Online බඩු ගෙන්නනවද? අනිවාර්යෙයන්ම දැනගන්න ඕන කරුණු 7ක්.

Online බඩු ගෙන්වන එකට ලොකු ප්‍රසිද්ධියක් ආවෙ ඇමරිකාවෙ Amazon කියන ආයතනයෙන් පටන් ගත්තු වැඩක් නිසා. ඒ තමයි එයාලගෙ වෙබ් අඩවියට ඇවිල්ල පොත්පත් ඇණවුම් කරන්න පහසුකමක් සලස්වපු එක. හැබැයි එහෙම ඇණවුම් කරන්න පුළුවන් වුනේ ඇමරිකාව ඇතුලෙ විතරයි. ඒ විදියට ඇණවුම් කරපු පොත්, තැපැල් සේවා, කුරියර් සේවා මගින් ඇණවුම් කරපු අයට ලැබෙන්න සැලැස්වුවා.

කාලයක් යද්දි එයාල පොත් විතරක් නෙවෙයි අධ්‍යාපන උපකරණ, පරිගණක මෘදුකාංග හැම එකක්ම වගේ online විකුණන්න පටන් ගත්තා. ඔය විදියට කරලියට ආපු 'online selling' කියන එක අද වෙද්දි කවුරුත් දන්න කියන අපූරු ෂොපින් ක්‍රමයක් වෙලා. ඒ විතරක්ද, මේ වෙළඳාම අන්තර්ජාතික මට්ටමට දියුණුවෙලා නිසා වෙළෙන්දන්ගෙයි, පාරිභෝගිකයන්ගෙයි දෙගොල්ලන්ගෙම විශ්වාසය රැකෙන විදියට කටයුතු කරන්නත් මේ ආයතන වගබලා ගන්නව.

eBay, AliExpress කියන්නෙ අන්න ඒ වගේ තවත් ආයතන දෙකක්. ඒත් මේ ආයතන දෙකෙන් පාරිභෝගිකයින්ට දෙන වගකම් සහතික අතරෙ, වෙනස්කම් දෙක තුනක් තියෙනව. ඒ විතරක් නෙවෙයි විකුණන්න තියෙන බඩු වල ප්‍රමිතියත් සෑහෙන්න දුරට වෙනස්. eBay එකේ නම් තත්වයෙන් උසස් වගේම තත්වයෙන් බාල බඩුත් තියෙනව. ඒත් AliExpress එකේ නම් තියෙන්නෙ ගාණ අඩු තත්වයෙන් සෑහෙන්න බාල බඩු. හැබැයි ඕන මොන භාණ්ඩය ගෙන්නුවත් මෙන්න මේ දේවල් මතක තියාගන්න.

1. ගෙන්නන්න ඕන භාණ්ඩයේ නම, භාණ්ඩ නිෂ්පාදකයගෙ වෙබ් අඩවියේ තියෙන විදිය හොයාගන්න. හැබැයි original භාණ්ඩයම අවශ්‍ය නැත්නම් නම හොයාගන්න ඕන වෙන්නෙ නෑ.

2. අවශ්‍යම භාණ්ඩය තෝර ගත්තට පස්සෙ ඒක විකුණන කෙනාගෙ 'feedback' වගේම පාරිභෝගිකයො ඒවට දාපු 'comments' ටිකකුත් බලන්න. ඒ කියන්නෙ එයාට ආපු ඇණවුම් ගාණ, එයා හරියට යවපු ඇණවුම් ගාණ වගේම නොයවපු ඇණවුම් ගාණත්.

3. ඒ එක්කම බලන්න feedback වල හොඳ නරක අනුව වෙළෙන්දට, ආයතනයෙන් දීලා තියෙන තත්වය. හොඳම අයට (top rated seller) රන් තරුව. මේ රන් තරුවක් ගන්න, වෙළෙන්දන්ට කොන්දේසි තියෙනව.

  • අඩුම තරමෙ පහුගිය අවුරුද්ද ඇතුලත ඇමරිකානු ගණුදෙනුකරුවො එක්ක ඩොලර් 1,000ක වත් වෙළඳාම් කරල තියෙන්න ඕන.
  • කවුරු හරි භාණ්ඩයක් ඇණවුම් කලොත් ඊට පස්සෙ දවස ඇතුලත ඒක නැව්ගත කරන්න පුළුවන් වෙන්න ඕන.
  • eBay Money Back Guarantee, PayPal වලට පාරිභෝගිකයො යොමු කරන ප්‍රශ්න වෙළෙන්දගෙ අනුදැනුමක් නැතුව විසඳන්න අයිතිය, ආයතනයට දෙන්න ඕන.

කොහොම වුනත් වෙළෙන්දගෙ තත්වය හොඳයි කියන්නෙ ඒ වෙ‍ළෙන්ද අපේ ඇණවුම ගැන දරන වගකීම වඩා වැඩියි කියන එක.

4. භාණ්ඩය ඇණවුම් කරන කොට ''තෑග්ගක් විදියට එවන්න'' කියල පණිවුඩයක් වෙළෙන්දට යවන්නත් අමතක කරන්නත් එපා. හැබැයි එහෙම කරන්න ඕන භාණ්ඩයේ බර කිලෝ ග්‍රෑම් 2ට වැඩි නම් හරි පැකේජයේ ප්‍රමාණය අඩි 1×2ට වැඩි නම් හරි තමයි. මොකද ඒ විදියට නැති පැකේජ ගොඩක් දුරට රේගුවෙන් නවත්ත ගන්නව. එහෙම වුනොත් නම් ඔයාට ලොකු බද්දක් ගෙවන්න වේවි ඒක නිදහස් කරගන්න.

5.  ප්‍රධානම කාරණය තමයි online මුදල් ගෙවන්න ඔයාට පුළුවන් නම් වෙනමම බැංකු ගිණුමකට Visa හරි MasterCard හරි කාඩ් එකක් හදා ගන්න (online transactions වලට සහය දක්වන debit card පාවිච්චි කරනවා නම්). නැත්නම් ඕනම බැංකුවක Visa, MasterCard, Sampath Web Card නැත්නම් American Express කාඩ් එකක් හරි කමක් නෑ. කවදාවත් පඩිය වැටෙන නැත්නම් නිතරම ගණුදෙනු කරන බැංකු ගිණුම්, ක්‍රෙඩිට් කාඩ් වගේ ඒව මේ වැඩේට යොදාගන්න එපා. මොකද හොර රහසේම අන්තර්ජාලයෙන් ඇවිත් ඔයාගෙ කාර්ඩ් නොම්මරය හොරෙන් පාවිච්චි කරල හොර රහසේම සල්ලි අරගන්න හොරු ඕන තරම් ඉන්නව.

6. අනිත් කාරණය තමයි භාණ්ඩයේ මිලට වඩා රු. 100ක් 150කට වඩා වැඩි ගාණක් හැකියාවක් තියෙනවා නම් ඔයා පාචිච්චි කරන කාඩ් එකේ තියන්න එපා. සම්පත් වෙබ් කාඩ් එකකදි නම් බඩු ගන්න කලින් අවශ්‍ය ගාන රීලෝඩ් කරන්න පුළුවන්.

7. eBay එකෙන් භාණ්ඩ ඇණවුම් කරද්දි නම් PayPal හරහා තමයි මුදල් ගෙවන්න තියෙන්නෙ. එතනදි අපේ මුදල් වෙළෙන්ද අතට ගියත් හදිස්සියෙවත් අදාල දවසට කලින් ඇණවුම් කරපු භාණ්ඩය ආවෙ නැත්නම් හරි වැරදි භාණ්ඩයක් ආවොත් හරි අපිට පුළුවන් eBay එකේ Resolution center එකට ගිහින් අපේ ප්‍රශ්නය කියල සල්ලි ආපහු ලබා ගන්න.

ඒත් AliExpress එකේ නම් PayPal වගේ ක්‍රම නෑ. අපි ගෙවන සල්ලි කෙලින්ම වෙළෙන්දට යනව. හැබැයි කලට වෙලාවට භාණ්ඩය ආවෙ නැත්නම් AliExpress එකට ප්‍රශ්නය යොමු කරල සල්ලි ආපහු ගන්නත් පුළුවන්. AliExpress එකේ නම් වැඩේ යන්නෙ ගොඩක් දුරට විශ්වාසය මත තමයි.

එහෙමයි කියල හරි භාණ්ඩය ආවත් resolution center එකට බොරු ප්‍රශ්න දාලා සල්ලි ආපහු අරගෙන අපේ රටේ නම කන අයත් ඉන්නව. ඔයාල නම් එහෙම වෙන්න එපා. මොකද මේක අන්තර්ජාතික වශයෙන් ලොකු සේවයක් වෙන, විශ්වාසය මත රුඳුණු වෙළඳාමක්නෙ.

කොහොම වුනත් සල්ලි පරිස්සම් කරගෙන අන්තර්ජාලයෙන් බඩු ගෙන්න ගන්න අපි කියපු දේවල් ගොඩක් වැදගත් වේවි. මේ කරුණු ටික හැරුණාම තව පොඩි පොඩි වැදගත් දේවලුත්, විශේෂයෙන්ම ඔයාල දන්න අපි නොදන්න දේවලුත් ඇති. අපිට දැනගන්නත් එක්කම ඒ දේවල් කමෙන්ට් කරගෙනම යමු නේද?

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

Budget-friendly Iftar spots 2024

Written by Fathima Rukaiya, In our previous article, we highlighted some exquisite and upscale Iftar

Highlights Kamu

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Trending.

Experience the Elegance and Excitement of RTC Tourism Race Day in Nuwara Eliya

RTC Nuwara Eliya will hold its RTC Tourism Race Day on 30th March 2024 at

Trending

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide