වෙසක් එකට හදන්න වෙසක් කූඩු 8ක්.

මැයි මාසෙ නැත්නම් වෙසක් මාසෙ කියෙන්නෙ අලුත් අවුරුද්දෙන් පස්සෙ එන හරිම චාම්, උත්සව මාසයක්. තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඉපදීමත්, බුදුවීමත්, පිරිණිවන්පෑමත් කියන උතුම් වූ තෙමගුල සමරන මේ මාසෙ වෙසක් පුර පසලොස්වක් දිනෙන් පටන්ගන්න සතිය පුරාවටම ලංකාව පුරා විහිදුණු උත්සව ගොඩාක් තියෙනව. මේ අතරින් දන්සැල්, තොරණ, කූඩු, බැති ගී ප්‍රධාන තැනක් ගන්නව. හැබැයි ඔය මොන විදියෙ උත්සවයක් තිබුණත් ඒ හැම තැනකම සැරසිල්ලට පොදුවෙ එකතු වෙන දෙයක් තමයි වෙසක් කූඩු කියන්නෙ. අනික වෙසක් පුරපසලොස්වක් පෝය දවසට ඕනම බෞද්ධ ගෙයක් සැරසෙන්නෙත් වෙසක් කූඩු වලින්නෙ.

ඉස්සර නම් වෙසක් කූඩු හදන්නෙ උණ බටවලින්. ඒත් අද වෙද්දි නගරබද මිනිස්සුන්ගෙ කාර්යබහුලත්වය නිසා කල්තියා හදල, අලවපු වෙසක් කූඩු සල්ලි දීල ගන්න තියෙනව. සමහර ඒව උණබට වලින් හදපුව වුනාට ප්ලාස්ටික් වලින් හදපු කූඩුත් දැන් තියෙනව. කොහොම වුනත් උණබට වලින් තරම් හැඩ වැඩ දාලා වෙසක් කූඩු හදන්න ප්ලාස්ටික් වලින් බෑ. අනික ඒ ගතිය එන්නෙත් නෑ. හැරත් උණබට වලින් කූඩු හදන්න හොඳ පුරුද්දක් වගේම, ලොකු ඉවසීමකුත් තියෙන්න ඕන.

මේ හැම දෙයකටම වඩා උණ බට වෙසක් කූඩුවල තියෙන විශේෂත්වය තමයි ඒවගෙ තියෙන හැඩතල. මෙදා සැරේ වෙසක් එකටත් එක එක හැඩේ ලස්සන වෙසක් කූඩු ගොඩකින් ගේ දොර සරස ගන්න කැමති අයටයි මේ වෙසක් කූඩු ටික.

අට පට්ටම

අමුතුවෙන් කියන්න දෙයක් නෑ. එක සමාන උණ බට හතර ගාණෙ එකට තියල සමචතුරස්‍ර හතරක් හදා ගන්න. ඒවගෙන් දෙකක් අරගෙන මුලු දෙකක් එකට ලං කරල ගැට ගහන්න. තව එකක් අරගෙන ඒ දෙකෙන් එකක, ගැට ගහපු මුල්ලට ප්‍රතිවිරුද්ධ, නිදහස් මුල්ලට තියල ගැට ගහන්න. අන්තිම එක ගැට ගහන්න ඕන අර මුලින්ම ගැට ගහපු එකේ ගැටේට ප්‍රතිවිරුද්ධ පැත්තෙ නිදහස් මුල්ලට. දැන් එක පේලියට තියෙන්න ගැට ගහපු සමචතුරස්‍ර හතරක් ඔයාගෙ අතේ ඇති. ඒ පේලියෙ එලිය පැත්තට හිටපු සමචතුරස්‍ර දෙකේ නිදහස් මුලු ලං කලාම පෙට්ටියක් වගේ හැදේවි. එතකොට සමපාත වෙන හැම මුල්ලක්ම ගැට ගහල ගත්තාම ලස්සන අට පට්ටමක් තමයි හැදෙන්නෙ.

තරුව

ත්‍රිකෝණෙට ගැට ගහගත්තු පට්ටම් හතරකින් දෙකක් අරගෙන හරස් කැපෙන්න, ඒ කියන්නෙ තරුවක හැඩේට තියල, කැපෙන තැන් ටික ගැට ගහගන්න. ඊට පස්සෙ ඒ තරු දෙක අරගෙන එක උඩ එක තියල සමපාත වෙන මුලු හය වෙන වෙනම ගැට ගහගන්න. එහෙම ගැට ගහපු තරුවෙ මැද්ද උණබට වලින්ම කපාගත්තු කරු හයකින් පුම්බල ගත්තා හරිම ලස්සනයි.

ත්‍රිමාණ තරුව

දැන් ඔයාලා හදා ගත්තු තරුව පැත්තකින් තියල. තව එක සමාන උණපටි විසි හතරක් ගන්න. ඊට පස්සෙ ඒවා ‘V’ හැඩේ එන විදියට එක මුල්ලක් විතරක් ගැට ගහගන්න. ‘V’ පට්ටම් දොළහක් තියෙන්න ඕන. දැන් එ්කෙන් හයක් අරගෙන තරුව මැද්දෙ ෂඩස්‍රයෙ එක පැත්තක, පාද හයට ලම්බකව හිටින්න ගැට ගහගන්න. හැබැයි ටිකක් බුරුලට. ඉතිරි හය අනික් පැත්තෙ ඒ විදියටම ගැට ගහගන්න. දැන් ඒ, එක පැත්තක ‘V’ පට්ටම් හයේ උඩට හිටපු මුලු ටික අල්ලල එකට ගැට ගහන්න. ඒ විදියට දෙපැත්තම ගැට ගැහුවාම හැදෙන්නෙ නියම ත්‍රිමාණ තරුවක්.

උල් පෙති අට පට්ටම

ත්‍රිමාණ අට පට්ටමට ගත්ත වගේ ‘V’ පට්ටම් විසි හතරක් හදා ගන්න. ඒවගෙන් එක ගාණෙ අරගෙන අට පට්ටමේ පාද විසි හතරට ලම්බකව හිටින විදියට ගැට ගහගන්න. හරිම ලේසියි වගේම ඇලෙව්වට පස්සෙ තමයි මේකෙ හැඩ බලන්න ඕන. හැම වෙසක් එකකටම හදාවි.

නෙළුම් මල

මේකට ගන්න ඕන 'තරු වෙසක් කූඩුවකුයි' 'V' හැඩේට එක මුල්ලක් විතරක් ගැට ගහපු පට්ටම් දොළහකුයි. මේ පට්ටම් දොළහ හදන්න ඕන ටිකක් තුනී උණ බට වලින්. එහෙම හදපු පට්ටම්, දෙක ගාණෙ අරගෙන තරුව මැද්දෙ, ෂඩස්‍රයෙ පාද හයට ලම්බකව, හය පැත්තට තියල ගැට ගහන්න. ඒකෙදි තරුව පිම්බෙන්න ගහපු කරු ටිකත් අල්ලල හොඳ හයියට බඳින්න ඕන. ඊට පස්සෙ එළිය පැත්තට තියෙන පට්ටම්වල මුදුන් ටික නූල් වලින් ඇදල වක්‍ර හැඩයක් හිටින්න තරුවෙ එළියෙ මුලුවලට ගැට ගහන්න. ඇතුල් පැත්තෙ ටිකේ මුලු ටික තරුව මැද්දට නවල එකට අල්ලල එක මුදුනක් හිටින විදයට ගැට ගහන්න. ඔය තියෙන්නෙ ලස්සන නෙළුම් මලක්.

බිලිං කූඩු

හරිම ලේසියෙන් හදන්න පුළුවන් අලවල ගත්තාම හරි ලස්සන කූඩුවක්. කරන්න තියෙන්නෙ මෙච්චරයි. ගොඩක්ම තුනීයට, ඒ කියන්නෙ දෙකෙලවර එකට ලං කලාම රවුමක් හැදෙන ගාණට නැවෙන උණ පටි තුනකුයි අඩි එක හමාරක් විතර උස, හයිය උණ පටි තුනකුයි ගන්න ඕන. මුලින්ම අර තුනී උණ පටි වල කොන් එකට අල්ලල, ගැට ගහල රවුම් තුනක් හදාගන්න. ඊට පස්සෙ ඒ රවුම් තුනෙන් එකක් අරගෙන හයිය උණ පටි තුනේ මුදුන්, රවුමෙ සමාන දුරින් තියෙන විදියට ගැටගහ ගන්න. දැන් ඒ ගැට ගහපු පැත්ත බිමින් තියල අනිත් රවුම් දෙකෙන් එකක් බිමට ලම්බකව තියෙන උණ පටි තුනේ හරි මැද්දට බස්සල උණ පටි වලට අල්ලල ගැට ගහන්න. ඉතිරි රවුම උණ පටි තුනේ උඩ මුදුන් තුනට ගැට ගහන්න. හැබැයි හොඳට මතක තියාගන්න. කෙලින් උණ පටි, රවුම් උණ පටිවලට තියල ගැට ගහන්න ඕන ඒව අතර සමාන දුරක් තියෙන්න. ඒ වගේම රවුම් උණ පටියෙ ගැට ගහන කෙලින් උණ පටි අතරෙත් සමාන දුරක් තියෙන්න ඕන. හැබැයි බිලිං කූඩුවෙ ලස්සන පේන්නෙ නම් ඇලෙව්වාම තමයි.

දහඅට පට්ටම

මේක හදන්න සමාන ප්‍රමාණයට හදාගත්තු අට පට්ටම් අටක් ඕන. ඒ අටපට්ටම් වලින් දෙක ගාණෙ අරගෙන දෙකේම කොටු දෙකක් එකිනෙකට සමපාත වෙන්න තියල ගැට ගහගන්න. ඒ විදියෙ කුට්ටම් හතරක් හැදෙනවනෙ. ඒ හතරෙනුත් දෙක ගාණෙ අරගෙන එක උඩ එක තියල පේලි දෙකේ සමපාත වෙන කොටු දෙක වෙන වෙනම ගැට ගහගන්න. දැන් අට පට්ටම් හතරකින් හැදුණ කට්ටල දෙකක් තියෙනව. ඒ කට්ටල දෙකම බිම තියල එකට ලං කරල බලන්න. එතකොට පෙනේවි ආයෙත් එකිනෙකට සමපාතවෙන කොටු හතරක්. හරියට පෙනුනෙ නැත්නම් එක කට්ටලයක් විතරක් එහාට මෙහාට කර කර බලන්න. එතකොට හමුවේවි. අන්න ඒ කොටු හතරත් එකිනෙක ගැට ගහ ගත්තට පස්සෙ අරුම පුදුම දහඅට පට්ටමක් ඔයාගෙ අතේ.

ප්ලේන් එක

ඇත්තමයි කියන්නෙ. ප්ලේන් එකක් හදන විදිය මෙහෙම කෙටියෙන් කියන්න බෑ. ඒ නිසා තරහ නැතුව කඩෙන් ගන්න හොඳේ.

ඒ විතරක් නෙවෙයි ඔයාල දන්න තව ලස්සසන ලස්සන වෙසක් කූඩු තියෙනව නම් ඒව හදන විදියත් කෙටියෙන් හරි කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

Budget-friendly Iftar spots 2024

Written by Fathima Rukaiya, In our previous article, we highlighted some exquisite and upscale Iftar

Highlights Kamu

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Trending.

Experience the Elegance and Excitement of RTC Tourism Race Day in Nuwara Eliya

RTC Nuwara Eliya will hold its RTC Tourism Race Day on 30th March 2024 at

Trending

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide