ශ්‍රී ලංකාවේ අපේ අභිමානය; අංගම්පොර සටන් කලාව.

මනුෂ්‍ය වර්ගයාගේ බිහිවීම පටන්ගෙන දැන් අවුරුදු මිලියන දෙකහමාරකටත් වැඩියි. එදා මෙදාතුර කාලය ඇතුළත නොනැසී පවතින්න ඕනේ නිසා ම, අභියෝග ගණනකට මුහුණදෙන්න ඔවුන්ට සිද්ධ වුණා. එක එක මිනිස්සු අතරේ තියෙන විවිධ අසමානතා නිසා ඇතිවුණු ගැටලු, ඒ අතරින් එක අභියෝගයක්. සමාජයීය, සංස්කෘතික, දේශපාලනික, ආර්ථික කාරණා මේ වගේ ගැටලුවලට බලපෑවා. මේවා සමහරක් විසඳගන්න වුණේ  දෙපැත්ත බෙදිලා කරපු සටන්වලින්. ඔය නා නා ප්‍රකාර නම්වලින් ආව සටන් ක්‍රම බිහිවෙන්නේ මේ වගේ සටන් ජයගන්න පාවිච්චි කරපු උප්පරවැට්ටිවල ප්‍රතිඵල විදියටයි. ලංකාවේ අංගම් පොර කියන්නෙත් අන්න ඒ වගේ සටන් ක්‍රමයක්.

අංගම් පොර හැදුණු හැටි

Image Credits : Lasitha Imali Gunarathne

ලංකාවේ අංගම් පොර කලාව අවුරුදු 4000ක් විතර පරණයි. මේ ඉතිහාසේ ගැන කතා කරද්දී මුලින් ම මතක් වෙන්නේ දුටුගැමුණු රජතුමාගේ කාලේ ගෝඨයිම්බර, රිටිගල ජයසේන දෙන්න අතරේ ඇතිවෙච්ච සටනයි. ඉතිහාසයේ සඳහන් වෙන විදියට ගෝඨයිම්බර එල්ල කරපු දරුණු පා පහරක් නිසා, රිටිගල ජයසේනගේ හිස කඳින් වෙන් වෙලා විසිවෙලා තියෙනවා. ඒ වගේ ම, කොනප්පු බණ්ඩාර ඉඳපු කාලේ පැවැත්වුණු අංගම් පොර උළෙලකදී ඉන්දියාවේ ගෝවේ නුවරින් ආව සටන්කරුවෙක් පරද්දන්න ඔහු සමත් වුණාය කියලත් කතාවක් තියෙනවා. මීට අමතරව අපේ ඔය පරණ සිද්ධස්ථාන, කැටයම්, මූර්තිවලින් දැක්වෙන දේවල්වලිනුත් ලංකාවේ අංගම් පොර කලාවේ ඉතිහාසය දැකගන්න පුළුවන්.

අංගම් පොර පුහුණු කරපු ගුරුකුල

Image Source : srilankafoundation.org

අංගම් පොර පුරුදු කරන ගුරුකුල බිහිවෙන එක පටන්ගත්තේ මහනුවර යුගයේදී. “සුදලිය” සහ “මරුවල්ලිය” විදියට ප්‍රධාන ගුරුකුල දෙකක් යටතේ මිනිස්සු අංගම් සටන් කලාව හැදෑරුවා.

ලංකාව විදේශ ආක්‍රමණවලට ලක්වෙද්දී අංගම් පොරවලට තිබුණු අවධානය වැඩිවුණු බවක් පේන්න තියෙනවා. ඒ බව හොඳින් ම පිළිබිඹු වෙන්නේ ඒ කාලේ බිහිවුණු සුදලිය මුහන්දිරම්, මරුවල්ලිය මුහන්දිරම්, මොහොට්‌ටාල වගේ තනතුරු නිසා. මේ තනතුරු සේරම අංගම් පොර කලාවට සම්බන්ධ ඒවායි. රාජ්‍ය අනුග්‍රහය පවා අංගම් පොර කලාවට ලැබුණු බව මේකෙන් පැහැදිලි වෙනවා. අංගම් හරඹ පුරුදු කරන්න වගේ ම නඩත්තුවට රජතුමා විසින් ප්‍රදානය කරපු නින්දගම් කීපයක් එහෙමත් තියෙනවා. මාතලේ, හාරිස්පත්තුව, සිදුරුවාන, උඩුනුවර, යටිනුවර වගේ පැතිවල සුදලිය ගුරුකුලයේ නින්දගමුත්, හේවාහැට, උඩපළාත, දෙල්තොට හා රත්මලේ වගේ ගම්දනව්වල මරුවල්ලිය ගුරුකුලයේ නින්දගමුත් පැවතුණා.

අංගම් සටන් කලාවේ ශිල්ප ක්‍රම

Image Source : angampora.info

අවිආයුධ සහිත වගේ ම, රහිත සටන් ශිල්ප ක්‍රම අංගම් සටන් කලාවේදී දැකගන්න ලැබෙනවා. කඩු පලස් සටන්, පොලු මුගුරු සටන්, තනි ලී හරඹ, පැනුම් සහ පිනුම්, අශ්වාරෝහක සටන්, දුනු හීතල සටන්, ප්‍රහාර සහ මල්ලව පොර, සහ හස්ති ශිල්පය මේ අතරේ අඩංගුයි. හැබැයි අලුතෙන් සටන් ඉගෙන ගන්න එන අයට ඇත්ත කඩු අතට දීලා සටන් පුරුදු කළේ නැහැ. ඔවුන්ට බොරු කඩුවලින් පැද්දෙන කුරුම්බා, පොල් පැල කඳන්, කෙසෙල් කඳන්, පඹයන් වගේ ඉලක්කවලට පහරදීම උගන්වනු ලැබුවා. දුනු ශිල්පය පුරුදු කරන අයට ඉලක්ක විදියට දුන්නේ පැද්දෙන කුරුම්බා, පිදුරු පඹයන්, රවුම් අඳින ලද ලෑලි වගේ ජාති. ජන සාහිත්‍යයේ කියන විදියට නම්, ප්‍රහාර එල්ල කරන විදි 4000ක් විතර අංගම් සටන් කලාවේ තිබිලා තියෙනවා. ඒත් අද වෙද්දී මේ දැනුම ගොඩක් වියැකිලා ගිහින්.

Image Source : exploresrilanka.lk

අතින් අත පහරදෙන අත් පොරය අංගම් සටන් කලාවේ එක්තරා ශිල්පීය ක්‍රමයක්. දිග් ගුටිය, හරස් ගුටිය, ඉස්‌ ගුටිය වගේ ගුටි ක්‍රම කීපයක් මේකේ ඇතුළත් වෙනවා. මේ සටන් නොදන්නා කෙනෙක් එක්ක කළොත්, ඒ පුද්ගලයාගේ අත් තුවාල වෙන බවයි කියවෙන්නේ.

Image Source : thearchitect.lk

පයින් පහර දීලා කරන අංගම් පොර ශිල්පීය ක්‍රමවලදී වැඩි වශයෙන් ම පාවිච්චි වුණේ විලුඹ, පතුල, මහපට ඇඟිල්ල, දණහිස වගේ ස්ථානයි. සතුරාගේ උගුරු දණ්ඩට ගසන ඇඟිලි පහර, විලුඹෙන් එල්ල කරන පහර, යටිබඩට දණහිස නවා ගසන පහර මේ ශිල්පීය ක්‍රමයේ තියෙන දරුණු ගුටි වර්ග අතරින් සමහරක්.

Image Source : nation.lk

අංගම් පොර සටන්වල කඩු ශිල්පය ප්‍රගුණ කරන අය කඩුව දරාගන්නේ වම් අතින්. ඉස්සර කාලේ ගුරුකුල අතරේ තියෙන තරගකාරී බව වැඩි කරන්න, ගුරුකුලවල ඉඳපු දක්ෂ ම සටන්කරුවෝ එක තැනකට රැස් කරලා අංගම් පොර උළෙලවල් පවා පවත්වලා තියෙනවා.. ඔවුන් සටන් වැදෙන පිටිය හඳුන්වන්නේ ඌරු ළිඳ නමින්. මේවට රාජ්‍ය අනුග්‍රහයත් අඩුවක් නැතුව ම ලැබුණා. ඕම්මට්‌ටිය (පහළට කැපුම), උම්මට්‌ටිය (ඉහළට කැපුම), වෙම්මට්‌ටිය (ඇනීම) මේ වගේ කඩු සටන්වලදී පාවිච්චි කරපු ශිල්ප ක්‍රම විදියට හඳුන්වන්න පුළුවන්.

Image Source : angampora.com

අංගම් සටන් කලාවට ම ආවේණික මරුනිල ශාස්ත්‍රයකුත් තියෙනවා. අතේ ඇඟිල්ලෙන්, දණහිසෙන්, වැලමිටින් ඇනලා කෙනෙක් ව මරණයට පත් කරන්න පුළුවන් ශිල්පීය ක්‍රම මේ ශාස්ත්‍රයේ දක්වලා තියෙනවා. මරු නිල අදාළ නිලය ඇති තැනට පහර එල්ල කර පමණින් සතුරාට අනතුරක් කරන්න බැහැ. ප්‍රහාරය එල්ල කරන්න ඕනේ කොච්චර ප්‍රබල විදියටද, කොච්චර වේගයකින්ද කියන එකත් දැනගෙන ඉන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, මේ එල්ල කරන පහරකින් සතුරා මිය යන ගතවෙන කාලයත් තීරණය වෙනවා. එවෙලේ ම මිය යන්න වගේ ම, මාසයකින්, අවුරුද්දකින් මිය යන විදියට මේ ප්‍රහාර එල්ල කරන්න ඇහැකි. ආයේ සුව කරන්න ඕනේ නම්, එකටත් පහර දෙන්න ඕනේ විදියත් මේවයේ ඇතුළත් වෙනවා. නාසය මුල, ඇස්‌, මැණික්‌කටු සන්ධිය, උර කුහරය, උඩ පතුල, කන පිටුපස; මේ වගේ මරුනිල අතරින් කීපයක්.

Image Source : angampora.com

ගැට පූට්ටු කියන්නෙත් තවත් අංගම් සටන් ක්‍රමයක්. ප්‍රතිවාදියාගේ පහර වළකන ගමන්, තමන්ගේ ශරීරයේ අංග උපයෝගී කරගෙන ඔහුව තමන්ගේ ග්‍රහණයට හසු කරගැනීම, අඩපණ කිරීම හෝ මරණයට පත්කිරීම මේකෙන් සිද්ධවෙනවා.

අංගම් සටන් කලාවේ පරිහානිය

Image Source : angampora.org

කවුරු මේ සටන් ක්‍රම ප්‍රගුණ කරන්න ආවත්, ඒ හැමදෙනාට ම බල පැවැත්වුණේ එකම නීති සහ සාරධර්ම සංග්‍රහයකුයි. බෞද්ධාගමිකයෙක් වීම ඔවුන්ට අනිවාර්ය වුණා. චරියාව එහෙම සලකලා බැලුවේ හඳහන, හස්ත රේඛා, නාඩි, සහ අංජනම් කියවලයි. සටන් ක්‍රම විතරක් නෙවෙයි, ප්‍රථමාධාර, භාවනාව වගේ දේවලුත් ඔවුන් ඉගෙන ගත්තා.

අංගම් පොර කලාවේ පරිහානිය පටන්ගැනුණේ 1815න් පස්සේ. හරියට ම කිව්වොත් මහනුවර සුද්දන්ට පවරලා දීමත් එක්කයි. බොහොම දරුණු විදියේ සටන් ක්‍රමයක් වුණු නිසා එයින් බයට පත්වෙච්ච බ්‍රිතාන්‍යයෝ, අංගම් පොර ශිල්පීන් මරා දමන්න පටන්ගත්තා. ඒත් ඒවායින් ගැලවුණු පරම්පරාවන්ගෙන් පැවතගෙන එන දක්ෂ අංගම් පොර ශිල්පීන් ගුරුකුල කීපයක් අපට අදටත් කරතොට, අවිස්‌සාවේල්ල, රිටිගල වගේ ප්‍රදේශවලින් මුණගැහෙනවා.

අංගම් සටන් කියන්නේ ලංකාවේ අනන්‍යතාවය පෙන්වන තවත් සංකේතයක්. අද අපේ අය  පිටරටවලින් ආව වූෂු, ජූඩෝ, ටයිකොන්ඩෝ, ජිට්කුන්ඩෝ වගේ සටන් ක්‍රම ඉගෙනගන්න දැඟලුවත්, ලංකාවේ අපේ අංගම් සටන් කියලා තියෙන බව දන්නෙත් බොහොම ටික දෙනයි. ඔය ඒරොප්පෙන් ආව මාෂල් ආට් කරලා දිව උළුප්පගන්න කලින්, අපේ සටන් ක්‍රම ගැනත් පොඩ්ඩක් දැන කියාගමු නේද?

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Caterers for your events 2024

Written by Fathima Rukaiya, When planning an event, finding the perfect catering spot can be

Highlights Kamu

Top Burger Joints of 2024

Written by Fathima Rukaiya, Who doesn't adore a juicy, mouthwatering burger? But finding the ideal

Highlights Kamu

Ramada Colombo: Break Your Fast in Style with a Luxurious Iftar

Written by Shamrina CIt’s that holy month of the year again for all Muslims around

Highlights Kamu

A blissful evening at The Sheraton Colombo

https://www.tiktok.com/@yamusrilanka/video/7350182026114338050 Nestled in the heart of Colombo, the Sheraton Colombo hotel epitomizes luxury and sophistication.

Highlights Kamu

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

A Culinary Journey Through the Middle East: Ramadan Iftar Buffet at Cinnamon Grand Courtyard 

By Shamindri De Sayrah Embark on a culinary adventure through the Middle East this Ramadan

Kamu

Trending.

Hayleys Leisure Training Academy Celebrates Its Second Graduation Ceremony at Amaya Lake, Dambulla

The Hayleys Leisure Training Academy, a pioneering initiative by Hayleys Leisure, held its second graduation

Trending

RTC GOVERNOR’S CUP RACE RESULTS SHEET

RACE 01 : HPSL SUPER CHALLENGE TROPHY  PLACE HORSE  NAMEOWNER JOCKEY TRAINER1st Place ZULU  FANTASYMr. & Mrs.Edwards Akash Agrawal S.D.Mahesh2nd Place STREET CAT Mr.Hasanga Jayaratne

Trending

Introducing the Claw: MSI’s First Handheld Gaming Device Powered by Intel Core™ Ultra Processor

As AI technology continues to make waves globally, MSI, a leading laptop brand, has adeptly

Trending

MSI’s Innovation Unleashed: The New 18-Inch Gaming Laptop Family and Sleek, High-Performance Productivity Laptops

Written by Fathima Rukaiya, MSI, a premier laptop manufacturer, has unveiled its latest 18-inch gaming

Trending

MSI Unveils New Laptops Tailored for Content Creators: The Content Creation Series

MSI has unveiled an updated range of laptops designed specifically for content creation, introducing new

Trending

Unveiling the Latest MSI Gaming Laptops: A Detailed Look at High-Performance and Mainstream Options

MSI, a distinguished name in the world of laptop manufacturing, has recently unveiled its latest

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide