ආයෙ ඉතින්, දැන්ම ප්ලෑන් කළොත් තමයි. මොකද, මෙදා පාර වීක්එන්ඩ් එකට...!
පවුලේ අයත් එක්ක යන්න හිතාගෙන ඉන්න අයට වුණත්, ආදරණීයයන් එක්ක යන්න ප්ලෑන් කරන අයට වුණත් නිදහසේ ඇවිදල කරල, සතා සිපාවා, ගහකොළේ ආස්වාදයත් හිතේ හැටියට විඳගෙන එන්නයි තියෙන්නෙ. ඒ හැරුණාම ඉතින් සීතල වතුර ටිකක් නාලා, කටට රහට කෑම ටිකක් කාලා, හැන්දෑවට පොඩි ගිනි මැලයක් ගහගෙන සිංදුවක් එහෙමත් කියල විනෝද වෙන්නත් පුළුවන්. එතනින් ගියාම ඉටිපන්දම්, ලන්තෑරුම් එළියෙ රෑ කෑම වේලක් ගන්න, සුවපහසු රැයක් ගත කරන්නත් ආයෙ කියාපුම තැන් තමයි. හැබැයි ඉතින් දැන්ම කෝල් එකක් දීලා බලන්න වේවි. මොකද වීක්එන්ඩ් නේ...
කුළුඳුල් හිරු කිරණ මීදුම් වළා අතරින් ඇවිල්ල කොළ පාටින් දිදුලන වන පියස හැඩ කරන අපූරුව, තොර තෝංචියක් නැති කුරුල්ලන්ගෙ හඬ, ඒ අපූර්වත්වයට ගේන රිද්මය, නිදහසේ විඳගන්න ආසයිද?
එහෙනම් යන්න මතුගම, කෝපිවත්ත-උතුම්ගම පාරෙ පිහිටල තියෙන ආර්ක් විලා එකට. ගස් මුදුන්වලිනුත් උඩට වෙන්න, පුංචි කඳු ගැටයක බෑවුමේ හදල තියෙන මේ හෝටලයෙ ලස්සන දෙගුණ තෙගුණ වෙන්නෙ ඒකෙ තියෙන සුපිරි විව් එක නිසා. බිත්ති ඔක්කොම වීදුරුවලින් හදල බිමයි වහළයි විතරක් ලීවලින් හෙවිලි කරපු මේ හෝටලයෙ ලස්සන හිතා ගන්න පුළුවන්නේ? ආරංචියෙ හැටියට නම් මේකෙ කෑම බිම එහෙමත් හොඳයිලු.
දෙනියාය, විහාර හේන, එන්සෙල් තේ වතු යායෙ කඳු බෑවුමකට වෙන්න හදල තියෙන රේන් ෆොරස්ට් ඉකෝ එකත් වන අරණක සුන්දරත්වය, සුව පහසුව ඉඳගෙන විඳගන්න කියාපු තැනක්.
මුලුමනින්ම වීදුරු බිත්තිවලින් හැඩ කරල තියෙන ඉකෝ ලොජ් හෝටලයෙ සිවිලිම වගේම කාමර බිම් හදල තියෙන්නෙත් ලීවලින්. ඒ විතරක් නෙවෙයි හෝටලයෙ අනිත් ඉදිකිරීම් එහෙමත් සෑහෙන්න දුරට ලීවලින් ම කරල තියෙන නිසා, ගතට හිතට දැනෙන ඉකෝ අත්දැකීමක් ගන්න පුළුවන්. හිතේ හැටියට හොඳ වතුර ටිකක් නා ගන්න ස්වභාවික නාන තටාක එහෙමත් මේ වට පිටාවෙ ඕන තරම් තියෙනව. ඒ වගේම තමයි මෙතන කෑම බීම ටිකත් පංකාදු පහට තියෙනව.
ලොකු දුරකට නොගිහින්ම අපූරු සොබාදම් අත්දැකීමක් ගන්න, යන්න මීපෙ කිතුල් කන්ද රිසෝර්ට් එකට. ලීවලින්, මැටිවලින් හැඩ දාලා හදපු, පිටිසර ගතියක් නැති වුණාට, මේ හෝටලේ විව් එක නම් පිටිසර ගමක වගේමයි. මොකද, ස්විමින්ග් පූල් එක හතර වටේටම පේන්නෙ අවිස්සාවේල්ලෙන් එපිට කිතුල්ගල කඳු පන්තිය. එතකොට කාමරවලටත්, කොළ පාටින් දිදුලන අවට කැලේ කොලේ, හරි ලස්සනට පේනව. මේ හරියෙ සතා සීපාව නම් ඒ හැටි නෑ. ඒත් කුරුල්ලො නම් එමටයි. කටට රහට හැදෙන ඕන තාලෙක කෑමක් කන්න වගේම, පවුලේ අය එක්ක හොඳ හැටි විනෝද වෙන්නත් මෙතන කියාපු තැන.
කිරිඳි ඔයේ සුන්දරත්වය කැටි කරල හදපු ඇල්ල නගරයෙ තියෙන සුන්දරම නවාතැනක්. පිහිටල තියෙන්නෙ ඇල්ල, වැල්ලවාය පාරෙ 16 කණුව හංදියට කිට්ටු වෙන්නෙ. පාර අයිනට වෙන්න නම් නෙවෙයි, ටිකක් කැලේ ඇතුළට වෙන්න.
මුලුමනින්ම වගේ ලීවලින් හදපු මේ හෝටලයත් කාර්යය බහුල ගතියෙන් මිදෙන්න කියාපු තැන. මොකද ආලින්දය පාමුලින් කඩා හැලෙන සුන්දර දිය ඇල්ලයි, කිරිඳි ඔයේ සැඩ පාරයි කිසිම ඉවක් බවක් නැතුව හිත හොරා ගන්නවනෙ. ඒ විතරක් නෙවෙයි වතුරත් එක්ක සෙල්ලම් කරන්න බය නැති කට්ටියට ඇල්ල ජන්ගල් රිසෝට් එකේ, කරන්න වැඩ ඕන තරම් තියෙනව. දිය ඇලි නගින්න, වතුරට පනින්න, ඔරු පදින්න, ඒ විතරක් නෙවෙයි හිතේ හැටියට රස කෑම රස බලන්නත් මෙතන මරු.
කැලේ ඉඳන් වෙරළෙ සුන්දරත්වය අත් විඳින්න විතරක් නෙවෙයි වෙරළෙ ඉඳන් කැලේ සුන්දරත්වය අත් විඳින්නත් කියාපු හෝටලයක් තමයි කුච්චාවෙලි, ජන්ගල් බීච් රිසෝට් එක. ලීවලින් හදල පිදුරු හෙවිලි කරපු ලස්සන ගෙවල් ටිකක් තමයි මෙතන තියෙන්නෙ. කෑම බීම, සුවපහසුකම් ටිකත් ටොප් එකටම තියෙනව මෙතන. සැප්තැම්බර්, නොවැම්බර් කාලවලට කුච්චාවෙලි වෙරළ තීරය කුරුලු හඬින් රැව් දෙද්දි වට පිටාවෙ සුන්දරත්වය නම් කියල නිම කරන්න බැරි තරම්. දන්නවද?
තිස්සමහාරාම සඳගිරි ගම කියන්නෙ යාල මායිමට කිට්ටුව. කොහොමද අලි,කොටි,වලස්සු මැද්දෙ ගං ඉවුරක නයිටක් ගහද්දි. ගිනි මැලයක් ගහගෙන, සිංදුවකුත් කියාගෙන, රස කෑම ටිකකුත් බඩට දාගෙන ඇති පදමට විනෝද වෙලා එන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන ගඟ බීස් හෝටලයෙ කාමර හදල තියෙන්නෙ හරියට බිම් පැල් වගේ, මැටි ගාලා, පොල් අතු හෙවිලි කරල එහෙම. හැබැයි හරිම සුව පහසුයි. අනික පැල්පත්වලින් වට වුණු ලස්සන පූල් එකකුත් තියෙනව. හවස් ජාමෙට ලන්තෑරුම් එළිවලින් අාලෝකමත් වුණාම තමයි ගඟ බීස්වල ලස්සන හොඳටම පේන්නෙ.
රියල් වනගත අත්දැකීමකට යමුද හබරණ කැලේ පැත්තට. හැබැයි හබරණ ඉඳන් ගල්කඩවල් වැව් ඉස්මත්තට යන්න ඕන. හරිම ලස්සන නවාතැනක්. අලි ගහන කැලේ, සතා සීපාවා, කුරුලු කොබෙයියො එක්ක හුදෙකලා වෙන්න, වැවේ ඔරු පදින්න, හැන්දෑ ජාමෙට ගිනිමැල, බාබකියු පාර්ටියක් දාන්න කියාපු තැන. මේ නවාතැනෙත් ඉදිකිරීම් කටයුතු කරල තියෙන්නෙ ලී, මැටි, ගඩොල්වලින්. ඒ නිසා හරිම ගැමි ගතියක් තමයි තියෙන්නෙ. එහෙමයි කියල කිසි දේකින් අඩුවක් නම් නෑ. කෑම බීම වගේම සර්විස් එකත් නියමෙට තියෙනව. ලස්සන දර්ශන පථයක පිහිටපු උඩු පැලක් එහෙමත් තියෙන නිසා උදෙන්ම නැගිටල එතනට ගියා නම් හිතේ හැටියට රිලැක්ස් වෙන්නත් පුළුවන්.
ගොඩ දෙනෙක් දන්න කියන තැනක්. හරිම නිස්කලංක, පුළුල් වෙරළ තීරයක පිහිටපු හෝටලයක්. සුව පහසුව, කෑම බීම ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑ, සුපිරිම තමයි. විශේෂයෙන් කියන්න ඕන මාළු මාළු හෝටලයෙ තියෙන ලස්සන ගැන. ලීවලින් තමයි හදල තියෙන්නෙ. හැබැයි වහලට පිදුරු හෙවිලි කරල නෑ. නිල් කැටේට පේන පාසිකුඩා මුහුදු තීරය අගෝස්තු, සැප්තැම්බර් කාලවලට ස්නෝකෙල් කරන්න, ඩයිවින් කරන්න වගේම ස්ර්ෆින් කරන්නත් කියාපු. රතු පාට වුණු ක්ෂිතිජය දිහා බලාගෙන හවස් ජාමෙට ගිනි මැලයක් ගහගෙන පොඩි පාටියක් දාන්න මාළු මාළු හෝටලය නම් කියාපු තැන.
ඒ හැරුණාම ඉතින් ඔය කොයි කොයි හෝටල්වලිනුත් ඔයාලට එක එක පැකේජ් හම්බුවෙන්න ඉඩ තියෙනව. විශේෂයෙන්ම සෆාරි, බෝට් රියඩ් වගේ ඒවා.
අනික අපි මෙතන නොකියපු, ඔයාලා දැනටමත් ප්ලෑන් කරපු හෝටල් එහෙමත් තියෙන්න පුළුවන්නෙ. ඉතින්, අපේ යාළුවන්ට දැන ගන්නත් එක්ක ඒවා කමෙන්ට් කළා නම් තමයි තවත් හොඳ.
We tasted every locally brewed and available beer. In the name of science!
Here's a round-up of Colombo's buffets with what they do best.
The 2021 edition of buffets in Colombo.
Post-lockdown high tea seshs in Colombo.
Rice & curry for affordable rates.
Delete Comment
Thilina_A
You have no idea about the actual rates of these place buddhika :D
Nijendra
You People do not inqure real rates from these places. Do not share bullshits like this.