Artwork for pat pat lk temp top banner 1 with blog post
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

හැමදාම අමුවෙන් ගහන්නෙ නැතුව.. ගෙදරදිම හදාගන්න ටොප් කොක්ටේල් 5ක්

බෝතලේ ගන්නවා.. සැන්ඩි ගන්නවා.. බයිටක් හදාගන්නවා.. ගසනවා.. ඇත්තටම…

Posted by

බෝතලේ ගන්නවා..

සැන්ඩි ගන්නවා..

බයිටක් හදාගන්නවා..

ගසනවා..

ඇත්තටම කැමතිම නැද්ද ආ.. වෙනසක් කරන්න?

1. ජම්බෝල මග්

හරි ජොලි වැඩ මේවා. ගන්න හොඳට ඉදිච්ච ජම්බෝල ගෙඩියක්. අරගෙන නැට්ට පැත්තෙ ඉඳන් අඟල් 2-3 විතර පහලින් පෙත්තක් කපලා අයින් කරගන්න. අයින් කරලා ගෙඩියෙ මැද, ලෙල්ලෙ ඉඳන් අඟලක් විතර මදය පැත්තට තියෙන්න ඇරලා මැද හාරලා අයින් කරන්න. ඒකට පොඩි පිහියක්, හැන්දක් එහෙමත් ඔ්න වෙයි. කොහොමහරි අයින් කලාට පස්සෙ ඔ්කට දාන්න කුරුඳු, එනසාල්, ගම්මිරිස් 1:1 අනුපාතයට කොටපු කුඩු මේස හැන්දක්. දාලා ලුණු මේස හැඳි කාලකුත් දාලා.. පුරවන්න අයිස්කැට බාගයකට විතර. ඊට පස්සෙ අර මුලින් අයින් කරපු මදයෙ රේණුත් ඔක්කොම ගලවලා දාන්න ඒකටම. දාලා අන්තිමටම.. සුදු අරක්කු, රම්, වොඩ්කා ඔ්න දෙයකින් පුරවලා, කපලා අයින් කරපු පෙත්තෙන් වහලා, තියන්න ෆ්‍රිජ් එකේ. වරුවකට විතර පස්සෙ ඉතිම් වැඩ ඇල්ලුවහැකි!

2. මසාලා අනෝදා

පියෝ අනෝදා ජූස් බාගයකට දාන්න ඉඟුරු, කුරුඳු, එනසාල්, සූදුරු, සූකිරි 1:1ට කොටපු කුඩු තේ හැන්දක්. දාලා දාන්න ඔ්නම රතු අරක්කු, රම්, විස්කි, බ්‍රැන්ඩි වලින් ඉතුරු ටික පිරෙන්න දාලා අයිස් ටිකකුත් දාලා ෂේකර් එකක හරි නිකම් වීදුරු දෙකක හරි විනාඩි 2, 3ක් ගහලා ගන්නයි තියෙන්නෙ.

3. කිතුල් කුරුම්බා

තරමට පැහුණු කුරුම්බා ගෙඩියක වතුර අයින් කරලා, මදේ නූලටම හීනියට හූරලා දාන්න ඒකටම. දාලා දාන්න කුරුම්බා වතුර ගෙඩියෙන් බාගයක් විතර පිරෙන්න. ඊලඟට සුදු අරක්කු, රම්, වොඩ්කා ඔ්න දෙයක් ගෙඩියෙන් ¾ ක් පිරෙනකම්. අන්තිමටම වැලි හකුරු මේස හැඳි 2, 3ක් එක්ක එනසාල් කරලක් තලලා දාලා.. ගෙඩියෙ ඉතුරුටික පිරෙන්න අයිස් දාලා දිග කූරකින් හොඳහැටි කලවම් කරන්නයි තියෙන්නෙ. කලවම් කරලා හැබැයි බොන්න.. ෂොට් ග්ලාස් ඔ්න. ඒ විතරක් නෙවෙයි, ඒවට දාන්නෙත් ෂොට් ග්ලාස් එකෙන් ¾ ක් පිරෙන්න කොක්ටේල් දැම්මා, අන්තිමට කිතුල්පැණි තේ හැන්දක් හෙමින් සැරේ වීදුරුවෙ දාරය දිගේ වත්කලා. ඒ ගැම්මටම සුරුස් ගාලා ඇදලා දැම්මා.

4. ෂොට් මිදි

මේක නම් හරිම අමාරු වැඩක්. හැබැයි ලොට් එකක් හදාගත්තොත් මරේ මරු.

ගන්න ඔ්න ඇට නැති ලොකු මිදි. අරගෙන උඩින් නියපොත්තක විතර කෑල්ලක් කපලා අයින් කරලා පිහිතුඩකින් මදය, මැද ඉඳන් යටට යනකම් හාරලා අයින් කරන්න, පොත්තෙන් මිලිමීටරයක දෙකක මස තියෙන්න. ඊට පස්සෙ වෙනමම හදාගන්න ඩාර්ක් චොක්ලට් උණු කරලා, ඒකට 1:1 විස්කි දාලා. අන්තිමට ඒ මිශ්‍රණය හයි වෙන්න කලින් පට පට ගාලා අර මිදිටිකට පිරෙව්වා, කට පැත්ත උඩට තියෙන්න ෆ්‍රිජ් එකේ තිබ්බා.

හයිවුනාට පස්සෙ ඔ්න කාලා බලන්න!

5. 8.8% මයිලෝ

හරි ලේසියි වගේම මාරම ටේස්ට්.

වීදුරුවට දාන්න මයිලෝ ග්‍රෑම් 50යි, උණු වතුර වීදුරුවෙන් බාගයයි. දාලා හොඳට ගහන්න පෙණ එනකම්. ඊට පස්සෙ නූලටම නිවෙන්න තියන්න. තියලා.. දාන්න ස්ටවුට්, වීදුරුවෙ ඉතුරු බාගෙ පිරෙන්න. දාලා හොඳට ෂේක් කරලා, රස පදම බලලා සුගර් සිරප් ටිකකුත් දාලා, තදටම කූල් වෙන්න තියලා පාවිච්චියට ගන්න..

Leave a comment