කවර් වර්ෂන්ස් කියන්නේ යූටියුබ් එකේ ආගමනයත් එක්ක නැඟල යන්න පටන්ගත්ත හොඳ ප්‍රවණතාවක්. ඕන සින්දුවක ඔරිජිනල් එක අහල අහල කාලයක් ගෙවුණම ඒ සින්දුව ම ඊට වෙනස් කටහඬකින් ලස්සනට ඇහුණොත් අපේ කන් දෙක ඉබේට ම ඒ පැත්තට ඇදිල යනව නේ. සමහර වෙලාවට ඔරිජිනල් සින්දුවට ආස නැති අය පවා කවුරුහරි ඒකෙ කවර් වර්ෂන් එකක් කළාම සින්දුවට ආස වෙනවා. ඕගොල්ලන්ටත් එහෙම වෙලා ඇති.
මේ ලිස්ට් එකේ තියෙන්නෙ අපි කවුරුත් දන්න හින්දි සින්දුවල කවර් වර්ෂන්ස් කරන යූටියුබ් ආටිස්ට්ලා 8 දෙනෙක් ගැන. මේ අය හැමෝම ඉන්දියානුවෝ. අහල ම බලන්නකො කොහොමද මේ අලුත් කටහඬවල් කියලා.
ජනප්‍රිය සම්ජ්හවාන් සින්දුවේ කවර් වර්ෂන් එකක් කරමින් අවුරුදු පහළොවේ දි යූටියුබ් කරළියට ගොඩ වුණ ශ්‍රද්ධා ශර්මා කෙටි කාලයකින් ම යූටියුබ් රසිකයන්ගේ අවධානයට පාත්‍ර වුණා. දැන් ඇය ඉන්දියාවේ කවර් ආටිස්ට්ලා අතරෙ ඉදිරියෙන් ම ඉන්න කෙනෙක්.
මනා පුහුණුවක් ලද ශාස්ත්‍රීය ගායකයෙක් විදිහට සිද්ධාර්ත් ස්ලාතියා ප්‍රසිද්ධයි. ඔහුගේ කවර්ස්වලට හිමි වෙන මිලියන ගණන් වීව්ස්වලිනුත් ඔහුගේ දක්ෂකම ඔප්පු වෙනවා.
යූටියුබ් එකේ නැඟී එන අලුත් කවර් ආටිස්ට් කෙනෙක් හංසිකා පරීක්. තාම කවර්ස් දහයක් වත් එළිදක්වල නැතත් දැනටමත් මිලියන ගණනක වීව්ස් ගන්න ඇයට පුළුවන් වෙලා තියනවා.
යූටියුබ් ආටිස්ට් කෙනෙක් විදිහට පටන් අරං බොලිවුඩය දක්වා ම හුඟක් දුර ගමනක් ගිය කෙනෙක් මේ. ‘සනම්’ කියන බෑන්ඩ් එකේ ලීඩ් වෝකලිස්ට් වෙලා හිටපු මොහු විනිල් මැතිව්ගේ හසී තො ෆසී ෆිල්ම් එකේ ඉෂ්ක් බුලාවා සින්දුවෙන් බොලිවුඩයට පය තියන්න සමත් වුණා.
ඉන්දියාවේ නවදිල්ලි ප්‍රාන්තයේ පදිංචි අවානි ජෝෂි ගායිකාවක් වගේ ම රංගන ශිල්පිනියක්. ඒ වගේ ම ඇය චිත්‍ර ශිල්පිනියක් සහ බාස්කට්බෝල් ක්‍රීඩිකාවක් කියලත් අහන්න ලැබෙනවා. කොටින් ම කිව්වොත් ඕල් රවුන්ඩර් කෙනෙක්.
ලස්සන ම කටහඬක් හිමි කවර් ආටිස්ට් කෙනෙක් විදිහට සැලකෙන තුශාර් ජෝෂි වැඩි ම අවධානයට පාත්‍ර වුණේ ෆිටූර් ෆිල්ම් එකේ ගීතයක කවර් එකකින්.
නවසීලන්තයේ පදිංචි, ඉන්දීය ජාතික තරුණියක් වෙන ෂර්ලි සේතියාට වයස අවුරුදු විසි හතයි. ඇගේ වැඩිපුර ම ජනප්‍රිය වුණ බෝල් දෝ නා සරා සින්දුවේ කවර් එක මිලියන 40කට වඩා වීව්ස් ලබාගත්තා. මේ තියෙන්නේ ඒක.
ලඩ්කි බඩී අන්ජානි හේ සින්දුවේ කවර් වර්ෂන් එකකින් මිලියන 16ක වීව්ස් ගත්ත පියුෂ් ශංකර්ගේ ගීත පෙහ්චන් මියුසික් යූටියුබ් චැනල් එකෙන් හොයාගන්න පුළුවන්.
A little break from the hustle and bustle of this city life.
A 100%, home-grown brunch spot in Borella, serving up some fantastic Continental and Lankan treats.
A list of 15 places for your next day outing.
Best place near Colombo to go for a traditional Sri Lankan food in a traditional Sri Lankan village like restaurant.
Where, how, and why to find love in the paradise island.
Delete Comment