දන්නව දන්නව යාළුවනේ, දිග නිවාඩුවක් ලැබුණට හැමෝටම රවුම් ගහන්න චාන්ස් නෑ කියල. ගොඩ දෙනෙක්ට අවුරුද්දෙ අන්තිමට ලැබෙන එකම නිවාඩුව නිසා ගෙවල්වල වැඩ, පවුලේ උදවියගෙ වැඩ එහෙමත් එමටයි. හැරත් දවසක් නෑර එක එක පාර්ටිත් තියෙනවනෙ. ඒ නිසාම තමයි ගොඩක් යාළුවො දවසෙ දෙකේ ටුවර් තනි දවසටවත් දාගෙන යන්න ප්ලෑන් කරන්නෙ.
හැබැයි ඉතින් එහෙම හරි ටුවර් එකක් යන්න ට්‍රයි කරන කට්ටියටවත් සපෝර්ට් එකක් දෙන එක අපේ යුතුකම. අන්න ඒ නිසයි අපි කල්පනා කළේ ලොකු ටුවර් යන අයට පස්සෙ විස්තරේ කියන්නම් කියල, මේ වෙලාවෙ පොඩි ටුවර් යන අයට ප්ලෑන්ස් ටිකක් දෙන්න.
ඒත්, ලොකු ටුවර් පොඩි ටුවර් කියල නෑ. මේ ගොඩක් තැන් කොළඹ අවට නිසා, ඒවයෙ පාරිසරික වටිනාකම රැකගන්න හැමෝම මතක තියාගන්න ඕන හොඳද. නැත්නම්, කොළඹ අපිටත් තව ටික කාලෙකින් හුස්ම ගන්න බැරි ප්‍රශ්න එයි හොඳේ!
ඉස්සෙල්ලම කියන්නම් බයික් රයිඩ් යන යාළුවො සෙට් එකට කියාපු රූට් එකක්. මොකද එයාලා ටිකක් ස්පෙෂල්නෙ.
මේක තනිකර ජන්ගල් ගමනක්. පටන් ගන්න තියෙන්නෙ මාදම්පෙන්. කොළඹ, රත්නපුර පාරෙන් පැල්මඩුල්ලට ගිහින් තමයි එහෙට යන්න ඕන. එතනින් පටන් ගන්න රයිඩ් එක කිලෝමීටර 105ක් විතර. පැල්මඩුල්ලට යන ගමනෙ ඉංගිරිය, පරයිතොටින් නාගෙන, මහ සමන් දේවාලයත් වැඳගෙන, තිරිවනාකැටියෙ රජා නෑව ඇල්ලත් බලලම යන්න පුළුවන්. එතනින් එහාට කහවත්ත, වේ ගඟ දිගේ මාදම්පේ හරහා රක්වානට ගිහින් ගල් දොළ ඇල්ල බලල සිංහරාජ මායිමෙන් මෝර්නිංග් සයිඩ් පහුකරගෙන දෙනියායට යන්න. ඊට පස්සෙ මාරම්බා වැවෙන් නාගෙන හීන් සැරේ අකුරැස්සට පදින්නයි තියෙන්නෙ. මුළු ගමනට කිලෝමීටර 125ක් වගේ තියේවි. හැබැයි අවසානයක් දකින්න නම් වරුවක් විතර යාවි. මොකද යන අතරෙ වටපිටාවෙ හැඩ බලන්නත් එපැයි.
මේ ටුවර් එක ගොඩක්ම ගැළපෙන්නෙ වතුරත් එක්ක ගණුදෙනු කරන්න කැමති අයට තමයි.
මොරටුව, බොල්ගොඩ ගඟේ අපූරු බෝට්ටු සවාරි! මතක තියාගන්න ඒ අවට තියෙන ඕන හෝටලේකින් බෝට් රයිඩ් එකක් ගන්න පුළුවන්. අනික එක්කෙනෙක්ට පැයකට වියදම් වෙන්නෙත් රු. 500ක් වගේ. ඒ හැරුණාම ඉතින් රු. 1500, 2000 දීල ජෙට් ස්කි, කැනෝයින්ග් වගේ වැඩ වලට සෙට් වෙන්නත් පුළුවන්. හැරත්, බෝට්ටු සවාරිය ගිහින් ඇවිත් රස වෑහෙන සීෆුඩ් කෑම ටිකක් කාලා, හැන්දෑ ජාමෙට ලස්සන වෙන අහසෙ අපූරුව දිහා බලන් ඉඳිද්දි දවස යනව කොහොමත් තේරෙන්නෙ නෑනෙ.
ඔන්න තියෙනව තම තමන්ගෙ වාහනවල ටුවර් යන කට්ටියට නියම ගමනක්.
මේ ගමන යන්න තියෙන්නෙ කොළඹ, ඇහැලියගොඩ, පරකඩුව පාරෙන් මිල්ලවිට, කඳන්ගොඩට ගිහින්, එතනින් මාලව, වලාඳුර පාරෙන්. ඒ යද්දි ඉස්සෙල්ලම ඔයාලට හමුවෙන්නෙ දුම්පුස් ඇල්ල. හරි ලස්සන දිය ඇල්ලක්. ඒ වගේම තමයි වතුර ටිකක් නා ගන්න, කෑම ටිකක් කන්නත් කියාපු තැනක්. එතන ලස්සන බැලුවට පස්සෙ, ඔයා ඒ කිට්ටුව කාගෙන් හරි අහල, කැලේ ඇවිදින්න ගයිඩ් කෙනෙක් හොයා ගන්න.
කළු ගං මිටියාවතේ පිහිටල තියෙන ගිලිමලේ-එරත්න රක්ෂිතයෙත් ලොකු ජෛව විවිධත්වයක් තියෙනව. විශේෂයෙන්ම කුරුලු, සමනල සහ ගෙඹි, සර්ප විශේෂ අතරෙ. ඒ හැරුණාම ශ්‍රී පාද රක්ෂිතයෙ තියන ශාක විවිධත්වයත් එලෙසින්ම වගේ තියෙනව. ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳ කැමරාවක් ගෙනියන්න මතක තියාගන්න. ඒ විතරක් නෙවෙයි ආපහු එන ගමනෙ, සිරිපා ගම පැත්තට වෙන්න තියෙන මාපනාන ඇල්ල බලන්න යන්නත් අමතක කරන්න එපා.
මේක නම් සද්ද බද්ද නැතුව, එක පිළිවෙළකට, විනයක් තියාගෙන ගිහින් එන්න ඕන ගමනක්. මොකද කළුගල කියන්නෙ ආරණ්‍ය සේනාසනයක්. කොළඹ, බණ්ඩාරගම, අඟුරුවාතොට හරහා උඩඕවිට, පිඹුර, බෙල්ලනට ඇවිල්ලා, එතනින් පොල්ගම්පොළ, රත්මලේ පාරෙන් හෙවැස්ස පාරට දාලා රනේපුරගොඩ-කළුගලින් තමයි, ආරණ්‍ය සේනාසනයට යන්න තියෙන්නෙ. සාමාන්‍යයෙන් පැය 3ක විතර ගමනක්. ඒත් එතනට ගියාට පස්සෙ ගමන් විඩාව ඉබේටම නිවෙනව. මොකද මුලු වටපිටාවම වගේ කුරුල්ලන්ගෙන්, සතා සීපාවන්ගෙන් පිරිලනෙ. අනික වට පිටාවත් ගතට හිතට හරිම සුවදායකයිනෙ.
හයිලෙවල් එකේ මීපෙ, ඉංගිරිය පාරෙන් හොරණ, රත්නපුර පැත්තට යද්දි තමයි පරයිතොට හංදිය හමුවෙන්නෙ. එතනින් ඉස්සරහට යද්දි කාගෙන් හරි පොඩ්ඩක් ඇහුව නම් නාන්න තැනක්, ඕන තරම් තැන් කියාවි. මේ හරිය ගොඩක් දුරට ස්වභාවික වනාන්තරය. කුරුල්ලො විතරක් නෙවෙයි මීමින්නො, ඉත්තෑවො, හඳුන් දිවියො එහෙමත් එමටයි. සද්ද නොකර, හෙවිල්ලෙන් බැලිල්ලෙන් හිටිය නම් සතෙක් සීපාවෙක් බලා ගන්න එක ඒ හැටි දෙයක් නෙවෙයි. හැබැයි එහෙම ආසාවක් නැත්නම් පරිස්සමට නාලා කරල, කෑම ටිකක් එහෙම කාලා එන්න පුලුවන්.
එතකොට නාච්චිමලේ තියෙන්නෙත් පරයිතොට කිට්ටුවමයි. පරයිතොට පාරෙ කෙළවරටම වගේ යන්න ඕන. එතනයි මෙතනයි එතනයි කියල ලොකු වෙනසක් නෑ. ඒත් හොඳට මතක තියා ගන්න මොන දේ කළත් හොඳ මීටරෙන් හොඳද.
හයිවේ දාලා පින්නදූවෙන් එළියට දැම්ම නම් උඩුගම පාරෙන්, අක්මීමන හරහා කොට්ටවට යන්න උපරිම පැයක් යාවි. එතන ඉඳන් කැළේ ඇතුලට අඩි පාර තියෙන නිසා ගයිඩ්ල හොයන්න උවමනාවකුත් නෑ. කොහොම වුනත් කොට්ටව කියන්නෙ කන්න බොන්න, විනෝද වගේම සතා සීපාවා, ගහ කොළ දැක බලා ගන්නත් කියාපු තැනක්. හොඳ, නැචුරල් ස්විමින්ග් පූල් එකක් එහෙමත් මෙහේ තියෙනව. ඒ හැරුනාම පොඩ්ඩන්ට දුවල පැනල විනෝද වෙන්නත් හොඳ හැටි ඉඩ තියෙනව. ජෛව විවිධත්වය අතින් ගත්තාම සිංහරාජයට ගොඩක් ආසන්න නිසා ඒකදේශික කුරුළු විශේෂ, උරග විශේෂ, එතකොට ක්ෂීරපායී විශේෂත් හොඳ හැටි අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ නිසා කොට්ටව පැත්තෙ යද්දිත් අනිවාර්යයෙන්ම කැමරාවක් නම් ගෙනියන්න.
ඉස්සෙල්ලම හිතේ හැටියට ඇවිදල ඉන්නකො. ඊට පස්සෙ පුලුවන් කුරුළු කොබෙයියො, සමනලුන්ගෙ හැඩ බලන්න. ඊටත් පස්සෙ අපූරු බෝට්ටු සවාරියකුත් යන්න පුලුවන්. උද්‍යානය ඇතුලෙ තියෙන ලස්සන පොකුණ වටේට ලොකු රවුමක් ගිහින් එන්න. පැයකට රු. 500ක් වගේ තමයි එයාලා ගන්නෙ. වැඩිහරියක්ම කපල් වලට එහෙම නම් මේ බෝට්ටු සවාරිය අමතක නොවෙන අත් දැකීමක් වේවි.
අමුතුවෙන් කියන්න ඕන නෑ. දන්නෝ දනිති රූනකන්දෙ වටිනාකම. බෙහෙත් පැළෑටි වගේම ගොඩාක් වටින ගස් කොළන් සෑහෙන්න ප්‍රමාණයක් මේකෙ තියෙනව. ඒ හැරුනාම ඒක දේශික කුරුළු විශේෂත් එටමයි. ගොඩක්ම ගෙඹි, සර්ප විශේෂ අධ්‍යයනය කරන්නත් රූන කන්ද කියාපු තැනක්. මාදුගඟ මැදි කරගෙන පෝෂණය වෙන මේ රූන කන්ද රක්ෂිතය, මුලු මනින්ම වගේ පිහිටල තියෙන්නෙ සිංහරාජ මායිමේ. ඔය ගොඩ දෙනෙක් හොයන පහන්තුඩා ඇල්ල තියෙන්නෙත් මේ කැළේම තමයි. මේකට යන්න තියෙන්නෙ කොළඹ, අගලවත්ත හරහා බදුරලියට ඇවිත් එතනින් හැඩිගල්ල පාරෙ. හැබැයි කැළේ ඇවිදින්න නම් ඔයාට, කාව හරි කතා කරගන්න වෙනව.
ඒ හැරුනාම ඉතින් තව ඔය පොඩි පොඩි තැන් ටිකකුත් තියෙනව. ඉන්නකො ඉන්නකො, අපි ඒවත් ලඟදිම කියන්න.
A list of 15 places for your next day outing.
Post-lockdown high tea seshs in Colombo.
Where, how, and why to find love in the paradise island.
Day outing packages available in and around Colombo.
Countries that let you in without a fuss with your Lankan passport
Delete Comment
Nipun
Kottawa kiyanne podi ela paharak wata karala tile karala hadapu podi pool ekak. pool eka lagatama Vehicle eke yanna puluwan. Pradana pare idala ethanata 100m yakwath na. Ethana niwadu dawasata pool eke senage pirila inna idak na. Senaga nati dawasatang etana enjoy karanna puluwan. Samahara dawasta pool eke watura as karanawa, ehema dawasata giyot watura naha e mkada pool eka pirenne podi ela parakin nisa sahena welawak gatawenawa(paya 10k 12k yanawa).