Artwork for New PickMe Flash banner 8 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

රාමසාන්! බිරියානියට.. පංකාදු ඩෙසට් එකකුත්, ගෙදරටම ගෙන්න ගන්න තැන් 5ක්

හිත පිරෙන්න, බඩ පැලෙන්න බිරියානි කෑවා…

Posted by

හිත පිරෙන්න, බඩ පැලෙන්න බිරියානි කෑවා කියමුකො.

හරි වටලප්පමුත් ඒ හැටියටම හොඳට දෙසුවා කියමුකො.

ම්.. නරකද බලන්නකො, ඒ අතරට මේ විදියෙ ඩෙසට් එකකුත් තිබ්බොත්?

1. Chocolate Works (Maharagama)

චොක්ලට්ම.. බිස්කට් පුඩිමක් වගේ?

රු. 700-1000 අතරෙ?

එකක් තියෙනවා ‘චොකලට් ඔ්වර්ඩෝස් බිස්කට් පුඩිං’. හදන්නෙ උඩටම.. කඩලා දාපු කිට්කැට්, ටොබ්ලෙරෝන්, ස්මාර්ටිස්. ඊට පස්සෙ ඩාර්ක් චොකලට් සහ වයිට් චොකලට් චිප්ස් තට්ටුවක්. ඒකට යටින් ක්‍රීම් චොකලට් සහ කිරිවල පොඟවපු මාරි බිස්කට් තට්ටුවක්!

තව තියෙනවා ‘ස්නිකර් බිස්කට් පුඩිං’ එහෙමත්, කඩලා දාපු ස්නයිකර්ස් තොගයක් උඩ පාවෙන්න..

කාලාම බලන්නකෝ

2. Crepe Runner (Mount Lavinia)

සොෆ්ට්ම සොෆ්ට්, රසම රස.. ක්‍රේප් එකක් මැද්දට..

නූටෙල්ලා, බ්‍රව්නි සහ කැඩ්බරි ඇති හැටියට කඩලා කඩලා දාලා කොම්බෝ එකක් හදලා. රු. 500යි වෙන්නෙ. ආයෙ ඉතින් චොකෝ ලවර්ස්ලට නම් කියාපුම ඩෙසට් එක. ඒ හැරුනාම පීනට් බටර් සහ නටෙලා දාලා හදපු ක්‍රේප් ඩෙසට් එකකුත් තියෙනවා. ඒකේ.. රස ගැන නම් කියන්න දෙයක් නෑ. ගාණ කොහොමහරි රු. 380යි. 

ඒ විතරක්මත් නෙවෙයි, කාටහරි හිතුණොත් මේ ක්‍රේප්, ඩෙසට් එකට නැතුව ඩයට් එකට ගන්න. අන්න ඒකට.. අඹරපු හරක් මස් සහ චීස් දාලා කුළුබඩු පදමෙ හදපු, මොසරෙල්ලා චීස් පිරුණු සුපිරියකුත් තියෙනවා ඈ.. රු. 400යි.

3. BOND's Dutch Delicacies

ක්ලැසික් චොක්ලට් බිස්කට් පුඩිං (රු. 400) බෝතලේ.. ඕපන් කරද්දිම තද දුඹුරු පාටට චොක්ලට් තොගයක්!. හෙමිහිට හැන්දක් අරගෙන කටක් රස බැලුවා... සොෆ්ට්ම සොෆ්ට් මාරි බිස්කට්වල දැවටුණ උකු චොක්ලට් ක්‍රීම්.. දිව්‍යලෝක රස පරාදයි ඈ. ඒ විතරක්යැ, ඇල්කොහොල් ගතියත් සැරටම, හ්ම්..

එතකොට.. මාසිපෑන් චොක්ලට් බිස්කට් පුඩිං එක රු. 500යි. ඒකත් ක්ලැසික් එකට දෙවෙනි නෑ. රහ ටිකක් අපිට නුපුරුදු වුනාට මොකද ආමන්ඩ්, පැණි, සීනි එහෙම එකට දාල හදන තලපයක්, තද පැණි රසක්!

ආයෙ.. පුඩිම හදලා තිබ්බ ඩාක් චොක්ලට්! හප්පේ.. මත් වෙද්දිත් නිකම්..

4. Flayvors

මිල්ක් හෙවන් පුඩිං රු. 850යි. ක්ලවුඩ් නයින් එක රු. 950යි. කොයි එකෙත් බර ග්‍රෑම් 550යි. පැක් එකක් විදිහට, ප්ලාස්ටික් බොක්ස් එකක දාලා එන්නෙ. කොච්චරවත් හරී... දැක්ක ගමන් රස නහර පිනා යන්න තියෙනවා හොඳද.

උඩින් රෝස්ට් කරපු කජු කෑලි තොගයක් එක්ක ග්‍රේට් කරපු චොක්ලටුත් දාලා ලෝබ නැතුව. මිල්ක් හෙවන් එකේ ටොප් පදමට චොක්ලට් තැවරුමකුත් තියෙනවා. ඒ අතරට මාරි බිස්කට් තට්ටු හයක් විතර ලස්සනට අතුරලා. තරමක් හයියත් තියෙන්න.. බේක් කරලා.. පැණි රසත්, චොක්ලට් රසත් නොම්මර එකට!

ක්ලවුඩ් නයින් එක.. වයිට් චොක්ලට් බිස්කට් පුඩිමක්. සුදු පාට චොක්ලට් තැවරුම උඩින් රෝස්ටඩ් කජු කෑලිත් එක්ක ග්‍රේට් කරපු වයිට් චොක්ලට් ගොඩක් දාලා. අනික මිල්ක් හෙවන් එකට වඩා සොෆ්ට් එක්ක. කොටින්ම කියතොත් කටේ දියවෙන ගානට පදම. හැබැයී.. ටිකක් පැණි රස නම් වැඩියි.

5. Mad Mousse

නානාප්‍රකාර රසින් යුත් චොක්ලට් මූස්. ස්කර්ස් මූස් එක රු. 390යි, කිට්කැට් මූස් එක රු. 370යි, නටෙලා මූස් එක රු. 450යි. ඔ්න ප්‍රමාණයකින් ඔ්ඩර් කරන්න පුලුවන්.

කොහොම වුනත්.. ස්නිකර්ස් මූස් එක! ස්නිකර්ස් කුඩු කරලා කජු කෑලිත් කලවම් කරලා.. චොක්ලට් චිප්ස් එක්ක.. ඊටත් ඒකෙ ටෙක්ස්චර් එක? මාරම ස්මූත්. නියමම ක්‍රීම් ගතියට සෙට්වෙලා. පැණි රසත් ගාණටම වගේ. කොලිටි චොක්ලට් රසකුත් තියෙනවනෙ අනික. තව.. කිට්කැට් කෑලි අතුරපු කිට්කැට් මූස් එකත් එලෙසමයි. පැණි කජු කෑලියි චොක්ලට් චිප්සුයි ඇති හැටියට. හොඳ මෙලෙක් ගතියකුත් තියෙන්න.. කිට්කැට් රසත් ගාණට!

වැඩේ නැගලම ගියේ නටෙලා මූස් එකෙන්. නටලෙ රසක් නම් ඒ තරං නෑ. හැබැයි ඩාර්ක් චොක්ලට් ක්‍රීම් ටිකේ රස උපරිමයි.

Leave a comment