Artwork for Astra Mayo top banner 1
Artwork for The Garden top banner
Artwork for TEA STALLS sbb 1 Artwork for providore.shop sbb 2

කොළඹට නොගිහින්.. රු. 1500ට අඩුවෙන් සූර් වෙන්න, කියාපු තැන් 6ක්

බලන්න, ඔන්න පහළින් තියෙනවා කොළඹින් පිට,…

Posted by

එහෙන් මෙහෙන් කොළඹ පැත්තෙ බාර්, රෙස්ටුරන්ට් ඇරියට..

යන්න තියා හිතන්නවත් එපා යාලු! හපෝ.. මේ තියෙන තත්වෙත් එක්ක සතපහකට ෂුවර් නෑ, ඇල්කොහොල් වලින් මූණකට හේදුවත්. 

ඒ නිසා..

බලන්න, ඔන්න පහළින් තියෙනවා කොළඹින් පිට, හැබැයි ලඟපාත තියෙන.. ටොප් බාර්, රෙස්ටුරන්ට් ටිකක්.

ඒ ගියත්.. හරි පරිස්සමට හොඳද.

1. Space Lounge

කොට්ටාව හංදියට පොඩ්ඩක් කලින් හයිලෙවල් පාර අයිනෙම..

පොඩි බිල්ඩිමක රූෆ්ටොප් එකේ තියෙන මේ ප්ලේස් එක ඇතුලට ගියාම හිතාගන්න බැරි තරම්.. ඇයි ඉතින් හතර වටේම ගස් වැල්, ඇන්ටික් බඩු, ලි පුටු මේස, අමුතු අමුතු චිත්‍ර වලින් හැඩ කරලා. ඒ විතරක් නෙවෙයි ලන්තෑරුම් එළිය, පූල් ටේබල්.. ඒක වෙනමම ෆන් එකක්. ඒ වගේම තමයි මෙයාලගෙ බයිට්, ඩයට් ටිකත් පංකාදු පහයි. රු. 600-1000 අතරෙ යන්නෙ. ඒ වුනාට දෙන්නෙක්ට ඇති හැටියට කන්න තියෙනවා. අර.. එකම අවුල සැර ජාති අඩුම කුඩුම ටික පිටින් ගෙනියන්න යන්න ඔ්න එක තමයි. හැබැයි ඒකටත් කොකේජ් ගන්නෙ නෑ හොඳද.

2. Angel Walk

වැඩේ කියන්නෙ මේ ප්ලේස් එකත් කොට්ටාව, හයිලෙවල් පාර අයිනෙමනෙ..

හැබැයි නෝමල් ප්ලේස් එකක්. ලොකු ලොකු හැඩ වැඩ නෑ. සාමන්‍ය රෙස්ටුරන්ට් එකක වගේ මේස පුටු ටික තියෙනවා. ගිහිල්ලා, වාඩිවෙලා බොන්නයි තියෙන්නෙ. සේවක මල්ලිලත් උපරිම සපෝට් එක. මෙතන තියෙන විශේෂත්වය තමයි අරක්කු අනිත් රෙස්ටුරන්ට් වලට සාපේක්ෂව සාධාරණ ගණන් වලට යන එක. ඒ හැරුනාම බයිට් එකට කියාපු රයිස්, ඩෙවිල්, ඩීප් ෆ්‍රයිඩ් අනං මනං ටිකත් රු. 500 වගේ ඉඳන් තියෙනවා. ඉතින්.. රු. 1000-1500කට, එක්කෙනෙක්ට නම්..!

3. Olympic Restaurant & Bar

අනේ මන්දා මේ ඔක්කොම හයිලෙවල් වුනාම?

කිව්වට විශ්වාස කරන්න යාළු ඔලිම්පික් එක තියෙන්නෙත් හයිලෙවල් එක අයිනෙමයි. හැබැයි දෙල්කඳ. ම්.. පුංචි පහේ, තට්ටු තුනේ තැනක්. යට තට්ටුවෙ බාර් එක. දෙවනි තට්ටුව රෙස්ටුරන්ට්. උඩම පූල් සෙල්ලම් කරන්න. සාමාන්‍ය ගණන් වලට යන අරක්කු, බියර් අතරට මෙයාලගෙ පුංචි මෙනුවෙ එන කොත්තු, ඩෙවිල්, ෆ්‍රයිඩ් වගේ ටිකක් ගලප ගන්න එක තමයි හොඳම වැඩේ. මොකද ඒවා කටට සැරට බයිට් එකට වගේම, බඩ කට පිරෙන්න කන්න ලොකු පිඟානක් පිරෙන්නත් එනවනෙ. අනික ගණනුත් රු. 500-800න් වගේනෙ.

4. Moon Light Restaurant

බය නැතුව යන්න, ෆුල් අයිසොලේටඩ් ප්ලේස් එකක තියෙන තැනක්. තලපත්පිටිය, වෙළයි වැවයි මායිම් ඉවුරෙ!

ලී වලින් හදල තියෙන්නෙ. ස්වභාව සෞන්දර්යය අතින් අනූනයි. ඔක්කොමටත් වැඩිය නිදහස.. උපරිමයෙන්ම. අනික කොකේජ් ගන්නෙත් නෑ. සැර ජාති සියල්ල පිටින් ගෙනියන්න තියෙන්නෙ. ඒ විතරක් නම් බැරියැ, බයිට් ජාති තියෙනවා.. බ්ලැක් පෝර්ක්, මාළු ස්ටු, වැව් මාළු බැදලා.. හප්පේ.. ගමකට බොතහැකි ඈ..

5. Bamboo Lounge

මේ අනිත් ප්ලේස් එක. තියෙන්නෙ කොටිකාවත්ත ඇල ඉවුරක. ගස් කොලන් ඒ හැටි නැති වුනත්, තියෙන ටික මැදි කරලා හරි අපූරුවට පැලට් වලින් නිමකරලා. එතකොට.. මේස පුටු ටිකත් පැලට් වලින්මයි. ඉවුරෙත් වාඩි වෙන්න බංකුවක් දෙකක් ගහලා තියෙනවා. මෙයාලගේ.. බයිට් හොඳයි. හැබැයි තෙල් ටිකක් වැඩියි. ඒත් රයිස්, ඩෙවිල්, ප්ලැටර්, ෆ්‍රයිස්, ඩීප් ෆ්‍රයිඩ්ස් ඔ්න ජාතියකින් ගන්න පුලුවන් නිසා දෙපාරක් හිතන්න දෙයක් නෑ. මෙතනටත් අරක්කු නම් පිටින් තමයි ගෙනියන්න තියෙන්නෙ. කොහොම වුනත් කොකේජ් ගන්නෙත් නැති නිසා.. බයිට්වල ගණන් යන්නෙ රු. 700න් උඩ වගේ.

6. New Thisara Restaurant

පන්නිපිටිය බෝගහ අභියස..

පල්ලෙහාම තට්ටුවෙ රෙස්ටුරන්ට් එක, දෙවනි තට්ටුවෙ බාර් එක, තව තුන්වෙනි තට්ටුවකුත් තියෙනවා කැමති කෙනෙක්ට ගිහිල්ලා වාඩිවෙලා බොන්න පුලුවන්. අරක්කුවල ගණන් යන්නෙ සාමාන්‍ය රෙස්ටුරන්ට්වල යන විදියමයි. හැබැයි රු. 500 ඉඳන් බයිට් තියෙනවා. ඒවත් නිකම් නෙවෙයි. සියළු අඩුම කුඩුම දාලා, සැර ගතියත් හොඳ හැටි තියෙන්න.. ආයෙ බයිට් එකටම කියාපුම ඈ.. 

ඉතින්.. රු. 1500ට බැරියැ කණ සාක්කුවෙ දාගෙනම එන්න..?

Leave a comment