හෑන්ඩ් සැනිටයිසර් පාවිච්චියේ දී නොදැනීම සිදු වෙන වැරදි 7ක්.

හෑන්ඩ් සැනිටයිසර් කියන්නෙ හුඟ කාලෙක ඉඳල වෙළෙඳපොළේ තිබුණු නිෂ්පාදනයක් වුණාට, බොහෝ දෙනෙක් අතරේ එදිනෙදා පොදු පාවිච්චියට ආවේ පහුගිය මාර්තු මාසේ වගේ ඉඳලා. ඒ කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් එක්ක නිතර දෑත් පිරිසිදු කිරීමේ අවශ්‍යතාව පැන නැඟුණු හින්දා. ඉතින් මේ වෙද්දි හෑන්ඩ් සැනිටයිසර් කියන්නෙ සබන් තරමට ම විකිණෙන නිෂ්පාදනයක්.

ඔබ පොදු දේපළ සහ පොදු ප්‍රවාහන සේවා ආශ්‍රිතව ගැවසෙන කෙනෙක් නං, හෑන්ඩ් සැනිටයිසර් කුප්පියක් නිතරම බෑග් එකේ හෝ ළඟ තියාගන්න එක අත්‍යවශ්‍ය බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. නිතර දෑත් සෝදන්න හැකියාවක් නැති තැන්වලදි මේක ඒ වෙනුවට හොඳ විකල්පයක්. ඒත් මෙහෙම හෑන්ඩ් සැනිටයිසර් පාවිච්චියේ දි නොදැනුවත්වම අපි අතින් සිද්ධ වෙන අත්වැරදීම් කීපයක් ගැන මතක් කරන්න අපි කල්පනා කළා.

1 වර්ගය

ඔබ මිල දී ගන්න හෑන්ඩ් සැනිටයිසර් වර්ගය ගැන ප්‍රමාණවත් දැනුමක් ඔබට තියෙන්න ඕන. වෙළෙඳපොළේ තියන ඕන ම සැනිටයිසර් එකක් හොයා බලන්නෙ නැතිව මිලට ගන්න එපා. ගන්න කලින් මතක ඇතිව බ්‍රෑන්ඩ් එක දන්න කියන ප්‍රසිද්ධ වෙළෙඳ නාමයක් ද සහ අවම වශයෙන් ඇල්කොහොල් 60%ක ප්‍රතිශතයක් අඩංගු ද කියලා චෙක් කරන්න.

ඒ වගේ ම කාලය ඉකුත් වන දිනය සහ නිෂ්පාදිත දිනය හොඳින් බලන්නත් අමතක කරන්න එපා. කල් ඉකුත් වෙලා තිබුණොත් සැනිටයිසර් එකේ ක්‍රියාකාරිත්වය අඩාල වෙලා නිසා සමේ ආසාදන එහෙමත් ඇති වෙන්න පුළුවන්. මීට අමතරව සැනිටයිසර් එකේ මෙතනෝල් අඩංගුයි නම් කිසි සේත් ම මිලට ගන්න එපා.

2 වේලෙනකන්

සැනිටයිසර් එකක් නිතර ළඟ තිබුණත් එය භාවිත කරන විදිහ වැරදියි නම් දෑත්වල විෂබීජ නැසෙන්නේ නැතිව යන්න පුළුවන්. ඔබ අත්ලට ගන්නේ සැනිටයිසර් දියරයෙන් බිංදුවක් වගේ ප්‍රමාණයක් නම් එය විෂබීජ නැසෙන්න ප්‍රමාණවත් නෑ. අත් දෙක හොඳින් පිරිසිදු කරගන්න අවශ්‍ය තරමට බිංදු කීපයක් අත්ලට අරං, එය දෑතේ ම වියළී යන තෙක් හොඳින් අතුල්ලන්න ඕනේ. සැනිටයිසර් වේලෙන්නේ නෑ කියලා ටිෂූ හෝ අත් පිස්නාවලින් සැනිටයිසර් ටික පිහදාන්න යන්න එපා. ටිකක් වෙලා දෑත්වල රැඳිලා තිබිලා ඉබේ ම වියළී යන එකයි සැනිටයිසර් වල ස්වභාවය. විෂබීජ නැසෙන්නේ එතකොටයි.

සාමාන්‍යයෙන් සබන් දාලා දෑත් හෝදනකොට තප්පර 20ක්වත් හොඳින් අතුල්ලල හෝදන්න කියල නේ වෛද්‍යවරු උපදෙස් දෙන්නේ. ඒ තරමට ම නැතත්, සැනිටයිසර් පාවිච්චි කරද්දිත් අත් දෙකේ නියපොතු, ඇඟිලි තුඩු, අත්ල සහ පිටි අල්ල හොඳින් ආවරණය වෙන විදිහට සැනිටයිසර් යොදන්න ඕනේ.

3 ගබඩා කිරීම

සැනිටයිසර් බෝතලයේ හෝ කුප්පියේ සඳහන් කරලා තියන ගබඩා කිරීමේ උපදෙස්වලට අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. කොපමණ උෂ්ණත්වයක් යටතේ ගබඩා කර තැබිය යුතු ද කියලා එහි සඳහන් වෙනවා. වැරදි උෂ්ණත්වයක් යටතේ තැබීමෙන් එහි ක්‍රියාකාරිත්වය වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට එය වැරදීමකින් හෝ ශීතකරණයේ, අධික හිරු රශ්මියේ වැනි ස්ථානවල නොතැබිය යුතුයි.

4 ගින්දර

සැනිටයිසර් කියන්නෙ ඇල්කොහොල් පාවිච්චියෙන් හදන දෙයක් හින්දා වහා ගිනි ඇවිළෙනසුලුයි කියලා සිහි තබාගන්න ඕනේ. සැනිටයිසර් ගාපු ගමන් ලිප ළඟට යන්න, ගිනිකූරු, ලයිටර් පත්තු කරන්න එහෙම යන්න එපා. ගින්දර ළඟට යනවා නම්, අතේ තියන ඇල්කොහොල් ටික වාෂ්ප වෙලා යනකන් ටිකක් වෙලා ඉඳලා, වැඩි හොඳට නම් විනාඩි 30ක් විතර ඉඳලා යන්න කියන එකයි වෛද්‍ය උපදෙස.

5 අත් අපිරිසිදු නම්

සැනිටයිසර් තියෙන්නේ සබන් යොදා දෑත් සෝදන්න අපහසු අවස්ථාවල ඒ වෙනුවට පාවිච්චි කරන්න පහසු විකල්පයක් විදිහට තමයි. හැබැයි ඔබේ දෑත් කුණු, දූවිලි, මඩ, වැලි, පස් හෝ ග්‍රීස් වැනි දේවල් ගෑවිලා අපිරිසිදු වෙලා තියන වෙලාවක ඊට උඩින් සැනිටයිසර් ගෑමේ තේරුමක් නෑ. මොකද එතකොට සම ඒ අපිරිසිදු ද්‍රව්‍යයෙන් වැහිලා තියන නිසා සැනිටයිසර් වලට විෂබීජ සමග ප්‍රතික්‍රියා කරන්න පුළුවන් වෙන්නේ නෑ. ඒ හින්දා එහෙම අවස්ථාවල මුලින් සබන් දාලා අත් හෝදන එක වැදගත්.

6 ඕනවට වඩා

අධික පිරිසිදුකමත් ලෙඩක් කියලා අහලා ඇති නේ. ඉතින් හැම විනාඩි පහකට ම සැරයක් සැනිටයිසර් දාල අත් දෙක අතුල්ලන්න යන්න එපා. මොකද සැනිටයිසර් වලින් නරක බැක්ටීරියා වගේ ම සමට අවශ්‍ය බැක්ටීරියාත් විනාශ වෙනවා. ඒ නිසා ඕනෑවට වැඩිය පාවිච්චි කළොත් කැසීම් වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මීට අමතරව කිසියම් සැනිටයිසර් වර්ගයක් ඔබේ සමට අසාත්මිකතාවක් ඇති කරන බව පේනව නං වහාම පාවිච්චිය නවත්තන්න ඕනේ.

ඒ වගේ ම සබන් දාල අත් හෝදන්න පුළුවන් වෙලාවටත් ඒ වෙනුවට සැනිටයිසර් පාවිච්චි කරන්න යන්න එපා. මොකද කොහොම වුණත් සැනිටයිසර් කියන්නෙ සබන් යොදා අත් සේදීමට 100%ක් සමාන ආදේශකයක් නෙවෙයි.

7 නිතර අතේ තියන දේවල්

අත් දෙක විතරක් සැනිටයිසර් වලින් විෂබීජහරණය කළාට මදි. අත් දෙකේ නිතර ගැවසෙන පුංචි පුංචි භාණ්ඩත් සැනිටයිස් කරන්න ඕනේ. මොකද ඒවා ඔබ නැවත නැවත අතගාන නිසා, අත් දෙක කොච්චර සැනිටයිස් කළත් අර භාණ්ඩවල විෂබීජ ගෑවිලා තිබුණොත් ඒවා අල්ලන වාරයක් ගාණේ ඔබේ සමට ඇතුළු වෙන්න පුළුවන්.

උදාහරණ විදිහට යතුරු, ජංගම දුරකතන, සල්ලි, බැංකු කාඩ්පත්, මුදල් පසුම්බි, පෑන් පැන්සල්, අත් ඔරලෝසු, මුදු, අත් පළඳනා, වූල් බෑන්ඩ් වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. මේ දවස්වල අත් ඔරලෝසු, මුදු, අත් පළඳනා, වූල් බෑන්ඩ් එහෙම නං හැකි තරම් අඩුවෙන් අත්වල පළඳිනවා නං තමයි හොඳ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

Budget-friendly Iftar spots 2024

Written by Fathima Rukaiya, In our previous article, we highlighted some exquisite and upscale Iftar

Highlights Kamu

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Trending.

Experience the Elegance and Excitement of RTC Tourism Race Day in Nuwara Eliya

RTC Nuwara Eliya will hold its RTC Tourism Race Day on 30th March 2024 at

Trending

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide