2017 අවුරුද්දේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පටන්ගෙන අදට හරියට ම දවස් තුනයි. අපේ ගොඩක් අය මේ වෙද්දීත් මෙතැනට ගිහින් ගෙදර හැමෝට ම අවුරුද්දකට ම කියවන්න පුළුවන් තරමට පොත් අරගෙන ඇවිල්ලා ඇති. නොගියපු අයටත් හදිසියක් නැහැ ඉතින්. 24වෙනිදා වෙනකම් ප්‍රදර්ශනය තියෙන නිසා හීන් සීරුවේ ගිහින් එන්න ඇහැකිනේ.
හැම අවුරුද්දේ ම වෙනස් වෙන මේ පොත් සල්පිලේ මෙදා සැරෙත් අලුත් දේවල් බොහෝමයි. තවමත් ඒ පැත්තේ නොගිය අපේ අයට වැදගත් වේවි කියලා හිතන කාරණා හතක් ගැනයි මේ සටහන.
දන්නා සිංහලෙන් කියනවනම් මේ BYOB (Bring Your Own Bag). අවුරුදු ගාණක ඉඳන් මේ කියන කතාව මේ සැරේවත් ක්‍රියාත්මක කරොත් හොඳයි නේද? අඩු තරමේ සැප්තැම්බරයේ ඉඳන් තියෙන පොලිතීන් තහනම නිසාවත්. හැම ප්‍රදර්ශන කුටියකින් ම වගේ බෑග් ලබාදුන්නත්, දිරන තත්වයේ බෑග් ලැබෙන්නේ කීපයකින් විතරයි. ඒ නිසා හොඳ ම දේ තමන්ගේ කියලා ලොකු හයිය මල්ලක් අරගෙන යන එක. එතකොට බෑග් හතර පහ උස්සගෙන යන එකේ කරදරෙත් නැහැනේ. ඒ නැතත් මෙදා සැරේ ඇතුල්වීමේ ගේට්ටුව ළඟදී රෙදි බෑග් එකක් මිලදී ගන්න හැකියාව තියෙනවා.
ඉංග්‍රීසි පොත්වලට ප්‍රසිද්ධ ජයා, මාකීන් වගේ ප්‍රකාශකයන් හැරුණා ම, මේ අවුරුද්දේ ගුණසේන ප්‍රදර්ශන කුටියේ තිබුණු ඉංග්‍රීසි පොත් එකතුව සෑහෙන්න අගය කරන්න ඕනේ. මෑත කාලයේදී ජනප්‍රිය වුණු ඉංග්‍රීසි නවකතා බොහොමයක් මේ අය ළඟ දැකගන්න ලැබුණා.
මෙදා සැරේ චන්දන මෙන්ඩිස් ප්‍රකාශන ප්‍රදර්ශන කුටියක් දැකගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට චන්දන මෙන්ඩිස් මහත්මයාගේ අලුත් ම පොත වෙන “මාරක සටන” වෙනත් ප්‍රකාශකයන්ගේ ප්‍රදර්ශන කුටිවල ජයට ම අලෙවි වෙනවා. 20%ක වට්ටමක් සහිතව මේක මිලදී ගන්න පුළුවන්.
සුසර ප්‍රකාශන කුටියෙන් මේ අවුරුද්දේ අලුත් ම වැඩක් සිද්ධ කරනවා. ඒ තමයි බුක් ෆෝල්ඩරයක් පිරෙන්න පොත් ලබාදෙන එක. රුපියල් 1000ක් ගෙවලා මේ බුක් ෆෝල්ඩරය ගත්ත ම, ඒක පිරෙනකම් සුසර ප්‍රකාශකයන්ගේ පරිවර්තන පොත් ගන්න පුළුවන්. සාමාන්‍ය තරමේ පොත් 4ක් 5ක් මේකට ෆිට් වෙනවා. පරිවර්තන පොත් තොගයක් ම තියෙන නිසා ලොකු තේරීමක් කරන්නත් ඇහැකි. ඒ ගාණට ම හදපු පොත් මිටිත් මේ අය ළඟ තියෙනවා. පරිවර්තන නවකතා පොත් 3 - 7 දක්වා ප්‍රමාණයක් මේවයේ අඩංගුයි.
ඒ හැරුණා ම, පන්සිය පනස් ජාතකයේ වෙළුම් පහක පැක් එක රුපියල් 1400කටත්, මහ රහතුන් වැඩි මග ඔස්සේ පොත් පෙළ (පොත් 10ක්) රු.1000කටත් මෙතැනින් මිලදී ගන්න පුළුවන්.
සිංහල පොත්වල බාර්ගේන් කුටි ටික තියෙන්නේ N ප්‍රදර්ශන ශාලාවේ. සරසවි, MD ගුණසේන, සදීපා ආදී ප්‍රධාන ප්‍රකාශකයන් බොහොමයකගේ බාර්ගේන් කුටි මේ අතරේ තියෙනවා.
මේ අතරින් සරසවි ප්‍රකාශකයන්ගේ බාර්ගේන් කුටියෙන් 75%ක වට්ටමක් ලැබෙනවා.හැබැයි ඒ වට්ටම ලැබෙන්නේ සරසවි ප්‍රකාශනයක් විදියට තියෙන පොත්වලට විතරයි. අනිත් ප්‍රකාශකයන්ගේ පොත්වලට සහ ඉංග්‍රීසි පොත්වල මිල ගණනුත් ගොඩක් අඩු කරලා දාලා තියෙනවා.
සරසවි බාර්ගේන් එකේ විරුද්ධ පැත්තේ තමයි ගුණසේන බාර්ගේන් ෂොප් එක තියෙන්නේ. මෙතැන සේරම පොත්වලට 50%ක් වට්ටම් ලැබෙනවා. සිංහල පොත් තමයි වැඩියෙන් ම තියෙන්නේ. විශේෂයෙන් ම බෞද්ධ පොතපතට සෑහෙන්න ඉඩකඩක් වෙන් කරලා තියෙන වග පේන්න තිබුණා.
කොහොමත් මේ N ප්‍රදර්ශන ශාලාවට ආවොත් පොඩි ගාණකට පොත් ගොඩක් මිලදී ගන්න පුළුවන්. මොකද හැම කුටියකින් ම 40% - 75% දක්වා වට්ටම් ලැබෙනවනේ.
සෙකන්ඩ් හෑන්ඩ් ඉංග්‍රීසි පොත් ටික තියෙන්නේ H ප්‍රදර්ශන ශාලාවේ කුටිවල. “සරත් බුක්ස්”, “ඩීන් ද බුක්මෑන්” ඇතුළු කණ්ඩායමක් මෙතැන ඉන්නවා. ඩීන් ද බුක්මෑන්ගේ ප්‍රදර්ශන කුටියේ පොත්වල නම් ලොකුවට මිල අඩුවක් දැකගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි සෑහෙන්න පොත් ගොඩක් තියෙනවා. සරත් බුක්ස් ළඟ අනිත් අයගෙන් හොයාගන්න අමාරු, දුර්ලභ පොත් කට්ටලයක් දැකගන්න පුළුවන්. “වර්ණසූරිය බුක් ඩිපොට්” එකේ විශේෂයෙන් වෙන් කරපු පොත් රාක්ක දෙකක පොත් විකිණෙන්නේ රුපියල් 100 ගණනේ. මේවයේ බොහොමයක් පරණ වුණත් කිසිම පළුද්දක් දැකගන්න නොලැබෙන හොඳ මට්ටමේ ඉංග්‍රීසි පොත්.
ඔය මොන අමුතු කතා නැතත්, බාර්ගේන් හැරුණා ම අනිත් සේරම ප්‍රදර්ශන කුටිවලින් 20%ක වට්ටමක් ලැබෙනවා. 30% වට්ටම් කුටිත් නැතුව ම නෙවෙයි. D ශාලාවේ ඉන්න ප්‍රභා ප්‍රකාශකයන් ඉන් එක්කෙනෙක්. හැබැයි ඒ වට්ටම ලැබෙන්නේ එයාලගේ ප්‍රකාශන පොත් ගත්තොත් විතරයි.
ඇවිද්ද පය දහස් වටී කියලා කතාවක් තියෙනවනේ. ඉතින් පොත්පත් ගන්න ඇවිදපු පය ඊටත් වඩා වටිනවා. එහෙම ඇවිදලා රිදෙන කකුල් දෙකට නොමිලේ ම මසාජ් එකක් දෙන තැනක් මේ අවුරුද්දේ බුක් ෆෙයාර් එකේ තියෙනවා.
කලින් වතාවල්වලට වඩා මෙදා සැරේ කෑම බීමවලට දීලා තියෙන ඉඩත් වැඩියි. වෙනදා ඉන්න මැගී, කොකාකෝලා, කොත්තුමී, එලිෆන්ට් හවුස්, මවුන්ට් ලැවිනියා හොටෙල් වගේ අය හැරුණා ම කෝපි බෙදන “වීලිස් කැෆේ”, සිංහල ක්‍රමේට හදපු බතක් මාළුවක් රස විඳින්න දෙන “ආනම” වගේ අලුත් කෑම කඩවල් කීපයක් ම මේ බුක් ෆෙයාර් එකේ දැකගන්න ලැබෙනවා.
මේ අවුරුද්දේ පොත් සල්පිලේ ඔයාලා දැකපු අලුත් දේවල්, එහෙමත් නැත්තන් වැදගත් වේවි කියලා හිතන තවත් දේවල් තියෙනවද? අපටත් ඒ ගැන කමෙන්ට් එකක් දාලා කියන්නකෝ එහෙනම්.
We love mojitos, and we love Coronas. So, we thought to bring the best of both worlds together with a refreshing Corona ...
Post-lockdown high tea seshs in Colombo.
We tasted every locally brewed and available beer. In the name of science!
The Kingsbury buffet is pretty good. It's the best in terms of salads and veg, highly competitive in seafood, and good for everything else. It's Rs. 3,500…
Countries that let you in without a fuss with your Lankan passport
Delete Comment
Charith
You can buy secondhand English fiction and non fiction by this Facebook page now.
https://www.facebook.com/thesecondhandbookstore/