ඔන්න කෙනෙක් උඩ බලාගෙන පාරේ ඇවිදගෙන යනවා. කවුරුහරි පාරට විසි කරපු කෙසෙල් පොත්තක් පෑගෙනවා. ලිස්සලා වැටෙනවා. ප්‍රේක්ෂකයෝ හිනා වෙනවා.
ඉස්සර කාලේ ඉඳන් තියන ගොඩක් කොමඩි ෂෝස්වල ඕඩියන්ස් එක හිනස්සන්න පාවිච්චි කරපු ලේසි ම උපක්‍රමයක් නේ ඔය කෙසෙල් පොතු පෑගිලා ලිස්සල වැටෙන එක. හැබැයි කෙසෙල් පොතුවලින් ගන්න පුළුවන් එක ම ප්‍රයෝජනේ ඒක විතරක් නෙමේ.
කියවල බලන්නකො.
කෙසෙල් ගෙඩිය කාලා පොත්ත ඩස්ට්බින් එකට දාන්න කලින් පොඩ්ඩක් හෝව්! ඔය විසි කරන්න යන කෙසෙල් පොත්තේ පෝෂක බහුලයි කියල දැනගෙන හිටියෙ නෑ නේද? කෙසෙල් පොතුවල විටමින් ඊ, විටමින් සී, පොටෑසියම් සහ යකඩ එහෙම බහුලයි. ඉතිං කුරුලෑ ප්‍රශ්න, හම රැලි වැටීම්, දැවීම් සහ කැසීම්, කැළැල් ආදියට හොඳ බෙහෙතක්.
කෙසෙල් පොත්තේ ඇතුල් පැත්ත මූණේ ගාන්න. විනාඩි දහයක් විතර ඉඳලා මූණ හෝදන්න. මෙහෙම සති දෙකක් විතර එක දිගට ම කළාම කුරුලෑ අඩු වෙලා යනවා. හමේ කැළැල් මකා ගන්න ඕන නම් ඒත් මේක ම කරන්න පුළුවනි. හැබැයි කැළල තියන තැන කෙසෙල් පොත්ත අතුල්ලලා පැයක් හෝ මුළු රැයක් තියන්න. ඊටපස්සේ සෝදලා අරින්න. හම රැලි වැටිලා නම් කෙසෙල් පොත්ත ගාලා විනාඩි තිහක් හෝ මුළු රැයක් තියලා, මූණ හෝදලා මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. සතියකට තුන් පාරක් මේ විදිහට කළාම කෙසෙල් පොතුවල තියන ප්‍රතිඔක්සිකාරක නිසා රැලි ගතිය අඩු වෙලා හම දීප්තිමත් වෙනවා.
මිග්රේන් හෝ ඕනෑ ම හිස කැක්කුමක් අඩු කරගන්නත් කෙසෙල් පොතුවලින් පුළුවන්. මේ සඳහා මුලින් ම කෙසෙල් පොත්තක් පැයක විතර කාලයක් ෆ්‍රීසර් එකේ තියන්න. දැන් පොත්තෙන් එක තීරුවක් නළලේ තියලා තව තීරුවක් බෙල්ල පිටුපස තියන්න. උණුසුම් වෙනකන් එහෙම ම තියෙන්න අරින්න. ටිකෙන් ටික හිස රුදාව අඩු වෙලා යනකන් මේ විදිහට සීත කරපු කෙසෙල් පොතු තියාගන්න ඔබට පුළුවන්.
දිගු කාලයක් තිස්සේ කෝපි, තේ සහ විවිධ ආහාර වර්ග ගැනීම නිසා දත් අවපැහැ ගැන්වෙනවා. දත්වල අවපැහැය අඩු කරගන්නත් කෙසෙල් පොතු පාවිච්චියෙන් පුළුවන්. දත් මැදලා හොඳින් සෝදා හරින්න. දැන් කෙසෙල් පොත්තක් අරන් එහි ඇතුල් පැත්ත විනාඩි දෙකක් විතර දත්වල හොඳින් අතුල්ලන්න. නැවත හෝදලා දාන්න. මේක දිනපතා කිරීමෙන් දත් සුදු කරගන්න පුළුවන්.
කෙසෙල් පොතුවල පොටෑසියම් තියනවා කියල අපි කිව්ව නේ. ඒ නිසා මේවා පොලිෂ් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. කෙසෙල් පොතු කීපයක් බ්ලෙන්ඩර් එකේ දාලා වතුර කෝප්ප බාගයක් එකතු කරන්න. මිශ්‍රණය ආලේපයක් වෙනකන් හොඳින් මිශ්‍ර කරගන්න. අවපැහැ වුණු ඔබේ ආභරණවල මිනිත්තු කීපයක් මේ ආලේපය ගැල්වීමෙන් ඒවා නැවත දීප්තිමත් කරගත හැකියි.
ටිකක් නිර්මාණාත්මක ව හිතුවොත් කෙසෙල් පොතුවල ඇතුළු කොටසෙන් හොඳින් මැදීමෙන්, ලෙදර්වලින් හදපු සපත්තු, පර්ස් වගේ දේවල් විතරක් නෙමේ, ලී බඩු එහෙමත් පොලිෂ් කරගන්න බැරි නෑ.
වත්තපිටියේ වැඩ කරද්දි නිතර ඇඟිලිවල කීරි ඇනෙනවා නේ. එහෙම වෙලාවට එක පාරට ම කීර එළියට ගන්න ගියාම තවත් ඇතුළට බැහැලා තුවාල ඇති වෙනවා. කීරක් ඇනුණාම එතන ඉදුණු කෙසෙල් ගෙඩියක පොත්තක් හොඳින් අතුල්ලන්න. කෙසෙල් පොතුවල තියන එන්සයිමවලින් හම ඇතුළට බැහැපු කීර මතුපිටට එන්න උදව් වෙනවා. විනාඩි පහළොවක් විතර ගියාට පස්සේ කීර හෙමින් උඩට ඇවිත් තියනවා දකින්න ලැබෙයි. එතකොට පුළුවන් එළියට ගන්න.
මේක නං හුඟ දෙනෙක් දන්න දෙයක්. විශේෂයෙන් වගා කටයුතුවලට උනන්දු අය එහෙම. කෙසෙල් පොතු කියන්නේ හොඳ පොහොරක්. ඔබ කොම්පෝස්ට් හදනවා නම් අනිවාර්යයෙන් ඊට කෙසෙල් පොතු එකතු කරගන්න. එයින් කොම්පෝස්ට් පොහොරට වැඩි වැඩියෙන් කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර්, පොස්ෆේට්, පොටෑසියම්, සෝඩියම් වගේ පෝෂක එකතු වෙනවා. මීට අමතරව ඕනෑ ම පැළයක් හිටවද්දි කෙසෙල් පොතු එතන පසට යට කිරීමෙන් පැළය සරුවට වවාගන්න පුළුවන්.
අපි විසි කරන කෙසෙල් පොතු, සමහර රටවල මිනිස්සු කෑමට සහ බීමට ගන්නවා කියල දැනගෙන හිටියද? මස් ස්ටේක් හදද්දි, පෑන් එකට කෙසෙල් පොත්තක් දැම්මම මස්වල තෙත ගතිය ආරක්ෂා වෙනවා. ඒ වගේ ම, කෙසෙල් පොතු විනාඩි දහයක් තම්බලා අරං වතුර එක්ක බ්ලෙන්ඩර් එකක දාලා ජූස් හදල බොන්නත් පුළුවන්. ඕන නං තව පලතුරුත් මොනාහරි මේකට එකතු කරලා ස්මූති එකක් වුණත් හදාගන්න බැරියැ!
Countries that let you in without a fuss with your Lankan passport
We tasted every locally brewed and available beer. In the name of science!
Beautifully designed comfortable restaurant in Delkanda, has delicious Sri Lankan Chinese, Thai and Western food as well as super taste juice and…
Arguably the best grill in CMB.
We love mojitos, and we love Coronas. So, we thought to bring the best of both worlds together with a refreshing Corona ...
Delete Comment