Artwork for Brew-at-Hatch-Top Banner 2 A
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for PMF Ifatr Sidebar banner 1

ලඟම එන බිරියානි සීසන් එකට.. පංකාදු බිරියානියක් ගන්න කියාපු තැන් 5ක්

උපවාස කලත් නොකලත්.. කටට රහට බිරියානි…

Posted by

උපවාස කලත් නොකලත්..

කටට රහට බිරියානි දෙසා බාන්න..

බලන්න, පහළින් තියෙන තැන්ටික!

1. Lemongrass

රු. 650ට, දෙන්නෙක්ට බඩ පිරෙන්න කන්න.. නැත්නම් එක්කෙනෙක්ට? බඩ පැලෙන්න කන්න.. කියාපු බිරියානියක්, ගන්න යන්න මාල‌ඹේ ලෙමන්ග්‍රාස් එකට. මෙයාලගෙ චිකන් බිරියානිය තමයි ටොප්ම. හැබැයි මට්න් එකත් මරු, තව මට්න් ටිකක් වැටුනා නම්. කොහොම වුනත් මේං කියලා අඩු පාඩුවක් නැතිවෙන්න, බිරියානියටම කියාපු තුනපහ, අඩුම කුඩුම සියල්ලම පදමට දාලා, ඇති හැටියට චිකනුත් දාලා, ස්ටොක් එකෙන් තම්බපු බාස්මතී හාලෙ බත..

ඒ විතරක් නම් බැරියැ, ඔ්ං උඩින් එනවා තව බුල්සායි එකකුත්!

2. Biriyani Bite

රු. 500ට, එක එක ජාතියෙ රසට, චිකන් පලුවක් එක්ක.. කටට රහට හිතේ හැටියට, බිරියානියක් රස බලන්න යන්න අලුත් කඩේ මීරනියා වීදිය පැත්තට. පොඩි ප්ලේස් එක වුනාට, කීරි සම්බා හාලෙන් නම් එහෙමයි බාස්මතියෙන් නම් එහෙමයි.. ස්ටොක් වලින් තම්බපු, බිරියානි අඩුම කුඩුමත් ගානට වගේ දාලා හදපු රස බතට.. උඩින් තියනවා.. කරි චිකන්, රෝස්ට් චිකන්, බාබකියු චිකන් ඔ්න රසකින් තඩි පලුවක්. තව.. සැර මිරිස් හොද්දකුත් එනවනෙ.

3. The Bearded Chef

මේක ඇවිල්ලා ලොකු එක. 10දෙනාටම 1යි. චිකන් නම් රු. 5000යි, බීෆ් 5500යි, මට්න් 6500යි. හැදෙන්නෙ කොළඹ ඇතුලෙ වුනාට.. කන්න තියෙන්නෙ නම් ගෙන්නගෙන. ඊටත් මේවාට කලින් ඔ්ඩරේ දාන්න ඔ්න හොඳද, අඩුම තරමෙ දවසක්වත් තියලා. ම්.. විශේෂයෙන්ම කියන්න ඔ්න මේ බිරියානිය ගත්තට පස්සෙ ආයෙ වෙන මුකුත් ගන්න ඔ්නත් නෑ.. මොකද ඒකට බාස්මතී හාලෙ බත්, සවානක් පිරෙන්න එනවා. ඒකත් එසේ මෙසේ නෙවෙයි, තරු පන්තියෙ රසට, සියලු අඩුම කුඩුම දාලා හදපු. එතකොට.. රෝස්ට් චිකන්.. 8ට කපපු තඩි කුකුලෙක් එහෙම පිටින්ම. ඒ අතරට මැලේ අච්චාරුයි, රයිතා..

ආහ්.. ඩෙසට් එකට ලොකු වටලප්පම් බෝල් එකකුත්.. කජු, මුද්දරස්පලම් එහෙම දාලා හදපු, හොඳද..!

4. Big Bite Biryani

රාජගිරියෙ විතරක් නෙවෙයි දැන් කොළඹ හතර වටේම.. බිරියානි කින්ග් වගේ ඉන්න ‘බිග් බයිට්’ මෙයාලගෙ රෝස්ට් චිකන් බිරියානිය රු. 700ක් වෙනවා. මට්න් එක රු. 900යි. ඒ හැරුනාම බිත්තර තමයි ආයෙ තියෙන්නෙ, රු. 500ට. කොහොම වුනත් ඒ හැම එකකටම මසාලා රස පදමට හැදුනු හොද්දකුයි, අනිත් අඩුම කුඩුම ටිකයිත් එනව. ඔක්කොමත් හරි පෝෂන් එක පැහැදිලිවම දෙන්නෙක්ට ඇති ගානයිනෙ ආයෙ.

5. Banda's Biriyani

නුගේගොඩ තියෙන්නෙ. අපිත් ගියා, මොකද පෝර්ක් බිරියානි තියෙනවා කිව්වනෙ. ඒත් කරුමෙට එදා එව්වා නෑ. ඒ නිසා චිකන් එකයි, මට්න් එකයි ගත්තා. අරගෙන කෑවා. හැබැයී..

අනේ මන්දා බතෙත් ලොකු බිරියානි රසක් නෑ. ඊටත් කිරි සම්බා හාල. ඔක්කොමත් හරි චිකන් එක ආවෙ ක්‍රිස්පි චිකන් කියන්නකො. ඒකත් වෙනමම. ඉතින්.. වැඩේ අවුල්. හැබැයි එකක් කියන්න ඔ්න.

මට්න් එක!

මල් හතයි යාළු, ඒක නම්.. බිරියානිය එක්ක නැතත් පාන් එක්ක කන්න වුනත්, සුපිරිම භාණ්ඩෙ!

ගණන් යන්නෙ රු. 500-900 අතරෙ හොඳේ.

Leave a comment