සීසන් එක ළඟ ම එනවා. සාමාන්‍යයෙන් අවුරුද්ද අන්තිමේ එන හොලිඩේ සීසන් එක කියන්නෙ නත්තල්, අලුත් අවුරුද්ද, ට්‍රිප්ස්, පාටි, වැකේෂන්, නෑදෑ ගමන් එක්ක ගත වෙන විනෝද සමයක් නෙ. වෙන අවුරුදුවල නම් මේ වෙද්දි ම අපේ උදවිය නත්තල් වගේ ම අලුත් අවුරුද්ද සමරන්නත් ෂොපිං යන්න පටන් අරං. ඒත් මේ අවුරුද්ද! ඒ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
පාටි දාන්න, ට්‍රිප්ස් යන්න තියා නිකමට පාරට බහින්නත් බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ. ඒ නිසා වෙනදා වගේ සීසන් එකට ෂොපිං යන එකේ ලොකු අවදානමක් තියනවා. කොහොම වුණත් අවදානම අතරේ වුණත් ඇතැම් අයට සාප්පු යන්න අත්‍යවශ්‍ය හේතු තියෙන්න පුළුවන්. ඉතින් ෂොපිං යන්න කලින් හිතට ගන්න ඕන කාරණා කීපයක් ගැන මේ මතක් කිරීම ඒ අයට.
මෙන්න මේක යන්න කලින් දෙපාරක් තුන් පාරක් හිතන්න. අලුතෙන් ඇඳුම් පැළඳුම්, බඩු මුට්ටු ගන්න ම ඕන ද, වෙනද වගේ මෙදා පාරත් තෑගි දෙන්න ම ඕන ද, ඒ වෙනුවට ගන්න පුළුවන් විකල්පයක් නැද්ද කියල පොඩ්ඩක් නැවතිලා ආයෙත් හිතන්න. ඇඳුම් ගත්තා තෑගි දුන්නා වගේ නෙවෙයි නෙ කොරෝනා බෝ වුණොත්. අනික මේ ලෙඩේ හැදුණොත් අමාරුවෙ වැටෙන්නෙ තමන් විතරක් නෙවෙයි. එක්කෙනෙකුට හැදෙනවා කියන්නෙ තව බොහෝ දෙනෙක් අවදානමේ කියන එක.
ෂොපිං යන්න ම ඕන කියල හිතෙන අයට කඩ සාප්පු ගාණේ රස්තියාදු නොවී ඇඳුම් පැළඳුම් බඩු මුට්ටු ළඟට ම ගෙන්නගන්න පුළුවන් ලේසි ම ක්‍රමේ තමයි මේ. මේ වෙද්දි ප්‍රධාන පෙළේ ඇඳුම් සාප්පු ඔක්කොම වගේ ඒ අයගේ ඔන්ලයින් ස්ටෝර්ස් විවෘත කරලයි තියෙන්නෙ. ඒ වගේ ම ඔන්ලයින් බඩු මිල දී ගන්න අයට විශේෂ වට්ටම් එහෙමත් ලැබෙනවා. එයාලගේ ෆේස්බුක් පේජ්වලට එහෙම ගිහින් බැලුවොත් ලේසියෙන් ම හොයාගන්න පුළුවන්.
ඔන්ලයින් ගත්තම ඇඳුම්වල සයිස් එක වැරදෙයි, කරදරේ වැටෙයි කියල බය වෙන අය හිතනවා ඇති, නෑ කමක් නෑ සාප්පුවට ගිහින් ම ගන්නවා කියල. එහෙම අයටයි මේ කියන්නෙ. ෂොපිං යනවා නම් දැම්මම යන්න. දෙසැම්බර් මාසේ සාප්පුවල සෙනඟ පිරෙන්න කලින් පුළුවන් ඉක්මනින් ගිහින් අවශ්‍ය දේවල් අරං එන්න. අන්තිම මොහොත වෙනකං ඉන්න එපා. ඒ වගේ ම සාප්පුවට ඇතුළු වෙනකොට අත් හෝදලා සැනිටයිසර් පාවිච්චි කරලා උණ චෙක් කරගෙන ඇතුළු වෙන්න අමතක කරන්න එපා.
ෂොපිං ගියාම ඇඳුම් පැළඳුම් බඩු මුට්ටු දාගන්න ෂොපිං කාට්, බාස්කට් සහ බෑග් ගොඩක් අය අතපත ගාලා තියල ගිය ඒවා බව මතක තියාගන්න ඕනේ. ඒ නිසා ඒවා පාවිච්චි නොකර ඉන්න තරමට හොඳයි. පාවිච්චි කරනවා නම් ටිෂූ පේපර් එකක් වගේ දෙයක් තියලා හැන්ඩ්ල් එක අල්ලන්න. නැත්තං ග්ලව්ස් දාගෙන යන්න.
සමහර සාප්පුවල තාම ෆිට් ඔන් පහසුකම ලබා දෙන්නෙ නැති වුණත් වැඩි දෙනෙක් පහුගිය කාලේ දාපු ඒ තහනම දැන් වෙද්දි අයින් කරගෙන තියනවා. ඇත්තට ම ඇඳුම ඇඟට ගැළපෙනවා ද කියල බලන්න, මිල දී ගන්න කලින් ෆිට් ඔන් කරලා බලන එක අත්‍යවශ්‍යයි තමයි. ඒත් අපි ෆිට් ඔන් කරන්නේ කී දෙනෙක් අතපත ගාලා තියල ගිය ඇඳුමක් ද කියලා අපි දන්නෙ නෑනේ. ඒ නිසා ෆිට් ඔන් නොකර ඉන්න එක තමයි වඩා සුදුසු. වෛරසය රෙදි මඟින් බෝ වෙන බවක් තාම විද්‍යාත්මක ව තහවුරු කරගෙන නැතත්, වෛරසය ආසාදිත කෙනෙක් මුහුණ කට ස්පර්ශ කරපු අතකින් අල්ලපු යම් ඇඳුමක් ඔබත් අල්ලලා ඔබේ මුහුණ කට අතපත ගෑවොත්, ඔබටත් රෝගය වැළඳෙන්න පුළුවන්.
වෙනදා වගේ ඇඳුම් අතපත ගගා හැඩ බල බල පැය ගණන් එක එක සාප්පු ඇතුළේ ඇවිද ඇවිද ෂොපිං කරන්න කාලය නෙවෙයි මේ. ඒ නිසා වැඩිය කල් වේලා නොගෙන අත්‍යවශ්‍ය ම දේ තියන තැනට විතරක් යන්න. හුඟක් වෙලා සෙනඟ අස්සෙ ගැවසෙන්නේ නැතිව ඉක්මනින් ම අවශ්‍ය දේ තෝරගෙන එන්න. අනවශ්‍ය දේවල් අතගාන්න සහ අනෙක් අයගෙ ඇඟේ හැප්පෙන්න යන්න එපා. හැම වෙලේ ම අන් අයගෙන් මීටරයක දුරින් ඉන්නත් මතක තියාගන්න.
මේ කාලේ කෑෂ්වලින් ගෙවන්නේ නැතුව ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්වලින් ගෙවීම් කරන්න හුරු වෙනවා නම් තමයි හොඳ. කාසි සහ නෝට්ටු කියන්නෙ විෂබීජ ගොඩක්. මේවා සැනිටයිස් කරන්න හුඟ දෙනෙක් උනන්දුවක් දක්වන්නේ නෑ. අපේ අතට එන සල්ලි කොහේ කවුරු ළඟ තිබිලා එන ඒවා ද කියල අපිට හොයන්න බෑනේ. ඒ නිසා කාසි නෝට්ටු පාවිච්චිය අවම කරගන්න තරමට ඇඟට ගුණයි.
සාප්පුවෙන් පිට වෙන්න කලින් ඇඳුම් පැළඳුම් සහ බඩු මුට්ටු මාරු කිරීමට ඒගොල්ලො අනුගමනය කරන ක්‍රමවේදය මොකක්ද කියල විමසන්න අමතක කරන්න එපා. සමහර සාප්පු මේ කාලේ වරක් මිල දී ගත් දෙයක් නැවත මාරු කරන්න ඉඩ දෙන්නේ නෑ. විශේෂයෙන් ඇඳුම්. ඒ නිසා මුදල් අපතේ යවාගන්නේ සහ කරදරවලට මැදි වෙන්නේ නැතුව, සාප්පුවල මාරු කිරීමේ ප්‍රතිපත්ති ගැන මුලින් දැනුවත් වෙලා ඉන්න එක පහසුයි.
ඔය ෂොපිං ගිහින් ගෙනාපු බඩුමුට්ටු ඇඳුම් පැළඳුම් එහෙම එක පාරට ම පාවිච්චි කරන්න, අඳින්න පළඳින්න යන්න එපා. ඒවා හොඳින් සෝදලා හෝ විෂබීජහරණය කරලා තමයි පාවිච්චියට ගන්න ඕනේ. ඒ වගේ ම ෂොපිං ගිහින් ආපු ඔබත් හොඳින් පිරිසිදු වෙන්න. අත් ඔරලෝසු, මුදල් පසුම්බි, කාසි නෝට්ටු, කාඩ්පත්, මාස්ක්, ජංගම දුරකතන, කාර් යතුරු ආදී නිතර අතපත ගෑවෙන දේවලුත් සැනිටයිස් කරන්න අමතක කරන්න එපා.
If you're thinking joining a gym in Colombo, here are some options.
A restaurant by The Barnhouse Studio that serves up some epicurean dishes in their most unique ambience.
We tasted every locally brewed and available beer. In the name of science!
A list of 15 places for your next day outing.
Countries that let you in without a fuss with your Lankan passport
Delete Comment