පහුගිය දවස් ටිකේ අපි කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, බිරියානි එහෙම ගෙන්න ගන්න තැන් ටිකක් කිව්ව නිසා.. අද කල්පනා කලා, කාලෙකට පස්සෙ කට්ටියට සුපිරි බර්ගර්, සබ්මැරීන් ටිකක් ගෙන්න ගෙන රස බලන්න හොඳම තැන් ටිකක් කියන්න.
මොකද ඉතින්.. ඔය කිව්වට මේ සතියෙත් ඇඳිරි නීතිය ෂුවර් නෑනේ!
තඩි පැටි එකක් එක්ක චීස්, සලාද අඩු නැතුව වැටිල එන ටොප් බර්ගර් එකක්..
රු. 450 ඉඳන් උඩට. බම්බ, කොල්ලුපිටි, කුරුඳුවත්ත, හැව්ලොක් ටවුන්, වැල්ලවත්ත අවට ඉන්න ඔයාට පුලුවන් සනික කෝල් එකක් ගහල ගෙන්න ගන්න.
ඩිලිවරි ගාස්තු: රු. 150
බැලින්නම් නැති දෙයක් නෑනෙ මෙතන. පහුගිය ලිස්ට් හැම එකකම වගේ තිබ්බ කඩයක්. ඊටත් ගණනුත් අඩුවෙන්. කිව්වට විශ්වාස කරන්න යාළු, බන් එකෙන් එළියට පනින තරම් ලොකු චිකන් පලුවක් එක්ක අඩු නැතුව චීස්, ලූණු අඩුම කුඩුම සියල්ලම පදමටම දාලා හැදෙන බර්ගර් එකක් රු. 400 ඉඳන් ඉහලට…
ඔන්න ඔයාලත් ඕඩර් කරල ගෙන්න ගන්න. හැබැයි.. උදේ 10 ඉඳන් හැන්දෑවෙ 7 වෙනකම් විතරයි..
ඩිලිවරි ගාස්තු ඇත.
මෙයාලත් කටට රහට හදන්නෙ නැති දෙයක් නැති තරම්නෙ. අනේ මන්දා චයිනීස්, ශ්‍රීලංකන් කෑම අස්සෙ සැෆ්රන් එකේ තියෙනව ටොප් චිකන් සබ් එකකුත්.. හොඳ හැටි මස්, සලාද එක්ක මයොනිස් එහෙමත් දාපු. ඒකත් රු. 450න් වගේ යන්නෙ කිව්වාම?. අර වැඩේ තියෙන්නෙ මෙයාලා ඩිලිවර් කරන්නෙ කොළඹ 1-15 වෙනකම් විතරයි. හැබැයි ඉතින් කරන එක උදේ 11 ඉඳන් රෑ 11 වෙනකම්ම කරනව.
ඩිලිවරි ගාස්තු ඇත.
රු. 450 ඉඳන් ඉහලට රසම රස වෙජි බර්ගර්, චිකන් බර්ගර්, චිකන් සබ් ඕන දෙයක්.. ගෙදරටම ගෙන්න ගන්න කෝල් කරන්න මෙයාලට. හැබැයි එකක් මතක තියාගන්න ඕඩරේ අඩුම ගාණ රු. 1000ක්වත් වෙන්න ඕන. අනිත් එක.. ඕඩරේ රෑ 9ට කලින් දාන්නත් ඕන.
ඩිලිවරි ගාස්තු: රාජගිරිය, නාවල - රු. 200/ බත්තරමුල්ල - රු. 300/ කොළඹ 1සිට10 - රු. 400
වැඩිය ඕන නෑ ගෙන්න ගන්නකො මෙයාලගෙ ඩබල් ක්‍රිස්පි චිකන් බර්ගර් එක රු. 450ට තියෙන. ආයෙ වැඩක් නෑ කියල, ආසාවට හොඳටම ඇති. ඒ හැරුනාම ඉතින් රු. 400 ඉඳන් තව තියෙනව පංකාදු බර්ගර් සබ්මැරීන් තොගයක්. අනිත් එක ගෙවීම් කරන්න තියෙන්නෙත් කෑම අතට ගත්තාම නිසා තවත් ලේසියි.
ඩිලිවරි ගාස්තු: කොළඹ 1සිට10 - රු. 200/ කොළඹ 11සිට15 - රු. 250/ දෙහිවල - රු. 250/ පිටකෝට්ටේ සිට පිළියන්දල - රු. 400/ වත්තල, මහරගම, රත්මලාන - රු. 500/ අනෙකුත් - රු. 300
රු. 350 ඉඳන් යාළු.. චිකන් බර්ගර්, බීෆ් බර්ගර් ඕන එකක්. කටට රසට උණු උණුවට හදාපු..
ඔන්න දැන්ම කෝල් කරල ඕඩර් කරන්න, හැබැයි ඕඩරේ අඩුම ගාණ රු. 700ක්වත් තියෙන්න හොඳද. අනිත් කාරණය තමයි මෙයාලා උදේ 11 ඉඳන් රෑ 9 වෙනකම් ඇරලත් එක්ක. ම්.. ඒ හැරුනාම කොහුවල, මිරිහාන, වැලිකඩ, මහරගම, තලංගම අවට ප්‍රදේශ වලට ඩිලිවරිත් කරනව.
ඩිලිවරි ගාස්තු ඇත.
නම කිව්වට පස්සෙ ඉතින් රස ගැන කියන්න ඕන නෑනෙ. ඒ නිසා.. විශේෂයෙන් කියන්නම් මෙයාලගෙ බර්ගර්, සබ්මැරීන් දෙකම තියෙනව පොඩි සයිස් රු. 250න් පටන් ගන්න වගේම ලොකු සයිස් රු. 350න් පටන් ගන්න. එතකොට.. චිකන්, බීෆ් ඕන ජාතියකින් ගන්නත් පුලුවන්. කඩේ උදේ 11 ඉඳන් රෑ 9 වෙනකම්ම ඇරල නිසා හදිස්සි වෙන්න දෙයකුත් නෑ. ම්.. හැබැයි මතක තියාගන්න ඕඩරේ අවම ගාණ රු. 600ක්වත් වෙන්න ඕන. කොහොම වුනත් මෙයාලා ඩිලිවර් කරන්නේ.. කොළඹ 2-9, නුගේගොඩ, රාජගිරිය දක්වා විතරයි. ඒකත් ගෙවන්න තියෙන්නෙ බඩු අතට ගත්තාම හොඳඳ.
ඩිලිවරි ගාස්තු ඇත.
The 2021 edition of buffets in Colombo.
A list of 15 places for your next day outing.
Nelum Kole is a rice-and-curry kade in Boralesgamuwa that provides a convenient and cost-effective lunch spread.
Flavours of Asia delivered to your doorstep.
High tea round-up of 2021.
Delete Comment