා, ඒකට සුදුළූණු…
Thalis has kept to themselves over the years, so they're easy to miss if you're around Park road. They serve up some wonderful North and South Indian food…
Post-lockdown high tea seshs in Colombo.
Delete Comment