පර්ෆෙක්ෂනිසම්. නැත්තං පරිපූර්ණතාවාදය කියන්නෙ අපි හැමෝට ම මඳ පමණට තියන මානසික ස්වභාවයක්. පර්ෆෙක්ෂනිස්ට්ලාට හැම දෙයක් ම කිසිම දෝෂයක් වැරැද්දක් සිද්ධ වෙන්නෙ නැතුව, සර්ව සම්පූර්ණ නැත්තං පර්ෆෙක්ට් විදිහට තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට දොර ලොක් කරාට පස්සෙ ආයෙ දෙතුන් පාරක් ලොක් වෙලා ද කියල ගිහින් බලන්නෙ මේ අය. මේසෙ උඩ පෑන් ගොඩක් විසිරිලා තියනව නං ඒක බලන් ඉන්න බැරුව පෑන් ටික හැම වෙලේ ම පේළියකට හදන්නෙ මේ අය. ඇඳුම් කබඩ් එක අස් කරද්දි කළු පාට ඇඳුම් ගොඩක් මැද්දෙ රතු පාට ඇඳුමක් තියනව දැක්කම ඒක එතනින් අයින් කරන්නෙ මේ අය. වාක්‍ය දෙකක මේල් එකක් පැය බාගයක් තිස්සෙ මක මක ලියාගන්න දඟලන්නෙ මේ අය.
මේක යන්තමින් වගේ අපි හැමෝට ම තියන මානසික තත්ත්වයක් වුණාට සමහරු ඉන්නවා සෑහෙන අන්තගාමී විදිහට හැම දේක ම පරිපූර්ණත්වය හොයන අය. මේක මේ අයගේ එදිනෙදා ජීවිතයට වගේ ම දීර්ඝකාලීනවත් බොහොම කරදර ඇති කරන්න පුළුවන්. මේ ස්වභාවය කොච්චර දුරදිග යන්න පුළුවන් ද කියනවා නම් සමහරුන්ට මේක මානසික රෝගයක් දක්වා වර්ධනය වෙලා ප්‍රතිකාර ගන්නත් සිද්ධ වෙනවා.
සමහර පර්ෆෙක්ෂනිස්ට්ලා ඉන්නවා තමන්ට මෙහෙම මානසික ස්වභාවයක් තියනවා කියලා දැනුවත්ව ඉන්න. ඒත් සමහරු දන්නෙ නෑ තමන්ට පර්ෆෙක්ෂනිසම් තත්ත්වය තියන බව. ඔයත් පර්ෆෙක්ෂනිස්ට් කෙනෙක් ද කියලා කල් තියා අඳුරගන්න, මේ තියෙන්නේ පර්ෆෙක්ෂනිස්ට් කෙනෙකුගෙන් පළ වෙන ලක්ෂණ 7ක්.
සාමාන්‍යයෙන් මේ අයට තමන් කරන දේ උපරිම ප්‍රතිඵලය දකින්න පුළුවන් කියලා විශ්වාසයි නම් විතරයි ඒගොල්ලො ඒ වැඩේ කරන්න පටන්ගන්නේ. උදාහරණයක් විදිහට කිසියම් තරගයකට ඉදිරිපත් වුණොත් ඒකෙන් පළමුවැනියා වීම අත්‍යවශ්‍යයි කියලා මේගොල්ලො දරුණුවට බලාපොරොත්තු වෙනවා. හදිස්සියෙවත් දෙවැනි තැන ලැබුණොත් මේගොල්ලො මානසිකව කඩාගෙන වැටෙනවා. දෙවැනි තැනින් සෑහීමකට පත් වෙන්න වගේ ම දෙවැනි තැන ලැබීමත් ජයග්‍රහණයක් බව හිතන්න මේ අයට බෑ.
තමන් කරන හැම දේට ම අනෙක් අය එකඟ විය යුතුයි කියල මෙයාල හිතනවා. තමන් කරන වැඩේ වැදගත්කමට වඩා සලකන්නේ ඒ ගැන අනෙක් අයගේ මතය මොකක්ද කියන එක. ඒ නිසා මෙයාල හැම වෙලේ ම අනුන්ගේ පිළිගැනීම බලාපොරොත්තු වෙනවා. ‘මිනිස්සු මොනා හිතයි ද’ කියන බයෙන් තමයි ජීවත් වෙන්නෙ.
පර්ෆෙක්ෂනිස්ට්ලා හරි ම විවේචනාත්මකයි. අනෙක් අයව විවේචනය කරමින් තමන් ගැන තෘප්තිමත් වෙන්න මේ අය හරි ම කැමතියි. අනුන්ගේ වැරදි හොයමින් ඔවුන් පහතට හෙළමින් කතා කරන්න පෙළඹෙනවා වගේ ම, තමන් අතින් යම්කිසි අත්වැරැද්දක් සිදු වුණොත් තමන්ට ම චෝදනා කරගෙන වැරදිකාර හැඟීම්වලින් පෙළෙනවා.
හැම දේක ම පරිපූර්ණත්වය හොයන අය තමන්ට වැරදෙයි කියල හැම මොහොතක ම ඉන්නෙ හරි ම බයෙන්. නරක අතට සිද්ධ වෙන හැම පුංචි දෙයක් ම තමන්ට මහා හානියක් කරනවා කියලා සෘණාත්මක හැඟීමකින් තමයි කල් ගෙවන්නෙ. ඒ විතරක් නෙවෙයි, කරන වැඩේට වඩා ඒකෙ ප්‍රතිඵලය මොන වගේ වෙයි ද, නරක අතට හැරෙයි ද කියලා පුදුමාකාර බියකින් මේගොල්ලො ජීවත් වෙන්නේ.
තමන්ට සියයට සියයක් නිර්දෝෂීව යමක් කරන්න පුළුවන් කියල විශ්වාසය ඇති වෙනකන් මෙයාලා කිසි ම වැඩක් පටන්ගන්නෙ නෑ. තමන්ට ඒ ගැන විශ්වාසය ඇති වෙනකන් වැඩේ කල් දානවා. ඒක මේ මොහොතේ පටන්ගත්තොත් වැරදෙයි කියලා බය වෙනවා. කවදාහරි පීනන්න පුළුවන් වෙනකන් වතුරට බහින්නෙ නැතුව ඉන්නවා වගේ මානසිකත්වයක් තමයි මෙයාලට තියෙන්නෙ.
කවුරුහරි තමන් කරපු දෙයක් විචාරය කරද්දි, විවේචනය කරද්දි, ප්‍රතිචාර දක්වද්දි පර්ෆෙක්ෂනිස්ට්ලා හරි ම ඩිෆෙන්සිව් වෙනවා. ඒ කියන්නේ තමන් අතින් සිද්ධ වුණු දේට නිදහසට කරුණු, එක්ස්කියුසස් කියනවා. තමන් ආරක්ෂා වෙන්න උත්සාහ කරනවා. තමන් අතින් කවදාවත් කිසි ම වරදක් වෙන්න බෑ කියලයි මේගොල්ලො හිතන්නෙ.
තමන්ව ම විවේචනය කර ගනිමින්, තමන්ට ම බය වෙමින්, අනුන්ගෙ පිළිගැනීම ම හොයමින් ගෙවන හරි ම දුක්ඛිත ජීවිතයක් තමයි මෙයාලට තියෙන්නෙ. ඒ නිසා ම ඒ අයට තමන් ගැන තියන විශ්වාසයත් අඩුයි. මොකද තමන්ට වැරදෙයි කියලා මිසක් තමන්ට පුළුවන් කියලා මේ අය හිතන්න පුරුදු වෙලා නැති නිසා.
If you're thinking joining a gym in Colombo, here are some options.
A restaurant by The Barnhouse Studio that serves up some epicurean dishes in their most unique ambience.
We tasted every locally brewed and available beer. In the name of science!
A list of 15 places for your next day outing.
Countries that let you in without a fuss with your Lankan passport
Delete Comment