ඉවුම් පිහුම් ගැන උනන්දු අයට.. ලංකාවේ හොඳම රෙසිපි බ්ලොග්ස් 8ක් – I.

ඉස්සර වගේ නෙමෙයි, දැන් අපි කවුරු කවුරුත් උයන්නෙ පිහන්නෙ අන්තර්ජාලෙ දිහා බලාගෙන. ඉස්සර නං කුකරි ක්ලාස්, කුකරි පොත්, කටින් කට එන කෑම වට්ටෝරු, පත්තරවල පළ වෙන ඉවුම් පිහුම් තීරු.. ඕව මේව තමයි උයන පිහන අයට නිතර උදව් වුණේ. ඒත් මේ සයිබර් යුගයෙ අපි හැමෝම කෑමක් හදන්න ඕන වුණ ගමන් කරන්නෙ රෙසිපිය ඉන්ටනෙට් එකේ සර්ච් කරන එක. 

ඕන ම කෙනෙකුට ඕන ම රෙසිපියක් ලෝකෙ ඕන ම තැනක ඉඳන් හොයාගන්න පුළුවන් වීමේ පහසුව තමයි මේ වෙනසට ලොකු ම හේතුව. මොකද, ඇත්තට ම ඉන්ටනෙට් එකෙන් හොයාගන්න බැරි කෑම වට්ටෝරුවක් නැති තරම්. ඉතින් ඉස්සර ලංකාවේ ඈයෝ අතරෙ විතරක් ගැවසුණ ලාංකික කෑම වට්ටෝරු, තාක්ෂණයට ස්තුතිවන්ත වෙන්න දැන් ලෝකේ හැමෝම අතරට ගිහින්.

අන්තර්ජාලේ, සමාජ මාධ්‍ය ඇතුළේ, මුළු ලෝකයට ම ලංකාවේ ආහාරපානවල රස ගුණ සුවඳ බෙදන ලාංකික සූපවේදියෝ රාශියක් ඉන්නවා. ඒ අය තමතමන්ගෙ කෑම වට්ටෝරු, ඉවුම් පිහුම් පාඩම් විතරක් නෙමෙයි ඉවීමෙදි වැදගත් වෙන පුංචි පුංචි ශිල්ප ක්‍රමත් එයාලගෙ බ්ලොග්වල, සමාජ මාධ්‍ය පිටුවල පළ කරනවා. ඉතින් මේ අය වටේට එකතු වුණ, ලාංකික ආහාරපානවලට ආදරය කරන හිතවතුන් ලොකු පිරිසක් ඉන්න නිසා, මේ වෙද්දි ඒ හැමෝගෙන් ම ලස්සන ඔන්ලයින් කමියුනිටි එකක් හැදිලා.

මේ ගැන හොයාගෙන හොයාගෙන යද්දි අපිට හමු වුණ වඩාත් ම සිත් ඇදගන්නාසුලු රෙසිපි බ්ලොග්ස් 8ක් ගැනයි මේ විස්තර කියන්න යන්නෙ. ලංකාවේ කෑමබීම ලෝකයට නිරාවරණය කරන්න මේ අය දරන වෙහෙස අගය කළ යුතුමයි. ඒ නිසා ඒ අය වෙනුවෙන් ම ලිපි මාලාවක් සකස් කරන්න අපි හිතුවා. ඕගොල්ලොත් දන්න රෙසිපි බ්ලොග්ස් තියනව නං ඒ ගැන අපට කියන්න. vishvi@yamu.lk ලිපිනයට එයාලගෙ වෙබ්සයිට් ලින්ක් එක ඊමේල් කරන්න.

ඉතින් මේ තියෙන්නේ අපිට හමු වුණ හොඳ ම රෙසිපි බ්ලොග්ස් 8ක් ගැන විස්තර. ඒගොල්ලන්ගෙ වෙබ්සයිට් පැත්තෙ ගිහින් බැලුවොත්, මූඩ් ෆික්ස් කරගන්න, ඉවුම් පිහුම් හැකියාව දියුණු කරගන්න වගේ ම බඩගිනි හදාගන්නත් පුළුවන්!

PeckishMe

www.peckishme.com

PeckishMe වෙබ්සයිට් එක කරන්නේ ජයනි සී. සේනානායක. දක්ෂ සූපවේදී පරම්පරාවකින් පැවත එන ඇය, ඇගේ ඉවුම් පිහුම් කතන්දර මේ වෙබ්සයිට් එකේ පළ කරනවා. ඇය උයන පිහන විදිහ, ඇගේ අලුත් අලුත් කෑම වට්ටෝරු, ඒවා රස බලන විදිහ.. මේ හැම දෙයක් ම ඇය අකුරු කරනවා මේ වෙබ්සයිට් එකට ගියොත් බලන්න පුළුවන්. 

හුරුපුරුදු රයිස් ඇන්ඩ් කරිවල ඉඳලා පේස්ට්‍රි, කේක් වර්ග වගේ ලෝකේ හැම කොනකට ම අයිති කෑමබීම ජාති ඇය අපට සමීප කරනවා. තව විස්තර ඕන නම්  @peckishme ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එක පැත්තෙත් ගිහින් බලන්න. 

Hungry Lankan

www.hungrylankan.com

රොශානි වික්‍රමසිංහ තමයි හංග්‍රි ලංකන් එකේ හිමිකාරිය. වැඩිපුර ම ස්වෝත්සාහයෙන් උයන්න පිහන්න ඉගෙනගත්ත ඇගේ මේ ඉවුම් පිහුම් චාරිකාව පටන් අරන් තියෙන්නෙ ඇය ඇමරිකා එක්සත් ජනපදයට ගියාට පස්සෙ.

ඇයගේ ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එක @hungry_lankan එකට ගිහින් බැලුවත් දැකගන්න පුළුවන් දේ තමයි උයන්න පිහන්න ආධුනික කෙනෙකුට ඇගේ කෑම වට්ටෝරු කොච්චර පහසුවක් ද කියන එක. හැම පියවරක් ගැන ම සවිස්තරාත්මක ව සහ නිශ්චිත ව කරුණු පැහැදිලි කරන්න ඇය දක්ෂයි. විශේෂයෙන් බේක් කරන කෑම ජාති ගැන ඇගේ රෙසිපි ලෝකෙ පුරා විසිරිලා ඉන්න ලාංකිකයො හුඟ දෙනෙක් ෆලෝ කරනවා. 

Healthy Sutra

www.healthysutra.co.uk

සෞඛ්‍ය සම්පන්න කෑම කිව්වම මතක් වෙන්නේ මොනවද? සලාද, කොළ ජාති වගේ දේවල් නෙ. සාමාන්‍යයෙන් ඒක තමයි අපේ ඔළුවෙ හැදිල තියන චිත්‍රෙ. හැබැයි, ඒ මතය වෙනස් කරන්න නිශාගේ හෙල්දි සූත්‍ර වෙබ්සයිට් එකට පුළුවන්.

වසර කීපයකට කලින් ඇයගේ සිරුරේ බර අඩු කරගැනීමේ ගමනෙදි තමයි නිශා මේ හෙල්දි රෙසිපි හොයාගන්නෙ. එදිනෙදා ගෙදර තියන දේවල්වලින්, රසින් අනූන, සෞඛ්‍ය සම්පන්න කෑම වේලක් සකස් කරගන්න ආකාරය ඇගේ වෙබ්සයිට් එකේ තියනවා. සෞඛ්‍ය සම්පන්න අතුරුපස වර්ග, විවිධ කරීස්, පිෂ්ඨය අඩු ක්ෂණික ආහාර, ස්නැක්ස් වර්ග.. මේ හැම දේ ම ඒ අතරෙ තියනවා.

ශරීරයේ බර කළමනාකරණය පිළිබඳ විශේෂඥයෙක් වෙන ඇය දැනට ලන්ඩනයේ වාසය කරනවා. ෆුඩ් ෆොටෝග්‍රැෆි, ෆුඩ් ස්ටයිලිං පැත්තෙනුත් ඇය බොහොම ඉදිරියෙන් ඉන්නවා.  @healthysutra ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එකෙන් ඇය අමතන්න ඔබට පුළුවනි.

Bread, Broth & Brieyond

www.breadbrothandbrieyond.wordpress.com

අම්මා හදපු කෑම වට්ටෝරු ගැන සව් පෙරේරාගේ මතක සටහන තමයි මේ බ්ලොග් එක. ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ලාංකිකයෙක් වෙන ඇය කුස්සියේදි අලුත් අලුත් අත්හදා බැලීම් කරන්න පටන් අරන් තියෙන්නේ නව යොවුන් වියේදිමයි. ඇගේ රෙසිපි හරි ම සෘජුයි සහ පැහැදිලියි. ඇති තරම් පින්තූරත් එක්ක ම පළ කරන නිසා ඇහැටත් ප්‍රියයි.

ඇය වැඩිපුර අවධානය යොමු කරන්නේ ලාංකික කෑමබීම ගැන වුණාට ඇයගේ බේකිං පැත්තත් නියමයි කියල නොකියාම බෑ. ඇගේ බේකිං කතා බලන්න @madbatterbysav ඉන්ස්ටග්‍රෑම් එකට යන්න. අනෙක් කෑම වට්ටෝරුවල විස්තර දැන කියාගන්න @savisquishles ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එකට පිවිසෙන්න.

Podi Hands Cook

www.podihandscook.lk

පරම්පරාවෙන් ආපු පවුලේ රෙසිපි සංරක්ෂණය කරන්න එරාෂා හෙට්ටිගේ පටන්ගත්ත වෙබ්සයිට් එක තමයි පොඩි හෑන්ඩ්ස් කුක්. මේ කියන ‘පොඩි අත් දෙක’ තමයි ඇගේ ආදරණීය දියණිය. මේ රෙසිපිවලට කුස්සියේදි අත්උදව් දෙන්න ඒ පොඩි අත් දෙක එකතු වෙන්නෙ හරි ම උනන්දුවෙන් ලු. ඉතින් මේ කෑම වට්ටෝරු පරම්පරාවෙන් පරම්පරාවට ආදරය අරන් යන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

පවුලේ රෙසිපිවලට අමතර ව එරාෂාගෙ ම රෙසිපි ඉදිරිපත් කරන්නත් ඇය මේ ඔස්සේ කටයුතු කරනවා. දේශීය වෙළෙඳපොළෙන් හොයාගන්න අලුත් අලුත් අමුද්‍රව්‍ය එක්ක පැරණි වට්ටෝරු අලුත් ක්‍රමවලට සකස් කරන්න ඇය උනන්දු වෙනවා. @podihandscook ඉන්ස්ටග්‍රෑම් එක පැත්තෙ ගියොත් තව විස්තර බලන්න පුළුවන්.

Food Voyageur

www.foodvoyageur.com

ඕන කෙනෙකුට ලේසියෙන් හදන්න පුළුවන් ඉක්මන් රෙසිපි ගොඩක් මේ වෙබ්සයිට් එකෙන් රචී ප්‍රනාන්දුපුල්ලේ ඉදිරිපත් කරනවා. හිටපු සූපවේදිනියක් වගේ ම ලෝකේ පුරා ඇවිදින්නියක් වෙන ඇය, ඉවුම් පිහුම් චාරිකාව පටන් අරන් තියෙන්නේ අවුරුදු 18දි. ඇය ලෝකේ වටේ තියෙන ප්‍රසිද්ධ අවන්හල් රැසක ඉන්න දක්ෂ සූපවේදීන් කිහිපදෙනෙක් යටතේ සේවය කරලා තියෙනවා. දැනට ඇය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචියි.

ඇගේ වට්ටෝරුවල ජාත්‍යන්තර ලකුණක් තිබුණත් ඇය ලාංකිකකම අමතක කරලා නෑ. කුස්සියේ තියන සීමිත අමුද්‍රව්‍ය ටිකකින් වුණත් උපරිම රස ලබාගන්න ශිල්ප ක්‍රම කියා දෙමින් ඇය නිතර ලාංකික ආහාරපාන සකසනවා. ඇගේ රෙසිපි විස්තරාත්මකයි. වීඩියෝ සහ පියවරෙන් පියවර මාර්ගෝපදේශ සහිතයි. වැඩි විස්තර සඳහා @food_voyageur ඉන්ස්ටග්‍රෑම් පිටුවට පිවිසෙන්න.

The Food Snaps

www.thefoodsnaps.com

ඇන්ජලාගේ ෆුඩ් ස්නැප්ස් කියන්නේ සෞඛ්‍ය සම්පන්න, පෝෂ්‍යදායී කෑමබීම සකස් කරගන්න විදිහ කියල දෙන, ඇහැ පිනවන වෙබ්සයිට් එකක්. ඇය තමන්ගේ පවුලේ අය සතුටින් සහ නිරෝගී ව තියන්න සකස් කරන ගුණදායක පැණි රස සහ සැර ස්නැක්ස්, උදේ/ දවල්/ රෑ කෑම වේල් සහ නිරෝගී ව ඉන්න උදව් වෙන බීම ජාතිත් ඇගේ රෙසිපි එකතුවෙ තියනවා. 

හැම රෙසිපියක් ම සරලයි. පින්තූරවලිනුත් සරුසාරයි. @thefoodsnaps ඉන්ස්ටග්‍රෑම් පිටුවට ගිහින් බලන්න, තවත් කෑමබීම වට්ටෝරු හොයාගන්න ලැබෙයි.

The Dancing Kitchen

www.thedancingkitchen.food.blog

ෂෙරීනා නෙලුදි ඉතාලියේ ජීවත් වෙන ලාංකිකයෙක්. ඇගේ ගම මීගමුව. මීගමුව කිව්වම මතක් වෙන්නෙ කටට රහට හැදෙන එක එක ජාතියෙ ඉස්සො දැල්ලො කකුළුවො වගේ සීෆුඩ් වර්ග නේ. ඉතින් ඇයත් අපිට ඇගේ කෑමබීම චාරිකාව ගැන රස කතා ගොඩක් කියනවා. ඒ ඩාන්සිං කිචන් බ්ලොග් එකෙන්.

දේශීය කෑම වට්ටෝරු රැසක් වගේ ම මැදපෙරදිග ටච් එකක් තියන සිත් ඇදගන්නාසුලු කෑමබීම වර්ගත් මේ බ්ලොග් එකෙන් හොයාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඇගේ ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එක. @the_dancing_kitchen

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Caterers for your events 2024

Written by Fathima Rukaiya, When planning an event, finding the perfect catering spot can be

Highlights Kamu

Top Burger Joints of 2024

Written by Fathima Rukaiya, Who doesn't adore a juicy, mouthwatering burger? But finding the ideal

Highlights Kamu

Ramada Colombo: Break Your Fast in Style with a Luxurious Iftar

Written by Shamrina CIt’s that holy month of the year again for all Muslims around

Highlights Kamu

A blissful evening at The Sheraton Colombo

https://www.tiktok.com/@yamusrilanka/video/7350182026114338050 Nestled in the heart of Colombo, the Sheraton Colombo hotel epitomizes luxury and sophistication.

Highlights Kamu

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

A Culinary Journey Through the Middle East: Ramadan Iftar Buffet at Cinnamon Grand Courtyard 

By Shamindri De Sayrah Embark on a culinary adventure through the Middle East this Ramadan

Kamu

Trending.

Hayleys Leisure Training Academy Celebrates Its Second Graduation Ceremony at Amaya Lake, Dambulla

The Hayleys Leisure Training Academy, a pioneering initiative by Hayleys Leisure, held its second graduation

Trending

RTC GOVERNOR’S CUP RACE RESULTS SHEET

RACE 01 : HPSL SUPER CHALLENGE TROPHY  PLACE HORSE  NAMEOWNER JOCKEY TRAINER1st Place ZULU  FANTASYMr. & Mrs.Edwards Akash Agrawal S.D.Mahesh2nd Place STREET CAT Mr.Hasanga Jayaratne

Trending

Introducing the Claw: MSI’s First Handheld Gaming Device Powered by Intel Core™ Ultra Processor

As AI technology continues to make waves globally, MSI, a leading laptop brand, has adeptly

Trending

MSI’s Innovation Unleashed: The New 18-Inch Gaming Laptop Family and Sleek, High-Performance Productivity Laptops

Written by Fathima Rukaiya, MSI, a premier laptop manufacturer, has unveiled its latest 18-inch gaming

Trending

MSI Unveils New Laptops Tailored for Content Creators: The Content Creation Series

MSI has unveiled an updated range of laptops designed specifically for content creation, introducing new

Trending

Unveiling the Latest MSI Gaming Laptops: A Detailed Look at High-Performance and Mainstream Options

MSI, a distinguished name in the world of laptop manufacturing, has recently unveiled its latest

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide